Field Crops – Red Onion – Sinhala

රතු ලූනු

Allium Cepa L. Family – Amaryllidaceae

රතු ලූනු / පොකුරු ලූනු වල ඇති ආවේණික රසය සහ සැර බව නිසා රුචිකත්වය ඉහල අගයක පවතී.
Red Onion
රතු ලූනු වගාව

වර්ධක අවධිය තුළ තෙත් සිසිල් කාලගුණයක් ද බල්බිකා මෝරන අවස්ථාවේ සහ අස්වනු සකසා ගැනීමේ දී වියළි කාලගුණයක් අවශ්‍ය වේ. වායු ගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවල දී වගාවට දිලීර රෝ්ග වැළදීමේ අවධානම වැඩිය.ඒ අනුව වියළි බල්බිකා නිෂ්පාදනය සඳහා වියළි කලාපය සුදුසු වන අතර කොල ළූණූ වගාව සදහා වියළි කලාපයට අමතරව අතරමැදි කලාපය පමණක් නොව තෙත් කලාපය වුවද භාවිතා කළ හැකිය.

හොඳින් ජලය බැස යන වැලි ලෝම හා මැටි ලෝම පරාසයේ පස සුදුසුය. ගල් බොරලූ හා ජලය රඳා පවතින මැටි පස සුදුසු නොවේ. එමෙන්ම බෝගය ඉතා ලවණතාවයට සංවේදී බැවින් මීටරයකට ඩෙසිසීමන්ස් 2 කට වඩා වැඩි ලවණතාවය සහිත පස ද සුදුසු නොවේ. පී.එච්. අගය 6 – 7 පරාසය සුදුසුය.

වියළි කලාපීය ප‍්‍රදේශයන්හි පහත සඳහන් ආකාරයට රතු ළුෑණු සිටුවීම වඩා යෝග්‍ය වේ. 

වර්ෂා ජලයෙන් – මහ කන්නයේදී : සැප්තැම්බර් – නොවැම්බර් ද, යල කන්නයේදී : මාර්තු – අපේ‍්‍රල් ද, 

අමතර ජල පහසුකම් යටතේ – මහ කන්නයේදී : දෙසැම්බර් – ජනවාරි මැද, 

ජල සම්පාදන පහසුකම් යටතේ යල කන්නයේදී : මැයි – ජූනි මැද 

ඊට අමතරව, 

උස්සාන ජල සම්පාදන ක‍්‍රම යටතේ කල්පිටිය ප‍්‍රදේශයෙහි වසර පුරාම වගා කළ හැක. ජනවාරි හා පෙබරවාරි මාස වලදී වගා කරනු ලබන්නේ තරමක් අඩු ලූනු වපසරයකි. කොළොන්න, මාදන ප‍්‍රදේශ වල සැප්තැම්බර් ඔක්තෝම්බර් වැනි කාලවල දී වර්ෂා ජලයෙන් වගා කරනු ලැබේ. නමුත් මෙහිදී අධික බෑවුම් සහිත බිම් වගාව සදහා යොදා ගැනීම සුදුසු නොවේ.වැලිමඩ හා ඌව පරණගම ප‍්‍රදේශයන්හි යල් කන්නයේදී ජූනි, ජූලි කාලවල දී ද, මහ කන්නයේ දී දෙසැම්බර් අග – පෙබරවාරි මැද දක්වා කාල තුළදී ද වගා කරනු ලැබේ.

යාපනය දේශීය 

පැරණිම වගා දර්ශය වේ. බල්බිකා වල විශ්කම්බය සෙ.මී. 1 – 1.5, තද රෝස පැහැ, වැඩි සැර බවක් ඇත. දින 60 කෙටි කාලයක දී මෝරන බැවින් කන්න දෙකක් අතරල අතරමැදි බෝග යක් ලෙස වගා කළ හැක. මේරීමට දින 75 පමණ ගතවේ. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 12 – 15 පමණ වේ. 

