ඒකාබද්ධ පළිබෝධ පාලන උපක්‍රම

ඒවා නම්,

ජෛව පාලනය

  • ආරක්ෂා කිරීම, නව වර්ග හඳුන්වාදීම, සංඛ්‍යාව වර්ධනය කිරීම.
  • ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය
  • රෝපණ ක්‍රම (ශෂ්‍ය ක්‍රම)
  • ප්‍රාථමික රෝපණ ක්‍රම, ද්විතියික රෝපණ ක්‍රම තනි තනිව අනුගමනය කළ හැකි ක්‍රම, සමූහ වශයෙන් අනුගමනය කළ හැකි ක්‍රම
  • යාන්ත්‍රික ක්‍රම

කෘෂිකර්මාන්තයේ යම් පළිබෝධකයෙකු (කෘමීන්, මයිටාවන්, වල් පැළෑටි හා පැළෑටි රෝග) පාලනය කිරීම සඳහා එම පළිබෝධකයන්ගේ ස්වභාවික සතුරන් යොදා ගැනීම ජෛව පාලනය නම් වේ.විලෝපිකයන්, පරපෝෂිතයන් හා රෝගකාරක මෙම ජෛව පාලනයට බහුලව යොදා ගැනේ. සාමාන්‍ය තත්ත්ව යටතේ පළිබෝධ පරිසරයේ වෙසෙන මෙම ස්වභාවික සතුරන් මඟින් තුලනය වේ.

ගොවියාගේ මිතුරෝ

කෘමි පළිබෝධ පාලනයට යොදා ගන්නා ස්වභාවික සතුරන් අතර,

විලෝපිකයන්
පරපෝෂිතයන්
රෝගකාරක ප්‍රධාන ස්ථානයක් ගනී.
ශාක රෝග පාලනය සඳහා රෝගකාරකය මත පරපෝෂිතව වැඩෙන වෙනත් රෝගකාරකයින් (උදා - දිලීර) බොහෝ විට යොදා ගනී.

විලෝපිකයින්

වී වගාවේ හමුවන හිතකර ජීවීන් අතුරින් ප්‍රධාන ස්ථානය හිමිවන්නේ විලෝපිකයන්ටය. මොවුන් වගා පරිසරය තුල ව්යෙආප්තවී සිටින නිසාත් පැහැදිලිව පෙනෙන නිසාත් පළිබෝධකයන් ලෙස වරදවා හඳුනාගන්නා අවස්ථා ද ඇත.විලෝපිකයකු තම ජීවිත කාලය තුල පළිබෝධකයින් බොහෝ ගණනක් ගොදුරු වශයෙන් අල්ලා ගනී. උදාහරණ ලෙස ඉබි කුරුමිණියෝ, බිම් කුරුමිණියෝ සහ මකුළුවෝ ගොයම් පත්‍ර අතර ගැවසී කීඩෑවන් ද පුරුක් පණුවන් සහ පත්‍ර කා දමන දළඹුවන් ද උන්ගේ සළඹයන් ද ගොදුරු කර ගනී

සුහුඹුල් බිම් කුරුමිණියා

මකුළුවන් බොහෝ විට ගොදුරු කර ගන්නේ චලනය වන ගොදුරු වුවත් සමහර අවස්ථාවල කෘමි බිත්තර ද ගොදුරු ලෙස ගනී. මකුළුවන් ගොදුරු දඩයම් කරන්නේ රාත්‍රී කාලයේය. මොවුන් දැල් වියා ඒ මත අසුවන ගොදුරු දඩයම් කර ගනී. සුහුඹුල් වෘක මකුළුවකු දිනකට දුඹුරු පැළ කීඩෑවන් 5-15ක් පමණ ගොදුරු කර ගනී.හිතකර තණකොළ පෙත්තෝ සහ පළඟැටියෝ කෘමි බිත්තර ආහාර ලෙස ගැනීමට ප්‍රිය කරයි. පළිබෝධකයකුගේ බිත්තරවලින් 80%-90%ක් පමණ විලෝපීන් විසින් භක්ෂණය කරන අවස්ථා බොහෝ ඇත.

තණකොළ පෙත්තා

මෙසේ සුහුඹුල් සහ ලපටි අවධිවල සිටින විලෝපීන් උන්ගේ පැවැත්මත් වර්ධනයත් සඳහා කෘමීන් බොහෝ ගණනක් ගොදුරු කර ගනී.විලෝපීන් භක්ෂණය සඳහා ගොදුරු තේරීමක් නොකරන තරම්‍ය. මේ නිසා පළිබෝධකයින් මෙන්ම හිතකර කෘමීන් ද උන්ගේ ගොදුරු බවට පත්වේ. සාමාන්‍යයෙන් විලෝපීන්ගේ ගොදුරු බවට පත්වීමට වැඩි සම්භාවිතාවක් ඇත්තේ වගාවේ අධික ගහණ මට්ටම්වලින් සිටින පළිබෝධකයින්‍ය

වෘක පණුවා

මේ නිසා පළිබෝධකයින් වගාවට ආර්ථික හානි ඇතිකල හැකි ප්‍රමාණවලට වඩා අඩුවෙන් සිටීමෙන් විලෝපීන්ගේ පැවැත්ම සඳහා උපකාරවන බවත් මේ මඟින් පළිබෝධකයින් වසංගත තත්ත්වයට පත්වීම වැලැක්වීමට හේතුවන බවත් පැහැදිලිය.පළිබෝධ මර්ධනය පිණිස විලෝපීන් විද්‍යාගාර තුල බෝකර කුඹුරුවලට ව්යෙආප්ත කිරීම අධික වියදම් යන ක්‍රියාවකි. එබැවින් හොඳම ප්‍රායෝගික ක්‍රමය වන්නේ ෙක්ෂ්ත්‍රවල සුලභව සිටින විලෝපීන් රක්ෂණය කිරීමයි

ඉබි කුරුමිණියන්

මේ සඳහා පුළුල් ක්‍රියාකාරී කෘමි නාශක අත්‍යාවශහ් අවස්ථාවලට පමණක් සීමා කිරීමත්, හැකි සෑම විටම අදාළ පළිබෝධකයින්ට විශේෂ වු නිර්දේශිත කෘමිනාශක යෙදීමත් කළ හැක.

