Field Crops – Mustard – Sinhala

අබ

හැදින්වීම

තෙල් බෝග ලෙස සලකන නමුත් සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න කුළු බඩුවකි. ඛණිජ, විටමින් සහ ප‍්‍රති ඔක්සිකාරක බහුලව අඩංගු වේ.

6666
අබ වගාව
  • මෙම බෝගය වියළි හා අතරමැදි කලාප වල වගා කළ හැකිය.
  • වගාව සඳහා 600 -1000 mm අතර හොදින් පැතිරුණු වර්ෂාපතනයක්  අවශ්‍ය වේ.
  • බෝග වර්ධනයේ කිනම් අවධියකදී වුවද තෙතමනය වැඩිවීම අස්වැන්න අඩු වීමට හේතු වේ.
  • නව හේන්වල වගා කිරීමට ඉතා සුදුසු වන අතර  ගෙවතු වගාවක් ලෙසද වැදගත් වේ.
  • යල කන්නයේදී ජල සම්පාදන තත්ව යටතේ හා මහ කන්නයේදී වර්ෂාපෝෂිතව වගා කල හැකිය.
  • හොඳින් ජලවහනය වන වැලිමය ලෝම පස ඉතාමත් සුදුසු වේ.
  • සැහැල්ලු වයනයක් සහිත ගැඹුරු පසක වගා කිරීම හොඳින් පැතිරුණු ගැඹුරු මූල පද්ධතියක් සඳහා වැදගත්වේ. උසස් අස්වැන්නක් ලබා ගැනීම සඳහා පසෙහි සාරවත් බව වැදගත් සාධකයකි.

වර්ෂාවත් සමග බිම් සැකසීම මගින් ජල භාවිතය කාර්යක්ෂම කල හැකිය. තැටි නගුල මගින් ගැඹුරට පස පෙරලමින් වල් පැළෑටි සහ ආසාදිත නොවූ වෙනත් බෝග අවශේෂ පසට යට කළ හැකිය. ඉන්පසු කොකු නගුල මගින් දෙවරක් කැට පොඩි කර සියුම් ලෙස බිම් සැකසීම සිදු කල යුතුය. එසේම නිසි පරිදි කානු යොදා ගනිමින් වැඩි ජලය බැසයාමට සැලැස්විය යුතුය. ජල වහනය පහසු වීම සදහා උස් පාත්ති හෝ ඇලි වැටි ක්‍රමයට හෝ බීජ සිටුවීම කළ හැකිය.

  • හෙක්ටයාරයට කි. ග්‍රෑ. 6 – 8
  • පේළි අතර පරතරය –  සෙ.මී 30
  • පැළ අතර පරතරය – සෙ.මී 15

බීජ වැපිරීම හෝ පේලියට සිටුවීම සිදු කළ හැකිය. සතුටුදායක ජලවහනයක් ඇති විට සමතලා බිමෙහි වගා කිරීම හෝ ජලවහනය දුර්වල ස්ථානවල සහ ජල සම්පාදනයෙන් වගා කරන විට ඇලි සහ වැටි ක්‍රමයට වගා කිරීම සිදු කළ හැකිය.

සිටුවා සති දෙකේදී පේළියක පැළ අතර නියමිත පරතරය සිටින ලෙස වැඩි පැළ ගලවා දමන්න. එක් ස්ථානයක එක් පැළයක් පමණක් ඉතිරි කරන්න.

යල කන්නය සඳහා අප්‍රේල් සිට මැයි දක්වා කාලය බීජ සංස්ථාපනයට සුදුසු ය. මහ කන්නය සඳහා ඔක්තොබර් අග සිට නොවැම්බර් මුල දක්වා කාලය සුදුසු වේ.

