Field Crops – Sesame – Sinhala

තල

Sesamum indicum L.
Family – Pedaliaceae

ශ්‍රී ලංකාවේ වියළි, අතරමැදි කලාපවල වගා කළ හැකි වාර්ෂික බෝගයක් වේ. අසංතෘප්ත මේද අම්ල බහුලව අඩංගු වන බැවින් පෝෂණීය අගය ඉහල වන අතර, ඉහල අපනයන ඉල්ලුමක් ද පවතී.
sesami
තල වගාව
රසායනික යෙදවුම්වලින් තොර තල වගාව සඳහා තාක්ෂණික පැකේජය
  • තල බෝගය වියළි හා අතරමැදි කලාප වල සාර්ථකව වගා කළ හැකිය.
  • වගාව සඳහා අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්ව පරාසය 25 – 300C පමණ වේ.
  • පැළ කුඩා අවධියේ මඳ වැසි පැවතීම වඩාත් යෝග්‍ය වන අතර  තද වැසි බෝගයේ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපායි.
  • බීජ ප්‍රරෝහණයේදී , මල් පිපෙන අවධියේදී  සහ කරල් පීරීමේදී මද වැසි පැවතීම හිතකර වේ.

තල වගාව සදහා සාරවත්, හොදින් ජලය බැසයන, සැහැල්ලු වයනයක් සහිත වැලිමය ලෝම පසක් වඩාත් සුදුසුය. ජල වහනය දුර්වල හෝ ලවණ සහිත ඉඩම් තල වගාව සදහා සුදුසු නොවේ. හොදින් ජලය බැස යන උස්බිම් වගාව සදහා වඩාත් සුදුසු වේ.

තල ප්‍රධාන වශයෙන් තනි බෝගයක් ලෙස වගා කරනු ලබයි. එසේ වුවද පොල් හෝ අඹ වැනි බහු වාර්ෂික බෝග සමග අතුරු බෝගයක් ලෙස ද තල වගා කළ හැකිය. මෙහිදී වඩාත් වැදගත් සාධකය වනුයේ වගාව සදහා හොදින් හිරු එළිය ලැබීමේ අවශ්‍යතාවයයි.  

වර්ෂාවත් සමග බිම් සැකසීම මගින්  ජල භාවිතය කාර්යක්ෂම කල හැකිය. තැටි නගුල මගින් ගැඹුරට පස පෙරලමින් වල් පැළෑටි සහ ආසාදිත නොවූ වෙනත් බෝග අවශේෂ පසට යට කළ හැකිය. ඉන්පසු කොකු නගුල මගින් දෙවරක් කැට පොඩි කර සියුම් ලෙස බිම් සැකසීම සිදු කල යුතුය. එසේම නිසි පරිදි කානු යොදා ගනිමින් වැඩි ජලය බැසයාමට සැලැස්විය යුතුය. ජල වහනය පහසු වීම සදහා උස් පාත්ති හෝ ඇලි වැටි ක්‍රමයට හෝ බීජ සිටුවීම වඩාත් සුදුසු වේ. කෙසේ වුවද පෙර කන්නයේ තල වගාව රෝග ආසාදිත වූයේ නම් එවැනි භූමියක නැවත තල වගා කිරීම සුදුසු නොවේ.

ලක්ෂණ

උමා

මලී

ANKSE3

වයස (දින)

70 -75

80 -85

90 -100

බීජ වල පැහැය

සුදු

ලා දුඹුරු

කළු

විභව අස්වැන්න (හෙක්ටයාරයට කිලෝග්රූම්)

1600 -1700

1700 -1800

1400 -1500

බීජ අවශ්‍යතාවය

  • වැපිරීම සඳහා               –    හෙක්ටයාරයට කි. ග්‍රෑ. 7
  • පේලියට සිටුවීම සදහා  –    හෙක්ටයාරයට කි. ග්‍රෑ. 5

පැළ අතර පරතරය

බීජ පේළි වශයෙන් සිටුවීමේදී

  • පේළි අතර පරතරය –  සෙ.මී 30
  • පැළ අතර පරතරය – සෙ.මී 15

සිටුවා සති දෙකේදී පේළියක පැළ අතර නියමිත පරතරය සිටින ලෙස වැඩි පැළ ගලවා දමන්න. එක් ස්ථානයක එක් පැළයක් පමණක් ඉතිරි කරන්න.

යල කන්නය සඳහා වර්ෂාවත් සමඟ මාර්තු මැද සිට අප්‍රේල් මුල දක්වා කාලය බීජ සංස්ථාපනයට සුදුසු ය. මහ කන්නය සඳහා සැප්තැම්බර් මැද සිට ඔක්තෝබර් මුල දක්වා කාලය සුදුසු වේ.

