Fruit Crops – Wood-apple-E

1 horana logo

Wood Apple

Order : Sapindales

Family : Rutaceae

Genus : Limonia L.

Species : Limonia acidissima L.

The web pages in English Language are under construction and will be available soon…

දිවුල්

ANK WOOD APPLE 01(ACC53)
 
 
 
 
 
මෙම දිවුල් ප‍්‍රභේදය අඟුණකොළපැලැස්ස මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සොයාගෙන ඇත.
බද්ධ කිරීම මඟින් පැළ නිෂ්පාදනය කර ගත හැක.
සාමාන්‍යයෙන් මෙම දිවුල් ප‍්‍රභේදයේ ගසක් මීටර් 3.9 ක් පමණ උස්වන අතර ශාක වියනේ පැතිරීම මීටර් 6 ක් පමණ වේ.
ගසේ කටු ප‍්‍රමාණය සාපේක්ෂව අඩුය.
සාමාන්‍යයෙන් මාර්තු, ජූලි කාල වල මල් පිපීම සිදුවේ.
සාමාන්‍ය ගෙඩියක බර ග‍්‍රෑම් 463 ක් පමණ අගයක් ගනී.
ඵලයේ පිට ආවරණය අඳුරු සුදු පැහැයක් ගන්නා අතර ඵලාවරණය නැතහොත් දිවුල් කට්ටේ ඝණකම මිලිමීටර් 4.06 ක් පමණ වේ.
 
 
ANK WOOD APPLE (ACC63)
 
 
 
 
 
මෙම දිවුල් ප‍්‍රභේදයත් අඟුණකොළපැලැස්ස මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සොයාගෙන ඇත.
බද්ධ කිරීම මඟින් පැළ නිෂ්පාදනය කර ගත හැක.
සාමාන්‍යයෙන් මෙම දිවුල් ප‍්‍රභේදයේ ගසක් මීටර් 3.4 ක් පමණ උස්වන අතර ශාක වියනේ පැතිරීම මීටර් 6.5 ක් පමණ වේ.
ගසේ කටු නොමැති අතර කලාතුරකින් දැකිය හැකිය.
සාමාන්‍යයෙන් මාර්තු, ජූලි කාල වල මල් පිපීම සිදුවේ.
සාමාන්‍ය ගෙඩියක බර ග‍්‍රෑම් 565ක් පමණ අගයක් ගණී.
ඵලයේ පිට ආවරණය අඳුරු සුදු පැහැයක් ගන්නා අතර ඵලාවරණය නැතහොත් දිවුල් කට්ටේ ඝණකම සාපේක්ෂව අඩුය. එය මිලිමීටර් 3.25ක් පමණ වේ

දේශගුණික අවශ්‍යතා

දිවුල් ශාකය ශ්‍රි ලංකාවේ වියළි කලාපයේ හා අතරමැදි කලාප වල බහුලව දක්නට ලැබේ. මුහුදු මට්ටමේ සිට උච්චත්වය මීටර් 450 ට වඩා ඉහළ යන විට දිවුල් ශාකයේ වර්ධනය දුර්වල වන අතර ඵල දැරීමද අක්‍රමවත් වේ. එසේම වියළි දේශගුණික තත්ත්ව දිවුල් ශාකයේ වර්ධනය හා මල්, ඵල හට ගැනීමට යෝග්‍ය වන බැවින් ලංකාවේ උස්බිම් හා තෙත් කලාපයේ හැරුණු විට අනෙකුත් ප්‍රදේශ වල දිවුල් සාර්ථකව වගා කළ හැකිය.

ස්වාභාවික තත්ත්ව යටතේ දිවුල් ශාකය විවිධ ලක‍ෂණ සහිත පාංශ වර්ගවල වැවෙනු දක්නට ලැඛෙන නිසා විශාල පාංශ පරාසයක දිවුල් වගා කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන් දිවුල් ශාකය ජලය බැසයාම දුර්වල, ලවණ පස් සහ සෝදා පාලූවට ලක්වූ පස් වලද වගා කළ හැකි නමුත් හොඳින් ජලය වහනය වන කාබනික ද්‍රව්‍ය සහිත සැහැල්ලූ පසක එය සාර්ථකව වගා කළ හැකිය. එබැවින් ශ්‍රි ලංකාවේ ස්වාභාවික තත්ත්ව යටතේ රතු දුඹුරු පස් සහිත වියළි කලාපයේ සහ වෙනත් විශේෂ සහිත අතරමැදි කලාපයේද දිවුල් හොඳින් වගා කළ හැකිය. දිවුල් බඳුන් වගාව සඳහා ද සාර්ථකව යොදා ගත හැකිය.

