- Address : Bathalagoda, Ibbagamuwa, Sri Lanka
- E- Mail : rrdi@doa.gov.lk
- Telephone :(+94) 037-2258561
- Fax :(+94) 037-2259881
Technologies- SoilScience Division
පත්‍ර වර්ණ දර්ශකය (Leaf Colour Chart)
පත්‍ර වර්ණ දර්ශකය භාවිතා කරන අයුරු
- කුඹුර වැපිරීමෙන් දින 21 ට පසුව හෝ පැල සිටුවා දින 14 ට පසුව අක්කර එකකින් නීරෝගිමත් පැල 20 ක් අහඹු ලෙස තෝරා ගන්න.
- තෝරාගත් පැල 20 හොදින් වඩුනු ඉහලින් ඇති , මානව දිග හැරුණු පත්‍රය සමඟ පත්‍ර වර්ණ දර්ශකය සසඳන්න. මෙහිදී පත්‍රයේ මැද කොටස වර්ණ දර්ශකයේ වර්ණයත් සමඟ සැසඳීම සිදු කරන්න. කිසි විටකත් පත්‍රය ශාකයෙන් වෙන් නොකරන්න.
- ඔබ තෝරාගත් පත්‍ර 20න් 10 කට වැඩි ප්‍රමාණයක් අදාල අවම පාඨoයට සමානව හෝ අඩු අගයක් ගනී නම් පහත වගුවේ සඳහන් පරිදි ගොයමේ වයසට අනුව නිට්‍රජන් පොහොර යොදන්න.
කාලය සති | පත්‍ර වර්ණ දර්ශකයට අනුව තිබිය හැකි අවම අගය | ||
2 | 3 | 4 | |
යෙදිය යුතු යූරියා ප්‍රමාණය අක්කර එකකට කිලෝග්‍රෑම් | |||
2 | 25 | – | – |
3 | 25 | – | – |
4 | 60 | 20 | – |
5 | 80 | 40 | – |
6 | 37 | 22 | 7.5 |
7 | 30 | 15 | – |
8 | 30 | 15 | – |
පත්‍ර වර්ණ දර්ශකය භාවිතයේදී සැලකිය යුතු කරුණු
- මනාව ඉහලට අදුණු අවසාන පත්‍රය පාඨoක ලබා ගනීමට භාවිතා කරන්න.
- සතියකට වරක්වත් පාඨoක ලබාගන්න .
- පත්‍ර වර්ණ දර්ශකයට ආලෝකය නොවැටීමට වග බලා ගන්න.
- පාඨoක ලබා ගැනීමට එකම වෙලවක් යොදාගන්න. (උදෑසන 8 සිට 10 දක්වා)
- පාඨoක ගැනීම සඳහා එකම පුදගලයෙක් යොදාගන්න.