දේශීය බීජ නිෂ්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කිරීමේ සාකච්ඡාව - 2025.04.22

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇති වී ප‍්‍රභේද, අතිරේක ආහාර බෝග හා එළවළු බීජ නිෂ්පාදනවල ගුණාත්මය ඉහළ නැංවීම හා ජාතික බීජ අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ බීජ නිෂ්පාදන වැඩසටහනක් සැලසුම් කිරීම අරමුණු කරගෙන 2025.04.22 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී සාකච්ඡාවක් පවත්වන ලදී.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ශිරෝමණි එදිරිමාන්න මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් වූ අතර, අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන), අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ), කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළුම කෘෂි තාක්ෂණික ආයතන අධ්‍යක්ෂවරුන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් ද, මහවැලි අධිකාරියේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නිෂ්පාදන සමාගම්, ගොවි සංවිධාන, බීජ නිෂ්පාදන ගොවි සමිති, පුද්ගලික මහා පරිමාණ බීජ නිෂ්පාදකයින් ඇතුළු බීජ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ පාර්ශවකරුවන් රැසක් මේ සඳහා එක්විය.