සිටුවා සති හතරක් පමණ වන තුරු වගාවේ වල් මර්ධනය අත්‍යවශය. පැල තුනී කරන අවස්ථාවේදී (සති දෙකේදී) අතින් හෝ උපකරණ භාවිතයෙන් වල් පැල පාලනය සිදු කල යුතුය. පේළියට බීජ සිටුවීමෙන් වල් පැල පාලනය පහසු වේ.

බීජ ප්‍රරෝහණය වන තෙක්  පසේ තෙතමනය තිබීම අත්‍යවශ්‍යය. සිටුවා පළමු සති හතර තුළ පසේ තෙතමනය අඩු නම් දින 5-7කට වරක් ද ඉන්පසු කරල් පරිණත වන තුරු දින 10-14 කට වරක්  ද ජල සම්පාදනය කල යුතුය.

වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීම සහ පාංශු සාරත්වය පවත්වාගැනීම සඳහා කාබනික පොහොර භාවිතය වැදගත් වේ. වඩා හොද ප්‍රතිඵල ලබා ගැනීම සදහා හොදින් දිරාපත් වු කොම්පෝස්ට් (1% නයිට්‍රජන් සහිත) හෙක්ටයාරයට ටොන් 2.3 ක්  හෝ ගොම පොහොර  හෙක්ටයාරයට ටොන් 1.5 ක් පමණ දෙවන බිම් සැකසීමේදී හෝ බීජ සංස්ථාපනයට දින 7-10 කට පෙර පසට මිශ්‍ර කරන්න. ඉන්පසුව සිටුවා සති තුනකට පසු හොදින් දිරාපත් වු කොම්පෝස්ට් (1% නයිට්‍රජන් සහිත) හෙක්ටයාරයට ටොන් 4.6 ක්  හෝ ගොම පොහොර  හෙක්ටයාරයට ටොන් 3 ක් පමණ පසට මිශ්‍ර කරන්න. පසේ පෝෂක තත්ත්වය හා අනෙකුත් පාංශු ගැටළු හදුනා ගැනීම සදහා කන්න 3 – 4 කට වරක් පාංශු පරික්ෂාවක්  සිදුකල යුතුය. පෝෂක ඌණතා ලක්ෂණ පෙන්වන්නේනම් කාබනික දියර පොහොරක් යෙදිය යුතුය. නීරෝගී බෝග අවශේෂ නැවත ක්ෂේතයට ලැබීමට සැලසිය යුතුය.

  1. දියමන්ති සලකුණ සහිත දළඹුවා (Plutella xylostella)
    • හානියේ ස්වභාවය

කීටයා පත්‍ර ආහාරයට ගැනීම නිසා ඇති වූ සිදුරු දැකිය හැක. කරල් වලට ද හානිකරයි. කීටයා හානි කිරීම නිසා පත්‍ර වල සුදු පැහැ ලප දැකිය හැකිය

    • හානිය පාලනය

      වල් පැලෑටි පාලනය

      ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම

  1. ශාක යුෂ උරාබොන මකුණාබගරාඩා විශේෂ
    • හානියේ ස්වභාවය

පැලෑටිවල යුෂ උරාබීම නිසා නිසා ඒවා මැලවී යයි. කළු සහ තැඹිලි පැහැති කුණන් මෙම පැල මත දැකිය හැකිය

    • හානිය පාලනය

ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම

නියමිත කාලයට වගා කිරීම.

වගාවක කරල් මේරීම එකම අවස්ථාවකදී සිදුනොවන නිසා කීපවරකදී අතින් අස්වනු නෙලීමට සිදුවේ. වැලි මිශ්‍රවීම වළක්වා ගැනීම සඳහා අතුරුණුවක් මතට පයින් පෑගීමෙන් හෝ ට්‍රැක්ටරයක් මඟින් බීජ වෙන්කර ගන්න. වෙන් කරගත් බීජ 8% ක තෙතමනයක් එන තෙක් හොඳින් වියළා ගැනීමෙන් පසුව මළුවල අසුරා ගන්න.