තින්නවේලි රතු 

2009 වර්ෂයේ නිර්දේශ කර උතුරු ප‍්‍රදේශයේ වගාව සදහා නිදහස් කර ඇත. බල්බිකා සෙ.මී. 2 – 2.5 ක පමණ විශ්කම්භයකින් යුතු මෙරුන් රතු පැහැතිය. වැඩි සැර බවක් සහිතය. අස්වනු විභවය හෙක්ටයාරයකට මෙ.ටොන්. 17 කි. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 11-12 පමණ වේ. අස්වනු මේරීමට දින 45 – 60 ක් පමණ ගත වේ.මෙම වර්ගයේ ගබඩා කාලය වැඩිය.

වෙල්ලාරයි 

දිග: පළල අතර අනුපාතය 1 ට ආසන්න වන අතර පැහැදිලි ලෙස ගෙල ප‍්‍රදේශය ප‍්‍රමුඛව නැති අතර බල්බිකා රවුම් ආකාරයක් ගනී. විශ්කම්භය සෙ.මී. 2.5 – 3 පමණ වේ. සාපේක්ෂව යාපනය දේශීය සහ තින්නවේලි රතු වලට වඩා අඩු වර්ණයක් සහිතය. අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 17 – 20 ත් අතර වේ. අස්වනු නෙලා ගැනීම සඳහා දින 70 – 80 ත් අතර කාලයක් ගතවන උතුරු ප‍්‍රදේශයේ ප‍්‍රචලිතව ඇති වගා දර්ශයකි. 

වේදාලම් 

බල්බිකා වල ප‍්‍රමාණයල මේරීමට ගත වන කාලයල අස්වැන්න, අනෙකුත් වගා දර්ශ වලට වඩා ඉහළ අගයක් ගනී. වර්ණය, ගන්ධය, සැර අනෙකුත් දර්ශ වලට වඩා අඩුය. සමහර දර්ශවල මල් පිපීමේ හැකියාව ඉහළ නිසා මල් ලූනු ලෙස ද ප‍්‍රසිද්ධියක් උසුලයි. වඩාත් ජනප‍්‍රියම ප‍්‍රභේදය ද වේ. විශ්කම්භය සෙ.මී. 1.5 – 2.5 පමණ වේ. අස්වනු ලබා ගැනීම සඳහා දින 80 – 90 ක පමණ කාලයක් ගතවේ. වගාවේ හට ගන්නා මල් අස්වනු ලෙස ලබා නොගන්නේ නම් දින 21 දී පමණ ඇති වන පුෂ්ප අංකුර ගෙල ප‍්‍රදේශයෙන් කඩා ඉවත් කළ යුතුය. එසේ නොකරන්නේ නම් දුර්වල බල්බිකා අස්වැන්නක් (20 – 25‍% අස්වැන්නේ අඩු වීමක්) හා බල්බිකා වල ගුණාත්මය අඩු වේ. යාපනය දේශිය ප‍්‍රභේදයට වඩා කාලයක් බල්බ ගබඩා කර තබා ගැනීමට අපහසුය. 

තෙලූල්ල වරණය 

තෙලූල්ල ප‍්‍රදේශයට ආවේණික දින 60-75 දී අස්වනු නෙලාගත හැකි දර්ශයකි. බල්බිකා යාපනය දේශීය දර්ශයට බොහෝ දුරට ආසන්න ලක්ෂණ පෙන්වයි.

බිල්බිකා හෝ සත්‍ය බීජ භාවිතා කළ හැකිය.