පරපෝෂිතයන්

පරපෝෂිතයෝ විලෝපීහු මෙන්නොව එක් එක් නියමිත වර්ගයකට අයත් ධාරකයන් තුළ වාසය සඳහා විශේෂිත වී සිටී. තවද ප්‍රමාණයෙන් විශාල වුත් වර්ණවත් දේහ සහිත වුත් පරපෝෂිතයින් හැර අනෙක් පරපෝෂිතයන් බොහෝ විට හදුනාගත නොහැකි නිසා ඔවුන් ගොවින්ගේ සැලකිල්ලට යොමු නොවේ.

පුරුක් පණු බිත්තර පරපෝෂිතයා

එසේ වුවත් පරපෝෂිතයන් මඟින් පළිබෝධ ගහනයක් කෙරෙහි ඇතිකරන බලපෑම ඉතාමත් වැදගත්‍ය. විලෝපිකයකුට තම වර්ධනය සහ පැවැත්ම සඳහා සීමිත කාලය තුළ ගොදුරු රාශියක් භක්ෂණය කළ යුතු වුවත් පරපෝෂිතයකුට අවශහ් වන්නේ එක් ධාරකයකු පමණි.
පරපෝෂිතයන් ධාරක ජීවීන් ආසන්නයේ නැතිනම් උන්ගේ දේහ මත හෝ අභ්යෙඅන්තරයේ හෝ බිත්තර තනි තනිව හෝ කාණ්ඩ වශයෙන් තැන්පත් කරති. මෙම බිත්තර විකසනය වී පිටවන පරපෝෂී කීටයන් ධාරකයන්ගෙන් පෝෂණය ලබා ගනිති. මෙහි ප්‍රතිඵලය ලෙස ධාරකයෝ භෝජනය නතර කර අවසානයේ මියයයි.

බිත්තර හා පිලා පරපෝෂිතයා

එක් පළිබෝධ කෘමි විශේෂයක් මත යැපෙන පරපෝෂී ජීවී විශේෂ කීපයක් සිටිය හැක. උදාහරණයක් ලෙස කොළ හකුලන දළඹුවන්ට විශේෂ වු පරපෝෂී ජීවී විශේෂ 18ක් දැනට හඳුනාගෙන ඇත. පරපෝෂිතයෝ ධාරකයන්ගේ බිත්තර, කීට, ශිශු හෝ සුහුඹුල් අවධි තුළ පෝෂණය වී ධාරකයන්ට හානි පමුණුවති.තවද ධාරක ගහනය වැඩිවීමත් සමඟ පරපෝෂිතයන්ගේ ක්‍රියාකාරීත්වය ද වැඩිවේ. එසේම විලෝපීන් මෙන්නොව පරපෝෂිතයන්ට ධාරක ගහනය ඉතා අඩු අවස්ථාවලදීත් ඔවුන් සොයා ගැනීමට හැකිවන පරිදි සංකීර්ණ සංවේදීතාවයක් ඇත.

කොළ හකුලන දළඹුවාගේ පරපෝෂිතයා

පළිබෝධකයින් ආර්ථික හානි මට්ටම දක්වා වැඩිවීම වැලැක්විය හැකි සරු පරපෝෂී ප්‍රජාවක් බෝග වගාවන් ආශ්‍රිතව සිටි. පරපෝෂීන් විද්‍යාගාර තුල බෝකර අවශහ් අවස්ථාවල ෙක්ෂ්ත්‍ර වලට නිදහස් කිරීම සමහර විට වාසිදායක වුවද එය අධික වියදමක් දැරීමට සිදුවන සංවිධානාත්මක ක්‍රියාවලියකි. අවස්ථානෝචිතව කෘමි නාශක යෙදීමෙන් පරපෝෂිතයින් ආරක්ෂා කරගත හැක.

පුරුක් පණු කීටයාගේ පරපෝෂිතය

රෝගකාරක
කෘමි පළිබෝධකයන්ට ආසාදනය වී මරණය ගෙන දෙන ප්‍රධාන ක්ෂුද්‍ර ජීවීහූ නම් බැක්ටීරියා, දිලීර, වෛරස් සහ වටපණුවන්‍ය.කීඩෑවන්ට ආසාදනය වන වැදගත් රෝගකාරකය දිලීර වේ. හ.සුටෙල්ලා, බියුවේරියා සහ මෙටාරිසියුම් යන දිලීර වසංගත තත්ත්වයට පත්වී දුඹුරු පැළ කීඩෑවන් 90%-95%ක් විනාශකළ අවස්ථා වාර්තා වී ඇත.පළිබෝධ දළඹුවන්ට ප්‍රධානව ආසාදනය වන රෝගකාරකයන් වනුයේ වෛරස් සහ දිලීරයි. උදාහරණ ලෙස නියුක්ලිය පොලිහෙඩ්‍රෝසිස් සහ ග්‍රැනියුලෝසිස් යන වෛරස් ආසාදනය වු පසු දළඹුවන් ආහාර ගැනීම නතරකර අකර්මන්‍ය වේ

බ්‍යුවේරියා ආසාදිත දුඹුරු පැළ කීඩෑවෙක්

ආසාදනය නිසා දේහ තරලය ද්‍රව බවට පත්වී ශරීරයේ දෘඪ බව නැතිවේ. මේ නිසා ආසාදිත දළඹුවන් ගොයම් පත්‍රමත එල්ලා වැටි සිටින ආකාරය දැකගත හැක. කොළ හකුලන දළඹුවන් සහ කියත් පණුවන්ට මෙවැනි වෛරස් රෝග වසන්ගත ඇති වූ අවස්ථා වාර්තා වී ඇත.
නොමුරියා, පළිබෝධ දළඹුවන්ට ආසාදනය වන තවත් එක් දිලීරයකි. පත්‍ර කා දමන දළඹුවන්ට අධික ලෙස මෙම දිලීරය ආසාදනය වු අවස්ථා වාර්තා වී ඇත. රෝගකාරක බොහොමයක් අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකි අතර ඒවා කෘමිනාශක මෙන් කුඩක් හෝ ද්‍රාවණයක් ලෙස ඉසිය හැක.

