බැක්ටීරියා කොළ අංගමාරය

වී වගාවට හානි කරන බැක්ටීරියා රෝග අතුරින් වඩාත් පැතිර ඇත්තේ බැක්ටීරියා කොළ අංගමාරයයි. ළපටි ගොයමට මෙම බැක්ටීරියා ආසාදනය වු විට දක්වන රෝග ලක්ෂණ "ක්‍රෙසෙක්" යනුවෙන් හඳුන්වන අතර, පරිණත වූ ගොයමට ආසාදනයවීමෙන් කොළ අංගමාරය සෑදේ.
රෝග ලක්ෂණ

තවාන් ගලවා නැවත සිටුවීමේ දි කැඩුණු මුල් හෝ පත්‍ර හෝ ජල ජිද්‍ර තුලින් ඇතුල් වන මෙම බැක්ටීරියාව සනාල පද්ධතිය ආක්‍රමණයකර ගුණනය වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ ශාකයේ පරිවහනය ඇහිරී, පත්‍ර කහ පැහැයට හැරී පසුව මුළු ශාකයම වියළී යාමයි.

රෝගී වූ වගාවක්

රෝග ලක්ෂණ

කෙසෙක් රෝගය සාමාන්‍යයෙන් ගොයම් පැළවල වර්ධනයේ මුල් සති 2-6 ඇතුලත ඇති වන අතර එය බොහෝ විට පුරුක් පණු හානිය ලෙස වරදවා වටහා ගනී. රෝග පාත්‍රි ශාකයක පහළ කඳ කොටස කපා ඉවත් කර පරීක්ෂා කිරීමේදි ඇතිවන රෝගයට ආවේණික විශිෂ්ඨ දුර්ගන්ධයත්, උකු බැක්ටීරියා ශ්‍රාවයත් නිසා ක්‍රෙසෙක් රෝගය වෙන්කර හඳුනා ගත හැක.මෙම බැක්ටීරියාව පත්‍රයකට ආසාදනය වූ මුල් අවස්ථාවේ පත්‍ර දාර මත ඇතිවන ලප කහ පැහැයේ සිට සුදු පැහැයට හුරු තෙත බරිත තීරු වැනි ස්වභාවයක් ගනී

කහ පැහැයකට හැරුණු

මෙම ලප පත්‍ර දාරයක හෝ පත්‍ර දාර දෙකේම ආරම්භ විය හැකි අතර, පසුව කහ හෝ ලා දුඹුරු පැහැයක් ගෙන මුළු පත්‍ර තලය පුරාම තරංග ආකාර දාරයක් සේ පැතිර යයි. ඔරොත්තු නොදෙන වී ප්‍රභේදවල පත්‍ර කොපු කරා ද මෙම රෝග ලක්ෂණ පැතිරේ.

ව්‍යාප්තිය

අළුතින් සිටුවන වී වගාවකට මෙම බැක්ටීරියාව ආසාදනය විය හැකි මාර්ග නම් රෝගයට ගොදුරු වූ පිදුරු, ඉපනැලි, බීජ හා රෝග ධාරක වල් පැළෑටීන්‍ය. ආසාදිත පත්‍රමත උදය කාලයේදි ඉතා කුඩා කැටිති වශයෙන් එක්තැන් වන මෙම බැක්ටීරියා සෛල පසුව ඝනවී පත්‍ර තලයේ ඇලී පවති.

දාර දෙකේම ලප ඇති වූ පත්‍රයක්

මේවා දියවී පහසුවෙන් ව්‍යාප්ත වී යයි.
මිට අමතරව,
  • තුෂාර
  • වාරි ජලය
  • ගං වතුර
  • තද සුලඟ
ආදිය ද මෙම බැක්ටීරියාව පැතිර යාමට ආධාර වන සාධක වේ.

පාලනය
  • ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය
  • රෝගයට පාත්‍ර වූ ඉපනැල්ල හා පිදුරු පුළුස්සා දැමීම
  • සමතුලිත පොහොර භාවිතය
  • වගාවේ වල් පැළෑටි පාලනය