සිටුවා සති හතරක් පමණ වන තුරු වගාවේ වල් මර්ධනය අත්‍යවශය. පැල තුනී කරන අවස්ථාවේදී (සති දෙකේදී) සහ සති හතරේදී අතින් හෝ උපකරණ භාවිතයෙන් වල් පැල පාලනය සිදු කල යුතුය. පේළියට බීජ සිටුවීමෙන් වල් පැල පාලනය පහසු වේ.

බීජ ප්‍රරෝහණය වන තෙක්  පසේ තෙතමනය තිබීම අත්‍යවශ්‍යය. සිටුවා පළමු සති තුන තුළ පසේ තෙතමනය අඩු නම් දින හතරකට වරක් ද ඉන්පසු කරල් පරිණත වන තුරු දින 10-12 කට වරක්  ද ජල සම්පාදනය කල යුතුය.

මෙය ආන්තික ඉඩම්වල වගාකලහැකි බෝගයක් වුවද වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීම සහ පාංශු සාරත්වය පවත්වාගැනීම සඳහා කාබනික පොහොර භාවිතය වැදගත් වේ. වඩා හොද ප්‍රතිඵල ලබා ගැනීම සදහා හොදින් දිරාපත් වු කොම්පෝස්ට් හෙක්ටයාරයට ටොන් 6.5 ක්  හෝ ගොම පොහොර  හෙක්ටයාරයට ටොන් 3.5 ක් පමණ දෙවන බිම් සැකසීමේදී හෝ බීජ සංස්ථාපනයට දින 7-10 කට පෙර පසට මිශ්‍ර කරන්න. පසේ පෝෂක තත්ත්වය හා අනෙකුත් පාංශු ගැටළු හදුනා ගැනීම සදහා කන්න 3 – 4 කට වරක් පාංශු පරික්ෂාවක්  සිදුකල යුතුය. පෝෂක ඌණතා ලක්ෂන පෙන්වන්නේනම් කාබනික දියර පොහොරක් යෙදිය යුතුය. නීරෝගී බෝග අවශේෂ නැවත ක්ෂේතයට ලැබීමට සැලසිය යුතුය.

  • කඳ හා මුල් කුණු වීමේ රෝගය

රෝග කාරකයා – Macrophomina phaseolina දිලීරය

මෙම දිලීරය ශාකයේ පාදස්ථය ට හානිකරයි. රෝග ලක්ෂණ ලෙස පාදස්ථ කොටස දුඹුරු පැහැ  වීම, අතුවල අවපැහැ වීම, පත්‍ර කහ වීම හා ශාකය මැලවීම දැකගත හැකිය.

රෝගය පාලනය 

බිම් සැකසීමේදී පස ගැඹුරට  පෙරළා  දින 07 – 10 ක් හිරු එළියට නිරාවරනය කිරීම.

ජලවහනය දියුණු කිරීම.

ආසාදිත වගා භූමි වල සිට නිරෝගි වගාවන් සඳහා ජල සම්පාදනය නොකිරීම.

ආසාදිත ශාක වගාවෙන් ඉවත් කිරීම.

ආසාදනය අධිකව පවතීනම් බඩ ඉරිගු හෝ රනිල බෝග සමග බෝග මාරුව  සිදු කිරීම

  • පයිලොඩි

රෝග කාරකයා – phytoplasma

පැළ කීඩෑවන් වාහකයන් ලෙස ක්‍රියා කරමින් රෝගය ව්‍යාප්ත කරයි.

රෝග ලක්ෂණ  

මෙම රෝගය, රෝග ලක්ෂණ අනුව පහසුවෙන් හදුනාගත හැකිය. පුෂ්ප අංකුර වර්ධක අංකුර බවට පත්වේ. පත්‍ර බවට පත් වූ පුෂ්ප අංකුර වල  පර්ව කෙටි වී එකිනෙකට සමීපව පිහිටයි. 

රෝග පාලනය

රෝග ලක්ෂණ දක්නට ලැබෙන ශාක කොටස් කඩා ඉවත් කිරීම. 

දාරක වල් පැලෑටි විනාශ කිරීම.

බෝග මාරුව.

 

පළිබෝධ පාලනය

  • පත්‍ර හා කරල් දැල් බඳින්නා (Antigastra catalaunalis)

කීටයා ශාකයේ වර්ධක ස්ථාන වල පත්‍ර එකතු කර දැල් බඳින අතර ඒ තුලට වී ශාක පටක ආහාරයට ගනී. මල් හා අංකුර  වලට ද හානිකරයි.

හානිය පාලනය

හානි කරන ලද ශාක කොටස්  විනාශ කිරීම.

නියමිත කාලයට වගා කිරීම.

