කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙනු ලැබූ නව බෝග ප‍්‍රභේදයන් වගාව සඳහා නිදහස් කරනු ලබන ප‍්‍රභේද නිදහස් කිරිමේ කමිටු රැස්වීම 2024 දෙසැම්බර් මස 09 වන දින ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කමනී රණතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
මෙහිදී නව වී ප‍්‍රභේදයක්, පිපිඤ්ඤා ප‍්‍රභේදයක්, දෙමුහුම් වම්බටු ප‍්‍රභේදයක්, කොස් ප‍්‍රභේදයක්, සහ සැපදිල්ලා ප‍්‍රභේදයක් නිදහස් කරන ලදී.