ෂෙප් සංසදය 2024

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ ෂෙප් සංසදය 2024 දෙසැම්බර් 18 වන දින ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි. මෙමගින් ෂෙප් ප්‍රවේශය හරහා ගොවීන්ට ලැබී ඇති සාර්ථකත්වයන් පිළිබඳ විශ්ලේෂණය කිරීම, ව්‍යාපෘති ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රගතිය ඇගයීම, ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ලබා ගත් අත්දැකීම් එකිනෙකා අතර හුවමාරු කරගැනීම, සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ව්‍යාප්ති ක්‍රියාවලියට ෂෙප් ප්‍රවේශය ආයතනගත කිරීමට අදාළ ක්‍රියාමාර්ග සොයා බැලීමද සිදු කරන ලදි. එමෙන්ම, මෙම සංසදය ජයිකා ආයතනය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ෂෙප් ප්‍රවේශය ඔස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මාන්තය තිරසාර සංවර්ධනයකට රැගෙන යාමට හැකි බව සනාථ කිරීමට මනා අවස්ථාවක් විය.