- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- E- Mail : doadfrd@gmail.com
- Telephone :(+94) 0812 030 040
- Fax :(+94) 0812 030 048
Jambola
Family : Rutaceae
Botanical Name : Citrus maxima
The web pages in English Language are under construction and will be available soon…
ජම්බෝල – ප්‍රභේද (පැඟිරි කුලයේ ශාක)
වගා කළ හැකි ප්‍රභේද
ජම්බෝල HRPumello1
මෙම ජම්බෝල ප‍්‍රභේදය හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සොයා ගෙන ඇත.
බද්ධ කිරීම මඟින් පැළ නිෂ්පාදනය කර ගත හැක.
පැළ සිටුවා වසර තුනකින් පමණ මල් පිපීම ආරම්භ වේ.
මල් පිපී මාස 4.5 – 5ක් අතර කාලයේ ඵල හට ගැනීම සිදුවේ.
සාමාන්‍යයෙන් වසරේ පෙබරවාරි, මාර්තු හා අගෝස්තු මාස වල මල් හට ගැනීම සිදුවන අතර මැයි, ජූනි සහ ඔක්තෝබර්, නොවැම්බර් මාස වල ඵල හට ගනී.
ගෙඩියක සාමාන්‍ය බර ග‍්‍රෑම් 1900 ක් පමණ වේ.
ඵලාවරණය කහ පැහැති වර්ණයක් ගන්නා අතර මදය රෝස පැහැයට හුරු සුදු පැහැයක් ගනී.
ජම්බෝල HRPumello2
මෙම ජම්බෝල ප‍්‍රභේදයත් හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සොයා ගෙන ඇත.
බද්ධ කිරීම මඟින් පැළ නිෂ්පාදනය කර ගත හැක.
පැළ සිටුවා වසර තුනකින් පමණ මල් පිපීම ආරම්භ වේ.
මල් පිපී මාස 4.5 – 5ක් අතර කාලයේ ඵල හට ගැනීම සිදුවේ.
සාමාන්‍යයෙන් වසරේ පෙබරවාරි, මාර්තු හා අගෝස්තු මාස වල මල් හට ගැනීම සිදුවන අතර මැයි, ජූනි සහ ඔක්තෝබර්, නොවැම්බර් මාස වල ඵල හට ගනී.
ගෙඩියක සාමාන්‍ය බර ග‍්‍රෑම් 1900ක් පමණ වේ. ඵලාවරණය කොළ පැහැයට හුරු කහ පැහැයක් ගන්නා අතර මදය රෝස පැහැයක් ගනී.
බීජ මඟින් පැළ නිපදවීම නිසා ජම්බෝලවල විශාල විවිධත්වයක් දක්නට ලැබේ මෙම වර්ග ප්‍රධාන වශයෙන්,
- රතු ප්‍රභේදය
- සුදු-රතු අතරමැදි ප්‍රභේද
- සුදු ප්‍රභේද
ලෙස වර්ග කළ හැක.
රතු ප්‍රභේදයේ ජම්බෝල ඵල
සුරත් වරණය
- ඵලය විශාලය.
- බර ග්‍රෑම් 1400 පමණ වේ.
- පොත්තේ ඝනකම සෙ.මී. 1.5ක් පමණ වේ.
- මදය රතු පැහැතිය.
- යුෂ ප්‍රමාණය වැඩිය.
- යුෂය පැණි රසකින් යුක්තය.
- බ්‍රික්ස් අගය 11ක් පමණ වේ.
- රේණු ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. මෘදුය.
- කෑමෙන් පසු දැනෙන තිත්ත ගතිය ඉතා අඩුය.
- වසර පුරාම ඵල දරයි.
P- 4 වරණය
- ගස මධ්‍යම ප්‍රාමාණයට වැඩි.
- ඵලය ද මධ්‍යම ප්‍රමාණය වන අතර බර ග්‍රෑ.750ක් පමණ වේ.
- පොත්තේ ඝනකම සෙ.මී. 2ක් පමණ වේ.
- ඵලයේ මදය රෝස – සුදු පැහැතිය.
- යුෂය තරමක් පැණි රසකින් යුක්තය.
- ආම්ලික ගතිය ද අඩුය.
- බ්‍රික්ස් අගය 9ක් පමණ වේ.
- කෑමෙන් පසු සුළු තිත්ත ගතියක් දැනේ.
පාංශු හා දේශගුනික අවශ්‍යතා
තවාන් කිරීම
වැලි තවාන
වැලි තවානෙන් ගලවා පොලිතීන් බඳුන්වල සිටුවීමෙන් පසු පැළ වැඩෙන වේගයට වඩා වැඩි වේගයකින් මේ අන්දමට සකසා ගත් තවානක පැළ වර්ධනය වේ. එනිසා වඩා ඉක්මනින් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු තත්ත්වයකට පත් වීමට මෙවැනි පැළ වලට හැකි වේ.
