Field Crops – Maize – Sinhala

බඩඉරිඟු

Zea mays
Family – Poaceae

උතුරු ඇමරිකාවේ (මෙක්සිකෝව) බඩඉරිඟු ශාකයේ සම්භවය සිදුවී ඇත. එය මෙයට වසර 5000 සිට 10,000කට පෙර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.එහෙත් එයට සම්බන්ධකම් ඇති (ඥාති) වල් දර්ශයක් ගැන වර්තමානයේ දැන ගන්නට නැත. Teosinte නමැති ශාකය සමඟ හොඳින් මිශ්‍ර වන බැවින් එම ශාකය බඩඉරිඟු ශාකයේ සම්භවයට යම්කිසි සම්බන්ධයක් ඇති බව විශ්වාස කළ හැකිය.15 වන ශත වර්ෂයේ යුරෝපීය ගවේශකයින් විසින් ඇමරිකාව තරණයකළ අවස්ථාවේ, මුලින්ම කියුබානු වැසියන් බඩඉරිඟු ආහාරයට ගන්නා බව දැක, ලෝකයේ අනෙකුත් මහද්වීප කරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.මේ අනුව මෙම බෝගය 16 – 17 ශත වර්ෂ වල ලංකාවට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.ලංකාවේ අවසාන රජවරුන් බඩඉරිඟු වගාව සඳහා රට වාසීන්ට අනුබල දුන් බවට තොරතුරු පවතියි.

Maize
බඩඉරිඟු වගාව
  • පුළුල් කෘෂි දේශගුණික පරාසයක වගා කළ හැක.
  • වාණිජ වගාව සඳහා වියළි හා අතරමැදි කලාප වඩාත් උචිතය.
  • බඩඉරිඟු ශාකය සඳහා හොඳින් හිරු එළිය අවශ්‍ය වේ.
  • හොඳින් පැතිරී ගිය වර්ෂාපතනයක් අවශ්‍යයයි.
  • ප‍්‍රශස්ථ වාර්ෂික වර්ෂාපතනය 600 -1000 mm පමණ වේ.
  • මීට වඩා අඩු වර්ෂාපතන තත්ත්ව යටතේ ජල සම්පාදනය අවශ්‍ය වේ.
  • සාර්ථක වර්ධනයට අවශ්‍ය උෂ්ණත්වය 25 – 30 °C වේ.
  • අධික ලෙස ආම්ලික හෝ භාෂ්මික නොවන ගැඹුරු ලෝම පසක් උචිතය.
  • පී.එච්. අගය 5.8 සිට 7.0 අතර පැවතීම සුදුසුය.
  • කුඹුරු ඉඩම් හා චූර්ණමය නොවන දුඹුරු පස් තිබෙන ස්ථානවල වගාව සිදුකරන විට ජල වහනය දියුණු කළ යුතුය.

වර්ෂා ජලය යටතේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල බීජ සිටුවීම ද, යල කන්නයේ – අපේ‍්‍රල් මුල ද, වියළි හා අතරමැදි කලාපවල උස්බිම්වල මාස්කන්නයේ වර්ෂාපෝෂිතවද, ජල සම්පාදනය යටතේ නියමිත කාලයකින් තොරව (කිරි කරල් හා Baby corn සඳහා) ද සාර්ථකව බඩ ඉරිඟු වගා කළ හැක.

විවෘත පරාගික ප්‍රභේද
  • භද්‍රා

බීජ තැඹිලි පැහැති වේ. කරල කෝණාකාරය. ගස උසට වැඬේ. අස්වනු නෙලීමේ කාලය දින 105-110 අතර වේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 4.0

  • රුවන්

බීජ කහ පැහැති වේ. කරල කෝණාකාර ය.ගස උසට වැඬේ. අස්වනු නෙලීමට දින 105 – 110 පමණ ගත වේ.සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 4.0 ගස් උස නිසා ආලෝකය ලබා ගැනීමට නිවැරදි පරතරයට සිටුවිය යුතුය.

