Fruit Crops – Watermelon-S

1 horana logo

කොමඩු (Melon)

ප්‍රභේද

උද්භද විද්‍යාත්මක ලක්ෂණ අනුව කොමඩු ප්‍රභේද ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක.

1. පැණි කොමඩු – Sweet melon

වැඩි පැණිරසකින් යුත් වර්ගයකි.
මස්ක් මෙලන්, රොක් මෙලන්, කැන්ටලුප් යනාදිය පැණි කොමඩු ගණයට අයත් වේ.


2. පත්තක්කා – Water melon

අප රටේ බෙහෙවින් දක්නට ලැබෙන පත්තක්කා හෝ කොමඩු නමින් හැඳින්වෙන වර්ගය රසයෙන් අඩුය. ඒවායේ මදයේ ඇති ජල ප්‍රමාණය ඉතා අධිකය.

ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් “තිළිණි” නම් වු කොමඩු විශේෂයයි. විදේශ වෙළදපොලේ මෙය “සුගර් බේබි” නමින් හදුන්වයි.

 

 

‘‘තිළිණි” ප්‍රභේදය සෙසු වර්ග වලට වඩා හොඳින් වියළි තත්වයනට ඔරොත්තු දේ. තද කොළ පැහැති රවුම් හැඩැති ගෙඩි ප්‍රමාණයෙන් බොහෝ දුරට ඒකාකාරය. ගෙඩියක බර කි.ග්‍රෑම් 2.5-3.0 පමණ වේ. හොඳින් මේරූ ගෙඩිවල මදය රසවත්ය. රෝස පාටට හුරු රතු පැහැතිය

දේශගුණික අවශ්‍යතා

ප්‍රධාන වශයෙන් අප රටේ වියළි කලාපයේ ද, අතර මැද කලාපයට අයත් බොහෝ ප්‍රදේශ වල ද කොමඩු වගාව සඳහා සුදුසු දේශගුණික තත්ත්ව පවතී. පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 ට අඩු උෂ්ණත්වයක් පවතින ප්‍රදේශ වගාව සඳහා සුදුසු නැත. එනිසා අධික ශීතල දේශගුණය මෙන්ම තෙත් බව වැඩි ප්‍රදේශ ද වගාව සඳහා සුදුසු නොවේ. වර්ෂාව අධික ප්‍රදේශයන්හි පත්‍ර, මුල් හා ගෙඩි වලට වැළදෙන නොයෙකුත් දිලීර රෝග නිසා වගාව පහසුවෙන් විනාශ විය හැකිය.

හොඳින් හිරු එළිය ලැබෙන වියළි උණුසුම් කාලගුණික තත්ත්ව පැවතීම වගාවට ඉතා වැදගත්ය. භෝගයට වඩා යෝග්‍ය ආර්ද්‍රතාවය 65-75% පමණ වේ. වගාව සඳහා යල කන්නය වඩා සුදුසුය. මාස් කන්නයේදී තද වැසි අවසාන වූ පසු වගාව ආරම්භ කළ හැකිය.


පස

හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි සහිත පසක් වගාව සඳහා ඉතා සුදුසුය. පසේ තිබිය යුතු වඩා යෝග්‍ය පී.එච්. අගය 5.5-7.0 පමණ වේ. කොමඩු ශාකයේ මුදුන් මුල එතරම් ශක්තිමත් නොවන නිසා මැටි සහිත පසෙහි වර්ධනය සතුටුදායක නොවේ.


වගා කරන ප්‍රදේශ

කොමඩු වගා කරන දිස්ත්‍රික්ක අතරින් ප්‍රධාන තැනක් ගන්නේ මොණරාගල හා පුත්තලම.

බිම් සැකසීම

ප්‍රථමයෙන්ම ඉඩමේ පාංශු සංරක්ෂණ කටයුතු ගැන සැලකිලිමත් වන්න. ඉන් පසු බිම පෙරලා කැට පොඩිකර පස සකස් කරගත යුතුය. වගා කරන අවස්ථාවේදී විටින් විට ජල සම්පාදනය කලයුතු නිසා එයට ගැලපෙන පරිදි මීටරයක් පමණ පළලට උස් පාත්ති සකස් කරගැනීම වැදගත් වේ. සෙන්ටි මීටර් 30 x 30 x 30 ප්‍රමාණයට වලවල් සකස් කරන්න. ගොම හෝ කොම්පෝස්ට් පොහොර සමග මූලික පොහොර කලවම් කර බෝග සිටුවීමට දින දෙකකට පමණ පෙර වලවල් පිරවීම කල යුතුය.


