Fruit Crops – Rose Apple-E

1 horana logo

Rose apple

Order : Myrtales

Family : Myrtaceae

Genus : Syzygium P.Br.ex Gaertn.

Species : Syzygium spp.

The web pages in English Language are under construction and will be available soon…

ජම්බුවල සම්භවය හා ව්‍යාප්තිය

රතු ජම්බු මැලේසියාවේ සිට අන්දමන් සහ නිකෝබාර් දූපත් වලට ආවේණික බව සැලකේ. රතු ජම්බු හා රට ජම්බු විශේෂ තායිලන්තය, කාම්බෝජියාව, ලාඕසය වියට්නාමය සහ තායිවානය ආදී රටවල ජනප්‍රිය. වැලි ජම්බු මැලේසියාවේ උපත ලද හා ඊට ආවේණික බව සැලකෙන අතර එය ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලද ගිණිකොණදිග ආසියාවේද පැසිපික් දූපත් වලද වගා කරනු ලබන අතර ස්වාභාවිකව ද දක්නට ලැබේ. පිනි ජම්බු බටහිර මලයාසියාවට ආවේණික බව කියවේ.
එමෙන්ම මෙය ඉන්දීය, මලයාසියා කලාපයට හෝ ගිණිකොණ දිග ආසියාවට අයත් බව සඳහන් වේ.

වාණිජ වශයෙන් ජම්බු ඉතා සීමිතව, මැලේසියාවේ, ඹ්ස්ට්‍රේලියාව, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ වගා කරනු ලබයි. තායිවානයේ වාණිජ වගාවන් වඩා දියුණු තත්ත්වයක ඇති බව වාර්තා පෙන්වා දෙයි.


ජම්බු ඵල


01. රතු ජම්බු

Red rose apple, Wax apple,Java apple, Water apple, Wax jambu)

Syzygium aqueum (Burm.f.) Alston

 

 

 

 

මෙහි පැසුණු ගෙඩි රතු පැහැති දිලිසෙන ඉටිමය මතුපිට පෙනුමක් ඇති ඛෙල් ආකාර හැඩැතිය. අනෙක් ජම්බු විශේෂවලට වඩා සාපේක‍ෂව කුඩාය (10-20 ග්රෑම්). රතු ජම්බු යනු දේශීයව වඩාත් ජනප්‍රිය හා ගෙවතු වල බහුලව දක්නට ලැඛෙන ජම්බු වර්ගයයි. මෙය මිහිරි, ඇඹුල් රසයකින් යුත් පලතුරකි. මෙය වර්ෂ 1550 දී පමණ ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇතැයි සැලකේ.



02. පිනි ජම්බු
 (Malay apple)
Syzygium malaccense (L.) merr.& Perry

 

 

 

පිනි ජම්බු ද අතීතයේ සිටම රතු ජම්බු මෙන්ම දේශීයව සුලභව තිඛෙන ජම්බු විශේෂයකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැඛෙන පිනි ජම්බු විශේෂය පෙයාර්ස් ගෙඩියක හැඩැති, සුදු පාටට හුරු ලා රෝස පැහැති, ප්‍රමාණයෙන් සාමානය රතු ජම්බු වලට වඩා විශාල විශේෂයකි (40-50 ග්රෑම්). පිනි ජම්බු මදය සුදු ස්පොන්ජ් ආකාර ව්‍යුහයකින් යුතු සාමානයෙන් ඇඹුල් රසැති එහෙත් එතරම් රසවත් නොවූ එකකි. මෙහි ජල ප්‍රතිශතය අධිකය. පිනි ජම්බු ශාකය අනෙකුත් ජම්බු විශේෂයන්ට වඩා උස්ව වැඩෙන (5-20 මීටර් පමණ) ශාකයකි. ජන වහරේදි පිනි ජම්බු සඳහා ලොකු ජම්බු ලෙසද භාවිතා කරයි.
පිනි ජම්බු ශාකයේ ද බහුලව මල් හටගන්නා අතර විශේෂයෙන්ම ශාකයේ ප්‍රධාන කඳෙහිද අතු මතද හටගනී. ඉතා දීප්තිමත් තද රෝස පැහැති රේණු රාශියකින් සමන්විත මෙම මල්, ඉතා අලංකාර දර්ශණයක් වේ. මල් පිපෙන කාලයේදී හැලී යන මෙම මල් රේණු පිනි ජම්බු ගස් යට රෝස පැහැති බුමුතුරුණුවක් මෙන් දක්නට ලැබේ.



