අර්තාපල්
(Potato)


ඉතිහාසය හා සම්භවය


දකුණු ඇමරිකාවේ අන්දිස් කඳුවැටිය නිජ බිම කර ගත් අර්තාපල්, සොලනේසීය(Solnaceae) කුලයට අයත්, සොලනම් ටියුබරෝසම් (Solanam tuberosum) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අර්ථික සහ දේශපාලන ලෙස ප‍්‍රධාන තැනක් ගන්නා බෝගයකි. මායා හා ඉන්කා ජාතීන් විසින් ආහාර බෝගයක් ලෙස ලොවට හඳුන්වා දුන් අර්තාපල්, යුරෝපීය ජාතිකයකු වන සැමුවෙල් බේකර් විසින් ක‍්‍රි:ව: 1850 දී ලංකාවට හඳුන්වා දෙන ලදී.

මෙම බෝගය ක‍්‍රි:ව: 1951 - 1952 කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රහංගල පිහිටි පර්යේෂණ මධ්‍යස්ථානයේදී විශාල වගාවක් ලෙස ආරම්භ කළත්, නිසි වගා ක‍්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් රෝග හා පළිබෝධ හානියට පත‍්‍රවිය.

නැවත වරක් ක‍්‍රි:ව: 1959 සහ 1961 දී

‘‘සම්ලාභි” අර්තාපල් පර්යේෂණ ආයතනයෙන් සහ බටහිර ජර්මනියෙන් මෙරටට පැමිණි විශේෂඥයින්ගේ මගපෙන්වීම යටතේ අර්තාපල් වගාව ආරම්භ කරන ලදී.

ක‍්‍රි:ව: 1970 න් පසු ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන අල බෝගය බවට පත්වූ අර්තාපල්, මුලින්ම කªකර ප‍්‍රදේශවලට පමණක් සීමා වී තිබුනත් දැන් කල්පිටිය, යාපනය වැනි ප‍්‍රදේශවලත් ජනප‍්‍රිය බෝගයක් බවට පත්වී ඇත.

උද්භිද විද්‍යාත්මක ලක්ෂණ



කඳ - Stem

කඳ, ධාවක, ආකන්ද යන ආකාර තුනම කඳක අඩංගු වෙයි. කඳ තනි කඳක් ලෙස පැමිණ එය අතුවලට බෙදෙයි. එක් පැළයක මොටියන් 1-9 දක්වා තිබෙන්නට පුළුවන්. මල් හටගන්නා කාලයේ උස අනුව කඳන් ආකාර 3 ට බෙදෙයි. එනම්,

  • මිටි45 cm ට අඩු,
  • මධ්‍යස්ථ 45-60 cm
  • උස 60cm ට වැඩි

කඳ හරස්කඩය රවුම් හෝ ෂඩාශ‍්‍රාකාර වේ. කඳ හරස්කඬේ කුඩා සිදුරක් තිබීමට හෝ නොතිබීමට පුළුවන.

කඳේ වර්ණයන්

  1. කොළ පමණක්
  2. රතු - දුඹුරු පමණක්
  3. දම්- පමණක්
  4. කොළ පාට කඳ, රතු දුඹුරු පැල්ලම්
  5. කොළ පාට කඳ, දම්පාට පැල්ලම්
  6. රතු පාට කඳ, දුඹුරු හා කොළ පැල්ලම්
  7. දම් පාට කඳ, කොළ පැල්ලම්
  8. කොළ කඳ රතු හෝ දම් තිත්
  9. රතු හෝ දම් පාට කඳ, කොළ තිත්
  10. වෙනත්

අංකුරය

ප‍්‍රධාන කොටස් 2 කි. අංකුර වර්ධනයට අර්තාපල් බීජ ගබඩාවේ තත්ත්වය බලපායි. පාදස්ථ කොටස පොළවෙන් යට පවතී. එයින් ධාවක හටගනී. ධාවක සමහරක් ආකන්ද බවට පත්වෙයි.

පත‍්‍ර


අර්තාපල් ශාකයේ ඇත්තේ සංයුක්ත පත‍්‍රයකි. එහි මැද නාරටියක් අඩංගුවේ. එය ද බහුල ලෙස පත‍්‍රිකාවලට බෙදී ඇත.

පත‍්‍රයේ පවතින රෝම ගතිය ප‍්‍රභේද අනුව වෙනස් විය හැක. පත‍්‍ර වෘන්තය කඳට සම්බන්ධ වී ඇති කෝණයේ ප‍්‍රමාණය, වෘන්තය දෙපැත්තෙන් ඇති කුඩා පත‍්‍ර දෙකේ ප‍්‍රමාණයන් හා එ්වායේ බාහිර පෙනුම ප‍්‍රභේද හªනාගැනීමට වැදගත් වේ. පත‍්‍ර සමමිතික හෝ අසමමිතික විය හැක. යම් ප‍්‍රභේදයක පත‍්‍රිකාවේ මැද නාරටියේ පාට වෙනස් නොවී පවතී.

ආකන්දය


මෙය වැඩි දියුණු වු කඳකි. එනම් ප‍්‍රමාණයෙන් විශාල වූ ධාවකයකි. සාමාන්‍ය කඳක මෙන් අංකුර/ඇස් මෙහි අඩංඟු වේ. ඒවා වලයාකාරව සැකසී ඇත. එක් ඇසක අංකුර එකක් හෝ කීපයක් තිබිය හැක. ආකන්දය ආහාර ගබඩා කරන අතර ප‍්‍රචාරණ ව්‍යුහයක් ලෙසත් ක‍්‍රියාකරයි.

හිරුඑළියට නිරාවරණයවී වර්ධනය වුවහොත් එය කොළ පැහැතිවී ප‍්‍රභාසංස්ලේෂණ ව්‍යුහයක් ලෙස ක‍්‍රියාකරයි. සමහර අවස්ථාවල පත‍්‍ර තුල නිපදවන අහාර පහළට ගමන් නොකිරීම නිසා ආකන්ද වර්ධනය නොවීමට ඉඩ ඇත. යම් රෝගයක් හෝ යාන්ත‍්‍රික හානියක් එයට හේතු විය හැක.

ආකන්දවල ලක්‍ෂණ අනුවද ප‍්‍රභේද හඳුනාගත හැක. එනම්,
  • ආකන්දයේ හැඩය
  • ඇස්වල ස්වභාවය
  • අලයේ ප‍්‍රමාණය
  • පොත්තේ ස්වභාවය
  • කඳට සම්බන්ධ වන ආකාරය වැනි ලක්ෂණ මෙහිදී සලකා බලයි.
නිර්දේශිත අර්තාපල් ප්‍රභේද

ඩිසයරි
නුවරඑළිය, බදුල්ල, පුත්තලම හා යාපනය ප්‍රදේශ සදහා නිර්දේශ කර ඇත. මාස 03කින් අස්වනු නෙළාගත හැකි ප්‍රභේදයකි.

පිටත හැඩය

රවුම් සිට ඕවලාකාර

පිටත පැහැය

රතු පැහැතිය

ඇතුලත පැහැය

කහ මිශ්‍ර සුදු පැහැතිය

ඇස්වල ස්වභාවය

ගැඹුරු

මොටියේ ස්වභාවය

රතු දම් පැහැතියි, කෙදි බහුලව ඇත.


හිල්ස්ටාර්
මෑතකදී නිර්දේශ කරන ලද ප්‍රභේදයකි. පශ්චිම අංගමාර රෝගයට ඔරොත්තු දෙයි. මාස 3 1/2 අස්වනු ලබා දෙයි.

පිටත හැඩය

දිගටි ඕවලාකාර

පිටත පැහැය

සුදු පාටය

ඇතුලත පැහැය

සුදු ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

මොටියේ ස්වභාවය

දම් පැහැතියි, කෙදි අඩුයි.


රාජා

පිටත හැඩය

රවුම් සිට ඕවලාකාර

පිටත පැහැය

රතු පැහැතිය

ඇතුලත පැහැය

ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ


ලයිරා

පිටත හැඩය

දිගටි ඕවලාකාර

පිටත පැහැය

මධ්‍යස්ථ කහ

ඇතුලත පැහැය

ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ


ග්‍රැනෝලා

පිටත හැඩය

රවුම්

පිටත පැහැය

සුදු පැහැතිය

ඇතුලත පැහැය

ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

ගැඹුරු

මොටියේ ස්වභාවය

රතු මිශ්‍ර දම් පැහැතියි, කෙදි අඩුයි.

ඉස්නා

පිටත හැඩය

දිගටි ඕවලාකාර

පිටත පැහැය

සුදු පැහැතිය

ඇතුලත පැහැය

ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

මොටියේ ස්වභාවය

දම් කොළ පැහැතියි, කෙදි අඩුයි.


සන්ටේ

පිටත හැඩය

ඕවලාකාර

පිටත පැහැය

මධ්‍යස්ථ කහ පැහැතිය

ඇතුලත පැහැය

ලා කහ පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

මොටියේ ස්වභාවය

ලා දම් පැහැතියි, කෙදි අඩුයි.


කොන්ඩෝර්

පිටත හැඩය

දිගටි ඕවලාකාර

පිටත පැහැය

රතු පාටය

ඇතුලත පැහැය

ලා කහ පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

මොටියේ ස්වභාවය

තද රතු පැහැතියි, කෙදි සාමාන්‍යයි.

වල් මර්ධනය

වගාව සඳහා ඉඩම් සැකසීමේදි වල් මර්දනය සඳහා ග්ලයිෆෝසෙට් වල් නාශකය යොදාගැනේ. නමුත් වගාව ස්ථාපිත කළ පසු අර්තාපල් වගාවේ වල් මර්දනය ඉතා සරළය.


අර්තාපල් බීජ සිටුවා සති 2 දී පමණ, පස බුරුල්කිරීම ද සති 3-4 දී පමණ ගස් මුලට පස් එකතුකිරීමක් කළයුතු වේ. මේ අවස්ථාවේ දී , වල් පැළෑටි කුඩා කාලයේ දී ම උදැල්ලට කැපීයාම හා පසට යටවිම නිසා මර්දනය වේ.

සති 4 ක් වන විට අර්තාපල් ශාකය රිකිලි දමා වැඩෙන බැවින් , පස හොඳින් ආවරණය වේ. මේ නිසා වල් පැළෑටි වර්ධනය සීමාවේ. ඒ බැවින් බෝහෝ විට අර්තාපල් වගාවේ විශේෂිත වල් මර්දනයක් අවශ්‍ය නොවේ.


වල් නාශක භාවිතය

අර්තාපල් වගාවේ වල් මර්දනයට අර්තාපල් සිටවූ අවස්ථාවේදීම මෙට්ටි‍්‍රබියුෂන් (සෙන්කර්) වැනි රසායනික වල් නාශකයක් යෙදීම මඟින් වල් මර්දනය කළ හැකිය.

කේෂ්ත්‍ර සැකසීම

බිම් සැකසීම

සෙ.මි. 30-40 පමණ ගැඹුරට පස පෙරලා සියුම්ව සකසා ගතයුතුයි.


