හැදින්විම

හැදින්විමයත් වන්නේ දිලිර හෙවත් මයිසිටේ රාජධානියටය. සමහර දිලීර තම වර්ග වර්ධනය
කර ගැනිම සදහා ලිංගික ප්‍රජනනය ක්‍රියාවලිය අනුගමනය කරන අතර එවන් දිලීර ලෙසද
නොමැති දිලිර ලෙසද හදුන්වයි. ලිංගික ප්‍රජනනය ක්‍රියකරිත්වය සැදෙන බීජානු සුදුසු පරිසරික සාධක
හමුවේ ප්‍රරෝහණය වී එක් න්‍යශෂ්ටියක් සහිත සෛල ඇති ද්විතික දිලීර ජාල සැදේ .එම දිලීර ජාල මත
වර්ග බෝකර ගැනිම හෙවත් වර්ධන කර ගැනිම සදහා ලිංගික ක්‍රියවලිය අනුගමනය කරයි .මෙහිදි
ඒ සදහා විශේෂිත වු ව්‍යුහයක් සාදා ගනු ලැබේ.මෙම ව්‍යුහය එලා කරය හෙවත් බිජානුකරනය
ලෙස හදුන්වන අතර සාමාන්‍ය ව්‍යාහරයේදි හතු හෙවත් බිම්මල් පියවි ඇසින් දැකිය හැකිය.
එය අතින් නෙලා ගත හැකිය.

වර්ධනය වු බිම්මලක ප්‍රධාන කොටස් 5 කින් යුත්තය.

  • වට රුල්ල
  • හතු දණ්ඩ
  • වලය
  • ජත්‍රය
  • තැලි

වගා තාක්ෂණය හදුනාගත් වර්තමනයේ ලංකාවේ වගාකර බිම්මල් වර්ග

ඔයිස්ටර් බිම්මල


සාමන්‍ය නම - ඇමරිකන් ඔයිස්ටර්(American Oyster)
උද්භිද විද්‍යාත්මක නමය - ප්ලුරෝටස් ඔස්ට්‍රියේටස් (Pleurotus ostreatus)


සාමාන්‍ය නම-ඇබලෝනි
උද්භිද විද්‍යාත්මක නාමය-ප්ලුරෝටස් සිස්ටිඩියෝසස්(Pleurotus cystidiocus)


සාමාන්‍ය නම- බුතාන් ඔයිස්ටර්
උද්භිද විද්‍යාත්මක නාමය-වොල්වරිඒල්ලා වොල්වසියා(volvariella volvacea)



සාමාන්‍ය නම- බොත්තම් බිම්මල් (Button Mushroom)
උද්භිද විද්‍යාත්මක නාමය-ඇගරිකස් බිස්පෝර්ස් (Agricus bisporus)




ඔයිස්ටර් බිම්මල් වගාව


ඔයිස්ටර් බිම්මල් බෙලි කටුවක හෙවත් අවානක හැඩය ගන්නා නිසා මුතු බේලි බිම්මල් ලෙස හදුන්වයි.
ඔයිස්ටර් බිම්මල් වගාව විශේෂය අනුව සුදු ,ක්‍රීම් අළු, කහ, ලා රෝස ,ලා දුඹුරු පැහැයෙන් යුක්තය
වර්තමානයේ ශ්‍රී ලංකාවේ බහුලව වගා කර ඔයිස්ටර් බිම්මල් වර්ග දෙක වනුයේ සුදු පැහැනි ඇමරිකන්
සහ ලා දුඹුරු පැහැති ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් වගාව සහ ලා දුඹුරු පැහැති ඇබලෝනි බිම්මල්ය.











ඔයිස්ටර් බිමිමල් වගාවට අවශ්‍යතාවයන්


ආදායම් මාර්ගයන් ලෙස ඔයිස්ටර් බිම්මල් වගා කරන්නේ නම් පහත සදහන් අවශ්‍යතාවයන්
මුලිකව සපුරා ගත යුතුය.

01. සිදු කරන ලබන කාර්යයට අනුරුප වනපරිදි අවශ්‍යතා සම්පුර්ණ කරගත්
ගොඩනැගිලි පහත අකාරයට වු කොටස් වලින් යුත්ත විය යුතුය .

  1. වගා මධ්‍යය සහ වගා මලු සකස් කර ගැනිමට ස්ථානයක් .
  2. දිලිරය වර්ධනය කර ගැනිමට ස්ථානයක් හෙවත් බීජෞෂෙණ කුටිය.