පත්‍ර කහ පාට වී, ශාකයේ මුලින්ම සෑදුනු කරල් දුඹුරු පැහැ වූ විට අස්වනු නෙලා ගත යුතුය. අස්වනු නෙළා ගැනීමේ දී සම්පූර්ණ ශාකයම  මුලින්ම කපා ගත යුතුය. කපා ගත් ශාක මිටි බැඳ කරල් ඉහළට සිටින සේ සතියක් පමණ තබන්න. සෙවනේ තබාගැනීමෙන් පත්‍ර සියල්ලම  හැලී යන අතර අග්‍රස්ථ කොටසෙහි ඇති කරල් මේරීම ද සිදුවේ.  වැලි මිශ්‍රවීම වළක්වා ගැනීම සඳහා අතුරුණුවක් මතට බීජ වෙන්කර ගන්න. වෙන් කරගත් බීජ 8% ක තෙතමනයක් එන තෙක් හොඳින් වියළා ගැනීමෙන් පසුව මළුවල අසුරා ගන්න.

වාර්ෂික වර්ෂාපතනය මි.මී. 750 ට අඩු පාරිසරික උෂ්ණත්වය 25 – 30 0C ක්‍ අතර පවතින හා උච්චත්වය මුහුදු මට්ටමේ සිට මීටර් 1250 දක්වා ප්‍රදේශ වඩාත් සුදුසු වේ.

මනා ජලවහනයක් සහිත වැලි ලෝම පස ඉතාමත් සුදුසු වේ.

මහ කන්නය – සැප්තැම්බර් මැද සිට ඔක්තෝබර් මුල දක්වා

යල කන්නය – මාර්තු මැද සිට අප්‍රේල් මුල දක්වා

MI1

බීජ කළු පැහැතිය. එක් පත්‍ර කක්ෂයක ඇති කරල් ගණන 1කි. දින 80 – 90 කින් අස්වනු නෙලිය හැක. විභව අස්වැන්න හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 900.

උමා

බීජ සුදු පැහැතිය. එක් පත්‍ර කක්ෂයක කරල් 3 ක් හට ගනී. මේ නිසාම පොකුරු තල ලෙස ද හඳුන්වයි. දින 70 -75 කින් අස්වනු නෙලිය හැක. විභව අස්වැන්න හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 1600 – 1700.

මලී
බීජ දුඹුරු පැහැතිය. එක් පත්‍ර කක්ෂයක ඇති කරල් ගණන 1කි. දින 80 – 85 කින් අස්වනු නෙලිය හැක. විභව අස්වැන්න හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 1800. අංගමාරයට ප්‍රතිරෝධීය. වියලි පාරිසරික තත්ත්ව සඳහා ද ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.

වැපිරීමේ දී හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 7.0

පේලියට යෙදීමේ දී හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 5.0

පේළි අතර සෙ.මී. 30 පැළ අතර සෙ.මී. 15

සෙ.මී. 25 – 30 පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩි කර ගන්න. බීජ පේලියට දැමීම හෝ වැපිරීම කළ හැක. බීජ දමා සති 2 කින් නියමිත පරතරයට වැඩිපුර ඇති පැල ඉවත් කරන්න.

බීජ ප්‍රරෝහණය වන තෙක් පසේ තෙතමනය තිබීම අත්‍යවශ්‍ය වේ. සිටුවා පළමු සති 03 තුල පසේ තෙතමනය අඩු නම් දින 04 කට වරක් ජලය සම්පාදනය කරන්න. ඉන් පසු කරල් පිරී පරිණත වනතුරු දින 10 – 12 කට වරක් ජලය යොදන්න.

පොහොර යොදන අවස්ථාව

යූරියා

(කි.ග්‍රෑ/හෙක්.)

ත්‍රිත්ව සුපර් පෝස්පේට්

(කි.ග්‍රෑ/හෙක්.)

මියුරියේට් ඔෆ් පොටෑෂ්

(කි.ග්‍රෑ/හෙක්.)

මූලික පොහොර5012060

මුල් හට ගැනීමේදී

(බීජ යොදා සති 4)

60

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

පැළ තුනී කිරීම සමඟම සහ මතුපිට පොහොර යෙදීමට පෙර අතින් ඉදිරීම හෝ උදළුගෑම මඟින් පාලනය කරන්න.

රෝග – කඳ සහ මුල් කුණුවීමේ රෝගය, පයිලොඩි
පලිබෝධ
– පත්‍ර දැල් බඳින්නා

අස්වනු නෙලීමට යෝග්‍ය වන විට පත්‍ර කහ පැහැ වී පළමුව සෑදුන කරල් දුඹුරු පැහැ වේ. කරල් පිපිරීමට පෙර සම්පූර්ණ ශාකය නෙලාගන්න. කපාගත් තල ගස් මිටි බැඳ අතුරණුවක් මත සිරස් අතට තබා වියලන්න. වියලුනු ශාක ගැසීම මඟින් අතුරණුව මතට බීජ වෙන් කර ගන්න. බීජ වල තෙතමනය 8% එන තෙක් මදපවනේ වියලීමෙන් අනතුරුව පිරිසිදු පොලිසැක් මලු වල බහා වියලි ස්ථානයක ගබඩා කරන්න.