Agriculture Research Station – Rahangala – S

1 horana logo

කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය

හැදින්වීම

පලතුරැ පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස රහංගල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය කටයුතු කරයි. 1978 වර්ෂයේ ජුනි මාසයේ පිහිටුවන ලද මෙම ආයතනය 2019 වර්ෂය දක්වා උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස සෞම්‍ය කලාපීය පලතුරැ බෝග සහ උඩරට එළවළු වගාව හා සම්බන්ධ පර්යේෂණ සිදුකර ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ උඩරට අතරමැදි කලාපය සහ නුවර එළිය දිස්ත්‍රික්කය තුල වගා කිරීමට විභවයක් ඇති පලතුරැ ප්‍රභේද, එනම් සෞම්‍ය කලාපීය පලතුරැ බෝග සම්බන්ධව පර්යේෂණ සිදුකරන එකම ආයතනය මෙම ආයතනය වේ.

ආයතනයේ ඉතිහාසය

1958 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බොරලන්ද ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් උප කාර්යාලයක් බොරලන්ද නගරයේ ස්ථාපනය කර ඇත. මෙම කාර්යාලය පරයේෂණ අංශය, උද්‍යාන විද්‍යා ගොවිපොල හා බීඡ ගබඩාව ලෙස අංශ තුනක් යටතේ පවත්වාගෙන ගොස් ඇති අතර 1978 වර්ෂයේ සිට පර්යේෂණ ආයතනය උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ක්‍රියාත්මක වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. රහංගල කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය බොරලන්ද නගරයේ කැප්පෙටිපොළ මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර මේ වන විට මෙම ආතනය පලතුරැ පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ.
bg

අරමුණු

  • සෞම්‍ය කලාපීය පලතුරැ බෝග නිෂ්පාදනයට අදාලව පරිසර හිතකාමී සහ තිරසාර අස්වැන්නක් ලබා ගැනීම සදහා උචිත වඩා කාර්යක්ෂම පලතුරැ ප්‍රභේද හා වගා තාක්ෂණික ක්‍රමවේද හදුන්වාදීම.
  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන හා එක්ව ව්‍යාප්ති වැඩසටහන් ඔස්සේ නව තාක්ෂණික කරැණු ගොවීන් වෙත සම්ප්‍රේශණය කිරීම.
  • ශ්‍රී ලංකාවේ පලතුරැ නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත්ව පවත්වා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන හා එක්ව කටයුතු කිරීම.
bg

සපයන සේවාවන්

  • සෞම්‍ය කලාපීය පලතුරැ බෝග නිෂ්පාදනය හා සම්බන්ධ තාක්ෂණය ජනනය කිරීම හා ගොවීන්වෙත සම්ප්‍රේෂණය කිරීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදෙන ලද උඩරට අතරමැදි කලාපය සහ නුවර එළිය දිස්ත්‍රික්කය තුල වගා කිරීමට සුදුසු පැගිරි බෝග සහ පෙයාස් ප්‍රභේදවල පැල නිෂ්පාදනය.
  • සෞම්‍ය කලාපීය පලතුරැ බෝග හා සම්බන්ධ පුහුණු වැඩසටහන් සදහා සම්පත් දායකත්වය ලබාදීම.

මෙහෙවර

තාක්ෂණික අංශය

FRUIT CROPS

කෘ.ප.ස් හි ආයතන ප්‍රධානී

වයි.එල්.පවිත්‍රානි මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

ජේ.ඩී.අරියරත්න
කෘෂිකර්ම උපදේශක

070 2790266
එච්එම්ඩී කේ හේරත්
කෘෂිකර්ම උපදේශක

071 8507718
එච්.ජී.ඒ.එම් වික්‍රමරත්න
පර්යේෂණ සහකාර
071 3257037
එච්.එම්.සී.එම් ජයවර්ධන
පර්යේෂණ සහකාර
071 8866444
ආර්.ඩබ්ලිව්.එම්.සී.ජේ කරුණාරත්න
තාක්ෂණික සහකාර
071 9715014
ආර්.ඩී.එස්. චන්ද්‍රිකා
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
071 8269477
අප අමතන්න