
- ලිපිනය : පැළෑටි වෛරස් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය ගබඩාවත්ත,හෝමාගම
- විද්‍යුත් තැපෑල : doapvic@gmail.com
- දුරකථන : +94 112 895598
- ෆැක්ස් : +94 112 895598
පැළෑටි වෛරස් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය
හැඳින්වීම
පැලෑටි වෛරස් සුචිගත කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ ගොවි ජනතාවගේ ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ නැංවීමේ කේන්ද්‍රස්ථානයක් වීය. ශාක වෛරස් හා වෙනත් රෝගකාරක බෝවන රෝග හේතුවෙන් බෝග හානි අවම කිරීම සඳහා පවතින තාක්‍ෂණය දියුණු කිරීම හා වැඩිදියුණු කිරීම තුළින් මෙය සාක්ෂාත් කර ගනු ඇත. නවීන උපකරණ සහ පුහුණුව ලත් කාර්ය මණ්ඩලය සහිත හොඳින් සන්නද්ධ රසායනාගාර වල පහසුකම් සලසා ඇත. සාමාන්‍ය වෛරස් විද්‍යාගාරයක් මඟින් වෛරස් විද්‍යාත්මක ගැටළු සියල්ලටම ප්‍රතිකාර කරන අතර පටක වර්‍ග, වෛරස් වසංගත රෝග විද්‍යා සහ අණුක වෛරස් විද්‍යාගාර විශේෂිත සේවා සපයයි. වෙනත් රෝග කාරක ජීවීන් හඳුනා ගැනීම ද වෙනම රසායනාගාරයක සිදු කෙරේ. ඊට අමතරව ගොවීන්ට සහ සෙසු අයට මෙන්ම පුහුණු කටයුතු සඳහා ද නව සොයා ගැනීම් බෙදා හැරීම සඳහා තාක්‍ෂණ හුවමාරු අංශය පිහිටුවන ලදී.

ආයතනයේ ඉතිහාසය
පැළෑටි වෛරස් හදුනා ගැනීමේ මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 1999 වර්ෂයේදී හෝමාගම, ගබඩාවත්තේදී, ස්ථාපනය කරන ලදී.මෙම මධ්‍යස්ථානය අක්කර 05 ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර එයින් අක්කර 03 ක වපසරියක් පර්යේෂණ වගාවන් සඳහා යොදා ගෙන ඇත.
දිවයිනේ ඕනෑම දේශගුණික කලාපයක වු බෝග වලට වැළදෙන වෛරස් හා අනෙකුත් ව්‍යාධිජනක රෝග පිළිබද පර්යේෂණ කටයුතු පුළුල් අන්දමින් මෙහිදී සිදු කරනු ලැබේ.ඒ සදහා අවශ්‍ය රසායනාගාර හා අදාළ පහසුකම් අප සතුව ඇත. එනම් ජාන තාක්ෂණ රසායනාගාර, මස්තු විද්‍යා රසායනාගාර, ව්‍යාධිවේදී රසායනාගාරය හා පටක රෝපණ රසායනාගාරයන්ය.
මෙයට අමතරව අනෙකුත් ව්‍යාධිජනකයින් හඳුනා ගැනීමටද රසායනාගාර පහසුකම් අප මධ්‍යස්ථානයේ පවතී. මෙම ආයතනයේ සිදු කෙරෙන පර්යේෂණ තොරතුරු ගොවි ජනතාව වෙත රැගෙන යාමට තාක්ෂණික තොරතුරු හුවමාරු කිරීමේ අංශයක්ද පිහිටුවා ඇත.

අරමුණු
ශාක වෛරස ඇතුළු අනෙකුත් ව්‍යාධජනකයින් පිළිබඳ කෙරෙන පර්යේෂණ තුළින් ගොවීන්ගේ ආර්ථික හා සමාජයීය තත්ත්වය ඉහළ නංවාලීමට කටයුතු කරන ජාතික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම.
කාර්යභාරය
- ශාක වෛරස හා අනෙකුත් ව්‍යාධිජනකයින් හඳුනා ගැනීම හා එම රෝග කාරක වගා ක්ෂේත්‍ර වලින් තුරන් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජාතික මෙහෙවරක් ඉටු කිරීම.
- එළවළු, පළතුරු, මල්, අල බෝග, විසිතුරු පැළ වගාවන් හා අනෙකුත් කෂිකාර්මික බෝග වර්ග ප්‍රවර්ධනය පෙරදැරි කොටගත් තිරසාර හා ඵලදායි පර්යේෂණ දියත් කිරීම.