පස ආම්ලික නම්, අළුහුණු අවශ්‍ය ප‍්‍රමාණය මුලික බිම් සැකසීමේදී යොදා පස සමඟ මිශ‍්‍රකර ගතයුතුය.


කාණු සහ වැටි සැකසීම

කානු දෙකක් අතර පරතරය සෙ.මි. 60 ද කානුවේ ගැඹුර සෙ.මි. 20-25 වන පරිදි සකස් කළයුතුයි.


බැවුම් සහිත ඉඩම්වලදී සෝදාපාලූව අවම වන පරිදි සමෝච්ච රේඛා දිගේ ඇලි හා වැටි දැමිම කළයුතුයි. වැටියේ දිග ඉඩමේ පිහිටීම හා වගා නඩත්තුව පහසුවන පරිදි, තමාගේ කැමැත්ත අනුව සකස්කර ගතහැකිය.

ජල සම්පාදනය

අර්තාපල් ශාකයට වියළි තත්ත්වයන් දරාසිටිමේ හැකියාව ඇතත් හොඳ වර්ධනයක් හා අස්වැන්නක් ලබාගැනිම සඳහා ජලසම්පාදනය අවශ්‍ය ප‍්‍රමාණයට සිදුකළ යුතුයි.


ජල සැපයීම දුර්වල හෝ අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ජලය ඇති විට, ආකන්දවල අස්වාභාවික තත්ත්වයන් ඇති වේ. එනම් ආකන්ද කුණුවීම, ආකන්ද මතුපිට පුපුරායාම, විකෘතිවීම හා දුර්වර්ණවිම ආදී තත්ත්වයන් ඇති වේ.


කෙසේ වුව ද අස්වැන්න නෙලීමට ආසන්න කාලයේ දී ජල සම්පාදනය සිමාකළයුතුය. පත‍්‍ර මත ඇති පිනි බිංදු සේදී යන පරිදි ජලසම්පාදනය කිරීම වඩාත් සුදුසුය.

නිර්දේශිත පොහොර භාවිතය

පොහොර යෙදීම ආකාර දෙකකට කළහැකිය. එනම් සාමාන්‍ය අර්තාපල් පොහොර නිර්දේශය භාවිතකිරීම හෝ පස් පරීක්‍ෂාකර වඩාත් නිවැරදි පොහොර නිර්දේශය භාවිතකිරීම. පස් පරීක්‍ෂාකිරීම මඟින් අළුහුණු , කබනික පොහොර යෙදිම හා රසායනික පොහොර පිළිබඳ නිර්දේශ ලබාගත හැක.

පොහොර භාවිතයේදී වඩාත් හොඳ ප‍්‍රතිඵල ලබාගැනීම සඳහා රසායනික පොහොර හා කාබනික පොහොර ඒකාබද්ධව යෙදීම අත්‍යාවශ්‍යය. කුකුල් පොහොර යොදන අවස්ථාවේදී සිටුවීමට දින 3-5 පමණ පෙර පසට එකතුකර ජල සම්පාදනය කළයුතුය.

සාමාන්‍ය පොහොර නිර්දේශය

1. කාබනික පොහොර

  • ගොම පොහොර (දිරාපත් වු ගොම) හෙක්./ටොන් 10-12 පමණ
  • කුකුල් පොහොර හෙක්./ටොන් 5-6 පමණ

2. රසායනික පොහොර නිර්දේශය

නුවරඑළිය/ බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා

හෙක්./කි.ග‍්‍රෑ.

යුරියා

T.S.P

M.O.P

මුලිකව (සිටුවීමේදී)

165

270

125

සිටුවා සති 3-4න්

(පස් මුදුන් කිරීමේදී)

165

-

125

වී වගාවෙන් පසු අර්තාපල් වගාකරන බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා

හෙක්./කි.ග‍්‍රෑ.

යුරියා

T.S.P

M.O.P

මුලිකව (සිටුවීමේදී)

165

270

85

සිටුවා සති 3-4න්

(පස් මුදුන් කිරීමේදී)

165

-

85

පුත්තලම / කල්පිටිය ප‍්‍රදේශ සඳහා

හෙක්./කි.ග‍්‍රෑ.

යුරියා

T.S.P

M.O.P

මුලිකව (සිටුවීමේදී)

65

270

50

සිටුවා සති 2න්

65

-

50

සිටුවා සති 4න්

65

-

50

සිටුවා සති 6න්

65

-

50

සිටුවා සති 8න්

65

-

50

යාපනය දිස්ත‍්‍රික්කය සඳහා

හෙක්./කි.ග‍්‍රෑ.

යුරියා

T.S.P

M.O.P

මුලිකව (සිටුවීමේදී)

165

270

125

සිටුවා සති 3-4න් (පස් මුදුන් කිරීමේදී)

165

-

125


T.S.P - ටි‍්‍රපල් සුපර් පොස්ෆේට්

M.O.P - මියුරියේට් ඔෆ් පොටෑෂ්

බීජ අර්තාපල් කි.ග‍්‍රෑ 50 ක (හොන්ඩරයක්) වපසරිය සඳහා සාමන්‍ය පොහොර නිර්දේශය කි.ග‍්‍රැ. වලින්

නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා

බදුල්ල දිස්ත‍්‍රික්කයේ කුඹුරු ඉඩම් සඳහා

යුරියා

ටි.එස්.පී

එම්. ඕ.පී

යුරියා

ටි.එස්.පී

එම්. ඕ.පී

මුලික පොහොර (යෙදීම සිටුවීමේ දී)

04

07

03

04

07

2.5

මතුපිට පොහොර යෙදීම පස් දමන විට

04

-

03

04

-

2.5

කාබනික පොහොර කාණුවලට දමා තුනී පස් තට්ටුවකින් වැසිය යුතුය. ඉන් පසු රසායනික පොහොර මිශ‍්‍රණය ද කාණු තුළට යොදා තුනී පස් තට්ටුවකින් වැසිය යුතුය.


පස් මුදුන්කිරීම සිටුවා සති 3-4 න් කල යුතුය. මෙම කාලය තුළ ආකන්ද සෑදෙන මොටියන් වැඩෙන බැවින්, දෙපැත්තේ ඇති වැටිවල පස් ගෙන වැඩෙන ගස් මුලට වැටියක් සැදෙන ලෙස එකතු කළයුතුුය. මේ නිසා ගස් ඇදවැටිම වැළකෙන අතර වල් මර්දනය ද සිදුවේ. ජලවහනය දියුණු වේ. මේ අවස්ථාවේ දී ම මතුපිට පොහොර යෙදීම ද කළ හැකිය.

රෝපන ද්‍රව්‍ය තේරීම
ලෙඩ රෝගවලින් තොර, මි.මි. 28-55 අතර (DIAMETER) බීජ ආකන්ද තෝරාගත යුතුය. තමන් මිලදී ගන්නේ නම් පිළිගත් විශ්වාසනීය ස්ථානයකින් ගතයුතුය. එමෙන්ම තෝරාගන්නා වර්ගය, එම වර්ගයේ ම බව පරික්‍ෂාකර තහවුරුකර ගතයුතුය.



මෙම බීජ ආකන්ද වල මොටියන්ගේ දිග සෙ.මි. 1-3 පමණ විය යුතු අතර ආකන්දයක මොටියන් 3-5 පමණ තිබීම වඩාත් සුදුසුය. එම මොටියන්ගේ කුඩාවට මුල් ඇදී ඇති ස්වභාවයක් තිබීම ද ඉතා වැදගත්ය.


එම තෝරාගන්නා බීජවල අග‍්‍රස්ථ අංකුරය පමණක් ඇත්නම්, එම අංකුර ඉවත්කර සති 2ක් පමණ තබා පාර්ශ්වික අංකුර වැඩුන පසු සිටුවිමට යොදාගතයුතුය. (අංකුර ඉවත්කිරීම එක වතාවක් පමණක් කළ යුතුය.)

කේෂ්ත්‍ර සංස්ථාපනය
තෝරා ගත් බීජ අල 2 ක් අතර සෙ.මි. 25 ක් වන පරිදි මොටියන් උඩ අතට සිටිනසේ කාණුවල තැබියයුතුය. ඉන්පසු වැටි වල ඇති පස් ගෙන එමඅල සහ මොටියන් වැසීම කළයුතුය.

වගා පරතරය හා බීජ අවශ්‍යතාවය :- පේලි අතර පරතරය සෙ.මි. 60 ක් හා පැළ අතර පරතරය සෙ.මි. 25 ක් වියයුතුය. මේ අනුව සම්මත ප‍්‍රමාණයේ බීජ අර්තාපල් ටොන් 2-2.5 ක්, හෙක්ටයාරයකට (අක්කරයකට කිලෝ ග‍්‍රෑම් 2500) අවශ්‍ය වේ.

කේෂ්ත‍්‍රය තෝරාගැනීම

විශේෂයෙන් අර්තාපල් හෝ එම කුලයට අයත් බෝග උදාහරණ ලෙස බටු , තක්කාලි, මිරිස් හා දුම්කොළ වගා නොකළ ඉඩමක් වියයුතුය. (අවුරුදු 2 ක් වත් අර්තාපල් හෝ එම පවුලට අයිති බෝග වගා නොකළ ඉඩමක් වඩාත් සුදුසු වේ. * බැක්ටිරියා හිටුමැරීමේ රෝග කාරක හා රන්වන් කොෂ්ඨ වටපණුවන් ගෙන් තොර ඉඩමක් වියයුතුය. ඉඩම සකස්කිරීම හා පොහොර යෙදීම සාමාන්‍ය අර්තාපල් වගාකරන පිළිවලට කළයුතුය.

වගා පරතරය

බීජ සඳහා වැඩි අල ප‍්‍රමාණයක් ලබාගැනීමට පරතරය අඩුකිරීම වඩා යෝග්‍යයි. කාණු අතර පරතරය සෙ.මි. 45 ක් ද පේලි තුළ අල අතර පරතරය සෙ.මි. 20 ක් වන ලෙස ද පවත්වාගැනීම වඩාත් සුදුසු වේ.

රෝග හා කෘමි පාලනය

විශේෂයෙන් අර්තාපල් බීජ සඳහා වගාකරන විට රෝග හා කෘමි පාලනය ඉතා වැදගත්ය. බැක්ටිරියා හිටුමැරීමේ රෝගය 1% කට වඩා අඩු වගාවක් බීජ සඳහා සුදුසුය. එම වගාවේ හිටුමැරීමේ රෝගය ඇත්නම්, එම පැළ ගලවා ඉවත්කර විනාශකළයුතු අතර, එම පැළ අවට ඇති පස් පවා ඉවත්කලයුතුය. විශේෂයෙන් කෘමි පාලනය කළයුතුය. කුඩිත්තන් මඟින් වෛරස් රෝග බෝවීම සිදුවන නිසා වගාව පුරාම කෘමි මර්දනය කිරීම ඉතා වැදගත්ය. ක්‍ෂේත‍්‍රයේදීම පැල ඉපියන්ගෙන් වන හානි මර්දනය හිතකරය.

