වාතනය

ගෘහය තුළ හිරවී ඇති උණුසුම වාතය ක්‍රමයෙන් පිටකර හැරීම හා පිටත ඇති සාමාන්‍ය වාතය ඇතුළු කිරීම මඟින් අභ්‍යන්තර උෂ්ණත්වය අඩු කිරීම මෙහි සිද්ධාන්තයයි. මෙය තරමක් ශීත කාලගුණික තත්ත්ව යටතේ වඩාත් ප්‍රතිඵලදායී වේ.බාහිර උෂ්ණත්වය 20 0C ට අඩු අවස්ථාවලදී විනාඩියකට බිම් වර්ග අඩි 8, 250C – 32 0C පමණ පවතින විට ඝන අඩි 11.17 ච (දළ වශයෙන් හරිතාගාර පරිමා 1ක්) පමණ වේගයකින් වායු හුවමාරුව සිදුවය යුතුය.

උණුසුම් වාතය ක්‍රමයෙන් පිට කිරීම හා පිටත ඇති සාමාන්‍ය වාතය ඇතුළු කිරීම

මේ අනුව අභ්‍යන්තර වායු පරිමාව, ගෘහයේ වර්ගළුලය (භූමියේ) , සුළගේ වේගය හා දිඝාව දාදි කරුණු වාතන උපකුම සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගත යුතුයි
වාතනය දියුනු කිරීමේ ක්‍රම
  1. වා කවුළු (Vents)
  2. විදුලි පංකා(Fans)
  3. උත්ස්වේදන සිසිලනය
වා කවුළු (Vents)

වාතනය දියුණු කිරීමේ ප්‍රධාන ක්‍රමය වා කවුළු ඇති කිරීමයි. උණුසුම් වාතය ඝණත්වය අඩු නිසා ඉහළ මට්ටමින් වාතය පිටවන ලෙස වහලයේ (පියස්සේ) හො ඊට ආසන්න පෙදෙසක කවුළු ඉදිකරයි.සිසිල් වාතය පහළ මට්ටමින් ඇතුළු කර ගැනීම සඳහා පහළින් ද කවුළු තිබිය යුතුය. මේවා තුලින් පළිබෝධකයන් ඇතුළු වීම වැලැක්වීමට උපක්‍රමයක් ලෙස මේවා සිහින් දැලකින් ආවරණය කළ යුතුය. එහෙත් මෙම දැල් ඉතා සුක්ෂම වුවහොත් නැවතත් වාතනයට බාධාවක් වේ
විදුලි පංකා (Fans)

වාතනය දියුණු කිරීමේ වඩාත් කාර්යක්ෂම උපක්‍රමය වන්නේ විදුලි පංකා (Fans) භාවිතා කිරීමයි. වාතය ඇතුළු කිරීමට හො පිට කිරීමට අවශ්‍ය මට්ටම් වල වාතය ඇතුලට ඇදී එන ලෙස (inlet) හෝ පිටවන ලෙස (exhaust) විදුලි පංකා ගෘහයේ බිත්තියට සවි කෙරේ.ලංකාවේ වැඩිපුරම දක්නට ඇත්තේ ගෘහයේ දෙකෙලවර (gable ends) බිත්තිවලට සවිකළ වාතය පිටවන පංකාය

දෙකෙළවරට සම්බන්ධ වු විදුලි පංකා

තවද ආරක්ෂිත ගෘහය තුළ උසට භෝග වැවී ඇතිවිට අභ්‍යන්තර වාත ගලනය දුර්වල මට්ටමක පවතින නිසා, උණුසුම් වායු කැටිති (air pockets) යම් යම් ස්ථානවල සිරවී පැවතිය හැකිය.මෙය ගෘහය තුළ පාරිසරික තත්ත්ව ඒකාකාරව පවත්වාගෙන යාම සහ එමඟින් භෝගයේ ඒකාකාර වර්ධනයක් පවත්වා ගැනීමෙහි ලා බාධාවක් වේ. එබැවින් එම අවස්ථාවල සුදුසු පරතරයකින් විදුලි පංකා කීපයක් යෙදීම අවශ්‍ය වේ (HAF cooling).