03. රට ජම්බු

(Bell fruit)
Syzygium samarangense (Blume) Merr.& Perry

 

 

 

 

රට ජම්බු Ruby gaint

 

 

 

 

රට ජම්බු (කොළ පැහැති විශේෂයකි)

 

 

රට ජම්බු Ruby drop

සාමාන්‍ය රතු ජම්බු වලට වඩා හැඩයෙන් පැහැයෙන් හා ප්‍රමාණයෙන් වෙනස් වූ මෙම ජම්බු වර්ග කිහිපයක් දේශීයව දක්නට ලැබේ. මේ අනුව සුදු, රතු, රෝස, රතු දම් හා කොළ පාට ආදී ආකර්ෂණීය වර්ණයන්ගෙන් ද හැඩයන්ගෙන් ද ග්රෑම් 35-75 පමණ වූ ප්‍රමාණයන්ගෙන් ද සමන්විත වේ.




04. වැලි ජම්බු, සීනි ජම්බු 

(Rose apple, Malabar plum, Jambu, Chom pu, Pomme rose)
Syzygium jambos (L.) Alston.

 

 

 

 

මේවා ලා කහ පැහැති, සුදු හෝ කහ පැහැයට හුරු රෝස පැහැති ඕවලාකාර හැඩැති ඵල වේ. වැලි ජම්බු ශී්ර්ෂ ලංකාවට ආවේනික ජම්බු විශේෂයක් වශයෙන් සලකනු ලබන අතර, දේශීයව වෙනත් වල් දර්ශද ළදු කැලෑ ආශ්‍රිතව විශේෂයෙන්ම තෙත් කලාපීය ප්‍රදේශ වල දක්නට ලැබේ. පොත පතෙහි සඳහන් වන අන්දමට අතීතයේදී දේශීයව වඩාත් ජනප්‍රිය ජම්බු විශේෂය වී ඇත්තේ වැලි ජම්බු වේ. එහෙත් වර්තමානයේදී එය ගෙවතු වල දක්නයට නොලැඛෙන තරම් වන අතර, රතු ජම්බු එම ස්ථානය ගෙන ඇත. මෙම ජම්බු විශේෂයන්හි මල් ලා කොළ හෝ කොළ පැහැයට හුරු වූ රේණු විශාල සංඛ්‍යාවකින් සමන්විත වේ.
මෙම ජම්බු විශේෂයන්හි ගෙඩි වල පවත්නා පැහැය, ප්‍රමාණය බර හා රස ආදියෙහිත් ගසෙහි පෙනුමත් ආදී ආකර්ෂණීය ගුණාංග නිසා, වර්තමානයෙහි මෙම ජම්බු වර්ග පලතුරක් මෙන්ම භූමි අලංකරණ ශාකයක් ලෙසද තෙත් හා අතරමැදි කලාප වල ගෙවතු බෝගයක් ලෙසත් ජනප්‍රියත්වයට පත්ව ඇත.

මෙම ජම්බු වර්ග 1980 වර්ෂවලදී වෙනත් භූමි අලංකරණ ශාක සමඟ මැලේසියාව හා තායිලන්තය ආදී රට වලින් මෙරටට ගෙන්වා ඇතැයි සැලකේ. රට ජම්බු සඳහා පිනි ජම්බු ලෙසද ව්‍යවහාර කරන අවස්ථා ඇත.

