ක්ෂේත‍්‍රයේදී වැළඳෙන රෝග

කෘසිපරේසියේ කුලයේ භෝග වලට වැළඳෙන රෝග සහ රෝග පාලනය

මෙම කුලයට අයත් භෝග අතරින් ගෝවා, මල් ගෝවා, චීන ගෝවා, නෝකෝල්, රාබු, බෘකොලි යන භෝග වල රෝග සහ රෝග පාලනය පිළිබඳව විමසා බලමු.


බැක්ටීරියා රෝග

කළු කුණු වීම/අංගමාරය

සැන්තොමොනාස් කැම්පෙස්ටි‍්‍රස් (Xanthomonas campestris) නම් බැක්ටීරියාව නිසා ඇතිවන තත්ත්වයකි. භෝගයේ ඕනෑම අවස්ථාවකදී මෙම රෝගය ඇති විය හැක.

රෝග කාරකය බීජාවරණය හරහා බීජය තුළට ඇතුල්වී බීජය ප‍්‍රරෝහණයේදී වාහිනී ෙසෙල සමඟ මුළු ශාකය පුරාම පැතිරීම සිදුවේ. භෝග අවශේෂ ක්‍ෂේත‍්‍රයේ තිබීමෙන් ක්‍ෂේත‍්‍රය පුරාම රෝග කාරකය පැතිරී යාමේ අවදානමක් සහිතය.

රෝග ලක්‍ෂණ
රෝග කාරකය මඟින් ආසාදනය වූ බීජ හෝ පැළ මඟින් පසට එක්වන සැන්තොමොනාස් කැම්පෙස්ටි‍්‍රස් බැක්ටීරියාවට දීර්ඝ කාලයක් පසෙහි හෝ ශාක කොටස්වල ජීවත් වීමේ හැකියාව ඇති අතර වර්ෂාවෙන් විසිරෙන ජල බිඳිති සමඟ ඉහළට විසි වී ගෝවා පත‍්‍ර මත තැන්පත් වේ.

මෙම බැක්ටීරියාව පත‍්‍ර දාරය තුළට ඇතුල් වී ශාක පටක මත ගුණනය වීම තුළින් ශාක පටක විනාශ වීම නිසා පත‍්‍ර දාරය සහ පත‍්‍ර නාරටි අතර V හැඩැති කහ පැහැයක් පැතිරීම සිදුවේ. මෙය පත‍්‍ර තලයේ අභ්‍යන්තරය කරා පැතිරී යන අතර, කහ පැහැ පත‍්‍ර දුඹුරු පැහැවී වියළී යයි. රෝගය වැළඳුණු ශාක පත‍්‍ර සූර්යාලෝකයට අල්ලා බැලූවිට වාහිනී ෙසෙල කළු පැහැයට හැරී ඇති බව පැහැදිලිව දැකගත හැකිය. මේ නිසා වාහිනී සෛල (සෛල ම සහ ප්ලෝයම) සීඝ‍්‍ර ගුණනයක් පෙන්වයි. මීට අමතරව වාහිනී සෛල වලින් ජලය ආහාර පරිවහනය නිසි පරිදි සිදු නොවන අතර ජලය සහ ඛණිජ ලවණ අවශෝෂණය ඇණහිටී.
එම නිසා පත‍්‍ර කහ පැහැවී, මැල වී, මැරී ශාකයෙන් හැලී යයි. ආසාදිත පැළයක කඳෙහි හරස්කඩ පරීක්‍ෂා කළවිට කළු පැහැති වළයාකාර ස්වභාවයක් දක්නට ලැබේ. රෝගය වැළඳුණු ගෝවා වගාවෙන් අස්වනු නෙලීමෙන් පසුව ගබඩා තත්ත්ව යටතේදී ද රෝග කාරකය අඛණ්ඩව ක‍්‍රියාත්මක වේ.

 

රෝග පාලනය

ක්‍ෂේත‍්‍රත‍්‍රය ඉතා පිරිසිදුව තබා ගැනීම, පෙර වගාවේ භෝග අවශේෂයන් ක‍්‍රමවත්ව ඉවත් කිරීම සහ භෝගයේ සනීපාරක්‍ෂාව පවත්වා ගැනීමෙන් මෙම රෝග කාරකය ක්‍ෂේත‍්‍රයේ පැතිරීම පාලනය කළ හැක.

විනාඩි 15-30 ක කාලයක් සෙ.අංශක 50 ක උෂ්ණත්වයේ ඇති ජලයෙහි බීජ ගිල්වා තැබීමෙන් අනතුරුව ජීවානුහරණය කරන ලද තවාන් පාත්තිවල සිටුවීමෙන් බීජ පැළ මඟින් රෝග කාරකය ක්ෂේත‍්‍රයට පැමිණීම වළක්වා ගත හැක. භෝග මාරුව වසර 03 ක කාලයක් නිර්දේශිත අතර මේ සඳහා කළු කුණුවීමට ග‍්‍රාහී නොවන භෝග ප‍්‍රභේද භාවිතා කළ යුතු වේ. භෝගය ක්‍ෂේත‍්‍රයේ ස්ථාපිත කිරීමෙන් පසුව වසුන් යොදා පස ආවරණය කිරීමෙන් ද මෙම රෝග කාරකය පැතිරීම අවම කර ගත හැක.ක්ෂේත‍්‍රයේදී රෝග ලක්‍ෂණ දුටු වහාම තඹ :කොපර් 50‍්‍ අඩංගු දිලීර නාශකයක් ජලය ලීටරයකට ග‍්‍රෑම් 2 ක් වන සේ සති දෙකකට වරක් යෙදීම මඟින් රෝගය පැතිරීම අවම කර ගත හැක.