RRDI_Div_SoilScience_LeafColorChart

RRID- Bathalagoda LOGO

Technologies- SoilScience Division

පත්‍ර වර්ණ දර්ශකය (Leaf Colour Chart)

පත්‍ර වර්ණ දර්ශකය භාවිතා කරන අයුරු

  1. කුඹුර වැපිරීමෙන් දින 21 ට පසුව හෝ පැල සිටුවා දින 14 ට පසුව අක්කර එකකින් නීරෝගිමත් පැල 20 ක් අහඹු ලෙස තෝරා ගන්න.
  2. තෝරාගත් පැල 20 හොදින් වඩුනු ඉහලින් ඇති , මානව දිග හැරුණු පත්‍රය සමඟ පත්‍ර වර්ණ දර්ශකය සසඳන්න. මෙහිදී පත්‍රයේ මැද කොටස වර්ණ දර්ශකයේ වර්ණයත් සමඟ සැසඳීම සිදු කරන්න. කිසි විටකත් පත්‍රය ශාකයෙන් වෙන් නොකරන්න.
  3. ඔබ තෝරාගත් පත්‍ර 20න් 10 කට වැඩි ප්‍රමාණයක් අදාල අවම පාඨoයට සමානව හෝ අඩු අගයක් ගනී නම් පහත වගුවේ සඳහන් පරිදි ගොයමේ වයසට අනුව නිට්‍රජන් පොහොර යොදන්න.
කාලය සති පත්‍ර වර්ණ දර්ශකයට අනුව  තිබිය හැකි අවම අගය 
234
යෙදිය යුතු යූරියා ප්‍රමාණය අක්කර එකකට කිලෝග්‍රෑම් 
225
325
46020
58040
637227.5
73015
83015

පත්‍ර වර්ණ දර්ශකය භාවිතයේදී සැලකිය යුතු කරුණු

  • මනාව ඉහලට අදුණු අවසාන පත්‍රය පාඨoක ලබා ගනීමට භාවිතා කරන්න.
  • සතියකට වරක්වත් පාඨoක ලබාගන්න .
  • පත්‍ර වර්ණ දර්ශකයට ආලෝකය නොවැටීමට වග බලා ගන්න.
  • පාඨoක ලබා ගැනීමට එකම වෙලවක් යොදාගන්න. (උදෑසන 8 සිට 10 දක්වා)
  • පාඨoක ගැනීම සඳහා එකම පුදගලයෙක් යොදාගන්න.