හරිතාගාරය ඉදිකිරීමේ පියවර

ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල සෘතු භේදය අනුව සිදුවන ආලෝකය හා උෂ්ණත්ව වෙනස් වීම අඩු නිසා, ගෘහයේ පිහිටුම තීරණය කිරීමෙහිලා පෘථිවියේ ගමන් දිශාව (හිරුට සාපේක්ෂව) නොසැලකේ.වඩාත් වැදගත් වනුයේ, ස්වාභාවික වාතනය තුලින් සිසිලනය වන හෙයින් සුළගේ දිශාවයි. උපරිම සුළං ඇදගැනීමක් සඳහා ගෘහයේ පැති වා කවුළු පිහිටි දිග පැත්ත ඔස්සේ ගෘහය ඉදිකිරීම වඩාත් යෝග්‍ය වේ.

හරිතාගාරයක් ස්ථාපිත කළ යුතු දිශාව

අත්තිවාරමේ ස්වාභාවය ගෘහයේ අරමුණු කරගත් පැවැත්ම අනුව සදුකල යුතුය. ස්ථිර හෝ අර්ධ සතීර ගෘහ ඉදිකිරීමේදී රාමුවේ සිරස් කානු (columns) පිහිටි ස්ථානවල අවම වශයෙන් සෙන්ටිමීටර 15 x 15 ප්‍රමාණයේ, සෙන්ටිමීටර 30 ක් උස කොන්ක්‍රීට් පාදමක් ඉදිකිරීම සෑහේ.පාදමේ පහළ මට්ටමේ සිට බිම් මට්ටමෙන් සෙන්ටිමීටර 30 ක් පමණ ඉහළට බාහිර තෙතමනය හෝ ක්ෂුද්‍ර ජීවීන් ඒම වැළැක්වීමට ගඩොල් බිත්තියක් හෝ විශේෂිත පොලිතීන් ආවරණයක් යෙදිය යුතු වේ.

රාමුව (frame) ප්‍රධාන කොටස් 2ක්න් සමන්විත වේ. එනම් පියස්ස (roof) හා පැති රාමුව (side frame) යනුවෙනි. මේ දෙක වෙන් වනුයේ වැසි ජල කානුව (gutter) මට්ටමිනි. ඉදිකිරීමේ දී පළමුව අඟල් 1.25 – 1.5 පමණ Gl බට වලින් පැති රාමුව සකස්කර ඒ මත අඟල් ¾-1 පමණ GL බට යොදා පියස්ස ඉදි කෙරේ. රාමුව ශක්තිමත් කිරීම සඳහා ස්ථාන කිපයකින් තිරස් අතට දිවෙන අඟල් 1 GL බට (perlings) අවශ්‍ය වේ. වටකුරු (curved) හැඩයේ පියසිවලදී එතරම් අවශ්‍ය නොවන නමුත් ආනත පියසිවල ශක්තිය වැඩි කිරීම සඳහා රාමු තට්ටු (trusses) යොදා ගත යුතු වේ.
වඩාත් බහුලව යෙදෙන ආවරණ වර්ගය වනුයේ පාරජම්බුල කිරණ වලට ඔරොත්තු දෙන ආරක්ෂිත දැල් වර්ග හා පොලිතීන් වර්ගයන්ය.ආවරණ ගෘහ හෝ සෙවන ගෘහවලදී සෙවන දැල්වලින්ම පියස්ස ද ආවරණය කෙරේ.