නොමුරියා ආසාදිත කොළ හකුලන දළඹුවන්

පළිබෝධ පාලනය සඳහා ජෛව පාලනය යොදා ගැනීම ප්‍රධාන වශයෙන් ආකාර තුනකි.
  1. ආරක්ෂා කිරීම
  2. නව වර්ග හඳුන්වා දීම
  3. සංඛ්‍යාව වර්ධනය කිරීම
ආරක්ෂා කිරීම
ස්වභාවිකව එම පරිසරයේ වෙසෙන පළිබෝධකයින්ගේ ස්වභාවික සතුරන් (හිතකර සතුන්) එම පරිසරයේ වෙසෙන පළිබෝධ පාලනය කිරීමේ ප්‍රධාන තැනක් ගනී. මන්ද ඔවුන් එම පරිසරයේ මනාව පැවතීමට හැඩගැසී ඇති නිසාය. විශේෂ බාධාවක් නොවන්නේ නම් (උදාඃ කෘමිනාශක යෙදිම) ආහාර ප්‍රමාණවත්ව ඇති නම් සෑම පරිසරයකම ස්වභාවික සතුරන් දැකිය හැකිය.කාර්යක්ෂමව ජෛව පාලනය යොදා ගැනීමේ මුලිකම පියවර මෙම ස්වභාවික සතුන් ආරක්ෂාකර ගැනීම වන අතර මොවුන් විනාශවන ප්‍රධානතම හේතුවනුයේ කෘමිනාශක භාවිතයයි

කෘමිනාශක යොදන ගොවියෙක්

නව ස්වභාවික සතුරන් වර්ග හඳුන්වා දීම
අදාල පළිබෝධකයාට ස්වභාවික සතුරන් නොමැති අවස්ථාවල පිටතින් ස්වභාවික සතුරන් හඳුන්වාදීම මෙයින් අදහස් කෙරේ. මෙවැනි හඳුන්වාදීමක් අවශහ් වන්නේ එම ප්‍රදේශයට අළුතින් ඇතුළුවන පළිබෝධ පාලනය සඳහාය.මන්ද පරිසරයට අළුත් පළිබෝධකයාට බොහෝ විට කාර්යක්ෂම ස්වභාවික සතුරන් අදාල පරිසරයේ බහුල නොවීම හෝ නොමැති වීමයි.සංඛ්‍යාව වර්ධනය කිරීම පරිසරයේ, ප්‍රදේශයේ වසන ස්වභාවික සතුරෙකු නමුදු කාර්යක්ෂම පළිබෝධ පාලනයට ප්‍රමාණවත් තරම් ගහනයක් නොමැති අවස්ථාවල එම ස්වභාවික සතුරන් අදාල පරිසරයට හඳුන්වා දීම මෙයින් අදහස් වේ.මෙහිදී පළිබෝධ හානිය අධිකවන අවස්ථාවේදී මෙම ස්වභාවික සතුරන් සුළු සංඛ්‍යාවක් හෝ විශාල සංඛ්‍යාවක් හඳුන්වා දිම වැනි අවස්ථානෝචිත ක්‍රම අනුගනමය කළ හැක
සංඛ්‍යාව වර්ධනය කිරීම
පරිසරය හැසිරවීම මඟින් ද හිතකර සතුන්ගේ ගහනය වර්ධනය කරගත හැක.වගා රටාව, මිශ්‍ර බෝග වගාව, වනාත, නියර විධිමත්ව (පුළුස්සා නොදැමීම) පවත්වා ගැනීම, වාසස්ථාන සැපයීම (වගාව අතර දිරායන රොඩු ගොඩවල් තැබීම) වැනි දෑ මේ සඳහා යොදා ගත හැකිය.

නියර විධිමත්ව පවත්වා ගැනීම

ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය
ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය, ඒකාබද්ධ පළිබෝධ පාලනයේ තවත් වැදගත් අංශයකි. යම් ප්‍රදේශයක නිතර ඇතිවන පළිබෝධ තත්ත්වවලට ප්‍රතිරෝධී ප්‍රභේද ඇත්නම් ඒවා භාවිතයෙන් පළිබෝධ නාශක භාවිතය අවම කරගත හැක.නමුත් බොහෝ කෘමි පළිබෝධවලට ඔරොත්තු දෙන වර්ගවල කෙටි කාලයකින් එම හැකියාව අඩු වී යයි. ඒ කෘමීන් නව ජෛව ආර බිහි කරගන්නා බැවිනි. කෙසේ වෙතත් රෝග සඳහා ප්‍රතිරෝධී ප්‍රභේද බහුල නමුත් කෘමීන් සඳහා එසේ නොවේ.යම් ප්‍රමාණයක් හිතකර සතුන් ද වගාවේ ආරක්ෂාවන හෙයින් කෘමීන් සඳහා ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතයේ දි මධ්‍යස්ථ ප්‍රතිsරෝධී ප්‍රභේද වඩා සුදුසුය.


ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතයේ වාසි රැසකි.

ඒවා කිහිපයක් නම්,

  • අඩු වියදමකින් භාවිතා කළ හැකිවීම
  • අනෙක් පළිබෝධ පාලන ක්‍රම සමඟ ගැලපීම
  • කන්නයෙන් කන්නය අදාල පළිබෝධකයාගේ ගහනය අඩුවීම

දුඹුරු පැළ කීඩෑවාට ප්‍රතිරෝධි Bg 379-2

ඒ ඒ පළිබෝධකයාට ප්‍රතිරෝධී නිර්දේශිත වී ප්‍රභේද
මාස 4 - 4 1/2 කාණ්ඩය
වී ප්‍රභේදය ප්‍රතිරෝධී පළිබෝධ
Bg 379-2 දුඹුරු පැළ කීඩෑවා
Bg 380 ගොක් මැස්සා 1
Bw 453 ගොක් මැස්සා 1
At 405 දුඹුරු පැළ කීඩෑවාට මධ්‍යස්ථ ප්‍රතිරෝධී

