තෝර පරිප්පු
ජල හිඟ තත්ත්ව වලදී මෙන්ම සුළු වර්ෂාපතනයෙන් වගා කළ හැකි බෝගයකි. රනිල කුලයට අයත් බැවින් පස සරු කිරීමේ හැකියාවක් පවතී. මයිසූර් පරිප්පු වලට ආදේශකයක් ලෙස හඳුනාගෙන තිබේ.
තෝර පරිප්පු වගාව
මහ කන්නයේ දී ජල වහනය හොඳින් සිදුවන රතු – දුඹුරු පස ද ජල වහනය සතුටුදායක නොවන පස් වල යල කන්නයේ ද, නැගෙනහිර පළාත් වල පවතින චූර්ණමය නොවන දුඹුරු පසත්, උතුරුකරයේ රතු කහ ලැටසෝල් පසත් සුදුසු වේ. පාංශු පී.එච්. අගය 5 – 8.5 පරාසය තුළ තෝර පරිප්පු වගා කළ හැක.
ප්‍රසාද (ICPL – 2)
බීජ රතු දුඹුරු පැහැතිය. පාර්ශවික අංකුර වල මල් හට ගනී. වර්ධක වර්ධනය පුෂ්ප පිපීම සමඟ නතර නොවේ. අපරිමිත වර්ධනයක් සහිතයි.
සියුම් බිම් සැකසීමක් අවශ්‍ය නොවේ. හොඳින් ජලය වහනය වන සේ ක්ෂේත්රය සකස් කළ යුතුය. උදැල්ලකින් සකසා ගත් නොගැඹුරු කාණුවක නිසි පරතරයට බීජ සිටුවීම කළ හැක.
හෙක්ටයාරයකට කි.ග්රෑ. 25
පැළ අතර සෙ.මී. 45 පේළිය තුළ සෙ.මී. 10
මහ කන්නයේ ඔක්තෝම්බර් අග සතියේ සිට නොවැම්බර් දෙවන සතිය දක්වා බීජ සිටුවන්න.
(සෙ.මී. 2 – 3 ගැඹුරට එක් ස්ථානයක බීජ 2ක් දමා සති 2කින් පසුව පැළ තුනී කරන්න.)
පොහොර යොදන අවස්ථාව | යූරියා (කි.ග්රෑ/හෙක්.) | ත්‍රිත්ව සුපර් පෝස්පේට් (කි.ග්රෑ/හෙක්.) | මියුරියේට් ඔෆ් පොටෑෂ් (කි.ග්රෑ/හෙක්.) |
මූලික පොහොර | 35 | 100 | 75 |
මල් පිපීමත් සමඟ | 30 | – | – |
දුර්වල ජල වහනය, තෙතමනය අධික වීමට ඉතා සංවේදී බැවින් ජල සම්පාදනය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
මුල් දින 45 තුළ දී බෝගය වර්ධනය සෙමින් සිදුවන බැවින් වරක් හෝ දෙවරක් වල් මර්දනය කිරීම සුදුසු වේ.
රෝග – ඕල්ටනේරියා අංග මාරය (Alternaria alternata)
පළිබෝධ – කරල් විදින දලඹුවා, කරල් විදින මැස්සා,බිබිලි කුරුමිණියා
සාමාන්‍යයෙන් කරල් මෝරා ඇති විට අස්වනු නෙලා ගැනීම සිදු කරනු ලැබේ. අතින් අස්වනු නෙලීම සිදු කරයි.