ආර්ද්‍රතාවය පාලනය

ආර්ද්‍රතාවය හෙවත් වායු ගොලයේ ජල වාෂ්ප ප්‍රතිශතය (RH) විවිධ අයුරින් භෝග වගාවන්ට බලපාන බව අපි දනිමු. ශාක වර්ධනයෙහි ලා මහඟු සේවයන් ඉටු කරන උත්ස්වේදනය (transpiration ) මින් ප්‍රධාන වේ. ඒ සඳහා මධ්‍යස්ථ ආර්ද්‍රතාවය (60 – 70 % ) වඩාත් යෝග්‍ය වේ.තවද අධික ආර්ද්‍රතාවය විශේෂයෙන් දිලීර රෝග පැතිරීමට දායක වේ. අඩු ආර්දුතාවයේදී පැතිරෙන රෝග හා පලිබෝධ කාරක වර්ග ද ඇත. තවද අධික ආර්ද්‍ර තත්ත්ව යටතේ වාෂ්පීකරණ සිසිලන(evaporative cooling) ක්‍රමවල කාර්යක්ෂමතාවය ද අඩුවේ

ආරක්ෂිත ගෘහය තුළ 60% - 70% ක මධ්‍යස්ථ ආර්ද්‍රතාවයක් පවත්වා ගැනීම යෝගභ වේ.එමෙන්ම එම තත්ත්ව යටතේ පියස්සේ යටි පෘෂ්ඨය මත සංතෘප්තවී නිපදවන ජල බිංදු රත්වී භෝගය මතට වටීමෙන් පිළිස්සීම සිදුවේ. මෙවන් අහිතකර ප්‍රතිඵල වළක්වා ගැනීමට ආර්ද්‍රතාවය පාලනය කළ යුතුය.භෝගයේ ස්වභාවය සහ වර්ධක අවධිය අනුව සුදුසු සාපේක්ෂ ආර්ද්‍රතා (RH) අගයන් ඇත. එළවළු වර්ග සඳහා දළ වශයෙන් 60% ක පමණ ආර්ද්‍රතාවයක් යෝග්‍ය වේ.බොහෝ කැපු මල් වර්ග සඳහා ද මධ්‍යස්ථ ආර්ද්‍රතාවයක් යෝග්‍ය වන අතර තෙත් බිම් හා නිවර්තන වනාන්තර ආදිය මුල් භූමි කරගත් අලංකාර පැළ ( උදා: බිගෝනියා, මීවන ) අධික අර්ද්‍රතාවය ප්‍රිය කරයි.

කැපූ මල් වර්ග හා කොලදාවක් සහිත ශාක මධ්‍යස්ථ ආර්ද්‍රතාවය ප්‍රිය කරයි.

පාම් වර්ග හා ක්‍රෝටන් වර්ග වැනි වියළි පරිසරවල වැඩෙන ශාක සඳහා වියළි (අඩු ආර්ද්‍ර) තත්වයන් වඩාත් යෝග්‍ය වේ. මෙම යෝග්‍ය වේ. අගයන් පවත්වා ගැනීමට නම් නිවැරදිව RH මැන ගත යුතුය.මේ සඳහා ආර්ද්‍රතාමානයන් ඇක. තෙත් සහ වියළි උෂ්ණත්වමානය මින් එකකි.

ආර්ද්‍රතාමානය - හරිතාගාරය තුළ ආර්ද්‍රතාවය මැනීම

ආර්ද්‍රතාව අඩු කිරීම

අධික අර්ද්‍රතාවයෙන් මීදීම සඳහා අවශ්‍ය පරිදී වාතනය ඇතිකිරීම පහසුවෙන් කළ හැක. එහෙත් බාහිර පරිසරය වැසි හෝ මීදුම් සහිත කාලගුණික තත්ව යටතේ පවතින විට මෙම උපක්‍රමය ප්‍රායෝගික නොවේ. එවන් අවස්ථාවල දී රික්ත පොම්පයක් (vacuum pump) හෝ අවශෝෂක ද්‍රව්‍ය (absorbents) උපකාරයෙන් වායු ගෝලයේ ජල වාෂ්ප උරා ගැනීම කළ හැකිය.
මෙවන් උපකරණයන් ඩිහියුමිඩිෆයර් (dehumidityfire) ලෙස ද හඳුන්වයි. අභ්‍යන්තර උෂ්ණත්වය සුළු ප්‍රමාණයකින් වැඩි කිරීමෙන් ද RH තරමක් අඩු කළ හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ ඇති හරිතාගාරවල RH පාලනය එතරම් සැලකිල්ලකින් කරනු දැකිය නොහැකිය.

ආර්ද්‍රතාවය වැඩි කිරීම

අඩු ආර්ද්‍රතාවයක දී සිදුවන සීඝ්‍ර උත්ස්වේදනය නිසා ශාක මැලවීමට ලක්වීම වළක්වාලනු වස් මෙම අවශ්‍යතාවය පැන නගියි.ඉ බොහෝ විට වියළි හෝ අතරමැදී කලාපය තුළ මෙම තත්වය දක්නට ලැබේ.

උදා - බදුල්ල දිස්ත්‍රික්කය

ගෘහ අභ්‍යන්තර ජල සම්පාදනය මඟින් හෝ මීදුම් ජනනය (mist generation) මඟින් හෝ මෙම කටයුත්ත පහසුවෙන් සිදු කළ හැක

මීදුම් ජනනයක් මඟින් ආර්ද්‍රතාවය පාලනය

තවද ගෘහයේ වාතනය අඩු කිරීම තවත් උපක්‍රමයකි. ආර්ද්‍රතාවය වැඩි කිරීම ආර්ද්‍රතාවය අඩු කිරීමට වඩා පහසුවෙන් කළ හැකි කටයුත්තකි.විසුරුම් ජල සම්පාදනය (sprinkler irrigation) හෝ ෆෑන්- පැඩ් සිසිලනය වැනි ක්‍රම භාවිතයේදී ගෘහ අභ්‍යන්තරයේ ආර්ද්‍රතාවය වැඩි වේ.

මීදුම් ජනනයක් මඟින් ආර්ද්‍රතාවය පාලනය