මාස 3 1/2 කාන්ඩය
වී ප්‍රභේදය ප්‍රතිරෝධී පළිබෝධ
Bg 352 දුඹුරු පැළ කීඩෑවා
Bg 357 දුඹුරු පැළ කීඩෑවා, ගොක් මැස්සා, ජෛව ආර 2 පැළ මැක්කාට මධ්‍යස්ථ ලෙස
Bg 358 දුඹුරු පැළ කීඩෑවා
Bg 359 දුඹුරු පැළ කීඩෑවා, ගොක් මැස්සා 1 හා 11, පැළ මැක්කාට මධ්‍යස්ථ ලෙස
Bg 360 දුඹුරු පැළ කීඩෑවා, ගොක් මැස්සා ජෛව ආර 1 හා 11
මාස 3 කාන්ඩය
වී ප්‍රභේදය ප්‍රතිරෝධී පළිබෝධ
Bg 276-5 ගොක් මැස්සා ජෛව ආර 1
Bg 300 ගොක් මැස්සා ජෛව ආර 1
Bg 304 ගොක් මැස්සා
Bg 305 දුඹුරු පැළ කීඩෑවා ගොක් මැස්සා 1 හා 11

පැළ සිටුවීමට යොදාගන්නා බීජ තවාන්

රෝපණ ක්‍රම (ශෂ්‍ය ක්‍රම)
වගා පරිසරය පළිබෝධකයන්ගේ පැමිණීමට, ප්‍රජනනයට, වර්ධනයට හා පැතිරීමට ප්‍රියජනක නොවන පරිදි හැසිරවීම ශෂ්‍ය ක්‍රම මඟින් කරනු ලබයි. මෙනිසා වගාවේ පළිබෝධ ගහනය අඩුවේ.අපේ බොහෝ පාරම්පරික වගා ක්‍රම පළිබෝධ ගහනය මර්ධනය කිරීම සඳහා ද දායකත්වයක් සපයයි. වී වගාවේ දී තවාන් පැළ සිටුවීම මේ සඳහා හොඳ උදාහරණයකි. මෙහිදී සිටුවන පැළවලට පැළ මැක්කාගේ හානිය අඩුවන අතර වල් මර්ධනය ද හොඳින් සිදුවේ
බෝග වගාවේ මෙවැනි පාරම්පරික ක්‍රම සඳහා මැදිහත් වීම් (රසායනික ද්‍රව්‍ය යෙදීම) එතරම් අවශහ් නොවේ. මෙම පාරම්පරික ක්‍රම ඉතා දිගු කාලයක් ගොවීන්ගේ අත්දැකීම් මත පෝෂණය වෙමින් පැවතේ.ඕනෑම වගා රටාවක් අප අවශහ්තාවයක් සඳහා ගැළපෙන පරිදි නවීකරණය කිරීමේ දී වගාව සහ පරිසරය අතර සිදුවන විවිධ අන්තර් ක්‍රියා හේතුවෙන් අවසානයේ අස්වැන්නට බලපායි. එමෙන්ම වගා බිමේ කරනු ලබන එවැනි සියළුම කටයුතු පළිබෝධ සඳහා ද හිතකර හෝ අහිතකර හෝ ලෙස බලපායි. උදාහරණයක් ලෙස බෝගයේ පැළ අතර පරතරය ගත හැක.

නියමිත පරතරයට සිටවූ වගාවක්

වී වගාවේ දී පරතරය වැඩි කිරීම දුඹුරු පැළ කීඩෑවා පාලනයට උපකාරීවන නමුත් සුදුසු පරතරය පවත්වා නොගතහොත් අස්වැන්න අඩුවේ.
පළිබෝධ පාලනය ඉලක්කකර ශෂ්‍ය ක්‍රම අනුගමනය කිරීම සඳහා අදාල පළිබෝධකයන්ගේ ජීවන චක්‍ර, හිතකර අහිතකර පරිසර තත්ත්ව, ධාරක ශාක වැනි තොරතුරු ඉතා හොඳින් දැන සිටිය යුතුය. එවිට අදාල පළිබෝධකයා අනුව තම කේෂ්ත්‍රයට වඩාත්ම සුදුසුවන ශෂ්‍ය ක්‍රම අනුගමනය කළ හැකිය.

නියමිත පරතරයට පැළ සිටුවීම

වාසි
  • බොහෝ ශෂ්‍ය ක්‍රම අනුගමනය සඳහා අමතර දැරිය යුතු නොවේ
  • ශෂ්‍ය ක්‍රම අනුගමනය කිරීමේ දී රසායනික ක්‍රම මෙන් නොව පළිබෝධ පාලනය සිදුවන්නේ ඉතා සෙමිනි. එබැවින් පරිසර පද්ධතියේ ගලා යෑමට සිදුවන බලපෑම අඩුය
  • පරිසර දුෂණයෙන් තොරය
  • බොහෝ ශෂ්‍ය ක්‍රම අනෙකුත් පළිබෝධ පාලන උපක්‍රම සමඟ හොඳින් ගැලපේ
අවාසි
  • සමහර ක්‍රම එක් පළිබෝධකයෙකු පාලනය කරන විට තවෙකෙක් වර්ධනය කරයි. උදාහරණ ලෙස වී වගාවේ ජලය බැඳ තැබීම පුරුක් පාලනයට සුදුසු නමුත් හයිඩ්‍රිලියාගේ හානිය කරයි
  • සමහර ක්‍රම පළිබෝධ ගහනය අඩු කරනවාත් සමඟම අස්වැන්නත් අඩු කරයි. උදාහරණක් ලෙස නයිට්‍රජන් පොහොර භාවිතය.බොහෝ උපක්‍රම සාර්ථක කර ගැනීම සඳහා මුළු ප්‍රදේශයේම ගොවීන්ගේ සහාය අවශහ් වේ. උදාහරණ ලෙස යාය එකට වගා කිරීම
රෝපණ ක්‍රම ප්‍රධාන වශයෙන් ආකාර 2කි.
  1. ප්‍රාථමික රෝපණ ක්‍රම
  2. ද්වීතීයික රෝපණ ක්‍රම
ප්‍රාථමික රෝපණ ක්‍රම

පළිබෝධ පාලනය පමණක් ඉලක්ක කරගෙන විවිධ අවස්ථාවල අනුගමනය කරන රෝපණ ක්‍රම මෙලෙස හඳුන්වයි.

උදාහරණ :
  • දුඹුරු පැළ කීඩෑවා පාලනයට ජලය කපා හැරීම
  • කොපු පණුවා පාලනයට ජලය කපා හැරීම
ද්වීතීයික රෝපණ ක්‍රම

වගාවේ අවශ්‍ය අංගයකි. නමුත් මෙහිදී පළිබෝධ පාලනයට ද උපකාරී වේ.