මෙම කොටස් එකට හෝ තනි තනිවද සකසා ගතහොත් බිම්මල් වගාවේදි හමුවන ගැටලු

අවම කරයි



වගා මාධ්‍යය සහ වගාමළු සකස් කර ගැනීම සඳහා ස්ථානයක්

වගා මාධ්‍ය සකස් කර ගැනිමට යොදා ගන්නා ස්ථානයේ වඩාත් සැලකිලිමත් විය යුත්තේ

බිමට සිමෙන්ති යොදා ගැනිමය. වහලයක් සහිත විවෘත ප්‍රදේශයක් විම වඩත් උචිතය. මෙහිදි
වගා මාධ්‍ය සහා වගාමළු සකස් කර ස්ථානයටම යාබදව බීජෞෂණය කාමරය ද මල් ලබා

ගන්නා වගාවෙන් වෙන්ව තබා ගැන්මට ගැටලු අවම කර ගැනිමට සදහා උපකාරි වේ.




















බීඡෞෂන කාමරය


මෙම කාමර භාවිතා වන්නේ බීජෞෂණය සඳහාය. එනම් දිලීරය වගා මළු තුල වර්ධනය
කර ගැනිමට

බීජෞෂණය සඳහා අවශ්‍ය සාධක වන්නේ.

  • අඳුර 75 %
  • ආර්ද්‍රතාව 85%
  • උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 26-28
  • වාතාශ්‍රය අනවශ්‍යය

මෙම සාධක ලැබෙන පරිදි එම කාමරය සීල් කර යුතු අතර කාමරයේ බිත්ති සුමටව සකස් කර
ගැනිමෙන් මයිටා අාසාදන ඇති වු විට මර්දන කර ගැනිමට පහසුවේ. වගා මලු තබා ගැනිමට
සදහා පහත ආකාරයට රාක්ක මෙහි තට්ටු දෙකක් අතර පරතරය වගා මලු සිරස් අතට තැබිය
හැකි ලෙස සෙ.මි.30 ක් පරතරයකින් යුක්ත විය යුතුය . රාක්ක අතර පහසුවෙන් ඇවිදිය හැකි පරතරය
තබා ගත යුතුය.


වගා කාමර


මෙම කාමර භාවිතා වන්නේ දිලිර වර්ධනය වි අවසන් වගා මලු විවෘත කර මල් හට
ගැනිමට සැලැස්වීමයි .


මුල් ගැන්වීමට අවශ්‍ය සාධක

  • උෂ්ණත්වය සෙ.ග්‍රේ අංශක 26-28
  • අලෝකය 50%
  • ආර්ද්‍රතාවය 85%
  • මානා වාතාශ්‍රය




ඉහත සාධක ලැබෙන පරිදි වගා කාමරයක පහත අකාරයට දිග පලල ඇති ඉඩ ප්‍රමණය
මත රඳා පවති.

උෂ්ණත්ව පාලනය කර ගැනිමේ පහසුව පිනිස ගෘහයේ අඩ් 13 වැඩි විය යුතුය. වහලයට උලු
සෙවිලි කිරීමෙන් උෂ්ණත්වය පාලනය කර ගත හැක.

කාමරය බිත්ති අඩි 2-2 ½ උසකිත් විය යුතු අතර ගඩොල් හා බ්ලොක් ගල් වලින් නිම කර
සුමටව කපරාදු කර යුතුය. බිත්ති සුමට විමෙන් බිම්මල් වගාවෙදි ඇති වන මයිටා හානිය
මර්දන පහසු කරයි. බිත්ති කටු මැටි ගසා සිමෙන්ති කපරාදු යෙදිෙමන් වියදම අඩු අවම කර
ගත හැක.

කාමරයේ ඇති දොර පිටතට ඇරෙන දොරක් විය යුතුය අතර ස්වයං ඇරෙන දොරක් විම
වඩාත් වැදගත් වේ.

එමෙන්ම ආවරණ දොරක් යෙදිම ඉතා වැදගත් ය.

මෙම වගා කාමර වගා ගෘහයක් ලෙස ද තමාට ඇති ඉඩ ප්‍රමණය අනුව පහත ආකාරයට සාදා
ගත හැකිය.

වගා මලු තබා ගැනිමට සදහා වු රාක්ක මෙදි තිබිය යුතු අතර පහත ප්‍රමිතියට වු ඒ හැඩැති
රාක්ක සාදාගත හැකි අතර වැඩි වගා මලු ප්‍රමණයක් තබා ගත හැකිය. රාක්ක කලු තෙල්
ආලේප කිරිමට කල් පැවැත්ම මෙන්ම කෘමි ආකර්ෂණයද සිදු නොවේ.

පියනෙ කුඩා සිදුරක් සහිත හාස් ලිටර් 200 ක යකඩ බැරල්
දැල් අධාරක






තමය අවශ්‍ය වන්නේ වගා මලු ඡිවාණුහරණය සදහා බැරල් තුල වගා මළු ඇසිරිමට . මෙම
යකඩ හෝ ලී වලින් සාදා ගත හැකි වුවත් කල් පැවැත්ම මත යකඩ දැල් ආධාරකයක් වඩාත්
සුදුසුය. උසින් අගල් 5-2 12 විය යුතුය අතර බැරලය තුලට දැමිය යුතුය. දැල් ආධාරකයේ සිදුරු
වඩාත් බැරල් අතර වග මළු තැබිමෙදි සිදුරු වඩත් ලං නොවිය යුතු අතර වගා මළු තැබිමෙදි
සිදුරු අතරින් වගා මලු නොවැටෙන ලෙස සැකසිය යුතුය.