අභ්‍යන්තර වාතනය දියුණු කිරීමට යෝග්‍ය විදුලි පංකා

සමහර අවස්ථාවල මේ සඳහා විදුලි පංකා මඟින් ඇතුල් කරන වාතය සිදුරු සහිත පොලිතීන් බටයක් තුලින් යැවීමෙන් (convention tube cooling) සිදුකරන අවස්ථා ද ඇත.එහෙත් දිවා උෂ්ණත්වය ඉතා අධික මට්ටමක පවතින කාලවල හො අර්ධ - ශුෂ්ක ප්‍රදේශවල මෙම වාතන ක්‍රම සියල්ලම යෙදුව ද අභ්‍යන්තර උණුසුම පාලනය කළ නොහැකි අවස්ථා පැන නගී. එවිට වෙනත් සිසිලන ක්‍රම යොදා ගැනීම හෝ ගෘහයේ බාහිර ආවරණ වලින් කොටසක් මුළුමනින්ම ඉවත් කිරීම යෝග්‍ය වේ

උණුසුම් වායු කැටිති සිදුරු සහිත පොලිතීන් බටයක් තැලින් යැවීම අවශ්‍යය

උත්ස්වේදන සිසිලනය

සාමාන්‍ය වාතන ක්‍රමවලට වඩා ප්‍රථිඵලදායී ක්‍රමයක් වේ. මෙහිදී ගෘහ අභ්‍යන්තරයේ උණුසුම් වාත ස්කන්ධය වෙත සියුම් ජල බිදිති ඉසීමත් ඒවා වාෂ්පීකරණයේදී තාපය අවශෝෂණය වීමත් නිසා අවට උෂ්ණත්වය පහත වැටේ.මේ සඳහා ෆෑන් - පෑඩ් (fan-pad) ක්‍රමය හා ෆොග් (fog) ක්‍රමය භාවිතා වේ. මේවායේ මිල අධික නිසා ලංකාවේ භාවිතා නොවේ. ශ්‍රී ලංකාවේ භාවිතා වන ක්‍රමයේ, ජල බිදිති ඉහත ක්‍රමවලට සාපේක්ෂව විශාල නිසා සිසිලන හැකියාව එතරම් ඉහළ අගයක නොපවතී.
පර්යේෂණ හා දියුණු කිරීම්
මෑතකදී සිදුකළ පර්යේෂණ හා දියුණු කිරීම්වලට අනුව පහත දැක්වෙන කරුණු සනාථ වී ඇත.පුර්ණ කෘමි රෝධක දැල් ආවරණ වාතනයට ප්‍රතිරෝධී බවක් දක්වයි. විශේෂයෙන්ම දිවාකල සාමාන්‍ය සුළං වේගය 0.5 ms -1 ට අඩු අවස්ථාවල මෙම තත්ත්වය කැපී පෙනේ.
ඉහත සුළං තත්ත්ව හා ආවරණ භාවිතයේදී භුමියේ ක්ෂේත්‍රඵලයෙන් අවම වශයේ 20% ක පමණ පැති විවෘත කිරීම
( දිනයේ උණුසුම් කාලසීමාව තුළ) වඩාත් කාර්යක්ෂමව වාතනයකට හේතු වේ
විශේෂයෙන්ම 0.5 ms -1 වඩා වැඩි සුළං තත්ත්ව යටතේ සුළං හමන දිශාවෙන් කවුළු විවෘත කිරීම පියසි වා කවුළු සහිත ගෘහයක වාතනය සඳහා බෙහෙවින් දායක වේ.

සුළං හමන දිශාවෙන් පැති වා කවුළු විවෘත කිරීම

වාකවුළු නොයොදන විටදී ගෘහයේ කෙටි පැතිවලින් ඇතුලට වාතය විදීම (intake) සඳහා 254ft3 mn -1 ධාරිතාවයේ විදුලි පංකා 2ක් භාවිතා කළ හැක. සිදුරු සහිත පොලිතීන් බටයක් (Convection tube) සම්බන්ධ කිරීමෙන් සිසිලන කාර්යක්ෂමතාවය තවත් වැඩි කළ හැක.පියසි කවුළු භාවිතා නොකිරීන විටදී ඉහත ප්‍රමාණයේ විදුලි පංකා 2ක් යොදා පියස්සේ මුදුන් මට්ටමේ දෙකෙලවරින් වාතය ඉවත් කළ හැක

සිසිලන කාර්යක්ෂමතාවය වැඩි කරන සිදුරු සහිත පොලීතීන් බට

මෙහි සිසිලන කාර්යක්ෂමතාවය තවදුරටත් දියුණු කිරීම සඳහා අවශ්‍ය Convection tube එකක් යෙදීමෙන් හෝ තවත් එවැනිම පංකා දෙකක් යෙදීම මඟින් කළ හැක

සිසිලන කාර්යක්ෂමතාවය වැඩි කරන සිදුරු සහිත පොලිතීන් බට