උදාහරණ -:
  • හොඳින් බිම් සකස් කිරීම වගාවට අත්‍යවශහ් වේ. එමෙන්ම බිම් සකස් කිරීමේ දී පළිබෝධකයන්ගෙ පසේ ගතකරන කෝෂ අවස්ථා විනාශ වේ
නයිට්‍රජන් පොහොර කොටස් වශයෙන් පොහොර කාර්යක්ෂමතාවය වැඩි කරන අත පළිබෝධ හානි අවම කරයි

කෝෂ අවස්ථා විනාශවීම පිණීස බිම් සැකසීම

රෝපණ ක්‍රම අනුගමනය කරන ආකාරය අනුව කාණ්ඩ දෙකකි.

  1. තනි තනිව අනුගමනය කළ හැකි ක්‍රම
  2. සමූහ වශයෙන් අනුගමනය කළ හැකි ක්‍රම


තනි තනිව අනුගමනය කළ හැකි ක්‍රම

  • වගාව පිහිටුවන ක්‍රමය
පැළ සිටුවීම, වැපිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීමෙන් පළිබෝධ පාලනය කළහැක. උදාහරණයක් වශයෙන් කැකුලන් ක්‍රමයට වගාව (වී) පිහිටුවීමෙන් හයිඩ්‍රීලියා හානිය, කොපු පණුවාගේ හානිය ආදිය පහසුවෙන් පාලනය කළ හැක

නියමිත පරතරයට පැළ සිටුවීම

  • පැළ සිටුවන වයස
හැකි උපරිම කාලය දක්වා තවාන් පාත්තිවල පැළ නඩත්තුකර සිටුවීමෙන් වගාවේ වර්ධන අවධියේ හානි කරන පළිබෝධකයන්ගේ හානිය අඩු කර ගත හැක. වී වගාවේ දී කොපු පණුවා මෙලෙස පහසුවෙන් පාලනය කළ හැක.
  • පැළ අතර පරතරය
වගාවේ පැළෑටි අතර පරතරය හා සමහර පළිබෝධ ගහනය අතර සම්බන්ධතාවයක් දැකිය හැක (උදාඃ වී වගාවේ දුඹුරු පැළ කීඩෑවා). පැළෑටි ගහනය වැඩිවන විට වගාවේ ක්ෂුද්‍ර පරිසරයේ ඇතිවන වෙනස්කම් (උදාඃ ආර්ද්‍රතාවය) නිසා පළිබෝධ ගහනය වැඩි කිරීමට බලපායි.

නියමිත පරතරයට පැළ සිටවූ වගාවක්

  • පැළ අතර පරතරය

අනෙක් අතට පැළ ගහනය අඩුවන විට වල් පැළෑටි ගහනය වැඩි වේ. එබැවින් මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන ප්‍රශස්ථ පැළ ගහනයක් පවත්වා ගත යුතුය. පැළ ගහනය වැඩි වීමත් සමග කළු මකුණා, පත්‍ර කීඩෑවා, කොපු පණුවා වැනි පළිබෝධකයින්ගේ ගහනය වැඩි කරවයි.

  • ජල පාලනය
හයිඩ්‍රීලියා කොපු පණුවා, දුඹුරු පැළ කීඩෑවා, පැළ මැක්කා වැනි පළිබෝධකයින් ගේ ගහනය ජල පාලනය මඟින් පහසුවෙන් අඩු කරගත හැක. වගාවේ ජලය දින 2ක් පමණ කපා හැර වියළීමට ඉඩ හැරීමෙන් කොපු පණුවන් මිය යයි

කෝෂ අවස්ථා විනාශවීම පිණීස බිම් සැකසීම

රෝපණ ක්‍රම අනුගමනය කරන ආකාරය අනුව කාණ්ඩ දෙකකි.

  1. තනි තනිව අනුගමනය කළ හැකි ක්‍රම
  2. සමූහ වශයෙන් අනුගමනය කළ හැකි ක්‍රම

තනි තනිව අනුගමනය කළ හැකි ක්‍රම

  • වගාව පිහිටුවන ක්‍රමය
පැළ සිටුවීම, වැපිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීමෙන් පළිබෝධ පාලනය කළහැක. උදාහරණයක් වශයෙන් කැකුලන් ක්‍රමයට වගාව (වී) පිහිටුවීමෙන් හයිඩ්‍රීලියා හානිය, කොපු පණුවාගේ හානිය ආදිය පහසුවෙන් පාලනය කළ හැක.

නියමිත පරතරයට පැළ සිටුවීම

  • පැළ සිටුවන වයස

හැකි උපරිම කාලය දක්වා තවාන් පාත්තිවල පැළ නඩත්තුකර සිටුවීමෙන් වගාවේ වර්ධන අවධියේ හානි කරන පළිබෝධකයන්ගේ හානිය අඩු කර ගත හැක. වී වගාවේ දී කොපු පණුවා මෙලෙස පහසුවෙන් පාලනය කළ හැක.

  • පැළ අතර පරතරය
වගාවේ පැළෑටි අතර පරතරය හා සමහර පළිබෝධ ගහනය අතර සම්බන්ධතාවයක් දැකිය හැක (උදාඃ වී වගාවේ දුඹුරු පැළ කීඩෑවා). පැළෑටි ගහනය වැඩිවන විට වගාවේ ක්ෂුද්‍ර පරිසරයේ ඇතිවන වෙනස්කම් (උදාඃ ආර්ද්‍රතාවය) නිසා පළිබෝධ ගහනය වැඩි කිරීමට බලපායි

නියමිත පරතරයට පැළ සිටවූ වගාවක්

  • පැළ අතර පරතරය

අනෙක් අතට පැළ ගහනය අඩුවන විට වල් පැළෑටි ගහනය වැඩි වේ. එබැවින් මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන ප්‍රශස්ථ පැළ ගහනයක් පවත්වා ගත යුතුය. පැළ ගහනය වැඩි වීමත් සමග කළු මකුණා, පත්‍ර කීඩෑවා, කොපු පණුවා වැනි පළිබෝධකයින්ගේ ගහනය වැඩි කරවයි.

