මූලය
ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය
විද්්‍යුත්, මුද්‍රිත සහ සමාජ ජාල මාධ්‍ය තුළින් යෝග්‍ය කෘෂි තාක්ෂණයන් ගොවි ජනතාව සහ අනෙකුත් ප්‍රතිලාභීන් වෙත බෙදා හැරීම ද, කෘෂිකර්ම ක්ෂේත්රය සඳහා e - විසදුම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා තොරතුරු තාක්ෂණ යෙදවුම් වැඩි දියුණු කිරීමේ වගකීම ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සතුවේ. මෙම මධ්‍යස්ථානය යටතේ උප ඒකක පහකි.
- කෘෂි ප්‍රකාශන ඒකකය (APU)
- චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ සහ සංචාරක උද්‍යානය
- ගුවන් විදුලි ගොවි සේවාව (FBS)
- ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යානය (GPAT)
- මධ්‍යම පුස්තකාලය
තොරතුරු තාක්ෂණ ඒකකය, 1920 දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය, වීඩියෝ ඒකකය, ග්‍රැෆික් සන්නිවේදන සහ පුහුණු ඒකකය ගන්නොරුව පිහිටි ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක වේ.
|
|
|
දැක්ම
ජාතික සමෘද්ධිය උදෙසා කෘෂිකර්ම තොරතුරු කළමනාකරණය සහ සන්නිවේදනයේ විශිෂ්ඨත්වය ළඟා කර ගැනීම
මෙහෙවර
ආහාර බෝග ක්ෂේත්රයෙහි වැඩි නිෂ්පාදනයක් උදෙසා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි තොරතුරු පහසුවෙන් ළඟා කර දෙමින් පුරවැසි කේන්ද්‍රීය යහපාලනයක් සඳහා බහු මාධ්‍ය සහ e - කෘෂි සේවා කාර්යක්ෂමව සහ ඵලදායිව යොදා ගැනීම.