සිටුවීම

  • පසේ වයනය තෙතමනය හා කොමඩු වර්ගය අනුව බීජ සිටුවන ගැඹුර අඟල් 1/2 සිට අඟල් 1 පමණ දක්වා වෙනස් විය හැක.
  • සැහැල්ලු පසක බීජ ගැඹුරට සිටුවන්න.
  • පසේ තෙතමනය අධික විටදී සහ ජල සම්පාදනය යටතේදී හා බීජ සිටුවන ගැඹුර අඩු කරන්න. එසේව ප්‍රමාණයෙන් කුඩා බීජ සිටුවිය යුත්තේද අඩු ගැඹුරකිනි.
  • එකවලක බීජ 3-4ක් බැඟින් සිටුවන්න. එකිනෙකට තරමක් දුරින් වල තුල බීජ සිටුවිය යුතුය. මෙවිට වැඩි පැල ගැලවීමේදී සෙසු පැල වලට හානියක් සිදු නොවේ. පසේ උෂණත්වය අනුය බීජ ගැලවීමට ගතවන කාලය දින 07ක් 10ක් පමණ වේ. පසේ උෂණත්වය අඩුනම් බීජ පැලවීම සඳහා ගතවන කාලයද වැඩි වේ.
  • බීජ එකවරම ක්ෂේත්‍රයේ සිටුවීම නොකර පළමුව කුඩා පොලිනීන් මළු වල සිටුවා පසුව ක්ෂේත්‍රයේ සිටුවීමද කළ හැකිය. කටුස්සන් වැනි සතුන්ගෙන් බීජ වලට හානි ඇතිවීම මෙමඟින් වලකී. වගා නඩත්තුවද පහසු වේ.


පරතරය

මීටර් 1 x මීටර් ½

මේ අනුව අක්කරයක් සඳහා වලවල් 8000 පමණ සකසා ගත යුතුය. (හෙක්ටයාරයකට නම් වලවල් 20000 පමණ අවශ්‍ය වේ.)

එක් එක් කොමඩු ප්‍රභේදයන්හි බීජවල විශාලත්වය වෙනස් වන නිසා ග්‍රෑම් 500 ක බීජ 12000 ක් – 20000 ක් අතර ප්‍රමාණයක් අඩංගු විය හැකිය. වගා කරනු ලබන ප්‍රදේශය අනුව වගාවට අවශ්‍ය බීජ ප්‍රමාණය තීරණය කල යුතුය.

තිළිණි කොමඩු ප්‍රභේදයේ බීජ වගා කර නැවත එම වර්ගයේ ලක්ෂණ සහිත පැළ හටගන්නා බීජ නිපදවා ගත හැකිය. හෙක්ටයාරයක් සඳහා තිළිණි ප්‍රභේදයේ බීජ කිලෝ ග්‍රෑම් 3ක් පමණ අවශ්‍ය වේ. මෙම ප්‍රභේදයේ බීජ ග්‍රෑම් 10ක බීජ 200ක් පමණ අවශ්‍ය වේ. මෙම ප්‍රභේදයේ ගෙඩියක බීජ 200ක් පමණ ඇත.

නමුත් ආනයනය කරනු ලබන දෙමුහුම් වර්ග වල කොමඩු බීජ වගා කළ හැක්කේ එක වරක් පමණකි. මෙවැනි වගාවක හට ගන්නා බීජ නැවත වගා කල විට එකිනෙකින් බොහෝ සේ වෙනස් වන ලක්ෂණ සහිත ශාක හට ගනී.