බීජ අවශ්‍යතාවය 

බල්බිකා බීජ අවශ්‍යතාවය යාපනය දේශීය වරණය, තින්නවේලි රතු සහ තෙලූල්ල වරණය වැනි ප‍්‍රමාණයෙන් කුඩා 25  බල්බිකා සහ මධ්‍යම ප‍්‍රමාණයේ (විශ්කම්භය සෙ.මී. 1 – 2 පමණ ) වූ ප‍්‍රභේද සඳහා  බල්බිකා හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1000 – 1200  ක් පමණ  හා  වෙල්ලාරයි සහ වේදාලම් වැනි ප‍්‍රමාණයෙන් විශාල (විශ්කම්භය සෙ.මී. 1.5 – 3 පමණ) වූ ප‍්‍රභේද සඳහා බල්බිකා හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1500 – 1750 ක් පමණ අවශ්‍ය වේ.

සත්‍ය බීජ අවශ්‍යතාවය

වේදාලම් ප‍්‍රභේදය වගා කිරීමේදී පමණක් භාවිතා වේ. හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 5.0 – 6.0 අවශ්‍ය වේ. සුළු වශයෙන් ආනයනික බීජ යොදා වගා කරන අවස්ථා ද ඇත. බීජ ලූනු බල්බිකා වෙනුවට සත්‍ය බීජ යොදා ගැනීමේ වාසි: 

  • රෝපණ ද්‍රව්‍ය සඳහා යන වියදම 65% කින් පමණ අඩුවේ. 
  • එක් පොකුරක හටගන්නා බල්බිකා ප‍්‍රමාණය 2 – 4 ක් පමණ වේ. ඒවා වැඩි විශාලත්වයකින් යුක්ත වේ. පාරිභෝගික ආකර්ශනය ද ඉහළ මට්ටමක පවතී.
  • දිගින් දිගටම බල්බිකා යොදා ගනිමින් කරන වගාවන් හි සිදුවන බෝගයේ ගුණාත්මය පිරිහීම වැළකේ. 
  • සත්‍ය බීජ සුප්ත කාලයක් නොදරන බැවින්  ඕනෑම අවස්ථාවක වගාවට යොදාගැනීමේ හැකියාව ඇත. (බල්බිකා අස්වනු නෙලා සති 8 – 10 ක පමණ කාලයකින්  පසුව වගාවට භාවිතා කළ යුතුය). 

ක්ෂේත‍්‍රයේ සිටුවීමේ පරතරය පැළ අතර සෙ.මී. 10 පේළිය තුළ සෙ.මී. 10 (අඟල් 4 x 4)

පැළ අතර සෙ.මී. 8 පේළිය තුළ සෙ.මී. 8 (අඟල් 3 x 3)

සෙ.මී. 20 ක් පමණ ගැඹුරට හොඳින් පසපෙරළා කැටපොඩි කර ගන්න. කාබනික පොහොර හෙක්ටයාරයකට ටොන්. 10 – 15 අතර ප‍්‍රමාණයක් පසට මිශ‍්‍ර කිරීම ඉතා වැදගත් වේ. සාමාන්‍ය ජලසම්පාදනය යටතේ වගා කිරීමට බලාපොරොත්තු වන විටදී උස් පාත්ති සකසන්න (පළල සෙ.මී. 75 – 100 ල උස සෙ.මී. 15) පාත්ති වල දිග පසේ ආකාරය, බෑවුම, ජල සම්පාදන ක‍්‍රමය සහ පාලන කටයුතු වලට පහසු වන පරිදි ද සෙ.මී. 30 පමණ පළල කාණු තිබිය යුතුය). වර්ෂා ජලයෙන් වගා කරන විට සහ තද වැසි බලාපොරොත්තු වන ප‍්‍රදේශයන්හි පාත්ති අතර වඩා පළල සහ ගැඹුරු කාණු සකසන්න. කුඹුරු ඉඩම් වල සෑම විටම උස් පාත්ති ද යාපනය, වවුනියාව වැනි වියළි ප‍්‍රදේශවල යල කන්නයේදී අඩු ජල සම්පාදන තත්ත්ව යටතේ වගා කරන විට ගිල් වූ පාත්ති ද අධික වශයෙන් වැලි සහිත පසක් පවතින කල්පිටිය වැනි ප‍්‍රදේශවල පාත්ති සකසනු නොලැබේ. මෙම ප‍්‍රදේශයේ බෝගය පිහිටුවීම ඉතා පහසු වීමට ප‍්‍රධානතම හේතුව මෙයයි. 