දෙමුහුම් ප්‍රභේද
  • එම්.අයි.මේස්. හයිබ්‍රිඩ් 01

බීජ තැඹිලි පැහැයක් ගනී.කෝණාකාර කරල දිගින් වැඩිය (සෙ.මී.19 – 21). ප්‍රෝටීන ගුණාත්මය වැඩිය. ලයිසින් හා ටි්‍රප්ටොපැන් යන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ප්‍රමාණය සාමාන්‍ය බඩ ඉරිඟු වලට වඩා දෙගුණයකින් වැඩිය.සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට.ටොන්. 5.5 – 6.5 (විභව අස්වැන්න හෙක්ටයාරයකට.ටොන්. 8.0)

  • එම්.අයි.මේස්. හයිබ්‍රිඩ් 02

බීජ කහ පාටට හුරු තැඹිලි පැහැයක් ගනී. කරලේ අඟ දක්වා බීජ හොඳින් පිරේ. කරල සිලින්ඩරාකාරය. මධ්‍යස්ථ උස සහිත ශාකයකි. දින 105 – 110 ක ප්‍රභේදයකි. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට.ටොන්. 5 – 6.5 (විභව අස්වැන්න හෙක්ටයාරයකට.ටොන්. 8.0)

  • එම්.අයි.මේස්. හයිබ්‍රිඩ් 03

දින 100-105 කදී අස්වැන්න නෙළාගත හැකිය. තද තැඹිලි පැහැති බීජ ඇති කරල සිලින්ඩරාකාරය. මධ්‍යස්ථ උස සහිත ශාකයකි කරලේ අඟ දක්වා බීජ හොඳින් පිරේ, සාමාන්‍ය අස්වැන්න හෙක්ටෙයාරයට ටොන් 5.5 – 6.5කි. (විභව අස්වැන්න හෙක්ටෙයාරයට ටොන් 8.0කි)

  • එම්.අයි.මේස්. හයිබ්‍රිඩ් 04

දින 105-110 කදී අස්වැන්න නෙළාගත හැකිය.තැඹිලි පැහැති බීජ ඇති කරල කෝණාකාරය. . මධ්‍යස්ථ උස සහිත ශාකයකි කරලේ අඟ දක්වා බීජ හොඳින් පිරේ, සාමාන්‍ය අස්වැන්න හෙක්ටෙයාරයට ටොන් 5.5-6.5කි. (විභව අස්වැන්න හෙක්ටෙයාරයට ටොන් 8.0 කි)

  • එම්.අයි.මේස්. හයිබ්‍රිඩ් 05

දින 100-105 කදී අස්වැන්න නෙළාගත හැකිය. තද තැඹිලි පැහැති බීජ ඇති කරල කෝණාකාරය. මධ්‍යස්ථ උස සහිත ශාකයකි, කරලේ අඟ දක්වා බීජ හොඳින් පිරේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටෙයාරයට ටොන් 5.5-6.5 කි. (විභව අස්වැන්න හෙක්ටෙයාරයට ටොන් 8.0කි)

  • විවෘත පරාගික ප්‍රභේද වල බීජ හෙක්ටයාරයකට.කි.ග්‍රෑ. 15(හෙක්ටයාර් එකකට පැල 55,000 පමණ)
  • දෙමුහුම් බීජ හෙක්ටයාරයකට.කි.ග්‍රෑ. 12
ප‍්‍රධාන වශයෙන් වගාව කරනු ලබන්නේ ජල සම්පාදනය යටතේද නොඑසේ නම් වර්ෂාපෝෂිතව ද අනුව පරතරය වෙනස් වේ. තවද වල් මර්දනය සඳහා භාවිතා කිරීමට අපේක්ෂිත උපකරනය අනුව පරතරය වෙනස් කර ගැනීමට සිදු වේ. එක් එක් පරතරය යටතේ භාවිතා කළ හැකි වල් මර්දන යන්ත‍්‍රද පහත වගුවේ දක්වා ඇත.  
ප‍්‍රභේදය

සුළු පරිමාණ වගාව

 (අක්. 1)

මධ්‍ය පරිමාණ වගාව

(අක්.1-5)

මහා පරිමාණ වගාව

(< අක්.5)