බීජ සිටුවීම

  • පසේ වයනය තෙතමනය හා කොමඩු වර්ගය අනුව බීජ සිටුවන ගැඹුර අඟල් 1/2 සිට අඟල් 1 පමණ දක්වා වෙනස් විය හැක.
  • සැහැල්ලු පසක බීජ ගැඹුරට සිටුවන්න.
  • පසේ තෙතමනය අධික විටදී සහ ජල සම්පාදනය යටතේදී හා බීජ සිටුවන ගැඹුර අඩු කරන්න. එසේව ප්‍රමාණයෙන් කුඩා බීජ සිටුවිය යුත්තේද අඩු ගැඹුරකිනි.
  • එකවලක බීජ 3-4ක් බැඟින් සිටුවන්න. එකිනෙකට තරමක් දුරින් වල තුල බීජ සිටුවිය යුතුය. මෙවිට වැඩි පැල ගැලවීමේදී සෙසු පැල වලට හානියක් සිදු නොවේ. පසේ උෂණත්වය අනුය බීජ ගැලවීමට ගතවන කාලය දින 07ක් 10ක් පමණ වේ. පසේ උෂණත්වය අඩුනම් බීජ පැලවීම සඳහා ගතවන කාලයද වැඩි වේ.
  • බීජ එකවරම ක්ෂේත්‍රයේ සිටුවීම නොකර පළමුව කුඩා පොලිනීන් මළු වල සිටුවා පසුව ක්ෂේත්‍රයේ සිටුවීමද කළ හැකිය. කටුස්සන් වැනි සතුන්ගෙන් බීජ වලට හානි ඇතිවීම මෙමඟින් වලකී. වගා නඩත්තුවද පහසු වේ.


පරතරය

මීටර් 1 x මීටර් ½

මේ අනුව අක්කරයක් සඳහා වලවල් 8000 පමණ සකසා ගත යුතුය. (හෙක්ටයාරයකට නම් වලවල් 20000 පමණ අවශ්‍ය වේ.)

වගා නඩත්තුව
බීජ ප්‍රරෝහණය වීමට හෝ පැල සිටුවීමට පෙර පුර්ව නිර්ගමන වල් නාශකයක් භාවිතා කිරීමෙන් වල් පැල පාලනය පහසු වේ. තවද පැල පාලනය පහසු වේ. තවද වල් පැලවීමට පෙර පාත්තිය මත අගල් හතරක් ඝනකම පිදුරු තට්ටුවක් යෙදීමද කල හැකිය.

කාබනික පොහොර අධික පසේ කොමඩු වගාව හොදින් කල හැකිය. එනිසා පැළ හෝ බීජ සිටුවීම සඳහා සකසන ලද වලවල් වලට හැකිතාක් හොඳින් දිරාපත්වූ කාබනික පොහොර ඉතා සුදුසුය. අවශ්‍ය අවස්ථාවලදී රසායනික පොහොර භාවිතා කිරීමද කල
හැකිය. අක්කර එකක් වගාවක් සදහා පොහොර මිශ්‍රණය පහත සදහන් වේ.

 

පැලයේ සිට සෙන්ටිමීටර් 30ක් පමණ දුරින් වලයක ආකාරයෙන් රසායනික පොහොර යොද අත් මුල්ලුවකින් පසට කලවම් කරන්න. රසායනික පොහොර යොදන විට පසෙහි තෙතමනය තිබිය යුතුය. පොහොර යෙදීමෙන් පසු වගාවට ජලය සපයන්න. මනා බෝග වර්ධනය සදහා පසේ තෙතමනය මැනවින් පවත්වා ගැනීමෙන් ඵල වර්ධනයද වේගවත් වන අතර ගුණාත්මක භාවයද වැඩිවේ.

 

පරාගනය කිරීම

කොමඩු වැලක ආකාර දෙකකට අයත් මල් හට ගනී. වැලක ප්‍රථමයෙන් හට ගන්නේ පිරිමි මල්ය. පසුව හටගන්නා ස්ත්‍රී ලිංගික හෙවත් ගැහැණු මල් වලින් ඵල ඇති වේ.

මල් හටගැනීම ආරම්භ වන්නේ වගාවේ වයස දින 30 පමණ වූ විටය. මල් පරාගණය ප්‍රධාන වශයෙන් කෘමීන් මගින් සිදුවේ. මී මැස්සා මේ සඳහා ඉතා සුදුසු කෘමියෙකි. වෙනත් රටවලින් වාර්තාවන පරිදි අක්කරයක පරාග පෝෂණය කිරීම සඳහා මී මැසි ජනපද දෙකක් ප්‍රමාණවත් වේ. පරාගනය හොඳින් සිදු නොවුනහොත් අස්වැන්න අඩුවේ.

වගාවේ හටගන්නා ගෙඩිවල විශාලත්වය පාලනය කිරීම සඳහා ගෙඩි තුනී කරනු ලැබේ. අපනයන වෙළද පොළවල් සඳහා වගා කරන විට මෙය වඩා වැදගත්ය.


පැල තුනී කිරීම

බීජ ප්‍රරෝහණයේදී දෙවන පත්‍ර හටගෙන ඇති අවස්ථාවේදී එක් වලක නිරෝගී පැල 2ක් ඉතිරිවන සේ වැඩි පැල ගලවා ඉවත් කරන්න. දුර්වල හා රෝගී පැලද ඉවත් කරන්න. මෙම අවස්ථාවේදීම බීජ ප්‍රරෝහණය වී නැති වලවල් වලද නැවත බීජ සිටුවන්න.