ඉන්ධන පිරිමැසුම් ලිපක්







අවශ්‍ය ද්‍රව්‍ය
  • ගඩොල් කැට 70
  • අලු කාචිචි 01
  • වැලි තාචිචී
  • අමු ගොම 01
  • කම්බ් වලලු 02
අලු මැටි සහා වැලි මිශ්‍ර කර බදාමය සාදා ගන්නා .ලිප සාදන ස්ථානයේ බැරලයේ
පියන ආධාරයෙන් රවුම සලකනු කර ගඩොල් අඟල් 1 ½ ක් ඇතුලත් සිටික සිට්න
පරිදි කවුලුව ඉඩ තබා අගල් ලිප බැදගන්න. ගඩොල් වරි 3 ක් බැඳ කම්බි වලලු 1 ක්
තබා නැවත වරි දෙකක් බැඳ ඉතිරි කමිබි රවුන් තබා අඟල් 22 උසට ලිප බැඳගන්න.
වියලුනු පසු කපරදු කරන්න. ලිපේ කල් පැවැත්මට සිමෙන්ති කපරාදුව යෙදිය යුතුය.



බීජෞෂණය සහ අස්වැන්න ගැනිමට සදහා අවශ්‍ය රාක්ක
නිරෝගී සරු බිමිමල් බීජ



ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් බීජ



ඇබලෝනි බිමිමල් බීජ

බිම්මල් වගා කිරිමට අස්වැන්න රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ නිරෝගී බිම්මල් බීජය.
පහත සදහන් ලක්ෂණ වලින් යුක්ත විම යුතුය.

01 බිජ පැකට්ටුවට දිලිර ලී කුඩු හෝ මධ්‍ය තුල වර්ධනය වි තිබිමට හැකිය.

  1. බිජ පැකටිටුව තුල ඒකාකරි ‍ලෙස සුදු පැහැති යුතුය.තනි සුදු පැහැති ඇමරිකන් ඔයිස්ටර් වල දක්නට තිබේන ඇබලොනි බිජ පැකටිටුව තුල සුදු පැහැති අමතරව කලු පැහැති අල්පෙනිති තුඩට ප්‍රමාණයේ දක්නට ඇත.
  2. බීජ වලට ආවේනික වු සුවදක් තිබිය යුතු අතර වෙනත් දුගදක් හැමෙන බැක්ටීරියා ආසාදිත බිම්මල් බිජ බවට පත්කර ගත හැකිය.
  3. කලු සහ කොල පැහැති පුස් වර්ග දක්නට ලැබිමට දිලිර ආසාධන වු බිම්මල් බීජ ලෙස හදුනා ගත හැකිය.
  4. සිදුරු වි ඇති හෝ වෙනත් ඇති බීජ මලු ද භාවිතයට නුසුදුසුය.
  5. බිම්මල් බීජ පැකටිටුවක් තුල ජලය එක් රැස් වී තිබීම.
  6. සැම විටම තමාට විශ්වාසදායක නිෂ්පාදන ආයතනකයක බීජ පැකට් මීල දී ගන්න.



බිමිමල් බීජ ලබා ගත හැකි රාජ්‍ය හා රාජ්‍ය ආයතනයන්හි දුරකථන අංක -
කුණ්ඩසලේ බීජ සහ රෝපන අංශය -081-2420471
ගන්නෝරැව අලවි පියස -081 2069339
උදයාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය -081 2388011-3
තෙලිජ්ජවිල පර්යේෂණ මධ්‍යස්ථානය - 041 2240464
මාකන්ඳුර පර්යේෂණ මධ්‍යස්ථානය - 031 2299625
පොතුහැර ඡාතික පුහුණු මධස්ථානය - 037 2237800
අපනයන සංවර්ධන මණ්ඩල - 011 2225421

පොලිප්‍රොපලීන් බඳුන් වල ලී කුඩු මාධ්‍යය තුල වගා කිරිම

මෙය අවස්ථා කිහිපයකින් යුක්තය.