ජල සම්පාදිත (එක් තැනක එක පැළයක්) වර්ෂාපෝෂිත (එක් තැනක එක පැළයක්) ජල සම්පාදිත/ වර්ෂාපෝෂිත ජල සම්පාදිත/ වර්ෂාපෝෂිත
විවෘත පරාගිත සෙමී 60 x 30 බහුකාර්ය තණකොළ කපන යන්ත‍්‍රය   සෙමී 60 x 30 බහුකාර්ය තණකොළ කපන යන්ත‍්‍රය   සෙමී 60 x 30 (අශ්ව බල 4-5 අතුරු යත් ගෑමේ යන්ත‍්‍රය (සෙමී 45-55) සෙමී 80 x 23  (පසු පසින් ඇවිදගෙන යන මාදිලියේ දෙරෝද ට‍්‍රැක්ටරය) සෙමී 80 x 23  (පසු පසින් ඇවිදගෙන යන මාදිලියේ දෙරෝද ට‍්‍රැක්ටරය)
දෙමුහුම් සෙමී 45 x 30 බහුකාර්ය තණකොළ කපන යන්ත‍්‍රය   සෙමී 60 x 30 බහුකාර්ය තණකොළ කපන යන්ත‍්‍රය   සෙමී 60 x 30 (අශ්ව බල 4-5 අතුරු යත් ගෑමේ යන්ත‍්‍රය (සෙමී 45-55) සෙමී 80 x 23  (පසු පසින් ඇවිදගෙන යන මාදිලියේ දෙරෝද ට‍්‍රැක්ටරය) සෙමී 80 x 23  (පසු පසින් ඇවිදගෙන යන මාදිලියේ දෙරෝද ට‍්‍රැක්ටරය)
 
  • කාර්යක්‍ෂමව වර්ෂා ජලය භාවිත කිරීම සඳහා වර්ෂාවේ ආරම්භයත් සමඟම බිම් සකසන්න.
  • වල් පැළැටි, බෝග අවශේෂ ආදිය සී සෑම මඟින් පසට එකතු කරන්න.
  • සී සෑම කළ යුත්තේ බැවුමට ලම්භකවය.
  • මේ සඳහා පලමුව තැටි නගුල භාවිත කරන්න සතියකට පමණ පසු දෙවන සී සෑම සඳහා කොකූ නගූලක් හා රොටොවේටරයක් භාවිතයෙන් පස් කැට හොඳින් කුඩු වන සේ බිම් සකසා ගන්න.
  • අවම වශයෙන් සෙ.මි. 15-20 ගැඹුරට පස පෙරලීමක් කල යුතුය.
  • සියුම්ව සකසා සමතලා කර ගත් බිමක බීජ සිටුවීමට යෝග්‍ය වේ.
  • ජලවහන කානු නිසි පරිදි සැකසීමෙන් වැඩි ජලය ඉවත් කර ගන්න.

වගාව ස්ථාපනය

  • උස් පාත්ති වල හෝ සමතලා පොළොවේ බීජ සිටුවීම කළ හැකිය.
  • භුමියේ ස්වභාවය හා වපසරිය අනුව අතින් හෝ සුදුසු බීජ වප්කරයක් මඟින් සිටුවන්න.

බීජ වප්කරය

ක්ෂේත‍්‍ර ධාරිතාව

අතින් කි‍්‍රයා කරන තනි පේලි බීජ වප්කරය

දිනකට අක් 1/2

අතින් කි‍්‍රයා කරන තනි පේලි රෝලර් බීජ වප්කරය

දිනකට අක් 1 1/2- 2

අතින් කි‍්‍රයා කරන පේලි දෙකේ බීජ වප්කරය

දිනකට අක් 2

දෙරෝද ට‍්‍රැක්ටරයට අමුණන ලද බීජ වප්කරය

දිනකට අක් 2 1/2- 3

සිව් රෝද ට‍්‍රැක්ටරයට අමුණන ලද බීජ වප්කරය

දිනකට අක් 6-8

  • බීජ සිටුවීමෙන් පසු සන්හෙම්ප් බීජ හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 50 වනසේ ක්ෂේත්‍රයේ වපුරන්න.
  • සති 3 කින් එම පැල උදුළු ගා වසුනක් ලෙස යොදන්න.
 යූරියා (කි.ග්‍රෑ./හෙක්.)