පැල ගලවා ඉවත් කිරීම අවස්ථා දෙකකදී සිදු කරන්න. සමහර කුඩා පැල වලට කෘමීන්ගෙන් හානි සිදුවුවහොත් වගාවේ පැල සංඛ්‍යාව අඩුවීමෙන් ඇතිවිය හැකි අවාසිය මෙමඟින් මඟහරවා ගත හැක.


ජල සම්පාදනය

වේගවත් වර්ධනයක් සඳහා භෝගයේ මුල් අවධියේදී පසේ තෙතමනය මැනවින් පවත්වා ගන්න. මෙය ඵල වර්ධනයට ද හිතකර ය. කෙසේ වුවද ඵල මෝරන අවධියේ දී ජල සැපයුම ක‍්‍රමයෙන් අඩු කර පසේ අනවශ්‍ය පරිදි තෙතමනය නොපවතින බවට වග බලා ගන්න. පසේ වැලි ස්වභාවය අධික විටදී අඩු කාලාන්තර වලින් වගාවට ජලය සපයන්න.


වල් පැළෑටි පාලනය

බීජ ප‍්‍රරෝහණය වීමට හෝ පැළ සිටුවීමට පෙර පූර්ව නිර්ගමන වල් නාශකයක් සකස් කරගත් ඉඩමට ඉසීමෙන් වල් පැළෑටි පාලනය පහසු වේ. එසේම වැල් වර්ධනය වීමට පෙර හා පළමු වල් මර්දනයෙන් පසුව පාත්ති මත අඟල් 4 පමණ ඝනකම ඇති පිදුරු තට්ටුවක් දැමීම ද සුදුසුය. මෙමඟින් පසේ තෙතමනය ද ආරක්‍ෂා වේ. වැල් දිවීම ආරම්භ වූ පසු, පාත්තිය ආවරණයවී වැඩෙන පරිදි වැල හැර වීමට පිළිවන. පාත්ති වැල් වලින් ආවරණය වූ පසු වල් පැළ වැඞීම ද අඩු වී යයි.

අස්වැන්න
හොදින් වැඩුණු වගාවක් තුලින් අක්කරයකින් මෙට්‍රික් ටොන් 15 – 20 ක් අතර අස්වැන්නක් ලබාගත හැකිය.


අස්වැන්න නෙලීම

සියළුම කොමඩු වර්ග වල ඵල නෙලාගත යුත්තේ ඒවා හොඳින් මේරූ පසුවය. ඵල නෙලා ගැනීමෙන් පසුව තවදුරටත් එහි සීනි ප‍්‍රමාණය වැඩි නොවේ. නිසි ලෙස මෝරා නැති ඵල වල, මදයේ පැහැය හා රසය ඉතා දුර්වල තත්ත්වයක පවතී.

තිළිණි කොමඩු ප‍්‍රභේදයේ ගෙඩි නෙලා ගත යුත්තේ ගෙඩිය මත අළු පැහැති ස්වභාවයක් ඇති වීමට පටන් ගත් පසුවය.
මෙයට අමතරව ගෙඩියේ පොත්ත තද කොළ පැහැයක් ගැනීම, තට්ටු කළ විට නැගෙන බොල් හඬ සහ ගෙඩිය පොළවට ස්පර්ශවන ස්ථානය කහ පැහැයකට හැරීම ආදී ලක්‍ෂණ ද ගෙඩිය මෝරා ඇති බව නිගමනය කළ හැකි සෙසු සාධක වේ.
තිළිණි කොමඩු ප‍්‍රභේදය සිටුවා දින 75-80 දී පළමු අස්වැන්න නෙලාගත හැකිය. සිටුවා දින 100-110 දී පමණ අවසාන අස්වැන්න නෙලාගත හැකිය.