දේශගුණික අවශ්‍යතා
ජම්බු විශේෂ නිවර්තන හෝ ඊට ආසන්න දේශගුණික තත්ත්ව යටතේ හොඳින් වර්ධනය වේ. රතු ජම්බු පහතරට හා මැදරට මෙන්ම උඩරට ද හොඳින් වැඩෙයි. සිසිල් දේශගුණ තත්ත්ව යටතේ මෙය ශ්‍රි ලංකාවේ සෑම පළාතකම වාගේ දක්නට ලැබේ. ජම්බු උෂ්ණත්වය ඉතා අඩු ප්‍රදේශ වල දක්නට නොලැබේ.වැඩි දියුණු කළ ජම්බු වර්ග තෙත්, අතරමැදි හා වියළි කලාපීය ප්‍රදේශවල හොඳින් වගා කළ හැකිය.වැලි ජම්බු වඩාත් ප්‍රචලිතව ඇත්තේ තෙත් කලාපීය ප්‍රදේශවලය. පිනි ජම්බු උණුසුම් තෙත් පරිසරයක් සහිත තෙත් කලාපීය උඩරට ප්‍රදේශවල සාර්ථකව වර්ධනය වේ. මෙය දීර්ඝ කාලීන නියගයට සහ විශාල උෂ්ණත්ව වෙනස්වීම් වලට ඔරොත්තු නොදේ. කෙසේ වුවද ජම්බු වගාව සඳහා තද වියළි හා උණුසුම් දේශගුණික තත්ත්ව සුදුසු නොවේ.
ප්‍රචාරණය
බීජ මගින් ජම්බු පහසුවෙන් ප්‍රචාරණය කරගත හැකිය. ජම්බු බීජ වල ජීව්‍යතාවය පවතින්නේ කෙටි කාලයක් බැවින් ගෙඩි වලින් බීජ ඉවත් කරගත් විගස අවශ්‍ය පරිදි ක්ෂ්‍රේත්‍රයේ හෝ බඳුන් වල සිටුවීම වැදගත්ය. එසේ නැතිනම් වැලි තවාන් වල බීජ තවාන් දමා ඉන්පසු වඩා හොඳින් වැඩුණු නිරෝගී බීජ පැළ තෝරා අවශ්‍ය පරිදි සිටුුවා ගත හැකිය. ජම්බු සඳහාද වර්ධක ප්‍රචාරණයෙන් පැළ සකස් කර ගැනීම වඩා සුදුසුය. බීජ පැළ ග්‍රාහක ලෙස භාවිතා කරමින් උසස් ගුණාත්මයෙන් යුතු මව් ගසකින් ලබාගත් අනූජ බද්ධ කිරීමෙන් ගුණාත්මක පැළ නිෂ්පාදනය කරගත හැකිය. මෙහිදී කූඤ්‍ඤ ක‍ද බද්ධය වඩා සාර්ථකය. වර්ධක ප්‍රචාරණයේදී ජම්බු ශාකයේ අඩ දළ දඩු අතු සිටුවීම හා වායව මුල් ඇද්දවීමෙන්ද (අතු බැඳීමෙන්ද) පැළ නිෂ්පාදනය කර ගත හැකිය.
වගා කිරීම
සාර්ථක වගාවක් සඳහා හොඳින් හිරු එළිය ලැබීම වැදගත් වුවද සාමාන්‍ය සෙවන තත්ත්ව යටතේදී ද ජම්බු හොඳින් වර්ධනය වේ. හොඳින් ජල වහනය සිදුවන භූමියක විවිධ පාංශු වර්ග වල හොඳින්
වැවෙන ජම්බු, නිසරු පසක වුවද සාර්ථකව වගා කළ හැකිය. කප්පාදු කිරීමෙන් ශාකයේ උස සහ වියන පාලනය කොට ශාකයේ ව්‍යුහය නඩත්තු කිරීමේ හැකියාවක් පැවතීමද විශේෂත්වයකි. එමෙන්ම බඳුන් වගාවක් ලෙසද වර්ධක ප්‍රචාරණයෙන් සකස් කරගත් ජම්බු පැළ වගා කළ හැකිය.
අස්වැන්න

බීජ පැළයක ඵල දැරීමට වසර 03ක් පමණ කල්ගත වුවද බද්ධ පැළයක් සිටුවා වසර 1 1/2 – 2 කින් පමණ ඵල හටගැනීම සිදුවේ. ජම්බු විශාල ලෙස ඵල දැරීමත් එකවර ගෙඩි පැසීමත් හොඳින් පැසුණු ගෙඩි හැලීයාමත් සැලකිය යුතු කරුණු වේ. පැසුණු ගෙඩි හැලීයාමට පෙර ප්‍රවේශමෙන් නෙලා ගැනීමත් ගෙඩි මෘදු බැවින් ඒවාට හානි නොවන ලෙස ප්‍රවේශමෙන් අසුරා වෙළදපලට ඉදිරිපත් කිරීමත් ඉතා වැදගත්ය.ජම්බු සඳහා අගය එකතු කළ නිෂ්පාදන සැකසීමද ඒවා රසවත් ලෙස සංරක‍ෂණය කිරීමේ හැකියාවද ඇත.

රෝග හා පළිබෝධ

ජම්බු ශාකයට හෝ ගෙඩි වලට හානි කරනු ලබන පළිබෝධකයින් එතරම් බහුලව දක්නට නොලැබේ. පලතුරු මැස්සාගේ හානිය රට ජම්බු (ඛෙල්පෘෘට්) වර්ගයේ ජම්බු ඵල වල ඇතැම්විට දක්නට ලැබේ. මේ සඳහා නිර්දේශිත ආකාරයට පලතුරු මැස්සා සඳහා ඇම භාවිතය සුදුසුය. ජම්බු ඵල වලට කුහුඹුවන් ආකර්ෂණය වීමද ගෙඩියේ අග දක්නට ලැඛෙන වැසුනු කොටසේ කුහුඹුවන් රැදීම අස්වැන්නෙහි ගුණාත්මයට බලපානු ලබයි. එමෙන්ම ජම්බු පත්‍ර Psylid නම් කෘමි හානියට ලක්වේ. දැනට දක්නට ලැඛෙන ආකාරයට පිනි ජම්බු මේ සඳහා වඩාත් පාත්‍ර වේ. මෙහිදී පත්‍ර මත පිළල මෙන් බිබිලි (Blistes) දක්නට ලැඛෙයි.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)