- සි
- த
- Address : Bathalagoda, Ibbagamuwa, Sri Lanka
- E- Mail : rrdi@doa.gov.lk
- Telephone : +94 372 258561
- Fax : +94 372 259881
- தமிழ்
ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම
තෙත් ක්‍රමයට බීජ වැපිරීම
සිදුකල යුතු ආකාරය
කණු කැපුන බීජ වර්ග මීටරයට 400 පමණ වන පරිදි හොඳින් බිම් සකස් කළ ක්ෂේත්‍රයට වැපිරීම සිදු කරනු ලැබේ. වපුරන අවස්ථාවේදී ක්ෂේත්‍රයේ ජලය රඳවා නොපැවතිය යුතුය. වැපිරීමෙන් පසු ඒවා වියලීම වැලැක්වීම සඳහා ක්ෂේත්‍රයට වරින් වර ජලය සැපයීම සිදු කරනු ලැබේ. සෙන්ටිමීටර 5 පමණ උස වූ පසු (වැපිරීමෙන් සතියකට පමණ පසු) සෙන්ටිමීටර් 2 පමණ උසක් දක්වා ක්ෂේත්‍රයට ජලය සපයනු ලැබේ(වල්පැලෑටි පැළවීම පාලනය කිරීම සඳහා)
සැලකිය යුතු කරුණු
මෙම ක්‍රමය යටතේ වගාව හොඳින් ස්ථාපනය වීම
- බීජ වල ගුණාත්මකභාවය
- බිම් සැකැස්ම ගුණාත්මකභාවය
- වල් පැලෑටි සමග තරග කිරීමේ හැකියාව
- ජල කළමනාකරණය,
- පාරිසරික තත්ත්ව හා භෞතික තත්ත්වය
මත රඳා පවතී
මෙම ක්‍රමයේදී බොහෝවිට ක්ෂේත්‍රය තුළ සමාකාරව බෝගය ස්ථාපනය නොවීම දැකිය හැකිය.කායික ශක්තිය ඉහළ ප්‍රභේද තෝරා ගැනීම මගින් හොඳවැන්නක් ලබාගත හැකිය
තෙත් ක්‍රමයට බීජ වපිරීම කල හැකි වෙනත් ආකාර
කණු කැපුන බීජ වැපිරීම වෙනුවට පේළි ආකාරයෙන් ස්ථාපනය කිරීම ඉතා සීමිත පරිමාණයෙන් සිදුකරනු ලැබේ. වියදම අධික ක්‍රමයක් වන අතර අවශ්‍ය වන උපකරණ ලබාගැනීම අපහසුය. කෙසේ නමුත් යාන්ත්‍රික ක්‍රමයට වල් පාලනය සහ වගාව කළමනාකරණය පහසු මෙන්ම ප්‍රශස්ත ශාක ගහණයක් පවත්වා ගැනීමට ද මෙම ක්‍රමය උපකාරී වේ.