  1. වගා මාධ්‍ය පිලියෙළ කිරිම
  2. වගා මළු සෑදිම
  3. වගා මළු ජීවාණුහරණය
  4. බිම්මල් බීජ යෙදිම හෙවත් බිම්මල් බීජ මාධ්‍යට හදුන්වා දිම
  5. බීජෞෂණය (වගා මළු තුල දිලීර වර්ධණයට ඉඩ හැරීම)
  6. වගා මළු විවෘත කිරිම
  7. නඩත්තුව
  8. අස්වනු නෙලීම
  9. වෙලඳපොළ සඳහා ඉදිරිපත් කිරිම

වගා මාධ්‍ය පිළියෙල කිරිම

අවශ්‍ය ද්‍රව්‍ය (වගා මලු 50-55 සදහා)

  • වියලි ලී කුඩු කි.ග්‍රෑ.20
  • සහල් නිවුඩු කි.ග්‍රෑ 2
  • අලු හුනු ග්‍රෑම් 400
  • සමපෝෂ/සෝයාපිටි/මුංපිටි ග්‍රෑම් 200
  • මැග්නීසියම් සල්පේට් ග්‍රෑම් 40
  • ජලය (ලී කුඩු වල තෙතමනය මත යොද ජල ප්‍රමානය රදා පවති)
  • මල් බාල්දියක් සහ සවලක්

සාදන වගා මළු ප්‍රමාණය ගනු ලබන ලි කුඩු වල ස්වභාවය සහා වගා මල්ල සාදන ස්වභාවය
මත රඳා පවති.

ලී කුඩු - සැහැල්ලු ලී කුඩු වඩාත් යෝග්‍යය වේ . උද - රබර්,ඇල්බිසිය ,ලුණුමිදැල්ල,සපු වැනි.

පයිනස් ලී කුඩු භාවිතයෙන් වලකින්න. අරටුව ලී කුඩු භාවිතයෙන් ඉන් 30% සැහැල්ලු ලී කුඩු
70 % එක්කල යුතුය. ලී කුඩු වියලි විය යුතු අතර. වෙනත් ආසාදන වලින් තොර විය යුතුය.
විශාල ලී කුඩු අතින් අහුලාගත යුතු අතර හැලිම අනවශ්‍ය වේ. ලී කුඩු හොදින් වියලා පොලිසැක්
මලු වල අසුරා මාස 6 පමණ කල් තබා ගත හැකි අතර එමඟින් ප්‍රවාහන වියදම අවම කර
ගත හැකි විම.




සහල් නිවුඩු- සුදු හෝ රතු සහල්වල කැකුලු හෝ තම්බන ලද නිවුඩු වර්ග හතරම තනි තනියම
හෝ මිශ්‍රව භාවිත කල හැකිය. වඩාත් වැදගත් සහල් කැබලි ඉවත් වන ලෙස සුදුසු පෙනහරයකින්
හලා ගන ආසාදිත සහල් නිවුඩු භාවිතයෙන් වලකින්න.




වගා මාධ්‍ය පිළියෙල කිරිම

අවශ්‍ය ද්‍රව්‍ය (වගා මලු 50-55 සදහා)

  • වියලි ලී කුඩු කි.ග්‍රෑ.20
  • සහල් නිවුඩු කි.ග්‍රෑ 2
  • අලු හුනු ග්‍රෑම් 400
  • සමපෝෂ/සෝයාපිටි/මුංපිටි ග්‍රෑම් 200
  • මැග්නීසියම් සල්පේට් ග්‍රෑම් 40
  • ජලය (ලී කුඩු වල තෙතමනය මත යොද ජල ප්‍රමානය රදා පවති)
  • මල් බාල්දියක් සහ සවලක්

සාදන වගා මළු ප්‍රමාණය ගනු ලබන ලි කුඩු වල ස්වභාවය සහා වගා මල්ල සාදන
ස්වභාවය මත රඳා පවති.

ලී කුඩු - සැහැල්ලු ලී කුඩු නඩාත් යෝග්‍යය වේ . උද - රබර්,ඇල්බිසිය ,ලුණුමිදැල්ල,සපු වැනි.

පයිනස් ලී කුඩු භාවිතයෙන් වලකින්න. අරටුව ලී කුඩු භාවිතයේන් ඉන් 30% සැහැල්ලු ලී කුඩු
70 % එක්කල යුතුය. ලී කුඩු වියලි විය යුතු අතර. වෙනත් ආසාදන වලින් තොර විය යුතුය.
විශාල ලී කුඩු අතින් අහුලාගත යුතු අතර හැලිම අනවශ්‍ය වේ. ලී කුඩු හොදින් වියලා පොලිසැක්
මලු වල අසුරා මාස 6 පමණ කල් තබා ගත හැකි අතර එමඟින් ප්‍රවාහන වියදම අවම කර
ගත හැකි විම.


සහල් නිවුඩු- සුදු හෝ රතු සහල්වල කැකුලු හෝ තම්බන ලද නිවුඩු වර්ග හතරම තනි තනියම
හෝ මිශ්‍රව භාවිත කල හැකිය. වඩාත් වැදගත් සහල් කැබලි ඉවත් වන ලෙස සුදුසු පෙනහරයකින්
හලා ගන ආසාදිත සහල් නිවුඩු භාවිතයෙන් වලකින්න.





ක්‍රමය-


පිරිසිදු කර ගන්නා ලද සිමෙන්ති පොලොව මත හෝ ඉටි රෙද්ද මත ලිකුඩු අතුරන්න.සහල්
නිවුඩු, සම‍පෝෂ, අලුහුණු යන වර්ග 3 ගෙන හොදින් මිශ්‍ර කර ලී කුඩු මතට යොදා වර්ග 4ක්
හොදින් මිශ්‍ර කරගන්න.