  • ජල පාලනය
හයිඩ්‍රීලියා කොපු පණුවා, දුඹුරු පැළ කීඩෑවා, පැළ මැක්කා වැනි පළිබෝධකයින් ගේ ගහනය ජල පාලනය මඟින් පහසුවෙන් අඩු කරගත හැක. වගාවේ ජලය දින 2ක් පමණ කපා හැර වියළීමට ඉඩ හැරීමෙන් කොපු පණුවන් මිය යයි
  • ජල පාලනය
විටින් විට ජලය කපා හැරීම මඟින් දුඹුරු පැළ කීඩෑවා මර්ධනයට වැදගත් වේ. නිසි අවස්ථාවේ ජලය බැඳ තැබීම මඟින් ගොඩවෙල්ලා සහ පැළ මැක්කා පාලනය කළ හැක.
  • සමතුලිත පොහොර භාවිතය
වැඩි නයිට්‍රජන් භාවිතය අස්වැන්න වැඩි කිරීමට හේතු වුවත් වගාවට අහිතකර බලපෑම්ද ඇති කරයි. වගාවේ වල් පැළෑටි ගහනය වැඩි කරයි. දිලීර රෝගවලට පාත්‍රී වීමේ අවදානම වැඩි කරයි. දුඹුරු පැළ කීඩෑවා වැනි පළිබෝධ ගහනය සීඝ්‍ර ලෙස වැඩි වීමට හේතුවේ

විටින් විට ජලය කපා හැරිම

අධික පොස්පරස් පොහොර භාවිතය පුරුක් පණුවාගේ හානිය තීව්‍ර කරන නමුත් මුල වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය වේ. පොටෑසියම් පොහොර මඟින් බොහෝ කෘමි පළිබෝධ වර්ග මැඩලීමට උපකාරී වේ.කෘමීන්ට අහිතකර රසායනික ශාකයේ ඇතිවීම, සෛල බිත්ති ඝනවීම සඳහා සිලිකා අවශෝෂනය වැඩි කිරීම වැනි දෑ පොටෑසියම් මඟින් සිදුවන නිසා මෙම තත්ත්වය ඇතිවේ.සමස්ථයක් වශයෙන් සමතුලිත පොහොර භාවිතය පළිබෝධ ගහනය පාලනය කිරීමට උපකාරී වේ.
  • බිම් සකස් කිරීම
නිසි ලෙස අවැසි කාල පරතර අනුව හා ගැඹුරට බිම් සකස් කිරීම ශක්තිමත් මූල පද්ධතියක් සහිත හොඳ වගාවක් ලබා ගැනීමට මෙන්ම පසේ ගත කරන පළිබෝධකයින්ගේ විශේෂයෙන් කෝෂ අවස්ථා මර්ධනය කර ගැනීමට උපකාරී වේ.නිරි වගාව පසට යට වීමෙන් නිරි වගාවේ ගත කරන විවිධ පළිබෝධ අවස්ථා ද විනාශ වී යයි

නිවැරදි ලෙස බිම් සකස් කරන ගොවියෙක්

  • වල් මර්ධනය

සමහර පළිබෝධ වී ශාකයට අමතරව වල් පැළැටි මතද ජීවත් වේ. විශේෂයෙන් වනාතේ වල් පැළෑටි මෙයට දායක වේ. වගාව ආරම්භයට පෙර හිතකර සතුන්ට අවම හානි වන පරිදි වනාත එලිපෙහෙලි කර ගැනීම ද වැදගත් වේ. වගාව තුළ වල් පැළෑටි බහුල වන පරිදි ක්ෂුද්‍ර පරිසරය පළිබෝධකයන්ට හිතකර පරිදි සැකසේ. එබැවින් වගාවේ වල් පැළෑටි මර්ධනය ද ඉතා වැදගත් වේ. වල්නාශක භාවිතය හිතකර සතුන් විනාශවීමට හේතුවන බැවින් අවස්ථාවට උචිත පරිදි වල්නාශක තෝරා ගත යුතුය.

වගාවේ වල් මර්ධනය

සමූහ වශයෙන් අනුගමනය කළ හැකි ක්‍රම
සමූහ වශයෙන් නොහොත් යාය එකට අනුගමනය කිරීමෙන් ප්‍රථිඵල ලබාගත හැකි රෝපණ ක්‍රම රාශියකි. ආසන්න වගාවලින් තම වගාවට සංක්‍රමනය විය හැකි පළිබෝධ වළකා මෙම රෝපණ ක්‍රමවල සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීමට අඩුම වශයෙන් හෙක්ටයාර 50ක් වත් එම ක්‍රමෝපායන් අනුගමනය කළ යුතුය.
  • බෝග මාරුව
වී වගාව වෙනුවෙන් යායේ වෙනත් පවුලක බෝගයක් වරින්වර ස්ථාපනය කිරීම බෝග මාරුව නම් වේ. සීමිත ධාරක ශාක ගහනයක් ඇති අඩු සංචරන හැකියාවක් ඇති පළිබෝධකයින්ගේ ගහනය මේ මඟින් අඩු කළ හැක. වගාවේ ගොක් මැස්සන්, පුරුක් පණුවන්, ගොඩවෙල්ලන් වැනි පළිබෝධ මේ මඟින් පහසුවෙන් පාලනය කළ හැක
  • වසරකට වගා කරන වාර ගණන
වගා කරන වාර ගණන පළිබෝධ ගහනයේ සංඛ්‍යාව මත බලපායි. වාර ගණන වැඩිවන විට පළිබෝධකයින්ට සම්පූර්ණ කළ හැකි ජීවන චක්‍ර ගණන වැඩිවන නිසා අවසාන කාලයේ වගාවන්ට ආරම්භක පළිබෝධ ගහනය ඉහළ අගයක් ගනී.එබැවින් කන්න දෙකක් අතර වගාවෙන් තොර කාලයක තැබිය හැකි නම් ඊළග වගාවට ආරම්භක පළිබෝධ ගහනය අඩු වේ. මෙය පළිබෝධ පාලනයට පහසු මගකි.
  • යාය එකට වගා කිරීම
පළිබෝධකයින් එක ක්ෂේත්‍රයක සිට තවත් ක්ෂේත්‍රයකට ඉක්මනින් සංක්‍රමනය වේ. එබැවින් පමා වී වගා කරන කුඹුරුවලට අවට ක්ෂේත්‍රවල සිට විශාල වශයෙන් පළිබෝධ සංක්‍රමනය විය හැක. සාමාන්‍යයෙන් සති 3-4කට වඩා පමා වු කුඹුරුවලට මෙම තත්ත්වය බලපායි
  • යාය එකට වගා කිරීම
විශේෂයෙන් විශාල වාරි පද්ධතිවල විවිධ අවධිවල වගාවන් තිබෙන විට පළිබෝධකයින්ට සම්පූර්ණ කරගත හැකිවන ජීවන චක්‍ර ගණන වැඩි වේ. එවිට පමා වී පිහිටුවන වගාවන්වලට පළිබෝධ වසංගත තත්ත්ව ඇතිවිය හැක.යායේ අස්වැන්න එකම කාලයක් ඇතුළත නෙලාගත හැකිවන පරිදි වගාව පිහිටුවා ගත යුතුය. මේ සඳහා පමාවී වගාකරන කුඹුරු සඳහා කෙටි කාලීන ප්‍රභේද තෝරා ගැනීම කළ යුතුය. ප්‍රභේදය තෝරා ගත යුත්තේ අනෙක් වගාවන් සමග එකට අස්වැන්න නෙලිය හැකිවන පරිදිය.