ත්‍රිත්ව සුපර් පොස්පේට්

(කි.ග්‍රෑ./හෙක්.)

මියුරියේට් ඔෆ් පොටෑෂ්

(කි.ග්‍රෑ./හෙක්.)

වර්ෂා ජලය යටතේ   
මූලික පොහොර7510050
මතුපිට පොහොර (සති 4-5 දී)240
ජල සම්පාදනය යටතේ   
මූලික පොහොර7510050
මතුපිට පොහොර (සති 4-5 දී)350

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

සටහන් 2 : බඩ ඉරිඟු සිටුවීමට මාස 1½ කට පමණ පෙර එළවළු, කව්පි සිටුවා දින 45 දී අස්වැන්න නෙලා ගන්න. ඉන් පසුව සී සා එම පැල පසට එකතු කොට ඉන් අනතුරුව බඩ ඉරිඟු සිටුවන්න.යූරියා නිර්දේශිත ප්‍රභේදයට වඩා 25% ක් අඩු කර යොදන්න.

මුල් සති 3 – 4 කාලය තුල වල් පැළෑටි වලින් තොරව ක්‍ෂේත්‍රය පවත්වා ගත යුතුය. බීජ සිටුවා දින 10 – 15 අතර පහත සඳහන් පශ්චිම නිර්ගමන වල් නාශකයක් නිවැරදි ආකාරයට යෙදීමෙන් වල් පැල පාලනය කර ගත හැක. ටොප්රොටසෝන් 336 ග්‍රෑම්/ලීටරයට එස්.සී.මේ සඳහා හෙක්ටයාරයට මි.ලී. 100 යෙදීම. නිකොසැල්ෆියුරොන් 40 ග්‍රෑම්/ලීටරයට ඕ.ඩී. හෙක්ටයාරයට මි.ලී. 1250 යෙදීම.

කාබනික ක්‍රමය

  • හොඳින් බිම් සැකසීම වල් මර්දනයේ මුලික අඩිතාලමයි.
  • ඉන් පසු සිටුවා සති 2-3 දී උදැල්ලෙන් හො වීඩරයක් භාවිතයෙන් වල් පැළ ඉවත් කරන්න.

යන්ත‍්‍රය  

ක්ෂේත‍්‍ර ධාරිතාව

බහු කාර්ය තණකොළ කපන යන්ත‍්‍රය

දිනකට අක් 1/2

අශ්ව බල 4-5 අතුරු යත් ගෑමේ උපකරණය 40-45cm

දිනකට අක් 1 1/2- 2

පසු පීඩන ඇවිද ගෙන යන මාදිලියේ දෙරෝද ට‍්‍රැක්ටරය

දිනකට අක් 3

  • බීජ ස්ථාපනයෙන් පසුව වසුනක් යෙදීම මඟින්ද වල්පැල මතුවීම අඩුකර ගත හැකිය.
  • ඒ සඳහා පිදුරු හෝ ග්ලිරිසීඩියා හෙක්ටයාරයකට ටොන් 5 ක් පමණ යොදන්න.
  • බීජ සිටුවන අවස්ථාවේ සන්හෙම්ප් බීජ වැපිරීමෙන් ද වැල් පැළ මතුවීම වළක්වාලන්න.
  • මහ කන්නයේ ලැබෙන වර්ෂාපතනය බඩඉරිඟු සඳහා ප‍්‍රමාණවත් වේ. (අනපේක්ෂිත නියං තත්ත්ව ඇති නොවුනහොත්)
  • මතුපිට ජලවහන කානු බැවුම දිශාවට යොදා ගැනීමෙන් වැඩි ජලය ඉවත් වීමට ඉඩ සලසන්න.
  • යල කන්නයේ දී පලමු මස ඇතුලත දින 4-5කට වරක් ද ඉන් පසුව දින 7 කට පමණ වරක් ද ජල සම්පාදනය කරන්න.
  • වර්ෂාපතනය, පාරිසරික උෂ්ණත්වය, සුළගේ වේගය සහ පසේ ස්වභාවය අනුව මෙම ජල සම්පාදන කාලාන්තර අඩු/ වැඩි කර ගත හැකිය.
  • දින 90 ක් ගිය පසු ජල සම්පාදනය අත් හිටුවන්න.
  • විසුරුම් ජල සම්පාදනය මඟින් ජල භාවිත කාර්යක්ෂමතාව ඉහල දැමිය හැකිය.
  • විසුරුම් ජල පද්ධතියේ විසුරුම් හිස් (වතුර මල්) බෝගයේ වර්ධනයත් සමඟ උස් කර ගත යුතුය.
  • මල් පිපෙන අවධියේ දී මෙම වතුර මල් මඟින් පරාග සේදීම වැලැක්වීමට විසුරුම් හිස් ශාකයේ පිරිමි මලට පහළ මට්ටමකින් තබා ගැනීමට වග බලා ගත යුතු වේ.