අස්වනු නෙලන අවස්ථාව

හොඳින් ගස් මෝරන අවස්ථාවේදි හා අල වල පිට පොත්ත නොගැලවෙන අවස්ථාව, එනම් අල හොඳින් මෝරා ඇති අවස්ථාව, බීජ සඳහා අස්වනු නෙලීමට වඩාත් සුදුසුය.

බීජ සඳහා අර්තාපල් ගබඩාකිරීම

බීජ සඳහා තෝරා ගත් අල පවනේ වේලාගතයුතුය. අල තැම්පත්කිරීම සඳහා ලී බන්දේසි වඩාත් සුදුසු ක‍්‍රමය වෙයි. ලී බන්දේසි වල අල තැම්පත්කරන විට බීජ තට්ටු 3-4 ක් වන සේ තැබීම වඩාත් සුදුසුය. නමුත් පෙට්ටි හෝ දැල් මලූ භාවිතකිරීම ගොවින් අතර දක්නට ලැබේ. හොඳ මොටියන් ඇති බීජ ලබාගැනීමට නම් ලී බන්දේසි වල බීජ ගබඩා කළයුතුය.

ගබඩා තුළට හොඳින් අලෝකය ලැබීය යුතුය. 60% පමණ විසිරීත අලෝකය ලැබීම වඩාත් සුදුසුය. අර්ද්‍රතාවය 90%-95% අතර ද, උෂ්ණත්වය 24දජඅඩුවෙන් තැබීම වඩාත් සුදුසුය. උෂ්ණත්වය 8දජ පමණ අඩුකිරීමෙන්, මාස 8-10 අතර කාලයක් කල්තබාගත හැකිය.

ගබඩා තුළ කෘමි හානි මර්දනය

ගබඩා තුළදී අල ඉපියන් හා කුඩිත්තන් ගෙන් වන හානී බහුල නිසා මර්දනය වැදගත් වේ. මේ නිසා නිර්දේශිත කෘමිනාශක භාවිතකළයුතුය. තව ද ගබඩා තුළ වා සිදුරු හා දොර ජනෙල් කෘමිරෝධක දැල් ගසා අවරණයකර තැබියහැක.

රෝග පළිබෝධ පාලනය - පළිබෝධ පාලනය
පත‍්‍ර කනින්නා (Liriomyza huidobrensis)

වර්ෂ 1997 දී පමණ ආනයනික විසිතුරු බෝග මඟින් ආක‍්‍රමනය වූ කෘමියෙකි.

ජීවන චක‍්‍රය

සුහුඹුලා

  • හිස හා උරස පෙදෙස දිළිසෙන කහ පැහැයෙන් යුත් කුඩා කළු පැහැති මැස්සෙකි
  • ඩිම්බ නිධායකය ආධාරයෙන් බිත්තර දැමීමට හා ශාක යුෂ උරාබීමට පත‍්‍ර සිදුරුකරයි
  • මේනිසා පත‍්‍ර වලින් ජලය අධික ලෙස වාෂ්ප වීම හා ද්වීතියික ආසාධනයට ඉක්මනින් පාත‍්‍රවීම සිදු වේ.විශේෂයෙන් පශ්චිම අංගමාරයට පහසුවෙන් ගොදුරු වේ
කීටයා

  • පත‍්‍ර තුළ උමං සාදමින් පත‍්‍ර අභ්‍යන්තරය ආහාරයට ගනියි
  • එබැවින් පත‍්‍රයේ කොළ පැහැති කොටස් ඉවත් වී සුදු පැහැති උමං දක්නට ලැබේ
  • මේ නිසා ප‍්‍රභාසංස්ලේෂණය සීමාවීම, උත්ස්වේදනය අධිකවීම හා ද්වීතියික ආසාධනයට ගොදුරුවීම සිදුවේ
  • අධි හානිදායක මට්ටමකදී සම්පූර්ණ බෝගයම විනාශ වී යා හැකිය

හානිකරන බෝග


එළවළු බෝග

අර්තාපල්, බීට්, ගෙඩි සලාද, ග‍්‍රීන් පීස්, සැල්දිරි, ලීක්ස්, කැරට්, ගෝවා, මල් ගෝවා, රාබු, නෝකෝල්, බෘකෝලි,

මල් වර්ග

ජර්බරා, ඇස්ටර්, පිටුනියා, කපුරු, නෙස්ටුරියම්

වල් පැළෑටී

කඩුපහර, ගොටුකොළ, පැනිකම් විශේෂ, වල්අබ, ගිරාපලා, ඇඹුල් ඇඹිලිය, කලූකම්බේර

පාලනය කරගන්නා ආකාරය

වගාව පරික්‍ෂාකිරීම - වගාව ස්ථාපනයට ප‍්‍රථම

වගාකිරීමට බලාපොරොත්තු වන ක්‍ෂේත‍්‍රය වටා ආසාධිත පරණ වගාවන් පැවතිය හැක. එවැනි වගාවක සිට සුහුඹුල් මැස්සන් අලූත් වගාවකට පැමිණිය හැක. මේ නිසා වගාකිරීමට බලාපොරොත්තු වන කේෂ්ත‍්‍රය වටා අඩි 5ක් උසට දැල් ගසා ආවරණය කිරීම සුදුසුය.

මීට අමතරව තවාන් පැළ ලබාගැනීමේදී හානිය දක්නට නොලැබෙන පැළ ලබාගැනීම හා ආසාධනයට ලක් නොවු තවාන් තෝරාගැනීම කළ යුතුය.

වගාව පරීක්‍ෂාකිරීම - වගාව ආරම්භයෙන් පසුව

මේ සඳහා ඉතාමත් තුනීවට ග‍්‍රීස් තවරන ලද වර්ග අඩි එකේ කහ පොලිතීන් පුවරු ක්‍ෂේත‍්‍රයේ තැනින් තැන රැඳවිය යුතුය. එවිට සුහුඹුල් මැස්සන් කහ පාටට ආකර්ෂණය වී ඔවුන් පුවරුවේ ඇලී සිටිනු දැකිය හැක. මීට අමතරව අර්තාපල් හා බීට් වගාවක නම් පත‍්‍ර මත සුදු පැහැති ලප පැහැදිලිව දැකිය හැක. මෙම ලප සුහුඹුල් සතා බිත්තර දැමීමට හා ශාක යුෂ උරාබීමට උගේ ඩිම්බ නිධායකයෙන් සාදන ලද සිදුරු වේ. හානියේ මුල් අවස්ථාවේදීම කොහොඹ සාරය යෙදීම ආරම්භ කළ යුතුය. මෙහිදී වෙළඳපොළේ ඇති කොහොඹ ඇට කුඩු හෝ නිවසේදී කොහොඹ ඇට තලා සාදා ගන්නා ලද කුඩු භාවිත කළ හැක.

කොහොඹ ඇට නිස්සාරණය සකස් කරගැනීම



කොහොඹ තෙල් නිස්සාරණය නොවන පරිදි කොහොඹ ඇට කුඩු කළ යුතුය. එයින් අවශ්‍ය ප‍්‍රමාණය (සාන්ද්‍රණය : කොහොඹ කුඩු 2ට ක් ජලය 1 ක ක්) ජලය සමඟ කලවම්කර අවම වශයෙන් පැය 4 ක් තැබිය යුතුය. මෙහිදී මෙය කේෂ්ත‍්‍රයට යෙදීමට අදහස් කරන දිනට කලින් දිනයේදී සකස්කර ගතයුතුය. එම මිශ‍්‍රණය රෙදි කැබැල්ලකින් පෙරාගත් ද්‍රාවණයට ජලය මිශ‍්‍රකර වගාවට යෙදීය හැක.


මෙසේ සාදා ගත් ද්‍රාවණයට ටීපෝල් ස්වල්පයක් යොදා සවස් කාලයේ ක්‍ෂේත‍්‍රයට යෙදීම සිදුකරන්න. මේ ආකාරයට කොහොඹ සාරය දින තුන හතරකට වරක් බැඟින් අඛණ්ඩව යෙදීම සිදු කළ යුතුය. මේ මඟින් සුහුඹුල් මැස්සන් ගේ හානිය වළක්වා ගතහැක. කොහොඹ නිස්සාරණය සුහුඹූල් මැස්සන්ට විකර්ෂණයක් ලෙස ක‍්‍රියාකරයි. කොහොඹ ඇට දියර භාවිතයේ වැදගත්කම වන්නේ මෙය වියදම් අඩු ලාභදායි ක‍්‍රමයක් වීමයි.

මීට අමතරව නිර්දේශිත අනෙකුත් කෘමිනාශක වනුයේ,

  1. සයිරෝමසින් (ට‍්‍රයිගාඞ්) 5 g/l
  2. ඇබමැක්ටික් (වර්ටිටෙක්) 1 ml/l
  3. ඇසඩි රැුක්ටීන් (නීමසාල්) 2 ml/l

සයිරෝමසින් සහ ඇබමැක්ටික් යන කෘමිනාශක වගාවක් සඳහා දෙවරක් පමණක් යෙදීම නිර්දේශ කරයී.

පත‍්‍ර කනින්නා පාලනයට නිර්දේශිත කෘමි නාශක පමණක් භාවිත කළ යුතුය. මීට හේතුව වන්නේ මෙම කෘමියාගේ ජෛව පාලනය හොඳින් සිදුවීම සඳහා ස්වභාවික සතුරන් විශේෂයක් පිටරටින් ආනයනයකර දැනට කේෂ්ත‍්‍රයේ මුදාහැර තිබීමයි. නිර්දේශ නොකරන ලද කෘමි නාශක භාවිත කළ විට මෙම ජෛව පාලකයා විනාශ වේ.




ස්වභාවික සතුරන් මඟින් පාලනය

Hymenoptera ගෝත‍්‍රයට අයත් විශේෂ තුනක් හඳුනා ගෙන ඇත.

  1. Diglypus iseae
  2. Hemiptarsenoidus semiabiclavus
  3. Opius spp


Diglypus iseae
  • හානිය ඉතා අධිකව පැවති කාලයේ 1998 වර්ෂයේ පමණ නෙදර්ලන්තයේ කොපෙට් ආයතනයෙන් ආනයනයකර කේෂ්ත‍්‍රයට මුදාහරින ලදී
  • මෙම කෘමියා හා කීට අවස්ථාව පත‍්‍ර කනින්නාගේ කීටයන් ගේ ශරීර යුෂ උරාබී ජීවත් වේ
  • මෙම පරපෝෂිතයා ඉතා කුඩා රන්වන් දුඹූරු පැහැති කෘමියෙකි
  • ඉතා කෙටි ස්පර්ෂක යුගලක් පැවතීම හඳුනාගැනීමට පහසුම ලක්‍ෂණය වේ
  • පත‍්‍ර කනින්නාගේ ජීවන චක‍්‍රයේ සෑම කීට අවධියක් මතම පෝෂණය වේ
Hemiptarsenoidus semiabiclavus
  • දේශීයව හඳුනාගන්නා ලද විශේෂයකි
  • මෙම කෘමියාද රන්වන් දුඹුරු පැහැතිය
  • ස්පර්ශක යුගලය දිගය
  • පිරිමි සතාගේ ස්පර්ෂක යුගල බුරුසුවක ආකාරයක් ගනී. ගැහැණු සතාගේ ස්පර්ෂක යුගල සිහින් දිගටිය
  • බාහිර පරපෝෂි වන අතර, පත‍්‍ර කනින්නාගේ අවසාන කීට අවධි මත පෝෂණය වේ

Opius spp
  • මෙම විශේෂය ලා දුඹුරු පැහැයෙන් යුක්තය
  • සිහින් දිග ස්පර්ෂක යුගලක් සහිතය
  • මෙම විශේෂය ද බාහිර පරපෝෂි වන අතර, පත‍්‍ර කනින්නාගේ අවසාන කීට අවධි මත පෝෂණය වේ.

