Division of Agro-Climatology and Climate Change – SI

ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අංශයන්

කෘෂි දේශගුණ විද්‍යා සහ දේශගුණික විපර්යාස අංශය

  • ජාතික කෘෂි-කාලගුණ නිරීක්ෂණ ජාලය සහ එහි දත්ත ගබඩාව සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම
  • කෘෂිකර්මාන්තයේ තීරණ ගැනීමේ මෙවලමක් ලෙස සෘතුමය/කන්න සහ මාසික කෘෂි-කාලගුණ පාදක උපදේශන නිකුත් කිරීම
  • අනපේක්ෂිත කාලගුණික විපර්යාස හේතුවෙන් සිදුවන වගා හානි අවම කර ගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මධ්‍යම හා කෙටි කාලීන කාලගුණ අනාවැකි මත පදනම්ව කෘෂිකාර්මික තොරතුරු නිකුත් කිරීම.
  • දේශගුණික විචල්‍යතාවය, දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ කටයුතු සහ අනෙකුත් කෘෂි දේශගුණ විද්‍යාව ආශ්‍රිත සහයෝගීතා අධ්‍යයනයන්
ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප

පර්යේෂණ සහ ප්‍රකාශන

  • කෘෂි දේශගුණ විද්‍යාව සහ දේශගුණික විපර්යාස අංශයේ පර්යේෂණ හා ප්‍රකාශන

සේවාවන්

  • කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පර්‍යයේෂකයන්ට, වෙනත් රජයේ ආයතනයන්ට, විශ්ව විද්‍යාල හා අනෙක් අධ්‍යාපන ආයතනවලට සහ  පුද්ගලයන්ට ඉල්ලීම පරිදි කෘෂි දේශගුණික දත්ත ලබාදීම
  • සෘතුමය සහ මාසික කෘෂිකාර්මික තොරතුරු සහ කාලගුණය පදනම් කර ගත් කෙටි පණිවුඩ  දැනුවත් කිරීම
  • කෘෂි-පාරිසරික තොරතුරු වැනි කෘෂි දේශගුණ විද්‍යාව සම්බන්ධ තොරතුරු නිකුත් කිරීම
ඒ.බී. අබේසේකර මිය

සහකාර අධ්‍යක්ෂ ප්‍රධාන කෘෂී විද්‍යාඥ(කෘෂි දේශගුණ විද්‍යාව)