
- ලිපිනය : නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
සංවර්ධන ගිණුම් ශාඛාව
අපි මූල්‍ය අංශය යටතේ ඇති ප්‍රධාන ඒකකයකි. අපගේ ප්‍රධාන වගකීම් අතරින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන වියදම් කටයුතු සඳහා වන මූලික ගෙවීම් වවුචර මූලික පරීක්ෂණයකින් පසුව භාර ගැනීම ප්‍රධාන වේ.

මෙහෙවර
” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පිණිස කෘෂිකර්මාන්තය සංවර්ධන කිරීම සදහා කෙටි කාලීන හා දිගු කාලීන ආයෝජන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මූල්‍ය දායකත්වය ලබා දීම “
සේවාවන්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලධන වියදම් කාර්යයන්ට සංවර්ධන ගිණුම් ශාඛාවට අදාලව ලැබෙන සියලු ගෙවීම් වවුචර්පත් මූලික පරීක්ෂාවකින් පසුව භාරගැනීම.
අදාල නොවන ගෙවීම් වවුචර්පත් එසැනින්ම භාරදීම හා අදාල සියලු ගෙවීම් වවුචර්පත් වලට නියමිත දින මුද්‍රව තැබීම.
සියලු ගෙවීම් වවුචර්පත් නියමිත වැය විෂයයන් අනුව හා අදාල විෂය රාජකාරි අනුව නිලධාරින් වෙත භාරදීම.
නියමිත විෂය භාර නිලධාරින් / නිලධාරිණීන් විසින් එම සියලු ගෙවීම් වවුචර්පත් විධිමත් පරිදි පරීක්ෂාකර නියමිත පරිගණක වැඩසටහනට ඇතුලත් කිරීම හා යම් අඩුපාඩු සහිත වවුචර්පත් ඇතොත් එම අඩුපාඩු සකස් කර නැවත එවීම සදහා අදාල අංශ වලට නොපමාව යොමු කිරීම.
ඒකක ප්‍රධානී ගණකාධිකාරි විසින් වවුචර්පත් පරීක්ෂා කර සහතික කිරීම.
එසේ සහතික කරන ලද වවුචර්පත් සිගාස් පරිගණක වැඩසටහනට ඇතුලත් කිරීමට යොමු කිරීම.
ප්‍රථිපාදන සීමාවන් හා මූල්‍ය තත්වය සැලකිල්ලට ගෙන සහතික කරන ලද වවුචර්පත් සදහා චෙක්පත් මුද්‍රණය කිරීම.
සියලු චෙක්පත් සාමාන්‍ය තැපෑල මගින් අදාල ආදායකයන් වෙත නොපමාව තැපල් කිරීමට කටයුතු කිරීම.
තත්කාර්යය හා අතුරු අග්‍රිම සදහා දෙනු ලබන අත්තිකාරම් ලේඛණය නඩත්තු කිරීම.
නැති වූ චෙක්පත් ලේඛණය නඩත්තු කිරීම.
පොදු තැන්පත් ලෙජරය පවත්වාගන යාම.
මහාභාණ්ඩාරය වෙත නියමිත වාර්තා පිළයෙල කර යැවීම.
විගණන විමසුම් සදහා පිලිතුරු යැවීම.
පුලුල් මහජන සම්බන්ධතාවක් පවත්වාගෙන යාම.
ගෙවා නිමකළ වවුචර්පත් අභ්‍යන්ත විගණන අංශය වෙත විධිමත් පරිදි භාරදීම.
සංවර්ධන ගිණුම් ශාඛාව- කාර්ය මණ්ඩලය

එස්.එම්.එන්. සෙනෙවිරත්න මිය
ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ -I)
- +94 812 386416
- acct.da@doa.gov.lk
- develop.doa@gmail.com
අප අමතන්න
- ලිපිනය : මුදල් අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
- සදුදා සිට සිකුරාදා පෙ.ව.8.30 - ප.ව.4.15 (සති අන්තයේ හා රජයේ නිවාඩු දින වසා ඇත)