ව්‍යාපෘති
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
වැඩි දියුණු කළ තොරතුරු කළමනාකරණයක් හා ක්ෂේත්‍ර යෙදවුම් හරහා බෝග වන දර්ශවල ස්ථානීය සංරක්ෂණය නමින් රටවල් රාශියක් සම්බන්ධිත ව්‍යාපෘතියක් 2004 දී ජෛව විවිධත්ව ජාත්‍යන්තර සංවිධානය, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP), ශ්‍රී ලංකාවේ පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය (MENR), ජාතික හා ජාත්‍යන්තර හවුල්කරුවන් එක්ව දියත් කරන ලදී. ශ්‍රී ලංකාවට අමතරව ආමේනියාව, බොලීවියාව, මැඩගස්කරය සහ උස්බෙකිස්තානය යන රටවල් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ගෝලීය පරිසර අරමුදල (GEF) සම-අරමුදල් සපයනු ලබන අතර උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තර ආයතනය (BGCI), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක සංරක්ෂණ සංගමය(IUCN), එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ලෝක සංරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (UNEP/WCMC) සහ කෘෂිකාර්මික තොරතුරු හා ලේඛනගත කිරීම පිළිබඳ ජර්මානු ආයතනය (ZADI) මේ සඳහා සහභාගී වේ.
භෝග ශාකවල වන දර්ශයන්ට භෝගවල පූර්වගාමීන් මෙන්ම අඩු හෝ වැඩි වශයෙන් ඒවාට සමීපව සම්බන්ධ වන විශේෂ ද ඇතුළත් වේ. කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා සහ තිරසාර කෘෂි පරිසර පද්ධති පවත්වාගෙන යාම සඳහා බෝග වන දර්ශයන් වැදගත් වේ. දෙපාර්තමේන්තුව විසින් PGRC ජාන බැංකුවේ (ex-situ conservation) සමහර වනගත දර්ශයන් සංරක්ෂණය කර ඇතත්, මානව කේන්ද්‍රීය ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමේ බොහෝ වනජීවී විශේෂයන් බොහෝ ජෛව විවිධත්වය සමඟ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත. එබැවින් වැඩිවන ජනගහනය පෝෂණය කිරීම සඳහා වඩා හොඳ ප්‍රභේද සංවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බෝගවල වන දර්ශයන් සංරක්ෂණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්ෂේත්‍ර භෝග (OFC) සහ එළවළු වල වර්තමාන ස්වයංපෝෂිත අනුපාතය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකා රජය (GOSL) “මහින්ද චින්තන: අනාගත දැක්ම” හි සඳහන් පරිදි ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට සිය ජාතික ප්‍රමුඛතාවය ලබා දෙයි. එසේම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) මුලපිරීම් යටතේ දේශීය එළවලු බීජ නිෂ්පාදනයේ ඵලදායිතාව සහ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම හරහා “මහින්ද චින්තන: 2010 දී දීප්තිමත් අනාගතයක්”වැඞසටහන යටතේ සහතික කළ එළවළු බීජ නිෂ්පාදනය දෙගුණ කිරීම ලෙස GOSL සිය ඉලක්කය තබා ඇත.
මෙම තත්ත්වයන් තුළ, සුදුසුකම් ලත් එළවළු බීජ ගොවීන් සඳහා අදාළ නිෂ්පාදන තාක්ෂණය සංවර්ධනය කිරීම සහ බෙදා හැරීම තුළින් කෘෂිකාර්මික ඵලදායිතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) හරහා ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයෙන් ඉල්ලුම් කර ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ JICA හි “umbrella country program” වැඩසටහන වන “කෘෂිකර්ම, ධීවර සහ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන” රාමුව තුළ වන අතර, අඩු ඵලදායිතාව, ගොවීන්ගේ කෘෂිකාර්මික කළමනාකරණ තාක්ෂණය නොමැතිකම, කෘෂිකාර්මික නිෂ්පාදන විවිධාංගීකරණය, සහභාගීත්ව සංවර්ධනය යන අංශ කෙරෙහි අවධානය යොමුකෙරේ.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කෘෂිකාර්මික ඵලදායිතාව සහ කෘෂිකර්මාන්තයේ විවිධාංගීකරණය පිළිබඳ ගැටළුව විසඳීම සහ ජපාන සහයෝගීතා උපාය මාර්ගයේ ඉහළ වලංගුභාවයක් ලබා ගැනීම වේ.