වෙනත් භෞතික ක‍්‍රම මඟින් පාලනය

කහ පොලිතීන් උගුල

මෙහිදී පොලිතීන් මත ඉතාමත් තුනීවට ග‍්‍රීස් තවරා ශාක මට්ටමට ඉහළින් කේෂ්ත‍්‍රයේ පිහිටුවීම. ඉන් පසු දින 4-5ට වරක් උගුල පිරිසිදුකර නැවත පිහිටුවීම.

මීට අමතරව ග‍්‍රීස් තවරන ලද පොලිතීන් උගුල් පුද්ගලයන් 4 හෝ 2 දෙනකු ලවා සුහුඹූල් මැස්සන් කොටුවන ආකාරයට එහා මෙහා කේෂ්ත‍්‍රය උඩින් ගෙනයාම.

වැරදි පිළිවෙත්
  • තැනින් තැන කහ පාට පොලිතීන්, කොඩි ආකාරයට සිටුවීම.
  • වගා කේෂ්ත‍්‍රය වටා ග‍්‍රීස් නොතවරා කහ පොලිතීන් ගැසීම.
  • සමනළ අතංගුව භාවිතයෙන් සුහුඹූල් මැස්සන් අල්ලා විනාශකිරීම.

රන්වන් කෝෂ්ඨ වටපණුවා (Globodera rotochiensis)

1989 වර්ෂයේදී පමණ ආනයනික බීජ අර්තාපල් මඟින් ආක‍්‍රමණය වු පළිබෝධකයකි.

හඳුනාගැනීම

  • ආසාධිත ශාකයක මුල්වලට හානි නොවන පරිදි ප‍්‍රවේශමෙන් ගැලවූ විට මුල් වල තැනින් තැන රන්වන් පැහැති වට පත‍්‍ර කෝෂ්ඨ මුල්වලට සවි වී තිබෙනු දැකිය හැක.
  • අධි හානිදායක මට්ටමකදී ශාක පත‍්‍ර කහ පාට වී, පත‍්‍ර මැළවීම හා වර්ධනය බාල වී ශාක කුරු වීම සිදුවේ.

හානියේ ස්වභාවය

  • ශාක මුල්වලට බැඳී සිට මුල්වලින් පෝෂක ඉවත්කරයි.
  • මේ නිසා ශාක වල වර්ධනය බාල වී පත‍්‍ර කහ පාට වේ.
  • නිපදවන අලවල ප‍්‍රමාණය හා සංඛ්‍යාව අඩු වේ.
  • පරිසර උෂ්ණත්වය ඉහළ යාමේදී ශාක වල මැළවීමක් දක්නට ලැබේ.

පාලනය කරගන්නා ආකාරය

වගාව ආරම්භයට පෙර පස් පරීක්‍ෂාකිරීම.
  • රූපසටහනේ දැක්වෙන සිග්සැග් ආකාරයට පස් එකතු කරන්න.
  • මෙහිදි පළමු මතුපිට සෙ.මි. 2-3 ක් වන පස් තට්ටුව ඉවත්කර සෙ.මි. 10-15 පමණ ගැඹුරෙන් පස් එකතු කරගතයුතුයි.
  • මෙම පස් සියල්ලම මිශ‍්‍රකර, සමාන කොටස් 4 කට බෙදා ඉන් කොටසක් පස් පරීක්‍ෂාව සඳහා තෝරාගන්න.
  • මෙසේ එකතු කළ පස් කෘෂි උපදේශක මහතා මර්ගයෙන් පර්යේෂණ ස්ථානයට යොමු කිරීමෙන් වටපනුවන් සඳහා පස් පරීක්‍ෂාව සිදුකර ගතහැක.

වට පත‍්‍ර කෝෂ්ඨවලින් තොර බීජ සිටුවීමට තෝරාගැනීම කළ යුතුය.
  • තෝරාගත් බීජවල කෝෂ්ඨ හඳුනාගත හොත් බීජ, 1 % ක ක්ලෝරීන් ද්‍රාවණයක පැය 2 ක් ගිල්වා තබා ජලයෙන් හොඳින් සෝදා සිටුවීම කළ යුතුය.
  • වගාවන් ආසාධනය වී ඇත්නම් වගාව ඉවත්කළ විගස පසට වෙළඳ පොලේ ඇති ක්ලෝරීන් කුඩු හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 70 ක් යන අනුපාතයට මිශ‍්‍රකර හොඳින් ජලසම්පාදනය කළ යුතුය. පසුව ආසාදිත ක්‍ෂේත‍්‍රයේ සුළං බාධකයක් ලෙස වැටක් ගසා අනෙක් කේෂ්ත‍්‍රවලින් සීමා කළයුතුය.
  • බීජ ගබඩාකිරීමට ප‍්‍රථම ගබඩාව හා ගබඩා භාජන ක්ලෝරීන් ද්‍රාවනයකින් සේදිය යුතුය. බීජවලට බීජ ප‍්‍රතිකාරකර ගබඩාකිරීම පසුව කළ යුතුය. මෙම බීජ සිටුවීමට ගැනීමේදී හා සිටවු පසු හොඳින් අධීක්‍ෂණය කළ යුතුය.
  • කේෂ්ත‍්‍රයේ කටයුතු සඳහා යොදාගත් උපකරණ ක්ලෝරීන් ද්‍රාවණයකින් සෝදා, වියළා ගබඩාකර තැබිය යුතුය.

අල ඉපියා (Patharimaea opercullella)

හානිය ආකාර 2 කි.

කේෂ්ත‍්‍රයේදී කීටයා පත‍්‍ර නාරටි තුළඋමං සාදාගනී. මේ නිසා පත‍්‍රය විනාශවීම, අංකුර මියයාම හා කඳන් වැටීම සිදු වේ.

අර්තාපල් අලවලට ගබඩාවේදී හා කේෂ්ත‍්‍රයේදී හානි සිදුකරයි. ගබඩාවේදී සුහුඹුල් සළඹයා අලයේ ඇස් ආසන්නයේ බිත්තර දමයි. ඉන් බිහි වන කීටයන් අලය තුළ හෝ මතුපිටට ආසන්නයේ අක‍්‍රමවත් උමං සාදමින් අලය විනාශ කරයි. මින් අලයේ බර හා ගුණාත්මක බව අඩු වේ. කීටයා පිටකරනු ලබන අපද්‍රව්‍ය මඟින් මෙම හානිය පැහැදිලිව හඳුනා ගතහැක.

පාලනය

  • කේෂ්ත‍්‍රයේදි හානිය වළකා ගැනීමට,
  • ආසාධනය නොවු බීජ භාවිත කිරීම.
  • බෝග මාරුව මඟින් සළඹයාට ජීවන චක‍්‍රය සම්පුර්ණ කිරීමට අවශ්‍ය වන ශාක ඉවත්කිරීම.
  • අල සිටුවීමේදී ඒවා ගැඹුරින් සිටුවීම හා හොඳින් පස් යොදා ආවරණය කිරීම.
  • හොඳින් ජල සම්පාදනය කිරීම. මේ මඟින් පසේ පළුදු තුලින් සුහුඹුලාට අල මතුපිට බිත්තර දැමීමට ඇතුල් වීමට ඇති මර්ගය අවහිර කරයි. මෙමඟින් කීටයන් විනාශ වීම ද සිදු වේ.
  • ධාරක ශාක වශයෙන් ඇති වල් පැළෑටි ක්‍ෂේත‍්‍රය තුළින් හා ඒ අවටින් ඉවත්කිරීම.
  • මීට අමතරව අල කැබලි ආදී ඉවතලන දෑ ක්‍ෂේත‍්‍රයෙන් ඉවත්කර පිරිසිදුව තබා ගැනීම.
  • රසායනික පාලනයේදී හානිය දුටු විට පත‍්‍රවල යටි පැත්තට හා කඳන් හා අතු ආසන්නයට හොඳින් තැවරෙන සේ කාබරිල් වැනි කෘමි නාශකයක් යෙදීම.


ගබඩාවේ දී හානිය වළකාගැනීම

මෙහිදී ගබඩාව පිරිසිදුව තබාගැනීම, හානියට ලක්වූ අල ගබඩා කිරීමෙන් වැළකී සීටීම, තුවාල නොවූ හා පස් වලින් තොර අල ගබඩා කිරීම. මීට අමතරව අල ගබඩා කිරීමට ප‍්‍රථම පිරිසිදු කළ ගබඩාව පිරිමිෆොස්මීතයිල්, ඇසිටමප‍්‍රීඞ් හා නොවැලූරෝන් වැනි කෘමි නාශකයකින් ප‍්‍රතිකාර කිරීම කළ හැක. අල ගබඩා කිරීමට ප‍්‍රථම ප‍්‍රතිකාරකර සති දෙකේ කාලාන්තර වලදී පරීක්‍ෂාකර අවශ්‍ය නම් නැවත ප‍්‍රතිකාර කළ යුතුය.

කම්බිලි පණුවන් (Melolantha spp & Ancmala spp)

හානිය හා හඳුනාගැනීම

ස්කැරබිඞ් යන නමින් හඳුන්වන කුරුමිණි විශේෂයේ කීට අවධිය මේ නමින් හඳුන්වයි. මෙම කීටයා අර්තාපල් ශාකයේ මුල් හා අල කෑම සිදුකරයි. මෙමඟින් වෙළඳපලට සුදුසු අල ප‍්‍රමාණය අඩුකරයි.

වියළි කාළගුණික තත්ත්ව යටතේ අල හා කඳන් වලට සැළකිය යුතු හානියක් සිදුකරයි. මුල් කාලයේදී පොළව යට ඇති මුල් හා කඳ කොටස් වලට හානිකරයි. අල හට ගත් පසු අලයට හානිකරයි.

පාලනය කරගන්නා ආකාරය

පාලනය සඳහා මාංශල බෝග සමඟ බෝග මාරුව හා ගැඹුරට සී සෑම සිදු කළයුතුය. ගැඹුරට සී සෑම මඟින් මෙම පණුවන් පස මතුපිටට මතු වී හිරු එළිය හා කුරුල්ලන් නිසා විනාශ වේ.

කොළ කන කුරුමිණියන් (Melolantha spp & Ancmala spp)

හානිය හා හඳුනාගැනීම

පත‍්‍ර අනුභව කරන අතර පසුව මෙම පත‍්‍ර වියළී මුළු ශාකයම විනාශ වේ. හානිය දුටු විට ක්ලොරොෆයිටෆොස් වැනි කෘමි නාශකයක් යෙදිය හැක.