ප්‍රචාරණය

බීජ, මුල් කැබලි මගින් හා බද්ධ කිරීම මගින් දිවුල් ප්‍රචාරණය කළ හැකිය. දිවුල් මදය තුළ බීජ විශාල සංඛ්‍යාවක් ඇත. බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය 90% ක් පමණ ඉහළ අගයක් ගන්නා බැවින් පැළ විශාල වශයෙන් නිපදවිය හැකිය. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී පවනේ වේලාගත් දිවුල් බීජ මාස කිහිපයක් වුවද ඒවායේ ජීව්‍යතාවය නොනැසෙන පරිදි ගබඩාකර තබාගත හැකිය. තෝරාගත් මව් ශාක වලින් සකස් කරගත් බද්ධ පැළ සිටුවීම තුළින් ඉහළ ගුණාත්මයෙන් යුත් පැළ නිපදවාගත හැකිය. දිවුල් බද්ධ කිරීමේදී රිකිලි බද්ධය වඩාත් සාර්ථක හා සුදුසු වන අතර සාපේක‍ෂව අංකුර බද්ධයෙහි සාර්ථකත්වය අඩුය. දිවුල් සඳහා කුඤ්ඤ බද්ධ ක්‍රමය ඉතා සුදුසු වේ.

එහෙත් වන වගා ආදිය ඇති කිරීමේදී බීජ පැළ භාවිතය වඩා සුදුසුය.

අස්වැන්න

බීජ පැළ මගින් අස්වැන්න ලබාදීමට වසර 10-15 ක පමණ කාලයක් ද බද්ධ පැළයකින් නම් සාර්ථක අස්වැන්නක් ලබාදීමට වසර 5 ක පමණ කාලයක් ද ගතවේ. බද්ධ කරන ලද දිවුල් පැළයක වසර 3 ක් පමණ වන විට මල් හට ගනී. එහෙත් ගසෙහි වර්ධක වර්ධනය හොඳින් සිදු වන තුරු ඵල හට ගැනීම වළක්වාලීම සඳහා මල් කඩා ඉවත් කළ යුතුය. බද්ධ කරන ලද පැළයක් නිසි පරිදි වර්ධනය සිදුවී වසර 8-10 පමණ වයස වන විට සාමාන්‍ය බීජ පැළයක තරමටම ඉතා හොඳින් ඵල හට ගැනීම සිදු කරයි. සාමාන්‍යයෙන් මල් හට ගැනීම වසරේ පෙබරවාරි සිට මාර්තු මාස වල සිදුවන අතර අස්වැන්න නෙලීම මැයි සිට සැප්තැම්බර් මාස වලදී සිදුවේ. වියළි කාලගුණික තත්ත්වයක් පැවතීම හොද අස්වැන්නක් ලැබීමට හේතුවේ. බොහෝවිට අස්වනු ලබාගන්නේ ගෙඩි ඉදී, ස්වාභාවිකව ගසෙන් වැටෙන විට එක්රැස් කර ගැනීමෙන් වුවද හොඳින් පැසී ඇති දිවුල් ගෙඩි නෙලීමෙන් පසුව ඉදවා ගැනීමටද පුලූවන. හොඳින් වැඩුණු ශක්තිමත් ගසකින් දිවුල් ගෙඩි 200-300 පමණ සංඛ්‍යාවක් ලබාගත හැකිය.

රෝග හා පළිබෝධ

දිවුල් ඵල විදින්නා : (Deudorix isocrates)

දිවුල්වල අස්වනු හානියට බලපාන ප්‍රධාන පළිබෝධකයාවේ. සුහුඹුල් අවධිය වන සළබයා දිවුල් පත්‍ර වල හා ළපටි දිවුල් ගෙඩි සිදුරු කර බිත්තර දමන අතර බිහිවන කීටයින් ගෙඩි තුළ ඇති කොටස් ආහාරයට ගනිමින් වැඩේ. මෙලෙස හානිවූ ගෙඩි පැසීමට පෙර හැලෙන අතර එවිට කෝෂ ගතවූ කීටයින් වැඩී සළබයින් ලෙස පරිසරයට නිදහස් වේ. හැලෙන දිවුල් ගෙඩි පරික‍ෂා කර විනාශ කිරීමෙන් පළිබෝධකයාගේ ජීවන චක්‍රය පාලනය කළ හැකිය.

පිටි මකුණා : (Mearly bugs)

ළපටි දිවුල් ගෙඩි වලට හානිකරයි. ගෙඩි වල නටුව ආසන්නයෙන් පිටි මකුණන් යුෂ උරා බීම නිසා ඵල හැලී යයි. එසේම පිටි මකුණන්ගේ නිකුත් වන සීනි අඩංගු ශ්‍රාවයන් මත වැඩෙන දිලීර වර්ග නිසා ඵල කළු පැහැයට හැරේ. ආසාදිත ඵල එකතු කර විනාශ කිරීමෙන්ද නිසි ලෙස පැරණි හා අනවශ්‍ය අතු ඉවත් කරමින් ශාක කප්පාදු කිරීමෙන්ද බෝග සනීපාරක‍ෂක ක්‍රම මගින් ද පිටි මකුණන් පාලනය කළ හැකිය. අධික ලෙස ආසාදිත විට අවශ්‍ය නම් නිර්දේශිත කෘමිනාශකයක් භාවිතා කළ හැකිය.

pdf දිවුල් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)