සිටුවීම සඳහා භාවිතා කළ යුත්තේ අස්වැන්න නෙලා අවම වශයෙන් සති 6 – 8 පමණ කාලයක් ගත වූ බල්බය. බීජ බල්බිකා මිල දී ගන්නා විට ඒවායේ සුප්ත කාලය අවසන් වී ඇති දැයි  26 පරීක්ෂා කළ යුතුය. එනම් බීජ බල්බිකා වල ඉහළ කෙළවරින් අල්ලා නැමූ විට ඒවා කැඞී යා යුතු වීම, ඒ තුළින් ලා කොළ පැහැ වූ ප‍්‍රරෝහ දිස්වීම, හරස් අතට කැපූ විට ලා කොළ පැහැති වලයක් දිස් වීම හා දික් අතට පැලීමේ දී ලා කොළ පැහැති ප‍්‍රරෝහයක් දිස් වීම.

බල්බිකා හා බීජ පැල භාවිතා කිරීමේ දී දිලීර රෝග වලකා ගැනීම සඳහා ක්ෂේත‍්‍ර සංස්ථාපනයට ප‍්‍රථම ප‍්‍රතිකාර කිරීම සුදුසුය.

බල්බිකා හා බීජ පැල භාවිතා කිරීමේදී දිලීර රෝග වලකා ගැනීම සඳහා ක්ෂේත්‍ර සංස්ථාපනයට ප්‍රථම ප්‍රතිකාර කිරීම සුදුසුය.

කල්පිටිය හැර සෙසු ප්‍රදේශ සඳහා

පොහොර යොදන අවස්ථාව

යූරියා

කි.ග්‍රෑ/හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑ/හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ/හෙක්.

මූලික පොහොර (සිටුවීමට දින 1- 2 පෙර)

65

100

50

බල්බ සිටුවා සති 3කට පසු

65

25

  කල්පිටිය ප්‍රදේශය සඳහා

පොහොර යොදන අවස්ථාව

ඇමෝනියම් සල්ෆේට් කි.ග්‍රෑ/හෙක්.

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑ/හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ/හෙක්.

මූලික පොහොර (සිටුවීමට දින 1- 2 පෙර)

150

100

25

බල්බ සිටුවා සති 3කට පසු

65

50

 දිගු දින 60 – 75 වැනි අඩු අස්වනු ප්‍රභේද සඳහා

පොහොර යොදන අවස්ථාව

යූරියා කි.ග්‍රෑ/හෙක්.

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑ/හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ/හෙක්.

බල්බිකා/පැල සිටුවා සති 5 සහ සති 6 දී

65

50

 දිගු අස්වනු  කාල සහිත ප්‍රභේද සඳහා

පොහොර යොදන අවස්ථාව

යූරියා කි.ග්‍රෑ/හෙක්.

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑ/හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ/හෙක්.

බල්බිකා/පැල සිටුවා සති 6 සහ සති 8 දී

65

50

 සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

 

ක්ෂුද්‍ර ජල සම්පාදනය – විසුරුම් ජල සම්පාදනය යොදා ගැනීමට ඉහළ විභවයක් ඇත. මෙමඟින් පිනි බිඳු සෝදා හැරීම සිදු වේ. බෝගයේ ජල අවශ්‍යතාව අනුව විසුරුම් ජලසම්පාදන සැපයුම් කාලාන්තරය තීරණය කළ යුතුය. ප‍්‍රමාණවත් වර්ෂාවක් නොලැබෙන අවස්ථාවල සෑම දින 2-3 වරක් බැගින් ජලය සපයන්න. ඉන්පසු දින 4-6 වරක් බැගින් ජලය ලබා දෙන්න. පසෙහි සෙ.මී. 15 – 20 පමණ ගැඹුරක් දක්වා තෙත්වන පරිදි ජලය සැපයීම වැදගත්ය.