මයිටාවන් (Tetranychus spp)

හානිය හා හඳුනාගැනීම

ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා සතුන් විශේෂයකි. ශාක පත‍්‍රවල යටි පැත්තේ බහුලව වාසය කරමින් ශාක යුෂ උරාබොයි. මේ නිසා පත‍්‍ර යටි පැත්තේ දිළිසෙන ස්වභාවයක් ගෙන යටි පැත්තට වක‍්‍ර වීම සිදු වේ. ළපටි ශාක ආක‍්‍රමණය කළ විට වර්ධක අංකුර විනාශ විම සිදු වේ.

පාලනය කරගන්නා ආකාරය

හානිය දුටු විට සල්ෆර් අඩංගු රසායන ද්‍රව්‍යයක් ඉසීම මඟින් පාලනය කරගතහැක. මෙහිදී පත‍්‍ර යටි පැත්තට හොඳින් වදින සේ බෙහෙත් ඉසීම කළ යුතුය.

කියත් පණුවන් (Agrotis spp)

හානිය හා හඳුනාගැනීම

රාත‍්‍රියේදී මෙම කීටයන් ළපටි ශාක කඳ පාමුලින්ම සපා බිම හෙලනුලබයි. වැඩුණු ශාකවල පත‍්‍ර කා දැමිම හා අතු සපා කඩාදැමිම සිදුකරයි. මෙම කීටයන් දවල් කාලයේ ශාකය වටා ඇති පස තුළ සැඟවී ජීවත් වේ.

පාලනය කරගන්නා ආකාරය

ශාකය අවට ඉතා හානිදායක මට්ටමක් පවතී නම් හානිය දක්නට ලැබෙන ශාක අවට පස් ඉවත්කර හමුවන කීටයන් ඉවත් කළ යුතුය. මීට අමතරව පස හොඳින් ජලයෙන් යට කිරීමෙන් ද කීටයන් විනාශ කළ හැක.

මුල් කන කුහුඹුවන් (Dorylus crientalis)

පාලනය කරගන්නා ආකාරය

හානිය දුටු විට නිර්දේශිත කෘමිනාශකයක් ශාකය වටා ඇති පසට යෙදීමෙන් පාලනය කළ හැක. නියමිත කාලාන්තර වලදී අඛණ්ඩව මෙම ප‍්‍රතිකාරය කළ යුතුය.


කුඩිත්තා (Myzus persicae)

හානිය හා හඳුනාගැනීම

රෝගී ශාකයක සිට නිරෝගී ශාකයකට වෛරස් රෝග ගෙන යන වාහකයකු ලෙස කටයුතු කරයි. මීට අමතරව ශාකයේ යුෂ උරාබොයි. මෙම කෘමි විශේෂය ශාකවල පත‍්‍ර යටි පැත්තේ, කඳන්වල හෝ ළපටි දළුවලට ආසන්නයේ ගහණයක් ලෙස දැකිය හැක. පියාපත් සහිත හා රහිත අවස්ථා 2 ක් දක්නට ලැබෙන අතර පියාපත් සහිත අවස්ථාවට රෝගී වගාවකින් අලූත් වගාවකට රෝගය ගෙන යාමට වැඩි අවස්ථාවක් පවති.

පාලනය කරගන්නා ආකාරය

වගාවක් ස්ථාපනය කළ පසු කොළ සියයක කුඩිත්තන් 20 ක් වන ගහණයක් හානිදායක මට්ටමක් ලෙස සලකයි. කෙසේ වෙතත් වගාව ආරම්භයේ සිටම වගාව අධීක්‍ෂණය කළ යුතුය. මේ සඳහා ජලය පුරවන ලද කහ පාට ආලේපන බේසම් ක්‍ෂේත‍්‍රයේ තැබිම සිදුකළ යුතුය. කුඩිත්තන් හනා ගත් විට ඩයිමෙතොඑට්, ඇඞ්මියර්, ඇක්ටාරා වැනි කෘමිනාශකයක් යෙදීම මඟින් මර්දනය කළ යුතුය.

රෝග හා රෝග පළිබෝධ පාලනය

අර්තාපල් වගාවේ වැදගත් රෝග හඳුනාගැනීම සහ පාලන ක‍්‍රම

අර්තාපල් ශාක වර්ධනයේ සෑම අවස්ථාවකදීම දේශගුණික තත්ත්වයන් සහ විවිධ ව්‍යාධි ජනකයන් නිසා ආකන්ද, කඳ, මූල පද්ධතිය හා පත‍්‍රවලට හානි සිදුවිය හැකිය. සමහර රෝග නිසා ශාකයේ කොටසක් හෝ සම්පූර්ණ ශාකයම විනාශ වීමේ අවදානමක් ඇත.

1846 දී, අයර්ලන්තයේ පශ්චිම අංගමාර රෝග තත්ත්වය හේතුවෙන් අර්තාපල් වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසා මිලියන 0.25 ක් සාගතයට ගොදුරු වී ඇති බව වාර්තා වී ඇත. ඒ හේතුවෙන් මිලියන 0.1 ක ජනගහනයක් එක්සත් ජනපදය වෙත සංක‍්‍රමණය වීමත් සිදු වී ඇත.

මෙයට අමතරව 1800 දී වෛරස් රෝගයක් නිසා එක්සත් රාජධානියේ සහ ජර්මනියේ වගා බිම්වල අස්වැන්න ඉතාමත් අඩු වු බව වාර්තා වී ඇත. මෑතකදී ලැබුණු ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවලට අනුව අර්තාපල් රෝග නිසා අස්වනු හානිය 21.8% බව හෙළි වී ඇත.

මේ නිසා අර්තාපල් වගාව සම්බන්ධ රෝග පිළිබඳ දැනුම, ඒවා හඳුනාගැනීම සහ නියමිත වේලාවට අදාළ පාලන ක‍්‍රම අනුගමනය කිරීම ඉතාමත් අවශ්‍ය බව කිව යුතුය. අර්තාපල් වගාව, දිලීර, බැක්ටීරියා, වෛරස් සහ මයිකොප්ලාස්මා වැනි ව්‍යාධිජනකයින් බෝ කරනු ලබන රෝග 100 කට අධික සංඛ්‍යාවකට පාත‍්‍රවීමේ හැකියාව ඇති බව වාර්තා වී ඇත. සමහර රෝගවල හානිය උෂ්ණාධික තත්ත්ව වලදී අධික වේ.

දිලීර

පශ්චිම අංගමාරය - Phytopthora infestans

ලෝකයේ අර්තාපල් වගාකරන බොහෝ රටවල වගාවන්ට දැඩි ලෙස හානිකරන රෝග අතුරින් මෙම දිලීර රෝගය ප‍්‍රධාන තැනක් ගනී. මෙම රෝගය ප‍්‍රථම වරට 1840 දී වාර්තා වී ඇතත් 1861 දී Anton de Bary විසින් Phytopthora infestans ලෙස හඳුනාගන්නා ලදි.

හිතකර පාරිසරික තත්ත්වයන්

ශීත, තෙතමනය අධික, සුළං සහිත පාරිසරික තත්ත්වයන්වලදී මෙම දිලීර රෝගය ඉතාමත් හානිදායක වේ. එම රෝග තත්ත්වය එම පාරිසරික තත්ත්වයන්වලදීම තක්කාලි, මිරිස් වැනි ශාකවලට ද හානිදායක වේ.

හානිය

ශාක වර්ධනයේ ඕනෑම අවස්ථාවකදී ශාක පත‍්‍ර සහ කඳන් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් මෙම දිලීර ආසාධනය නිසා විනාශවීමේ හැකියාව ඇත. එමෙන්ම රෝග කාරකය වර්ධනය සඳහා හිතකර පාරිසරික තත්ත්ව ඇති විටදී සතියක් පමණ කෙටි කාලයකදී වුව ද ශාක මුළුමනින්ම විනාශ වීමට ප‍්‍රවනතාවයක් ඇත.

අර්තාපල් ආකන්ද වලට සිදුවන හානිය වගා ක්‍ෂේත‍්‍රයේදී හෝ ගබඩාවේ දී සිදුවිය හැකිය. පශ්චිම අංගමාරයට පාත‍්‍ර වූ ශාකවල හානිය අවම වුවත් අස්වැන්න නෙලීමේදී ඇතිවන ආසාධනය නිසා ගබඩාව තුළදී අර්තාපල් ආකන්ද කුණුවීමට ලක්වේ.

රෝග ලක්‍ෂණ

මෙම දිලීර රෝග ලක්‍ෂණ මුලින්ම හඳුනාගත හැකි වන්නේ, ශාකයේ පහළ පත‍්‍රවල අග‍්‍රස්ථයේ ඇති වන තෙත් වූ කුඩා ලප ලෙසය. දිලීර වර්ධනයට පාරිසරික තත්ත්වයන් හිතකර නම් මෙම පැල්ලම් ඉතාමත් සීඝ‍්‍ර‍්‍ර‍්‍ර ලෙස විශාලවීම සිදු වේ. එම පැල්ලම දුඹුරු පැහැති අක‍්‍රමික දාර සහිතව තව දුරටත් සීඝ‍්‍රයෙන් වර්ධනය වේ.


පත‍්‍රවල යටි පැත්තේ පැල්ලම වටා මි.මි. 3-5 ක දාරයක් ලෙස සුදු පැහැති දිලීර ජාලක් වර්ධනය වී පත‍්‍ර මුළුමනින්ම විනාශ වේ. රෝගය උග‍්‍ර වූ විට සම්පූර්ණ ශාකයම කුණුවීම සිදු වේ. එවැනි ශාක වලින් ආවේණික දුගඳක් වහනය වේ.

පශ්චිම අංගමාරයට පාත‍්‍ර වූ ශාකවලින් ලබාගන්නා ආකන්ද එම රෝග කාරකය මඟින් ආසාධනය විය හැකිය. එවැනි ආසාධිත අර්තාපල් ආකන්දවල දුර්වර්ණ වු දුඹුරු පැහැති ඇතිවන මෙම හානිය මි.මී. 5-10 ක් ගැඹුරට වූ පටක කොටස් විනාශ කරයි. මෙම රෝග ලක්‍ෂණ ඉතා පැහැදිලිව දක්නට ලැබෙනුයේ රතු අර්තාපල් ප‍්‍රභේදවලය. තෙත් පැල්ලම් ලෙස මුලින්ම දැක ගතහැකි වුවත් ගබඩාවලදී වියළීම හේතුවෙන්

මෙම ආකන්දවල මතුපිට පෘෂ්ඨයේ ආසාධිත කොටස් වියළී ගොස් තද ගතියෙන් යුත් ගිලූණු පැල්ලම් ලෙස නිරීක්‍ෂණය වේ. මෙම පැල්ලම් ප‍්‍රමාණයෙන් කුඩා හෝ සමහර විට ආකන්දයේ අභ්‍යන්තර පටකවලට පැතිරීමක් සිදුවීම දැක ගතනොහැක. ගබඩාවේ දී හානිය තව දුරටත් වර්ධනය වීමේ ප‍්‍රවනතාවයක් ඇත.