එකවර වගා කරන ලද යායක්

  • කන්නයට වගා කිරීම
වගා කන්නයේ අදාල දින වකවානු නිසි ලෙස පිලිපැදිමෙන් බොහෝ පළිබෝධ පාලනය කරගත හැක. මෙම වගා කන්නය සංවිධානය වී ඇත්තේ පළිබෝධකයින්ගේ හැසිරීම පිළිබඳ අවුරුදු සිය ගණනක අත්දැකීම් මත හා දේශගුණික රටාව අනුවය. වී වගාවේ දි පැළ මැක්කාගේ හානිය කන්නයට වගා කිරීමෙන් පහසුවෙන් මග හරවා ගත හැකිය.
  • කන්නයේ වගා වපසරිය
බොහෝ කෘමි පළිබෝධ ව්‍යාප්තවන්නේ පියෑඹීමෙනි. කෙටි දුර පියෑඹීමේ හැකියාව ඇති පළිබෝධ පාලනයට තැනින් තැන කුඩා ඒකක ලෙස වගා කිරීම වඩා ප්‍රතිඵලදායක වේ. එසේම විශාල වගා බිම්වල මොවුන්ගේ වර්ධනය වැඩිය. අනෙක් අතට වී වගාවේ කොළ පැහැති පත්‍ර කීඩෑවාගේ ගහනය කුඩා වගා බිම්වල වැඩිවේ. එබැවින් අදාල ප්‍රදේශයේ පවතින පළිබෝධ වර්ග අනුව බිම පිළිබඳ තීරණ ගත යුතුය
  • බෝගයේ අස්වනු නෙලීමට ගතවන කාලය
කෙටි කාලීන බෝගවලට පළිබෝධ හානි අඩුය. සම්පූර්ණ කළ හැකි පරම්පරා ගණනද අඩුය. උදාහරණයක් වශයෙන් සති දෙකක් අඩු ප්‍රභේදයක් භාවිතයෙන් වී වගාවේ දුඹුරු පැළ කීඩෑවා සෑහෙන දුරකට පාලනය කළ හැකිය. අනෙක් අතට කෙටි කාලීන ප්‍රභේදවල අස්වැන්න අඩුය. එමෙන්ම සිදුවන හානිවලට හානි පුරනය කරගැනීමේ කාලය ද අඩුය.
  • වගාව පිහිටුවන කාලය
පළිබෝධ ගහනය වැඩිවන කාලය මඟහැර බෝගය පිහිටුවීමෙන් සමහර පළිබෝධ හානි මඟහරවා ගත හැක. වී වගාවේ පැළ මැක්කා මෙලෙස පහසුවෙන් පාලනය කළ හැක. එම පැළ මැක්කා හානි කරනුයේ වයස මාසයකට අඩු ගොයමට වන අතර ලංකාවේ දෙසැම්බර් මාසයේ දි පැළ මැක්කාගේ ගහනය වැඩිය. එනිසා දෙසැම්බර් මාසයට මසකට වඩා වයස ගොයම් සිටින සේ වගාව පිහිටුවා ගත හැකි නම් එම හානිය පාලනය වේ. නමුත් මෙම ක්‍රමය විවිධ වයස්වල වගාව ඇති ගොයමක ක්‍රියාත්මක කළ නොහැක
  • උගුල් බෝග වගාව
තම ක්ෂේත්‍රයේ ඇති වගාවට වඩා පළිබෝධ ආකර්ශනය වන වගාවක් වගා බිම වටේ ආරක්ෂක වැටක් ලෙස පිහිටුවීමෙන් සමහර පළිබෝධ එයට ඇදී යයි. එම ස්ථානවලට පමණක් කෘමිනාශක යෙදීමෙන් ඔවුන් පාලනය කළ හැකි අතර මෙමඟින් පරිසර දූෂණය අවම වීම, වියදම් අඩු වීම හා ස්වභාවික සතුන් ආරක්ෂා වීම සිදු වේ.වී වගාවේ දි අදාල ප්‍රදේශයේ බහුලව පවතින කෘමි පළිබෝධ හානියට බහුලව පාත්‍රීවන වී ප්‍රභේදයක් උගුල් බෝගයක් ලෙස තෝරා ගත හැක. තෝරා ගන්නා උගුල් බෝගයට කෘමීන් වැඩිපුර ආකර්ශනය කර ගැනීමට හේතුවන නයිට්‍රජන් වැඩි කිරීම වැනි සාත්තු මඟින් මෙම ක්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි කරගත හැක.
  • ඉපනැල්ල විනාශ කිරීම