කැන්ටලූප් ගෙඩි නෙලාගත යුත්තේ ගෙඩිය වැලෙන් ගැලවීමට ආසන්න විටදීය. මේ අවස්ථාවේදී ගෙඩිය පහසුවෙන් වැලෙන් ගැලවිය හැකිය. එසේම ගෙඩියේ පිට පොත්තේ දැලක වැනි ස්වරූපය හොඳින් ඇතිවී තිබිය යුතුය. මෙවිට ගෙඩියේ පැහැයද ලා දුඹුරු හෝ කහ පැහැයකට හැරේ.
අතින් සෙමින් තද කිරීම මගින් ද, ඇගිල්ලෙන් තට්ටු කිරීමෙන් ද පළපුරුදු වගා කරුවෙකු හට ගෙඩි මෝරා තිබේදැයි දැන ගත හැකිය.
ගෙඩි වරඣධනය වන විට පිදුරු වලින් මඳක් ආවරණය කර තබන්න.
කපුටන් ගේ හානිය ද, තද හිරු එළිය නිසා ගෙඩියේ පැහැය වෙනස් වීමද මෙමඟින් වලකා ගත හැකිය.
වර්ධනය වන ගෙඩිය යටින්, වළල්ලක් ආකාරයට පිදුරු සකසා තබන්න.
එසේ නැතහොත් වසුනක් ලෙස ගෙඩිය යට පිදුරු අතුරන්න. මෙමගින් ගෙඩියේ මඩ තැවරීමෙන් වර්ණය වෙනස් වීම හා රෝග වලට ගොදුරුවීම පාලනය කර ගත හැකිය.



වෙළඳපොල වෙත සැකසීම

විශාලත්වය අනුව ගෙඩි තෝරා ගන්න. පිදුරු අසුරා ඇති වාතාශ‍්‍රය හොඳින් ලැබෙන ලී පෙට්ටි වල අසුරා ප‍්‍රවාහනය කරන්න. මෙමගින් ගෙඩි වලට වන හානිය අඩු වේ.


ගබඩා කිරීම

අප රටේ බහුලව වගා කරනු ලබන පත්තක්කා (කොමඩු) වර්ග සාමාන්‍ය පරිසර උෂ්ණත්ය යටතේ දින 14 ක් පමණ ගබඩා කර තබා ගත හැකිය. නමුත් පැණි කොමඩු වර්ග ගබඩා කළ යුත්තේ ශීත ගබඩාවලය.

අපනයනය සඳහා නිපදවනු ලබන ගෙඩි පළමුව සීතල වතුරෙන් සෝදා ඉක්මනින් සිසිල් වායුව පවතින ස්ථානයක ගබඩා කළවිට ගෙඩිවල පැවති උෂ්ණත්ය ක‍්‍රමයෙන් අඩු වේ. මෙම ගෙඩි කාඞ්බෝඞ් පෙට්ටි වල අසුරා අපනයනය කළ යුතුය.

රෝග හා පළිබෝධ

කෘමි හා රෝග පාලනය

වගාවේ සාර්ථකත්වය සඳහා කොමඩු වගාව සඳහා තෝරා ගත යුත්තේ එම කුලයටම අයත් වෙනත් භෝගයක් එයට පෙර කන්නයේ වගා නොකල ඉඩමකි. මෙමගින් කෘමි හා රෝග හානි වැඩිපුර වැළඳීමට ඇති ඉඩ ප‍්‍රස්ථා අඩු වේ. වට පණු හානිය විශාල වශයෙන් පවතින ඉඩම් ද වගාවට සුදුසු නැත.

දිය මලන් කෑම, යටි පුස් රෝගය, පැල මැලවී යාම, හිටු මැරීම, පත්‍ර විචිත්‍ර රෝගය, මූල ගැටිති වටපනු රෝගය ආදී රෝග කොමඩු වගාවට වැලදෙන රෝග ලෙස දැකිවිය හැක. බෝග මාරුව හා පසේ තෙතමනය නඩත්තු කිරීම මගින් මෙම රෝග හා පළිබෝධ වලක්වා ගත හැකිය.

යමලන් කෑම


මෙම රෝගය නිසා බීජ ප‍්‍රරෝඟනය නොවේ. කුඩා බීජ පැළ මැරී යයි. මේ සඳහා සිටු වීමට පෙර බීජ සමඟ කැප්ටාන් හෝ දුරාම් වැනි දිලීර නාශකයක් මිශ‍්‍ර කරන්න.

යටි පුස් රෝගය

ඵල හට ගන්නා අවස්ථාවේ ඇති වැල් වලට වැළඳිය හැකි දිලීර රෝගයකි. තෙත් කාලගුණයක් පවතින විට රෝගය දරුණු විය හැකිය. නමුත් ඵල වලට රෝගය නිසා හාෙනියක් ඇති නොවේ. මේ සඳහා සුදුසු නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කරන්න.