පාලනය

පශ්චිම අංගමාරය සාර්ථකව පාලනය කරගැනීමට නොයෙකුත් පාලන ක‍්‍රම ඒකාබද්ධ ලෙස යොදා ගැනීමට අවශ්‍ය වේ. ක්ෂේත‍්‍ර පවිත‍්‍රතාවය, නිර්දේශිත ප‍්‍රමාණවලින් රසායන ද්‍රව්‍ය භාවිතකිරීම ආදිය පාලන ක‍්‍රම ලෙස දැක්විය හැක. තව ද අසාධිත බීජ අර්තාපල් නව වගාවක් සඳහා යොදා ගැනීම නොකළ යුතුය. එමෙන්ම නව වගා ක්ෂේත‍්‍රයක් සුදානම් කිරීමට පෙර ක්ෂේත‍්‍රයේ තැනින් තැන පැල වී ඇති අර්තාපල් ශාක කොටස් ඉවත්කර පුළුස්සා දැමීම කළ යුතුය.

එමෙන්ම රෝගය පාලනය කරගැනීම සඳහා ප‍්‍රතිරෝධී ප‍්‍රභේද භාවිතකිරීම ඉතාමත්ම වැදගත් වේ.

දැනට වගාකරන ජනප‍්‍රිය ප‍්‍රභේද රාශියක්ම පශ්චිම අංගමාරයට ග‍්‍රාහී වන නිසා ප‍්‍රභේද තෝරා ගැනීම ගැටළු සහගතය. දැනට වගාකරන රාජා, එස්කොටි, මරංකා ආදි ප‍්‍රභේද තරමක් දුරට මෙම අංගමාර රෝගයට ප‍්‍රතිරෝධීතාවයක් දක්වයි. මෑතකදී සීතාඑළිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය මඟින් හඳුන්වාදෙන ලද හිල්ස්ටාර් ප‍්‍රභේදය මෙම රෝගය සඳහා සම්පූර්ණ ප‍්‍රතිරෝධීතාවයක් පෙන්නුම්කරයි.

රසායනික පාලනයේදී භාවිතකළ හැකි දිලීර නාශක වලින් ස්පර්ශක දිලීර නාශක ලෙස මැන්කොසෙබ්, මැනෙබ්, ප්‍රොපිනෙබ් හා ක්ලෝරෝතැලොනිල් භාවිතකළ හැක.

රෝග කාරක වර්ධනයට හිතකර පරිසර සාධක නොමැති ප‍්‍රදේශවල ඉහත සඳහන් දිලීර නාශක මඟින් පමණක් රෝගය මර්දනය කළ හැකි නමුත් නුවරඑළිය වැනි ප‍්‍රදේශවල මීට අමතරව සංස්ථානික දිලීර නාශක ලෙස මෙටලැක්සිල් (Metalaxyl), ඔක්සිඩැක්සිල් (Oxydaxyl)" ප්‍රොපමොකාබ් (Propamocarb), භාවිතකළ හැකිය. විශේෂයෙන් සංස්ථානික දිලීර නාශක යෙදීම කළයුතු වන්නේ තෙත් කාළගුණික තත්ත්වයන් දිගටම පවතින අවස්ථාවලදී පමණි. දිලීර නාශක යෙදීමේදී රෝග කාරකය පැතිරීමට ප‍්‍රථමයෙන් නිර්දේශිත සාන්ද්‍රනයෙන් යුත් දිලීර නාශකය ශාක පත‍්‍රවල උඩු සහ යටි පෘෂ්ඨ දෙකටම හොඳින් ස්පර්ශ වන ලෙස යෙදීම මඟින් සාර්ථකව පාලනය සිදු කළ හැක.

වගා රටාව ක‍්‍රමවත් කරගැනීම තවත් එක් පාලන ක‍්‍රමයක් ලෙස හඳුන්වා දියහැක උදාහරණයක් ලෙස නුවරඑළිය ප‍්‍රදේශයේ අර්තාපල් වගාව, වසර පුරාම සිදුකිරීමට හැකියාව ඇතත් පශ්චිම අංගමාර රෝගය අධික ලෙස වර්ධනය වීම නිරිත දිග මෝසම් වර්ෂා කාලය වන මැයි සිට සැප්තැම්බර් මාසවලදී සිදුවන හෙයින් එම කාල සීමාව මගහැර වගාව ස්ථාපිතකිරීම සහ වගාව ඔක්තොම්බර් සිට අපේ‍්‍රල් යන කාල පරිච්ඡේදයන්ට සීමා කිරීමෙන් මෙම රෝගය පාලනය කිරීම සිදු කළ හැක. ඊසාන දිග මෝසම් වර්ෂාව බලපාන ප‍්‍රදේශවල ජනවාරි සිට අපේ‍්‍රල් දක්වාත්, ජුනි, ජුලි මාසවලදීත් වගාව ආරම්භකිරීම සුදුසුය.

පුර්ව අංගමාරය - (Alternaria solani)

හිතකර පාරිසරික තත්ත්වයන්

රෝගය බහුලව දක්නට ලැබේ. ලෝකයේ අර්තාපල් වගාකරන සියළුම රටවල මෙම රෝගය වාර්තා වී තිබුණත්, පශ්චිම අංගමාරය මඟින් සිදුවන හානිය මෙන් වගා විනාශවීම පිළිබඳව වාර්තා වී නොමැත.

රෝග ලක්‍ෂණ

මේරූ ශාක පත‍්‍රවල දාරයේ සහ අග‍්‍රයේ කුඩා දුඹුරු තිත් ලෙස මුලිකව රෝග ලක්‍ෂණ ඇති වේ. මෙම තත්ත්වය තව දුරටත් විශාල ලෙස වර්ධනය වී පත‍්‍රවල කළු පැල්ලම් ශාක කඳ මත ඇති වියහැක.

ආසාධනය වු පැල්ලම් කාලයත් සමඟ තද දුඹූරු පැහැයක් ගැනීමත්, වියළීම නිසා පහසුවෙන් කැඩෙන සුළු බවක් ඇති වීමත් සිදු වේ. පුර්ව අංගමාර රෝගය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ශාකයේ වයස මාස 1 1/2 ක් පමණ වු විටය. ආසාධිත ලප සියල්ල එකතු වී මුළු පත‍්‍රයම කහ පැහැගැන්වී හැලීම හෝ සම්පූර්ණයෙන්ම ශාකය විනාශ වීමකට ලක් වේ. ආසාධනය වැඩි වූ අවස්ථාවලදී අස්වැන්න විශාල ලෙස අඩුවීමට හැකියාවක් ඇත.


මෙම රෝග කාරකය මඟින් ආකන්ද ආසාධනය වූ විට එහි පැහැය වෙනස් වේ. මතුපිට පෘෂ්ඨය වියළී බවක් පෙන්නුම්කරයි. එසේම ආකන්ද පෘෂ්ඨයේ සුමට බවද නැති වී යයි.

පාලන ක‍්‍රම

උෂ්ණත්වය අධික, වියළි කාළගුණ තත්ත්වවලදී මෙම රෝගය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්ය. ආසාධිත පත‍්‍රවල රෝග කාරක විනාශ නොවී පවතින නිසා පාලන ක‍්‍රමයක් ලෙස මෙවැනි ශාක කොටස් පුළුස්සා විනාශකිරීම නිර්දේශ කළහැක. පුර්ව අංගමාරය පාලනය සඳහා පශ්චිම අංගමාරයට මෙන් රෝගයට ගොදුරුවීම වළක්වාගැනීමට උපක‍්‍රම ලෙස දිලීර නාශක යෙදීමක් අවශ්‍ය නොවේ. නමුත් රෝගය පැතිරීම වළක්වාගැනීම පිණිස බාහිර රෝග ලක්‍ෂණ නිරීක්ෂණය කළ විගස ස්පර්ශක දිලීර නාශක යෙදීම කළ යුතුය. (මැනෙබ්, මැන්කොසෙබ්, ක්ලෝරොතැලොනිල්, ප්‍රොපිනෙබ්* තක්කාලි බෝගය ද මෙම රෝගයට පාත‍්‍ර වන බැවින් තක්කාලි බෝගය සමඟ අර්තාපල් වගාවක් ස්ථාපිතකිරීම නිර්දේශ කරනු නොලැබේ.

දිලීර මඟින් ඇති කරන මැලවීම/වියළි කුණුවීම

හිතකර පාරිසරික තත්ත්වයන්
  • මෙය ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති රෝගයකි.
  • බහුලව ඇතිවන්නේ උණුසුම් දේශගුණ තත්ත්වයන් ඇති ප‍්‍රදේශවලය.
  • ශාකයෙහි මුල් රෝග කාරකය මඟින් ආසාධනය වීමෙන් මුල් සහ ආකන්ද කුණුවීම සිදු වේ.
  • ආකන්ද වල දුඹුරු පැහැ පැල්ලම්, සනාල පටකවල අවපැහැගැන්වීම ද රෝග ලක්‍ෂණයන් වේ.

ගබඩාවේදී ඇතිවන වියළී කුණුවීම

ගබඩා රෝග අතුරෙන් මෙය ඉතා වැදගත් රෝග තත්ත්වයක් වන අතර ආකන්ද හැකිළීම නිසා පරිභොජනයට නුසුදුසු වේ.

රෝග ලක්‍ෂණ

ප‍්‍රථමයෙන් තද පැහැති, යාන්තමින් ගිලුණු පැල්ලම් ආකන්ද මතුපිට ඇති වන ලප ක‍්‍රමයෙන් විශාලවීමත්, ආකන්ද තුළ කුහර ඇතිවීමත් එම කුහර තුළ දිලීර වර්ධනයවීමත් සිදු වේ.දෑකැති හැඩැති බීජානු, ආකන්ද මතු පිටෙහි ඇතිවන රෝස පැහැති බිබිලිවල දැකිය හැකිය.අස්වැන්න නෙලීමේදී ඇතිවන ආකන්ද වලට ඇති විය හැකි හානි නිසා රෝග කාරකය ආකන්ද තුළට ඇතුල් වේ.

ශාක කඳ මත හට ගන්නා පිළිකා සහ කලූ කබොළු රෝගය Stem canker and Black scurf

මෙම රෝග දෙකම Rhizoctonia solani නම් දිලීරය මඟින් ඇති කරයි. අර්තාපල් වගාකරන සෑම ප‍්‍රදේශයකම මෙම රෝග දැකිය හැකි වන අතර විශේෂයෙන් ජර්මනිය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය යන රටවල බහුලව දැකිය හැකිය. මෙම රෝග කාරකයට ජීවත් විය හැකි ධාරක ශාක බහුලව ඇති හෙයින් ඕනෑම පසක ජීවත් විය හැක. තවද ස්ක්ලෙරෝටියම් බීජානු ලෙස පස්වල ද, ඉවත් කරනු ලැබු ශාක කොටස්වල ද ජීවත් විය හැකි නිසා දිගු කාලයක් මෙම රෝග කාරකය පස තුළ ජීවත් වේ. එබැවින් අර්තාපල් ආකන්ද මඟින් පහසුවෙන් රෝගය ව්‍යාප්ත වීම සිදු වේ. එමෙන්ම මෙම රෝග කාරකය මඟින් දියමලංකෑම රෝගය ද හටගන්නා බැවින් වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත් වේ.