මෙය අතින් කල හැකි වුවද වඩත් පහසු වන්නේ සවලක් ආධාරයෙන් සිදු කිරිමය.
මැග්නිසියම් සල්ෆෙට් ස්වල්පය පලමුව සුලු ජල ප්‍රමාණයකට මිශ්‍ර කර එය මල් බාල්දියක
ඇති ජලයට මිශ්‍ර කර ඉහත මිශ්‍රණයට යොදමින් හොඳින් මිශ්‍ර කර ගන්න





අඩු ජල ප්‍රමාණයක් එක් වු විට මිශ්‍රණයෙන් මිටක් අල්ලට ගෙන මිට මොලවා දිගහරින විට ඉහිරි
යනු ඇත. එවිට නැවත ජලය එක්කර හොදින් මිශ්‍ර කර ගන්න. ප්‍රමාණයට වඩා එක් වුවා නම්
මිශ්‍රණයේ මිටක් අල්ලට ගේන ඇගිලි මිට මෙලොවා මිරිකන විට ඇගිලි අතරින් වැඩි වතුර වැස්සෙනු
ඇත. ඇගිලි ලිහිල් කරන විට ගුලියක් ලෙස තද වී පවති. එවිය මිශ්‍රනය තුනී කර ජලය වියලී යාමට
ඉඩ හරින්න. නැවතත් එම මිශ්‍රණයට ලී කුඩු එකතු කිරීෙමන් වලකින ප්‍රමාණයත් ජලය එක් වුවා
නම් මිශ්‍රණයේ මිටක් අල්ලට ගෙන ඇඟිලි මිට මොලොවා දිග හරින විට එය කැබලි කරනු ලබායි.



. වගා මළු සැකසිම

අවශ්‍ය ද්‍රව්‍ය
  • අඟල් 7 පළල අඟල් 14
  • දිගට සාදාගත් ගෙජ්-200
  • පොලිප්‍රොපලීන් මලු ¾ පළල අගල් ½ උසට
  • කපාගත් pvc බට කැබලි
  • කුඩා මුදුව රබර් බෑන්ඩ්
  • කොට්න් වේස්ටි (නුල් කැබලි) හෝ පුලුන්
සැකසිම-
  1. පොලිප්‍රොපලීන් මල්ල තුලට අත යවා සීල් කරන ලද පැත්ත හරවා මුළු සකස් කර ගන්න.
  2. සකස් කර ගත් වගා මාධ්‍යය මල්ල තුලට මුලුමනින්ම පුරවන්න.
  3. මල්ලේ කෙලවර පොලිප්‍රොපලීන් ඇගිලි තුඩින් අල්ලාගෙන සුමට ස්ථානයක වගා මධ්යන පුරවා මල්ල තුල කරමක් කද වන ලෙස රවුමට කරකවමින් බිම ගසා ගන්න.
  4. නැවතත් වගා මල්ලේ කෙලවර පොලිප්‍රොපලීන් අගල් 3-4 පමන ඉතිරි වන සේ මධ්‍යය පුරවා මල්ල රවුමට කරකවමින් අත මිටින් තරමක් කස කරමින් වගා මල්ල පහත ආකාරයට හැඩ කර ගන්න. මෙහිදි බොතල් වලින් තද කිරිම අනවශ්‍ය අතර එමඟින් දිලිර වර්දනය ප්‍රමාද කරයි.
  5. ඉන් පසු වගා මල්ලේන් විවෘත කෙලවර pvc මුදුව තුලින් යවා ඇතිවන සිදුරට කොටින් වේස්ටි හෝ පුලුන් ඇබයක් pvc මුදුව තුල පමණක් රැඳෙන ලෙස ගසා ගන්න.
  6. පසුව වගා මල්ලේ විවෘත කෙලවර පොලිප්‍රොපලීන් එකට එක් කර හුමාලයෙන් පුලුන් කැබැල්ලක් නොතෙමෙන ලෙස නවා රබර් මුදුවක් අධාරයෙන් pvc මුදුව තුල රඳවන්න.
























වගාමළු ජීවානුහරණය

වගා මාධ්‍යයට බිම්මල් දිලිරය හඳුන්වා දිමට ප්‍රථම එහි ඇති සියලුම ජීවින් විනශ කර යුතුය.
මෙය සිදු කිරිම වඩාත් පහසු ලාබදායි ක්‍රමය වන්නේය හුමාලය මගින් ඇතිවන පීඩනය හා
උෂ්ණත්වය ආධාරයෙන් ඡිවාණුහරණයයි.මෙහිදි ඉතා වැදගත් කරුණ වන්නේ නියමිත කාලය
තුල ඒකාකාරි උෂ්ණත්වයක් සහ පීඩනයක් ලබාදිමය. මේ සදහා ලී කුඩු කොටන ලද ලිප මත
බැරලය තබා දැල අධාරකය බැරලය තුලට ඇතුලත් කර එයට අගල් 4ක මටිටමකට ජලය පුරවන්න.
ඉන් පසු ඉහත ආකාරයට බැරලයට තුල වගා මලු ලිහිල්ව අසුරන්න . එක් බැරලයක් තුල වගා
මලු 60-65 ඇසිරිම වඩාත් යෝග්‍යය වේ.




