කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 27 වන වාර්ෂික මහා සමුළුව ASDA - 2025
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 27 වන වාර්ෂික මහා සම්මේලනය 2025.09.12 වන දින ගන්නෝරුව කෘෂිකර්ම පරිශ්‍රයේ දී පැවැත්විණි.
පසුගිය වසරවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවධ අංශ මගින් සිදු කරනු ලැබූ සේවාවන් හා පර්යේෂණ වල නව සොයාගැනීම් පිළිබද තාක්ෂණික සැසියේදී ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී. මේ අනුව පර්යේෂණ පත්‍රිකා 26 ක්, කෙටි සන්නිවේදන පත්‍රිකා 6 ක්, පෝස්ටර් 6 ක්, පර්යේෂණ පුවත් 7 ක් මෙහිදී එළි දැක්වීම සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමා ද, ඉඩම් සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමා සහ කෘෂිකර්ම හා පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පෞද්ගලික හා රාජ්‍ය අංශයේ නියෝජිතයින් සහ විදෙස් ව්‍යාපෘති හා සම්බන්ධ නියෝජිතයින් පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගී විය.
වසරේ විශිෂ්ඨතම කෘෂි විශේෂඥයා ලෙස උතුරු මැද පළාත් අධ්‍යක්‍ෂ ආචාර්ය A.M.B.N. අබේසිංහ මහතා ද, වසරේ විශිෂ්ඨතම කෘෂි විද්‍යාඥයා ලෙස ප්‍රධාන කෘෂි විද්‍යාඥ (අභිජනන) ආචාර්ය K.N. කන්නංගර මහතා ද සම්මාන ලබා ගත් අතර, ජීවිතේ එකවරක් පමණක් හිමිවන විශිෂ්ඨතා සම්මානය (Eminent Scientist-the lifetime achievement award), හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් (පර්යේෂණ), ආචාර්ය W.M.A.D.B. වික්‍රමසිංහ මහතා හටද පිරිනැමිණි.