මූලික බිම් සැකසීමේ දී ක්ෂේත‍්‍රය ගැඹුරට පෙරලීම මඟින් ආරම්භයේ දී සැලකිය යුතු ලෙස වල් පැළ පාලනය කර ගත හැකිය. අතින් ගැලවීම පැල සිටුවා සති 2,4,6, දී සිදු කරන්න. වසුන් භාවිතය මඟින් අතින් ගැලවීමට ඇති වල් පැල ප‍්‍රමාණය අඩු කර ගත හැකිය. තව ද පාත්ති වල ළූණු පැළ සිටුවා අවසන් වූ වහාම පූර්ව නිර්ගමන වල් නාශකයක් නිවැරදි ආකාරයට යෙදීමෙන් සති 3 – 4 ක කාලයක් වගාවේ වල් පැලෑටි පාලනය කර ගැනීමට හැකිය.මෙහි දී පසේ තරමක තෙතමනයක් පැවතීම වල් නාශකයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හේතු වේ.

 මේ සඳහා

  •  ඔක්සිෆ්ලූවොර්ෆෙන් 240 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට මි.ලී.500 යෙදීම
  •  පෙන්ඩිමෙතලීන් 300 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට ලී.3.5 යෙදීම
  •  ඇලක්ලෝර් 480 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට ලී.5 යෙදීම

මිරිස් බෝගය සමඟ ද යාපනය ප‍්‍රදේශයේ කිඩාරං හා වැල් අල සමඟ ද වවුනියාව හා කිලිනොච්චි ප‍්‍රදේශ වල වම්බටු හා කෙසෙල් වගාවන් ආරම්භක අවස්ථාවේ දී ද අතුරු බෝග යක් ලෙස වගා කළ හැක.

රෝග 

දියමලන් කෑම, දිලීර මඟින් ඇති වන බල්බ කුණු වීම , බැක්ටීරියා මඟින් ඇති වන බල්බ කුණු වීම,පත‍්‍ර දඟිර රෝගය, ඇන්ත‍්‍රැක්නෝස්, දම් පැල්ලම් රෝගය

පළිබෝධ 

පැළ මැක්කා,ළූණු දළඹුවා,මුල් කන කුහුඹුවා, ළූණු බල්බ මයිටා

බල්බ මෝරා ඇති විට දී පත‍්‍ර කහ පැහැයට හැරේ. එවැනි පත‍්‍ර බල්බයට ආසන්නයෙන් (ගෙල ප‍්‍රදේශයෙන්) කඩා වැටේ. 25% – 50% දක්වා ගෙළ කඩා වැටී ඇති අවස්ථාවේදී සැහැල්ලූ ලෑල්ලක් වැනි දෙයක් යොදා ගනිමින් ඉතිරි ශාක ද එලෙස කඩා හැලීමට සලස්වන්න. හොඳින් මෝරා ඇති වගාවන්හි බල්බ ගලවා දින 2 – 3 පමණ වර්ෂාව රහිත තත්ත්ව යටතේ ක්ෂේත‍්‍රයේම වියළීමට ඉඩ හරින්න. ඉන්පසු දින 10 ක් පමණ මද පවනේ වියළීමට ඉඩ හැර ගෙල අසලින් පත‍්‍ර කපා හෝ පත‍්‍ර සමඟින් නම් කි.ග‍්‍රෑ. 5 පමණ ප‍්‍රමාණයේ මිටි බැඳ වාතාශ‍්‍රය සහිත මඩුවක් වැනි ස්ථානයක එල්ලා තබන්න.

හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 10000 – 12,500. අධික වශයෙන් කාබනික පොහොර යොදා මැනවින් නඩත්තු කල වගාවක දල අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 22,000