පරමාර්ථ
- අනෙකුත් ව්‍යාධිජනකයන් හදුනා ගැනීමේ ක්‍රමවේදයන් ඉතා සංවේදී, පරිසර හිතකාමී හා ආර්ථික ඵලදායි ආකාරයට වැඩිදියුණු කිරීම හා ඒවා භාවිතයට යොදා ගැනීම.
- ශාක රෝග හදුනා ගැනීම සදහා අවශ්‍ය වන “ප්‍රතිමස්තු කට්ටල” දේශීය වශයෙන් නිපදවීම හා ඒම ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම.
- ශාක නිරෝධායනය සදහා වු රෝග හඳුනා ගැනීමේ පරීක්ෂා වලට සහාය වීම.
- වෛරස රෝග බෝවීම හා පැතිරීම වැළැක්වීමේ ක්‍රම පිළිබද තාක්ෂණය දියුණු කිරීම හා ඒම තොරතුරු සම්බන්ධව ගොවි ජනතාව දැනුවත් කිරීම.
- විශ්ව විද්‍යාල, රාජ්‍ය හා පුද්ගලික අංශයේ ව්‍යාප්ති ආයතන සමග සම්පත් හා දැනුම හුවමාරු කරගැනීම හා සහයෝගික පරීක්ෂණ සිදු කිරීම.
- වෛරස රෝග වලට අමතරව අනෙකුත් රෝග කාරකයන් හදුනා ගැනීම පිළිබද පරීක්ෂා සිදු කිරීම.
- පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් වෛරස් රෝග වලින් තොර මුලික රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබද පර්යේෂණ හා ක්ෂේත්‍ර තුළදී ඒවා ඇගයීම් වලට ලක් කිරීම.
- පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් kßmojq වෛරස් රෝග වලින් තොර මුලික රෝපණ ද්‍රව්‍ය djßPk;dj fj; ,ndoSu