බැරලයේ කට හුමාලය පිට නොවන ලෙස අමතර යකඩ මුදුව හොදින් තද කරන්න.
බැරලයේ තවදුරතත් හුමාලය පිටවනවා නම් බයිසිකල් ටියුබයක් භාවිතයෙන් එය වලක්වා ගත
හැකිය . ලිපට ගින්දර යොදා විනාඩි 20 කින් පමන පියන සිදුරෙන් හුමාලය පිටවනු ඇත.එතැන්
සිට පැය 2-1/2 ක් පමණ හුමාලය මගින් ජීවනුහරනය කරන්න . මෙම කාලය අවසන් වි පැය 2-3 ට
පසු බැරලය තුලට වගා මලු ඉවතට ගැනිම වඩාත් යෝගය වේ. ඉන් පසුව ජීවනුහරිත වගා මළු
බිඡානුහරිත වගා මලු බිජෞෂණ කාමරයේ ඇති මේසය මත තැබිමට වාඩත් යෝගය වේ . ගැටලු අවම කර
ගැනිමට සදහා වගා මලු නිවෙන තුරු පිරිසුදු පොලිතිනයක් වැනි දෙයකින් වසා තබාන්න. එය ඉවත්
කිරිමෙදි ඉහල අතට හකුලවා ඉවත් කිරීමෙන් මැස්සන් නිසා වගා මලු පණුවන් ඇති විම වලක්වා
ගත හැකිය.








බිම්මල් බිජ යෙදිම බිම්මල් බීජ මාධ්‍යට හඳුන්වා දිම


අවශ්‍ය ද්‍රව්‍යය :-

  • නිරෝගි බිම්මල් බීජ - ලී මදය තුල දිලීරය වර්ධනය වූ
  • ඉටි පන්දම් 04 ක්
  • විෂබීජ නාශකයක්
  • මේසයක්
  • අඟල් 4×4 පත්තර කැබලි
  • කුඩා රබර් මුදු (අඟල් 01)
  • ජීවාණුහරිත කොට්න්වේස්ට්/පුළුන්
මේ සඳහා වඩාත් සුදුසු ස්ථානය වන්නේ කාමරය තුල ඇති මේසයයි . වගාමලු නිවුනු පසු බීජ
යෙදිය යුතුය. එක් බීජ බෑගයක් වගාමළු 60-65 කට ප්‍රමාණවත්ය.

විෂ බීජ නාශකයක් මඟින් මේසය මතුපිට ජීවණුහරණය. වර්ග අඩි 1 1 ½ කොටුවක් සැදෙන ලෙස
ඉටිපන්දම් 04 ක් දාල්වා ගන්න. නාස් අවරණ පැලඳ බීජ මල්ලේ වී ඇට හෝ ලී කුඩු මධ්‍යය එකිනෙක
වෙන්වන පරිදි පොඩි කර එහි එක් මුල්ලක් විෂ බීජ නාශයකින් පිරිසිදු කර බිජ ඉවතට ගැනිමට කුඩා
කැපිමක් ජීවාණුහරිත කතුරකින් ඇතිකර ගන්න . වගා මල්ල ඉටිපන්දම් මැද තබා එහි කට විවෘත
කර එයට බීජ මල්ලේන් දිලිර සහිත වී ඇට 25-30 එක්කර ගන්න. පුලුන් ඇබය නැවත ගසා පොලිප්‍රොපලින්.
කොටස් පහතට නවා අඟල් 4×4 පත්තර කැබැල්ලකින් කට වසා එය රබර් මුදුව මඟින් pvc බටයේ
රඳවා ගන්න.


බිඡෞෂනය

මේ සදහා බිජෞෂනය කාමරය භාවිතා කරයි . එහි දිලිර වර්ධනයට අවශ්‍ය සාධක සපුරාලිය යුතුය.
අදුරු 75%ද උෂ්නාත්ව සෙ.ග්‍රේ 26-28 විය යුතුය. කලින් සදහන් කල ආකාර රාක්ක මෙහි තිබිය යුතුය.
බිජ යෙදි වගා මලු රාක්ක මත ලිහිල්ව සිරස් අතට තැබිය යුතුය. මෙහිදි වගා මලු අවශය නම් තිරස්වද
තැබිය හැකිය. දිලිරය වගා මල්ල පුරා වර්ධනය විම සදහා ඇමරිකන් ඔයිස්ටර් සදහා දින 25-30 ඇබලොනි
සදහා දින 40-45 ද ගත නෙවේ . බිජෞෂනය සම්පුර්ණයෙන්ම වු වගා මලු ඇමරිකන් තනි සුදු
පැහැති අතර කලු පැහැති කුඩා ලප දැකිය හැකිය. දිලිරය වර්ධන කාලය තුල වගාමලු හොදන් නිරික්ෂණය
කල යුතු අතර ආසාදිත වගා මලු ආරක්ෂාකරි විනාශකර දැමීම යුතුය.







