FCRDI Divisions – Agronomy Division – Sinhala

FCRDI Banner LOGO

ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංශ

ශෂ්‍ය විද්‍යා අංශය

ශෂ්‍ය විද්‍යා අංශයේ කාර්යභාරය

මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රළු ධාන්‍ය බෝග, කුළුබඩු බෝග, මාංශ බෝග, වියළි කළාපීය එළවළු, පළතුරු සහ අල බෝග වගාවන්ගේ නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහල නැංවීම සදහා ශෂ්‍ය විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමයි. මේ සදහා ස්වාභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සහ බෝග වගාවන්ට බලපාන අජීවී ආතතීන් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මගින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ විවිධ ගොවිතැන් පද්ධතිවල ඉහළ ඵලදායිතාවයක් සාක්ෂාත් කර ගැනීම අරමුණු කොට ගත් සුදුසු බෝග කළමනාකරණ පිළිවෙත් සහ බෝග රටා සංවර්ධනය සිදු කරයි.

සේවාවන්

  1. පහත සඳහන් අංශ පිළිබඳව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
    • විවිධ කෘෂිකාර්මික පරිසරයන්හි ක්ෂේත්‍ර බෝග වගාවන්හි කෘෂි විද්‍යාත්මක කළමනාකරණ පිළිවෙත්
    • ක්ෂේත්‍ර බෝග වගාවන්ට දේශගුණික විපර්යාසවල බලපෑම සහ ඒවා අවම කරගැනීමට හැකි ක්‍රමවේදයන්
    • වියළි කලාපයේ ක්ෂේත්‍ර බෝග වගාව සඳහා විභවය
    • ක්ෂේත්‍ර බෝග වල ඵලදායිතාව ඉහල නංවන්නේ කෙසේද
    • විවිධ බෝග පද්ධතිවල ඵලදායිතාව වැඩි දියුණු කිරීම
  2. ගොවීන්ගේ ඉල්ලුම මත රළු ධාන්‍ය බෝග, කුළුබඩු බෝග, මාංශ බෝග, වියළි කළාපීය එළවළු, පළතුරු සහ අල බෝග වල රෝපණ ද්‍රව්‍ය  හා බීජ සැපයීම
  3. විවිධ ක්ෂේත්‍ර ගැටලු සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා ගොවීන් හෝ වෙනත් පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත ක්ෂේත්‍ර විමර්ශනය කිරීම
  4. ව්‍යාප්ති අංශ විසින් ඉල්ලා සිටින පර්යේෂණ පිළිබද  සංවාද සඳහා සහභාගී වීම
  5. පූර්ව සෘතු පුහුණු වැඩසටහන් සඳහා දේශනවලට සහභාගී වීම සහ පැවැත්වීම

තාක්ෂණයන්

  • මිරිස් වගාව සඳහා වසුන් යෙදීම, ගැඹුරු සීසෑම සහ කාබනික ද්‍රව්‍ය යෙදීමේ ඒකාබද්ධ බලපෑම පරීක්ෂා කරන ලදී.
  • මිරිස් සඳහා ඉල්ලුම මත පදනම් වූ නයිට්‍රජන් යෙදවුම් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී
  • සහල්, සෝයා බෝංචි සහ බඩ ඉරිඟු වල පරාග වඳභාවයට වියන් මට්ටමේ උෂ්ණත්වයේ බලපෑම ක්ෂේත්‍ර පරිසර තත්ත්ව යටතේ අධ්‍යයනය කරන ලදී.
  • ලොකු ළූණු බල්බ නිෂ්පාදනයට කාබනික වසුන්වල බලපෑම පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ වී පිදුරු වසුන් භාවිතා කිරීමෙන්තද පැහැති බල්බ සහිත ඉහළම අස්වැන්නක් (හෙක්ටයාර් ටොන් 38) වාර්තා කර ඇති බවයි
  • වාරි තත්ව යටතේ වගාකරන දෙමුහුම් බඩඉරිගු සදහා නව ශාක ඝනත්ව නිර්දේශයක් (සෙ.මී. 45 x සෙ.මී. 30 පරතරයකින් හෙක්ටයාරයකට පැලෑටි 74074 ක් සහ නයිට්‍රජන් සමානුපාතිකව වැඩිවීමක් සමඟ අස්වැන්න වාසිය 20-25% විය)
  • බඩඉරිඟු වල දෙමුහුන් බීජ නිෂ්පාදන තාක්ෂණය වැඩි දියුණු කිරීම සදහා සුදුසු පාත්ති වර්ග, ශාක ඝනත්වය සහ ප්‍රශස්ත මල් පිපීම සමමුහුර්ත කිරීමේ ශිල්පීය ක්‍රම හඳුනාගෙන ඇත
  • ශ්‍රී ලංකාවේ භාවිතා කරන රයිසෝබියම් ආමූකූලකය මගින් සෝයා බෝංචි බෝගයේ නියඟ ආතතියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම හඳුනාගෙන ඇත
  • බීජ වල ප්‍රරෝහණ ප්‍රතිශතය හා ජීව්‍යතාවය අවම නොවන ලෙස සෝයා බෝංචි ගබඩා කාලය වැඩි දියුණු කිරීම සඳහා සුදුසු ආරම්භක බීජ තෙතමනය, ගබඩා කිරීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සහ ගබඩා ස්ථානය හඳුනා ගන්නා ලදී.
  • ශ්‍රී ලංකාවේ වියළි කලාපීය තත්ත්ව යටතේ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි රාජ අල විශේෂ හඳුනා ගන්නා ලදී.

අංශයේ නිලධාරීන්

ආචාර්ය එම්. ඒ. පී. ඩබ්ලිව්. කේ. මලවිආරච්චි
ප්‍රධාන කෘෂි විද්‍යාඥ - ශෂ්‍ය විද්‍යා
ආචාර්ය ආර්. එල්. සේනානායක
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) - ශෂ්‍ය විද්‍යා
එච්. එම්. පී. ටී. කේ. හෙට්ටිගෙදර මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) - ශෂ්‍ය විද්‍යා

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.