සපයන සේවාවන්
- වෛරස රෝග හා අනෙකුත් රෝග කාරකයන් හදුනා ගැනීමේ පරීක්ෂාවන් සිදුකර උපදෙස් ලබාදීම.
- සීඝ්‍ර ගුණනය කිරීමේ වැඩසටහන් සඳහා වෛරසයන්ගෙන් තොර මුලික රෝපණ ද්‍රව්‍ය තෝරාගත් බෝග සඳහා සැපයීම හා උපදෙස් ලබාදීම.
- දේශීයව නිපැයු රෝග හඳුනා ගැනීමේ ප්‍රතිමස්තු කට්ටල ලබාදීම.
- ශාක වෛරස තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට අවශ්‍ය වන තාක්ෂණික දැනුම ලබාදීම.
- වෛරස රෝග හදුනා ගැනීමේ නවීන තාක්ෂණික ක්‍රම හා ඒවා වැළැක්වීමේ ක්‍රම හදුන්වා දීම.
- අනෙකුත් ව්‍යාධිජනකයන් මගින් ඇති වන රෝග තත්ත්වයන් හඳුනා ගැනීම පිළිබඳව අදාළ අංශ වෙත පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධ වී අපගේ සේවාවන් පුළුල් ලෙස කරගෙන යාම මගින් මානව සම්පත් සංවර්ධනයට දායක වීම.
- ඉහළ ගුණාත්මයෙන් යුතු රෝපණ ද්‍රව්‍ය නිපදවීම හා ඒවා ගොවීන් වෙතට සැපයීමට කටයුතු කිරීම.
- කෘෂිකාර්මික වගා ක්ෂේත්‍රයන් තුල රෝග හා ඒවා පතුරුවන පලිබෝධකයන් මර්දනය කිරීම සඳහා ලාභදායී වුත් පරිසර හිතකාමී හා කාර්යක්ෂම ක්‍රමවේදයන් දියුණු කර ගෙdවි ජනතාවට ලබාදීම.
- අපගේ පර්යේෂණ හා ගොවි ක්ෂේත්‍ර තුළදී ලබාගත් තොරතුරු පරිඝණක දන්ත එකතුවක් ලෙස පවත්වා ගෙන යාම.
- ශාක වෛරස් රෝග හා ඒවා මර්දනය කිරීම පිළිබඳව තාක්ෂණික උපදෙස් ඇතුළත් අත් පත්‍රිකා අදාළ ගොවීන් වෙත ලබාදීම.
- ක්ෂේත්‍රය තුළදී ගොවීන්ට ඇතිවන වෛරස් ඇතුළු අනෙකුත් රෝග පිළිබඳ ගැටළු වලදී අදාළ ක්ෂේත්‍ර වලටම ගොස් පරීක්ෂා කර බලා අවශ්‍ය උපදෙස් ලබාදීම හා තාක්ෂණික දැනුම ලබාදීම.
- සුළු පරිමාණයේ හා මහා පරිමාණයේ කෘෂි ව්‍යවසායකයින්ගේ වගා ආරම්භයේ සිටම අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශයන් සැපයීම.
- ජනමාධ්‍ය මගින් ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා රෝග පලිබෝධ පාලන ක්‍රම පිළිබඳ අවබෝධය ලබාදීම.
whŸˉï iyß;
- ffjria රෝග හදුනා ගැනීමේ පරීක්ෂා ( mÍiÍwdra $ t,hßid&
- mgl fr`mkh mß<ßU| mqyqkq lßrÍï
තාක්ෂණික අංශය
DNA හා RNA පදනම් කරගත් තාක්ෂණික ක්‍රමවේදයන් ඉහළ නැංවීමෙන් වෛරස හා අනෙකුත් ව්‍යාධිජනකයන් හඳුනා ගැනීමේ පරීක්ෂා එහි කාණ්ඩ හා මාදිලි මට්ටම දක්වා අධ්‍යයනය කර රෝගී තත්ත්වයන් නිවැරදිව හඳුනාගෙන රෝග පැතිරීම පාලනයට පියවර ගැනීම හා ඒ සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදු කිරීම.
ගොවීන්ට ක්ෂේත්‍ර මට්ටමේදී නිවැරදිව රෝග හඳුනා ගැනීම සඳහා උපයෝගී කරගතහැකි මස්තු තාක්ෂණය පදනම් කරගත් පරීක්ෂා කට්ටල නිෂ්පාදනය හා ඒවා ආධාරයෙන් රෝග හඳුනා ගැනීම හා මස්තු තාක්ෂණ ක්‍රමවේදයන් පදනම් කරගනිමින් වෛරස රෝග පාලනය හා සම්බන්ධ පර්යේෂණ සිදු කිරීම.
ජාන ඉංජිනේරු විද්‍යා අධ්‍යයනයන් සිදු කිරීමේ අරමුණු ඇතිව මෙම අංශය ස්ථාපනය කරන ලදී. පටක රෝපණ තාක්ෂණය උපයෝගි කර ගනිමින් කිණක රෝපණය, කළල රෝපණය ආදි තාක්ෂණික ක්‍රම මෙහිදී අධ්‍යයන කටයුතු සදහා යොදා ගන්නා අතර මේ වන විට පටක රෝපණ අංශය තුල සුදුසු රෝපණ මාධ්‍ය හදුනාගැනීම, මුල් ඇද්ද වීම, අංකුර ගුණනය, ගැමා jSකිරණh ආදී තාක්ෂණයන් පිළිබද පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතී. මීට අමතරව පටක රෝපණය ආධාරයෙන් නිරෝගී රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයද මෙම අංශය මගින් සිදු කරනු ලබයි.
වෛරස රෝග ව්‍යාප්තිය සිදු කරන වාහක කෘමීන් හදුනා ගැනීම හා ඒ සම්බන්ධ පර්යේෂණ සිදු කිරීම.
දිලීර හා බැක්ටීරියා වැනි අනෙකුත් රෝග කාරකයන් හදුනා ගැනීම හා ඒ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම.
ගොවීන්ගේ ක්ෂේත්‍ර ගැටළු වලට පිළියම් ලබාදීම හා පුහුණු වැඩසටහන් පැවැත්වීම
FRUIT CROPS

Mango

Pineapple

Avacado

Banana

Watermelon

Jamanaran

Duriyan

Papaw
ආයතන ප්‍රධානී
එස්.එස්. පත්තිනිගේ මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) (රාජකාරී ආවරණ)
- +94 71 812 0055
- +94 11 289 5598
- sujanipaththinige@yahoo.com
අංශයන්හි නිළධාරීන්
වෛරස විද්‍යා අංශය
ආචාර්ය ජී.ජී. එස්.යූ. ගමගේ මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(පර්යේෂණ)
- +94 71 865 9015
- uthpalaggs@yahoo.com
- gamage.ggsu@doa.gov.lk
පටක රෝපණ අංශය
එල්. ජී. අයි. සමන්මලී මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(පර්යේෂණ)
- +94 71 441 9320
- smanpvic919@gmail.com
ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශය
බී.ජී.සී.ඒ. ගම්ලලන් මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(පර්යේෂණ)
- +94 70 436 8066
- gamlathg@gmail.com
වෛරස වසංගතවේදී අංශය
එන්.එච්. ජයවර්ධන මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(පර්යේෂණ)
- +94 71 681 8133
- hansajy@gmail.com
- පැලෑටි වෛරස් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය, ගබඩාවත්ත, හෝමාගම
- doapvic@gmail.com
- +94 11 289 5598
- +94 11 289 5598
-
විවෘතයි : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30m සිට ප:ව: 4.15 දක්වා.
(සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)