මෙම රෝගය 1858 යුරෝපයේදී මුලින්ම හඳුනාගෙන ඇති අතර 1900 දී එක්සත් ජනපදයෙන්ද හමු වී ඇත. පසුව මෙම රෝගය ලොව පුරාම ව්‍යාප්තව ඇත. ඊට හේතු වී ඇත්තේ බීජ අර්තාපල් මඟින් රෝග කාරකය ව්‍යාප්ත වීමට ඇති හැකියාවයි.

රෝගය නිසා සිදුවන හානිය 8-10% පමණ වේ. එසේ සිදු වනුයේ බීජ අර්තාපල්වල අංකුර කුණුවීමත්, අංකුරවල පාදස්ථයට හානිවීමත්, අර්තාපල් ආකන්දයේ මතුපිට පෘෂ්ඨයේ කළු පැහැති කුඩා තිත් වැනි තාර පැල්ලම් ඇතිවීමත් අනතුරුව එම ආකන්ද කුණුවීමට ලක්වීමත් හේතුවෙනි. බීජ අර්තාපල් මඟින් මෙම රෝගය ව්‍යාප්තවීමට හැකියාවක් ඇත.


පාලන ක‍්‍රම

මෙම රෝගය බහුල ලෙස දැකිය හැක්කේ තෙත් සිසිල් කාළගුණ තත්ත්ව යටතේය. ප‍්‍රධාන වශයෙන් මෙම රෝගය පැතිරෙන්නේ ආසාධිත රෝග බීජ ආකන්ද මඟිනි. නීරෝගී, කොළ පැහැ, දිරිමත් අංකුර සහිත බීජ අර්තාපල් ආකන්ද සිටුවීමෙන් මෙම තත්ත්වය සැලකිය යුතු මට්ටමකට අඩු කරගත හැකිය.

මෙම රෝග කාරකයේ බීජානුවලට දීර්ඝ කාලයක් පසේ ජීවත් වියහැකි බැවින් ප‍්‍රතිරෝධී හෝ ග‍්‍රාහී නොවන බෝගයන් සමඟ අවුරුදු 03 ක ශෂ්‍ය මාරු ක‍්‍රමයක් අනුගමනය කිරීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකිය.


වෛරස් රෝග

පත‍්‍ර රෝල්වීමේ වෛරස් රෝගය( PLRV)

ශ‍්‍රී ලංකාව ඇතුළු අර්තාපල් වගාකරන සෑම රටකම පාහේ බහුල වශයෙන් දැකිය හැකි රෝගී තත්ත්වයකි. රෝගය තීව‍්‍ර අවස්ථාවන්වල දී අස්වනු හානිය 80% දක්වා ඉහළ යාහැකිය.

රෝග ලක්‍ෂණ

ක්ෂේත‍්‍රයේදී දෙයාකාරයකට රෝගය දැකිය හැකිය.

  • පවතින වගා කන්නය තුළ දී වාහකයා මඟින් ඇතිකරන රෝගය නිසා ළපටි පත‍්‍ර උඩු අතට රෝල් වීම, පත‍්‍ර ඝන කහ පැහැවීම සහ ඇදෙන සුළු (හම් වැනි) ස්වභාවයක් පෙන්නුම්කරයි. සමහර ප‍්‍රභේදවලට රෝගය ආසාධනය වූ විට පත‍්‍ර දම් හෝ රතු, රෝස පැහැයක් ගනී. බෝගයේ පසු අවස්ථාවන්හි දී ආසාධනයවීමෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම්කිරීමක් සමහර විට සිදුනොවේ.
  • ද්විතියික ආසාධන පෙන්නුම්කරන්නේ ආසාධිත බීජ සිට වූ වගාවන්වලදීය. පහළ පත‍්‍ර උඩු අතට රෝල්වීමත්, පැළ කුරුවීමත්, සෘජුව ඉහළට වර්ධනයවීමත් දක්නට ලැබේ. ඉහළ පත‍්‍ර ලා කොළ පැහැයට හැරෙයි.
පාලන ක‍්‍රම

බීජ අර්තාපල් වගාවකදී නම් රෝග ලක්‍ෂණ පෙන්නුම්කරන පැළ නිසි අවස්ථාවේදී ගලවා විනාශකිරීම මඟින් පැතිරීම වලක්වා ගතහැකිය.

වාහකයන් මඟින් ඇතිකරන රෝගයක් නිසා වාහකයාගේ ගහන අඩු ප‍්‍රදේශ සහ කාල පරාසයන් වගාව සඳහා තෝරාගතයුතුය.

දිගටම පවතින මීදුම, ඉහළ ආර්ද්‍රතාවය, අධික වැස්ස, සාමාන්‍ය සුළඟ, අඩු උෂ්ණත්වය යන සියලූ කාළගුණ තත්ත්වයන් කුඩිත්තන් අඩුකිරීමට හේතු වේ.

කුඩිත්තන් පාලනය සඳහා ක‍්‍රමානුකූලව සහ නිසි කලට පරිසර්පණ කෘමි නාශක භාවිතකිරීමෙන් රෝගය වළක්වා ගතහැකිය.


අර්තාපල් වෛරස් :

මෙම වෛරසය තීව‍්‍ර විචිත‍්‍ර වෛරසයක් ලෙස ද හඳුන්වයි. මෙම රෝගය නිසා නාරටි තද කොළ පැහැයකට හැරෙයි. පත‍්‍ර රෝල්වීම වෛරසය හැරුණු විට වැඩිපුරම වගාවන්වල දක්නට ලැබෙන වෛරස් රෝගය මෙයයි. ආසාධිත බීජ මඟින් හෝ කුඩිත්තන් මඟින් රෝගය බෝවන අතර දරුණු අවස්ථාවකදී අස්වනු හානිය 80% තෙක් ඉහළ යයි.

රෝග ලක්‍ෂණ

ප‍්‍රභේදය අනුව රෝග ලක්‍ෂණ වෙනස් වේ. පැළ කුරුවීම, පත‍්‍ර නැමී වැටීම, පත‍්‍ර හා නටුවල පැහැය නැතිවීම දක්නට හැකිය. පත‍්‍රයේ යටි පැත්ත බැලූ විට නාරටි කළු පැහැයෙන් දිස්වන අතර වඩා ග‍්‍රාහී නොවන ප‍්‍රභේදවල පත‍්‍රවල කහ පැහැ පැල්ලම් (විචිත‍්‍ර ලක්‍ෂණ) මඳ වශයෙන් ඇති වේ.


පාලන ක‍්‍රම

නිරෝගී බීජ අර්තාපල් භාවිතය සහ නිසි වේලාවට පරිසර්පන කෘමි නාශක භාවිතයෙන් කුඩිත්තන් පාලනයකිරීම මඟින් මෙය වළක්වා ගතහැකිය. බීජ වගාවකදී ආසාධිත පැළ ගලවා විනාශකිරීමත් රෝග පාලනයට ඉවහල් වේ.

අර්තාපල් වෛරස් : (PVX)

මෙයද විචිත‍්‍ර වෛරසයක් රෝගයක් ලෙස හඳුන්වයි. මෙම රෝග තත්ත්වය නිසා ඇති වන අස්වනු හානිය 10% කට වැඩි අතර ආසාධිත බීජ අර්තාපල් මඟින්, ආසාධිත ශාකවල යුෂ මඟින්, ගොවිපල උපකරණ සහ යන්ත‍්‍ර මඟින් හා කම්කරුවන් නිසා රෝගය පැතිරෙයි. එසේම ආසාධිත ශාක, නිරෝගී ශාක සමඟ ස්පර්ෂවීම ද රෝගය පැතිරීමට හේතු වේ.

රෝග ලක්‍ෂණ
ලා කොළ සහ තද කොළ පැහැයෙන් යුත් විචිත‍්‍ර පත‍්‍ර මඟින් රෝගය හඳුනා ගතහැකිය.


බැක්ටිරීයා රෝග

බැක්ටීරියා හිටුමැරීම (Ralstonnia solanacearum)

සමහර අවස්ථාවල දී දුඹූරු කුණූවීම ලෙසද හªන්වන මෙම තත්ත්වය උණුසුම් දේශගුණය සහිත ප‍්‍රදේශවල බහුලව දැකිය හැකිය. නිවර්තන රටවල මෙය ඉතාමත් හානිදායි වන අතර දකුණු ඇමරිකාව, ඉන්දියාව (තැනිතලා භූමි) සහ ඕස්ෙටි‍්‍රලියාවේ සමහර පළාත්වල විශේෂයෙන් දැකිය හැකිය. ශ‍්‍රී ලංකාවේ මෙම තත්ත්වය බහුලව දැකිය හැක්කේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ වගාවන් තුළය. අඩි 500 ට අඩු උච්චත්වයන්වල දී මෙමඟින් සිදුවන වගාහානිය ඉතා ඉහළය.


රෝග ලක්‍ෂණ

ප‍්‍රථම රෝග ලක්‍ෂණ හඳුනාගත හැක්කේ උණුසුම් දිනවලදීය. දිවා කාලයේ පත‍්‍ර අග‍්‍රස්ථයන් මැලවීම සහ සන්ධ්‍යා කාලයේදී යථා තත්ත්වයට පත්වන අතර පසු දිනයේදීත් මෙම තත්ත්වය නිරීක්‍ෂණය කළ හැකිය.

සමහර විට මෙම මැලවීම පත‍්‍රයක එක පැත්තක හෝ එක් ශාකාවක පමණක් වියහැක. ආසාධිත ශාක කුරුවීමත්, කහ පැහැගැන්වීමත් නිරීක්‍ෂණය කළහැකි අතර, පසු අවස්ථාවල දී කඳ දුඹූරු පැහැගැන්වීම දැකියහැක. කඳ කුණූවීම හා සම්පූර්ණයෙන්ම මැරියාම සිදු වන අතර, බැක්ටීරියා වලින් වෑස්සෙන යුෂ (OOZC) හේතුවෙන් අනෙකුත් මැලවීම්වලින් ද පැහැදිලිව වෙන්කර හඳුනාගතහැකි වේ.

ආසාධිත ආකන්දවල සනාල පටක දුඹුරු පැහැගැන්වීම ප‍්‍රථමයෙන් දැක ගතහැකි අතර ද්වීතියික ආසාධනය නිසා ඇතුළත කුණූවීම සිදු වේ.

ආකන්දයේ ප‍්‍රරෝහ හටගන්නා ස්ථානවලින් (ඇස්) බැක්ටීරියා යුෂ පිටවීම නිසා එම තැන්වල පස් ඇලී තිබීමෙන් රෝගය පහහසුවෙන් හඳුනාගතහැක. ආසාධිත ආකන්දයන් කපා බැලූ විට සනාල පටකවලින් අඳුරු පැහැයට හුරු සුදු පැහැති යුෂ ගැලීමක් දැක ගතහැකිය.