වගා ගෘහය බිඡෞෂණයට භාවිතය

වගා ගෘහ කිහිපයක් ඇති විට වගා ගෘහයම බිජෞෂනය භාවිතා කල හැකිය. මෙහි දි පිරිසිදු
කර ගත් වගා ගෘහය තුලට බීජ යොදා වගා මලු එහි ඇති අතර මත තිරස්ව තබා අදුර ලබා
දිමට කලු පොලිතිනයකි.

  1. වගා මලු ආවාරනය කිරිම හෝ
  2. පැලැල්ලක් ලෙස වගා ගෘහයේ කෘමි ප්‍රතිරෝධි දැල් අවණය කල හැකිය.





වගා මළු විවෘත කිරීම

දිලිරයට වැඩිම සමිපුර්ණ වු වගා මලු මල් සදහා සකස් කිරිම මෙහි අදහසයි. එම වගා
මලු බිජෞෂණ කාමරයෙන් . මල් පිපිරිම සදහා සකස් කල වගා යා යුතුය. ඉන් පසු වගා
මල්ලෙන් වගා මාධ්‍ය පුරවා ඇති ඉහල මට්ටමෙන් අසලින් පොලිප්‍රොපලින් දිලීරය දවන ලද
වගා සාදය විවෘත කර ලද වගා මලු තිරස් අතට එහි ඇති A හැඩති රාක්ක මත තැබිය යුතුය.
වියලි ප්‍රදේශ සදහා වගා මල්ල අඩක් විවෘත කිරිම යෝග්‍යය වේ. අඩක් විවර කිරිමේදි ජලය රැ‍දෙන
පරිදි වගා මල්ලෙන් කැපුමක් යොදන්න.

වියලි ප්‍රදේශ සදහා වගා මල්ල අඩක් විවෘත කිරිම













නඩත්තුව

වගා ගෘහයේ ඇති විවෘත කල වගා මලු බිම්මල් තබා ගැනිම සදහා අවශ්‍ය සාධක ලබාදිය
යුතුය.මෙම අවස්තාවේ අප විසින් ලබා දෙන තත්ව මත අස්වැන්න රදාපවතින බැවින් එම
අවශ්‍ය සාධක නියමිත ආකාරයට ලබා දිය යුතුය. වගා මලු වල තෙතමනය ආරක්ෂා කිරිම
ඉතා මත් වැදගත් කරුනකි. ඒ සදහා ජලය මීදුමක් ලෙස වගා මලු විවෘත කල අවස්ථාවේ සිට
,සුදුසු උපකරනයකින් ඉසිය යුතුය. ස්වභාවික තත්ව මත වගා මලු වියලුම හා දිනකට ජලය
යොදන වාර ගණන වෙනස් කල යුතුය. වගා මලු වලට කෙලින්ම ජලය යෙදිමෙන් වලකින්න.





උෂ්ණත්වය පාලනය කරගැනිම සදහා ගෘහයේ සිමෙන්ති පොලොව මතට ජලය යොදාගත හැකිය.
වාතාශ්‍රය සහ අලෝක අවශ්‍ය බැවින් නියමිත ප්‍රමිතියට කෘමි ප්‍රතිරෝධ දැලෙන් ගෘහය ආවරණය කල
යුතු අතර අනවශ්‍ය ආකාරයට ගෘහය වෙනත් දේ වලිත් නොවැසිය යුතුය. මෙහිදි දිනපතා වගා මලු
නිරික්ෂණය ඉතා වැදගත් වන අතර වෙනත් අාසාදන ඇති වගා මලු ගෘහයෙන් ඉවත් කර
ආරක්ෂාකාරීව විනාශ කිරිම ආසාදන වලින් තොරා වගාවක් නඩත්තු කිරිමට ඉවහල් වේ.
අස්වැන්න නෙලිම

අවශ්‍ය ද්‍රව්‍යය -

  • පිරිසිදු භාජන දෙකක්
  • නාස් ආවරණයක්
  • කැපිමට කතුරක් හෝ පිහියක්

වගා මලු විවෘත කර දින 7-10 ඇතුලත කුඩා මලු ඇතුලු වගා මලු මුනතේ දැකිය හැකි අතර ඉන් දින
3 කට පසු අස්වැන්න නෙලා ගත හැකිය.අස්වනු නෙලා ගන්නා කාලය වගා මලු විවෘත කර 2-21/2
පමනක් වේ. මෙම කාලය තුල අස්වැන්න 8-10 නෙලා ගත හැකිය. අස්වැන්න නෙලන කාලය තුල
නිතර වගා මලු නිරික්ෂනය කර ආසාදිත වගා මලු ගෘහයේ ඉවත් කර යුතුය. අස්වැන්න නෙලිමේදි
නාස් ආවරණ පැලදිම ආනිවාර්ය අතර එය සෞඛ්‍යයට ද හිතකරය

.