ප්‍රමාණවත් ජලය ඇත්නම් වී වගාවේ දි ඉපනැල්ල ජලයෙන් යට කර කුණු වීමට හැරීම මඟින් පසේ හා ඉපනැල්ලේ ගත කරන කෝෂ අවස්ථා පහසුවෙන් විනාශ කළ හැක. බොහෝ ගොවීන් ඉපනැල්ල ගිනි තැබීම කරන නමුත් එය සුදුසු නොවේ.මන්ද ඉපනැල්ලේ ජීවත්වන හිතකර සතුන් ද ඉන් විනාශවී යන බැවිනි. ජලයෙන් යටකර තැබීමේදී සතියක්වත් ජලයෙන් යටකර තැබිය යුතුයි. යායක් වශයෙන් මෙය ක්‍රියාත්මක කළ යුතුය

  • අස්වනු නෙලීමේ ක්‍රමය
අස්වනු නෙලීමේ දී ශාකය පිටින්ම ඉවත් කරන්නේ නම් ඊලඟ කන්නයට පැතිරෙන කෘමීන් ප්‍රමාණය අඩුවේ.තවාන්වල ජල පාලනය ඉවත් කරන්නේ නම් වගාවේ ශාකයට හානි කරන පළිබෝධ ඉතිරි වේ. ඔවුන් ඊලඟ කන්නයට මාරු විය හැක

අස්වනු නෙලීම

  • නිරි වගාව විනාශ කිරීම
බොහෝ ගොවීන් පසුගිය වගාවේ බෝග ශේෂ ඊලඟ වගාවට බිම් සකස් කරන තෙක් ඉවත් නොකරයි. එවිට පැරණි බෝගයේ නිරි වගාව මත පළිබෝධ ජීවන චක්‍ර සම්පූර්ණ කරමින් ගත කරයි.නිසි බෝග මාරුවක් සිදු නොකර යල මහ කන්න දෙකෙහිම එකම බෝගයක් වගා කරන්නේ නම් එක් කන්නයක අස්වනු නෙලීම අවසන් කළ වගාවේ නිරි වගාව ඇතිවීමට ඉඩ නොදි ඉපනැල්ල පසට යට වන පරිදි බිම් පෙරලන්නේ නම් පළිබෝධකයන් හට ජීවන චක්‍රය පවත්වාගෙන යාමට නොහැකි වේ.එයින් ඊළඟ කන්නය ආරම්භයට එන පළිබෝධ ගහනය අඩු කළ හැක

යාන්ත්‍රික ක්‍රම (භෞතික ක්‍රම)
පළිබෝධ පලවා හැරීම/විනාශ කිරීම සඳහා විවිධ භෞතික ශක්තීන් පාවිච්චි කිරීම මෙයින් අදහස් කෙරේ. භාවිතා කළ හැකි විවිධ ක්‍රම කිහිපයකි.
ඒවානම්,

  • බිත්තර කැදලි සහිත පත්‍ර කඩා ඉවත් කිරීම
ක්ෂේත්‍ර පරීක්ෂාවේදී හමුවන පුරුක් පණු බිත්තර කැදලි ආදිය කඩා ඉවත් කිරීමෙන් එම බිත්තරවලින් එන කීටයන් ක්ෂේත්‍රයට පැමිණීම වළක්වාගත හැක. කඩා ඉවත් කරනු ලබන බිත්තර කැදලි විනාශ කිරීම නිර්දේශ නොකෙරේ. මන්ද ඒ වන විටත් මෙම බිත්තර කැදලි බිත්තර පරපෝෂිතයින්ගේ ආක්‍රමණයට ලක්වී තිබිය හැකි බැවිනි.එවැනි අවස්ථාවක බිත්තර කැදලි විනාශ කළහොත් පරපෝෂිතයින්ද විනාශ විය හැක. එබැවින් එම බිත්තර කැදලි විවෘත භාජනයකට දමා මඩුව (පැල) තුල හෝ කුඹුර ආසන්නයේ ස්ථානයක වැස්සට නොතෙමෙන ලෙස තබන්න.
  • බිත්තර කැදලි සහිත පත්‍ර කඩා ඉවත් කිරීම
එවිට බිත්තරවලින් පළිබෝධ කීටයින් එලියට පැමිණියහොත් උන් භාජනය තුලම මියයයි. පරපෝෂිත බඹරුන් පැමිණියහොත් උන් පියඹා ගොස් ක්ෂේත්‍රයේ වෙනත් බිත්තර කැදැලිවලට හානිකරයි.
  • විවිධ ශබ්ද මඟින් සතුන් පලවා හැරීම
අපේ පාරම්පරික දිය හොල්මන මෙයට හොඳ උදාහරණයකි. මෙයින් ඇති කරන ශබ්දය මීයන්, ඌරන් වැනි සතුන් පලවා හැරේ.
  • පහන් උගුල් භාවිතය
පළිබෝධ ගහනය වැඩි කාලයේදී කුඹුරේ තැනින් තැන පහන් දල්වා තැබීම ආදි කාලයේ සිට සිරිතකි. පහන් දැල්ලට ඇදී එන කෘමි සතුන් පිලිස්සී යයි. නමුත් හිතකර සතුන්ද පහන් දැල්ල ඇදීවිත් විනාශවන බවට තොරතුරු ඇති නිසා දැනට මෙම ක්‍රමය එතරම් නිර්දේශ නො කෙරේ.
  • කොහොල්ලෑ තැවරූ කුල්ලක් භාවිතයෙන් ගොයම් මකුණන් විනාශ කිරීම.මෙම ක්‍රමයද පැරණි කළ සිට ගොවීන් භාවිතා කළ ක්‍රමයකි. ගොයම් මකුණන් බහුලවන කුල්ලක කොහොල්ලෑ වැනි ඇලෙන සුළු ද්‍රව්‍යයක් තවරා ගොයම් මකුණන් වැඩිපුර ගැවසෙන උදෑසන හා සවස් වරුවේ ක්ෂේත්‍රයේ ගොයම් මකුණන් සිටින ස්ථානවල එහා මෙහා වැනීමේදී සතුන් කුල්ලේ ඇලවී විනාශ වේ.
  • කටු ඉපලක් භාවිතයෙන් කොළ හකුලන දළඹුවා පාලනය .මෙයද පැරණි සිරිතකි. ගොයමේ කොළ හකුලන දළඹුවා බහුලව දැකිය හැකි කාලවල එම දක්නට ලැබෙන ස්ථානවල කටු ඉපලක් ගොයම් පත්‍ර මත ඇදගෙන යාම