රෝග – කොපු අංගමාරය, කොළ පාළුව, බැක්ටීරියා කඳ කුණු වීමේ රෝගය, දුඹුරු පුල්ලි රෝගය, මලකඩ රෝගය, හෙල්මින්තස්පෝරියම් පත්‍ර පුල්ලි රෝගය, නොදර්න් පත්‍ර අංගමාරය

පළිබෝධ – කූඩිත්තා, කරල් විදින දළඹුවා, බඩ ඉරිඟු ගුල්ලා, පුරුක් පණුවා, සේනා දළඹුවා

  • අස්වනු නෙලීම අතින් හෝ සංයුක්ත අස්වනු නෙලන යන්ත‍්‍රය මඟින් කළ හැකිය
  • අස්වනු නෙලන අවස්ථාව හඳුනා ගැනීම සඳහා පහත නිර්නායක යොදා ගැනීමට හැකිය.
    • කරලේ කොලපුව හොඳින් වියළී තිබීම.
    • බීජයක් දත් අතර තබා සපන අවස්ථාවේ දී ”කටස්” හඬ නගමින් කැඞී යාම.
    • බීජය සම්බන්ධ වන ස්ථානය කළු පැහැයට හැරි තිබීම.
    • සාමාන්‍යයෙන් වගා කරන ප‍්‍රභේද දින 105-115 අතර කාලය තුළ පරිණත බවට පත්වේ.
  • නෙලාගත් කරල් කොළපු සමඟ දින 2-3 ක් අව්වේ වියලා ගන්න.
  • ඉන්පසු කොළපු ඉවත් කර තවදුරටත් බීජ වියළා වෙන් කර ගන්නග එය වියළි බිමක අසුරා තබන්න.
  • අතින් අස්වනු නෙලන ලද කරල් වල බීජ බහු බෝග බීජ වෙන්කරන යන්ත‍්‍රය මඟින් හෝ ගොයම් මඬින යන්ත‍්‍රය (සුනාමි) මඟින් වෙන්කර ගත හැකිය.
  • සුනාමි යන්ත‍්‍රය භාවිතා කරන්නේ නම් ට‍්‍රැක්ටරයේ භ‍්‍රමණ වේගය බඩඉරිඟු වලට ගැලපෙන පරිදි සීරු මාරු කර ගත යුතුයි.
  • බීජ වියලීම සඳහා ටාපොලින් භාවිතා කරන්න.
  • ගබඩා කිරීම සඳහා 12-14% දක්වා තෙතමනය අඩුවී තිබිය යුතුය
  • වියළිමට පෙර දිලීර ආසාදිත සහ කෘමින් හෝ කුරුල්ලන් විසින් හානි කරන ලද කරල් ඉවත් කළ යුතුයි.
  • වියළා ගත් බීජ මනා වාතාශ‍්‍රයක් සහිත පළිබෝධකයින්ගෙන් තොර ගබඩාවක ගබඩා කරන්න.
  • කිරි කරල් අස්වනු නෙලන කාලය හඳුනා ගන්නේ බීජ අතේ ඇඟිලි අතර තබා තද කරන විට කිරි පාට දියරයක් පිටතට ඒම මඟිනිි. මේ වන විට කරලේ රැවුල රන්වන් දුඹුරු පැහැයට හැරේ (බීජ පැලවී දින 70-75)