අස්වනු නෙලිම,හැකි තරම් උදෙන් සිදු කල යුතුය අතර රාක්ක වල පහල සිට ඉහලට මල්
පොකුර පිටින්ම නොලා ගත යුතුය. අස්වැන්න නෙලා අවසන් වු පසු වගා මලු මුනතේ
ඉතිරිව ඇති නටු කැබලි වර්ධනය නොවේ. වියලුනු කුඩා මල් කඩා ඉවත් කර යුතුය.වගා
මලු වලට ජලය යොදා අස්වනු නෙලිම කාර්යය අවසන් කර යුතුය. එක් වගා මල්ලකින් අස්වනු
නෙලා ගන්නා කාලය තුල ලබා ගන්න හැකි අස්වැන්න 250-300 අතර වේ. වගා මලු වලට
ජලය යෙදිමේදි ජලය නොඋරා වැස්සිමට සැලැස් විය යුතුය.

පාරිභෝගික ආරක්ෂිත පනතට අනුකුලවු ලේබලයක් වෙලද නමය , නිෂ්පාදකයාගේ නම
සහ ලිපිනය , නිෂ්පාදිත දිනය , කල් ඉකුත්වන දිනය, ලියාපදින්චි අංකය ,මිල යනා දිය පැහැදිලිව
සඳහන් විය යුතු අතර . කිසියම් රෝගයකට මෙය සුදුසුද යන්න ඇතුලත් නොකල යුතුය. ලේබලයේ
ප්‍රමානය ඇසුරුමෙන් 20% විය යුතු අතර කෑම වට්ටෝරුවක් සකස් කරන එක් පසක ඇතුලත්
කිරිම වඩාත් උචිතය
.
































































කල් තබාගැනිම


  • අමු බිම්මල්-ඇමරිකන් ඔයිස්ටන් සාමාන්‍ය සිදුරු රහිත පොලිප්‍රොපලීන් මළුවල දින 2-3ක්.
  • ශීතකරණයකදි සිදුරු රහිත පොලිප්‍රොපලීන් මලු වල දින 6 -7 ක්.

මෙය බිම්මල් වර්ගය සහ බිම්මල් වල ඇති තෙතමනය අනුව ද වෙනස් වේ.



වියලි බිමිමල්



බිම්මල් කුඩා කැබලි වලට ඉහත උපකරන වැනි සරල උපකරනයනින් සෞඛ්‍ය ආරක්ෂිතව
අව්වේ වේලා ගත හැකිය.

මෙලෙස සකස් කල බිම්මල් හොදින් සිල් කල පොලිතින් මලු වල අසුරා මාස 06ක් කල් තබා
ගත හැකිය.


සුලු ව්‍යාපරයක් ලෙස ලියාපදිංචි වීම

මේ සදහා අවශය තොරතුරු අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යලයෙන් ලබා ගත හැකිය.මෙහිදි
මේ සදහා අවශ්‍ය වන පුහුණු සහතිකය පුහුණුව ලබාගත් ආයතනයේ ඉල්ලිමක් කල පසු
නිකුත් කරනු ලැබේ.

පිදුරු මාධ්‍යය භාවිතා කර ඔයිස්ටර් බිම්මල් වගාව

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව ප්‍රකශනයක් වන බිම්මල් වගාව ප්‍රථම මුද්‍රනය කරන ලද පොතේ මේ
සදහා ක්‍රම දෙකක් හදුන්වා දි ඇත. මෙම ක්‍රම දෙකටම වඩා පහසු‍වෙන් හා සර්ථක ලෙස අස්වැන්න
ලබාගත හැකි ක්‍රමයක් හදුන්වා දිමට අදහස් කරමු.
සාර්ථක ඔයිස්ටර් බිම්මල් වගාව සෙලියුලොස් සඳහා තෝරා ගනු ලබන මාධ්‍යය සෙලියුලොස් හා
අඩංගු විය යුතුය.පිදුරු වල සෙලියුලොස් 25.3% හා ලිග්නිස් 6% පමණ අඩංගු වේ.

වගාව සදහා පිදුරු තොරා ගැනිම

වී වගා වේ දී දිලිර නාශක යෙදු පිදුරු බිමිමල් වගාව සදහා යොදා ගත හැකි බව පර්යේෂණ මගින්
තහවුරු වී ඇත.
අවුරුද්දකට පිදුරු ලබා ගත හැකි වාර 2ක් බැවින් එම කලය වලින් පිදුරු හොදින් ගොඩ ගසා තබා
ගත යුතුය.