පාලන ක‍්‍රම

මෙම රෝගයට සුදුසු පාලන ක‍්‍රම කිසිවක් හªනාගෙන නොමැති වුවත් නිවැරදි ශෂ්‍ය මාරු ක‍්‍රම අනුගමනය කිරීමෙන් හා නිරෝගී බීජ අර්තාපල්, වගාව සඳහා යොදාගැනීමෙන් හානිය අවමකර ගතහැකිය. රෝගයට පාත‍්‍ර නොවන බෝගයන් සමඟ, උදාහරණ ලෙස වී සහ අනෙකුත් ධාන්‍ය, තෘණ සමඟ ශෂ්‍ය මාරු කිරීමත්, බීජ අල කපා සිටුවන විට දී යොදාගන්නා පිහි, නටන වතුරෙහි ගිල්වා හෝ දැල්ලට අල්ලා ජීවාණුහරණයකර භාවිතකිරීමත් අනිවාර්යයෙන්ම කළ යුතුය. ප‍්‍රතිරෝධි ප‍්‍රභේද වගාකිරීම ඉතාමත් සුදුසු ක‍්‍රමයක් වුවත් කිසිදු වාණිජ ප‍්‍රභේදයක් මෙම රෝගයට සැලකිය යුතු ප‍්‍රතිරෝධීතාවයක් නොදක්වයි.


කළුපාද රෝගය/මෘදු කුණුවීම (Erwinia caratovora)

හිතකර පාරිසරික තත්වයන්

කළුපාද රෝගය නිසා ආකන්දවල මෘදු කුණුවීම සිදු වේ. යුරෝපය ඇතුළු අර්තාපල් වගාකරන බොහෝ රටවල මෙම රෝග තත්ත්වය ඇති අතර, ශ‍්‍රී ලංකාවේ නුවරඑළියේ ජලය රඳා පවතින ඉඩම්වල රෝගය ඇති වියහැකිය. විශේෂයෙන්ම මේ නිසා වන වගාහානිය ඉහළ අගයක් ගන්නේ ආර්ද්‍රතාවය වැඩි දේශගුණික තත්ත්වවලදීය.

තෙතමනය ඉහළ තත්ත්වයක් පවතින්නේ නම් ශාක වර්ධනයේ ඕනෑම අවස්ථාවකදී මෙම රෝගය හටගැනීමට ඉඩ ඇත.


රෝග ලක්‍ෂණ

සෙවල වැනි කළු පැල්ලම් කඳේ පාදස්ථයේ සිට ඉහළට වර්ධනය වන බව නිරීක්‍ෂණය කළහැකිය. ආසාධිත ශාක කහ පැහැයෙන් යුක්තව කුරු වූ ස්වභාවයක් පෙන්වන අතර වගාවක තැනින් තැන හෝ සමුහ වශයෙන් මෙම රෝග තත්ත්වය ඇති වේ. පැළ ලපටි අවස්ථාවේ දී රෝගය ආසාධනය වීමෙන් පැළ සෘජු වී කුරු වී වැඬේ. උඩු අතට රෝල් වීම, මැලවීමේ තත්ත්වය ඇති කරවන අතර, පසුව මියයයි. තෙත් කාළගුණ තත්ත්ව හෝ වතුර රඳා පවතින ඉඩම් වල කඳන් සහ ආකන්ද කුණුවීම සීඝ‍්‍රයෙන් සිදු වේ.


පාලන ක‍්‍රම

නිරෝගී බීජ අල වගාවට භාවිතකිරීමෙන්, බෝග සනීපාරක්ෂාව නිසි ලෙස පවත්වාගැනීමෙන් සහ ධාරක නොවන බෝගයන් ධාන්‍ය සමඟ ශෂ්‍ය මාරු ක‍්‍රමයක් අනුගමනය කිරීමෙන් පහසුවෙන් මෙම තත්ත්වය වලක්වා ගතහැකිය.

ආසාධිත වගාවකින් ලබාගන්නා අල, බීජ ලෙස භාවිතනොකිරීමෙන්, අල කපා සිටු වීමෙන් වැළකීමත් රෝගය වළක්වා ගැනීමට මහඟු ලෙස උපකාරී වේ. වගාවේ අවශ්‍යතාවයට වඩා ජලය සම්පාදනය කිරීමෙන් වැලකී සිටිය යුතු අතර, හානි අවම වන ලෙස අස්වනු රැස්කිරීම, හිරුඑළියට නිරාවරණය වීමත් වැලැක්විය යුතුය.


ස්කැබ් රෝගය (Comman scab) Streptomyces scabies

පස ඉහළ ආම්ලිකතාවයක් නොපෙන්වන, ලෝකයේ අර්තාපල් වගාකරන සෑම ප‍්‍රදේශයකටම පොදු රෝගයකි. මෙ මඟින් සිදුවන අස්වනු හානිය 15-25% ක් තරම් වන අතර ආසාධිත අලවල ශ්‍රේණිය සහ වෙළඳපොළ අගය අඩුවීමට ප‍්‍රධාන වශයෙන් බලපායි. ආසාධිත අල, බීජ ලෙස යොදා නොගත යුතුයි. නිරෝගී අලවලට සාපේක්ෂව ගබඩාවේදී විනාශවීම ඉක්මනින් සිදු වේ.


රෝග ලක්‍ෂණ

රෝගයේ ආරම්භක අවස්ථාවේදී මෙය කුඩා දුඹුරු පැහැති පැල්ලම් ලෙස දැකිය හැකිය. පස ඉහළ ආම්ලිකතාවයක් නොපෙන්වන, ලෝකයේ අර්තාපල් වගාකරන සෑම ප‍්‍රදේශයකටම පොදු රෝගයකි. මෙ මඟින් සිදුවන අස්වනු හානිය 15-25% ක් තරම් වන අතර ආසාධිත අලවල ශ්‍රේණිය සහ වෙළඳපොළ අගය අඩුවීමට ප‍්‍රධාන වශයෙන් බලපායි. ආසාධිත අල, බීජ ලෙස යොදා නොගත යුතුයි. නිරෝගී අලවලට සාපේක්ෂව ගබඩාවේදී විනාශවීම ඉක්මනින් සිදු වේ.

මේ නිසා ලංකාවේ කඳුකර ප‍්‍රදේශයේ ආම්ලික පසේ හා වැඩි උෂ්ණත්ව පරාසයක මෙම රෝග කාරකයට ජීවත් වීමේ හැකියාවක් ඇතත්, වැඩි උෂ්ණත්වය සහ අඩු තෙතමනය, ගහණය ඉහළ නැංවීමට වඩාත් හිතකර වේ. මේ නිසා සැහැල්ලූ වැලි පස්වලදී රෝගය ඇතිවීමේ ප‍්‍රවනතාවය ඉහළය. ජලය රඳාපවතින සහ පාංශු වාතය අඩු තත්ත්වවලදී බැක්ටීරියාව ගුණනයවීම ඉතාමත් අඩුය. රෝග කාරකය සහිත අර්තාපල් ආහාරයට ගන්නා සතුන්ගේ මළ ද්‍රව්‍ය නිසා අළුත් ඉඩමකට මෙම රෝග කාරකය ඇතුළු වියහැකිය.


පාලන ක‍්‍රම

ආසාධිත ආකන්ද බීජ ලෙස භාවිතාකිරීමෙන් රෝග කාරකය නව ක්ෂේත‍්‍රයකට හªන්වාදීම සිදු වේ. නිරෝගී බීජ අර්තාපල්, රෝග කාරකය රහිත ඉඩම්වල සිටුවීම, දීර්ඝ බෝග මාරු ක‍්‍රමයක් අනුගමනය කිරීම, කොළ පොහොර පසට එකතුකිරීම වැනි ක‍්‍රම මඟින් රෝගය වළක්වා ගතහැකි අතර පසට හුණු මිශුකිරීම රෝග තත්ත්වය ඉහළ නැංවීමට හේතු වන බව පෙනී ගොස් ඇත.


කායික විෂමතා

කළුහදවත් රෝගය Black heart


මෙය රෝග කාරකයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් නොව, කායික විද්‍යාත්මක හේතූන් නිසා හටගන්නා තත්ත්වයකි.

ක්ෂේත‍්‍රයේදී සහ ගබඩාවේදී යන අවස්ථාවන් දෙකෙහිදීම දැකිය හැකි අතර ශාක වලට නිසි ආකාර ලෙස වාතය නොලැබීම මෙම තත්ත්වය ඇතිකිරීමට හේතු වේ.නිරෝගී ආකන්ද ලෙස මතු පිටින් පෙනුනද ආසාධිත අල කපා බැලූ විට මාංශල කොටසේ මධ්‍යස්ථයේ කළු පැහැයක් දක්නට ලැබේ.ගබඩාවේදී මෙම තත්ත්වය වැඩි දියුණු වී ආකන්ද මතුපිට ගිලූණු ලප ලෙස දර්ශනය වේ.සමහර අවස්ථාවල දී ආකන්දයේ මතු පිට අවපැහැගැන්වී, තෙත් වූ ස්වභාවයක් පෙන්වන අතර ද්විතියික අසාධන නිසා ආකන්ද ශිඝ‍්‍ර ලෙස විනාශ වේ.මේ තත්ත්වය වඩාත් තීව‍්‍රකිරීමට වැඩි උෂ්ණත්වය සහ දුර්වල වාතනය හේතු වේ.මේ නිසා බීජ අර්තාපල් ගබඩා කිරීමේදී වාතනය නිසි ලෙස සිදුවන පරිදි නොගැඹුරු ලෙස අසුරා ගබඩාකර තැබිය යුතුය.

ගබඩා කිරීමට පෙර හානි වු හා රෝග ආසාධිත ආකන්ද ඉවත් කරන්න.


ගබඩා කිරීම

හොඳින් වාතාශ‍්‍රය ඇති අඳුරු කාමරයක ආකන්ද 2 කට අඩු, ඝනකම ඇති තට්ටු ලෙස ගබඩා කරන්න.



වගාවෙන් 80% ක් පමණ කහ පාට වු විට අස්වනු නෙලීම සඳහා සුදුසු තත්වයේ පවති. උඩරට ප‍්‍රදේශ වල අස්වැන්න නෙලීමට දින 10 කට පමණ පෙර, ශාක කඳන් පොළව මට්ටමෙන් කපා දැමීම තුලින් මේරීම ඉක්මන් වේ.


අල කිහිපයක් ගලවා ඇඟිල්ලෙන් තද කරන විට පිට පොත්ත නොගැලවේ නම්, එම අල ගැලවිමට සුදුසු අවස්ථාවේ පවතින බවට තවදුරටත් තහවුරු කර ගත හැක.


අස්වැන්න නෙලන විට අර්තාපල් අල වලට හානි නොවන සේ ගැලවිය යුතුය. එම අවස්ථාවේදී ම පළුදු වු අල හා නරක් වු අල වෙන් කිරීම සුදුසුය.