පිටිපුස් රෝගය

රෝග කාරක දිලීරය නිසා සුදු පැහැති ලප පත‍්‍ර මතුපිට හට ගනී. මෙම රෝගය වගාවට විශාල වශයෙන් වැළඳෙන බව තීරණය කළහොත් සුදුසු නිර්දේශිත දිලීර නාශකයක් යොදන්න.

කළු ලප රෝගය

දිලීර රෝගයකි. කඳේ කළු පැහැති ලප හට ගනී. ගෙඩි වලින් මැලියම් වෑස්සීමට පටන්ගනී. රෝගය වලක්වා ගැනීම සඳහා භෝග මාරුව සහ සුදුසු දිලීර නාශකයක් යොදා බීජ ප‍්‍රතිකාර කිරීම කළ හැකිය.


බැක්ටීරියා කොළ අංගමාරය

අසාමාන්‍යාකාර හැඩයෙන් පත‍්‍ර වල කහ දුඹුරු ලප හටගනී. සම්පූර්ණ පත‍්‍රයම ක‍්‍රමයෙන් මැරී යා හැකිය. වැල ද විවිධ ස්ථාන වලින් මැරී යාමට ඉඩ තිබේ. පත‍්‍ර හැලී යාම නිසා වර්ධනය දුර්වල වී අස්වැන්න අඩු වේ. බීජ මඟින් ද රෝගය පැතිරේ.

මෙම රෝගය පාලනය කිරීම සඳහා රෝගී පත‍්‍ර, වැල් ආදිය පුළුස්සා විනාශ කර දමන්න. වසර දෙකක් පමණ කාලයක්, කොමඩු හෝ වෙනත් එම කුලයට අයත් භෝගයක් හෝ අදාල ඉඩමේ වගා කිරීමෙන් වලකින්න.


පත්‍ර විචිත‍්‍ර වෛරස් රෝගය

පත‍්‍රවල කහ පැහැති විචිත‍්‍ර ස්වභාවයක් ඇති වී පසුව විකෘති වේ. රෝගී වැල්වල පත‍්‍ර කුඩා වේ. පර්ව අතර දුර අඩු වේ. ගෙඩි කුඩා වේ. රෝගය ව්‍යාප්ත වන්නේ කුඩිත්තන් මගිනි. රෝගී වැල් ගලවා ඉවත් කරන්න. මෙම රෝගය වැළඳී ඇති වෙනත් භෝග ආසන්නයේ කොමඩු වගා නොකරන්න.


ඇන්ත‍්‍රැක්නෝස් රෝගය

දිලීර රෝගයකි. පත‍්‍රයේ නාරටි අසලින් කෝණාකාර හෝ රවුම් ලප හට ගනී. මෙම ලප අසලින් මැලියම් වැගිරේ. රෝගී පත‍්‍රවල වර්ධනය අඩු වී පසුව මිය යයි. රෝගී වගාවක් පිළිස්සුන ස්වභාවයක් පෙන්නුම් කරයි. රෝගී වගාවන්හි ගෙඩි වල ගිලුනු ලප ඇති වේ. ගෙඩි විකෘති වේ. බීජ හා ජලය මඟින් රෝගය පැතිරේ. අවශ්‍ය අවස්ථාවලදී රෝගය පාලනය කිරීම සඳහා සුදුසු නිර්දේශිත දිලීර නාශකයක් යොදන්න.



මූල ගැටති වටපණු හානිය

වටපණු හානිය නිසා මුල් අසාමාන්‍ය ලෙස මහත් වී ගැටිති ඇති වේ. මෙමඟින් පැළ දුර්වල වේ. පරිසර උෂ්ණත්‍වය වැඩි කාල වලදී පැළ විගසින් මලානික වේ. භෝග මාරුව මඟින් ද, බීජ සිටුවීමට සතියකට පමණ පෙර, සකසා ගත් වලවල් වලට කුකුල් පොහොර යොදා කළවම් කර, ජලය සපයා, පසුව බීජ සිටුවීමෙන්ද වටපණු හානිය පාලනය කර ගත හැකිය.

කොමඩු වලට හානි කළ හැකි කෘමින් ද, මෙම කුලයට අයත් පතෝල, කරවිල, පිපිඤ්ඤා වැනි භෝගවලට හාොනි කරනු ලබන කෘමින්මය. ඒ නිසා කෘමි පාලනය සඳහා පියවර ගත යුත්තේ ද එම භෝගවල කෘමි පාලන පිළිවෙත් වලට ගැලපෙන පරිද්දෙනි.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)