ජම්බෝල පැළවලට ශක්තිමත් මූල පද්ධතියක් තිබේ එනිසා මේ අන්දමට හොෙදින් වැඩී ඇති පැළ නැවත බඳුන් කිරීමේදී පැළ මැරීයාමේ අවදානම අඩුය.
සිටුවීමට සකසන පොලිතින් බදුනක්
බද්ධ පැළ නිපදවා ගැනීම
බහු කළලතාවය (එක බීජයකින් පැළ කිහිපයක් හට ගැනීම) නොමැති හෙයින් බීජ වලින් හට ගනුයේ ලිංගිකව හට ගන්නා පැළ පමණි. මෙම පැළ වලින් පිහිටුවන වගා ඒකාකාරී නොවන අතර ලැබෙන ඵලවල ගුණාත්මය ද විවිධය.
මේ නිසා උසස් ගුණාත්මයෙන් යුතු පැළ සහිත ඒකාකාරී වගාවක් ඇතිකර ගැනීමට වර්ධක ප්‍රචාරණ ක්‍රම (බද්ධ ක්‍රම) මඟින් නිපදවා ගත් පැළ සිටුවිය යුතුය. මේ සඳහා ද පළමුවෙන්ම කළ යුතු වන්නේ ග්‍රාහක සඳහා අවශ්‍ය බීජ පැළ නිපදවා ගැනීමයි.
බහු කළලතාවය දැක්වූ බීජයක්
ක්‍රේෂ්ත්‍රය සැකසීම
වගා කරන ඉඩම සෝදා පාළුවීම වළක්වා ගැනීම සඳහා සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න. ඉන් පසු නිසි පරතරයට අනුව පැළ සිටුවීම සඳහා වලවල් කපන්න.
පරතරය
තනි වගාවක් ලෙස වගා කරන්නේ නම්,
පරතරය – මීටර් 4 « 5
වලක ප්‍රමාණය – සෙ.මී. 60 « 60 « 60
හෙක්ටයාර එකකට පැළ ගණන – 550
මීට පාළු සිටුවීමට අවශ්‍ය පැළ සංඛ්‍යාව ද ඇතුලත්ය.
පැළ සිටුවිය යුතු පරතරයක්
වල පිරවීම
පැළ සිටුවීම
මෙසේ සකසා ගත් වල තුල පස හොඳින් තැන්පත් වූ පසු පැළය සිටුවිය යුතුයි. පැළයේ මූල කොටස පමණක් පසට යටවන සේ පැළය සිටුවීම ඉතාමත් වැදගත්ය . බද්ධ පැළවල බද්ධ සංධිය පසට යටවුව හොත් එම පැළ ඉක්මනින්ම දුර්වල විය හැක.
කෙසේ වුවද මූලික පොහොර යෙදිම පැළය සිටුවන අවස්ථාවේ ද කළ හැකිය. නියමිත මූලික පොහොර ප්‍රමාණය පැළය වටා විසුරුවා හැර යන්තම් පසට මිශ්‍රකර පැළය වටා බේසම් ආකාරයට පස සකස් කර ජලය සපයන්න.
පැළය සිටුවීම
පැළය වටා වසුනක් යෙදීම
පොහොර යෙදිම
යොදන රසායනික පොහොර මිශ්‍ර කිරීම
පොහොර යෙදිම කල යුත්තේ ගසේ අතු විහිදි ඇති ප්‍රමාණය තුල ගසවටා විසුරුවා හැර පසට මිශ්‍ර කිරීමෙනි. මේ සඳහා උදලු මුල්ලුවක් භාවිතය වඩාත් සුදුසුය. පොහොර යොදා වසුනක් යෙදිම කළ යුතුයි.
පොහොර යොදා වසුන් යෙදීම
වල් මර්දනය
ජම්බෝල වගාවක මුළු ක්ෂේත්‍රයේම වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම අවශ්‍ය නොවේ. ගස් වටා අතු විහිදී ඇති ප්‍රදේශය පමණක් වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම ප්‍රමාණවත්ය. ඉතිරි කොටසේ වැඩෙන වල් පැළ කැති ගැසීමෙන් කපා දැමීම ප්‍රමාණවත්ය. වල් මර්දනය කිරීමේදි කඳේ පාදස්ථයට හා මුල් වලට හානි නොවන සේ එය කල යුතුයි. කඳට හානි සිදුවුවහොත් පාදස්ථ කුණුවීමේ රෝගය පහසුවෙන් ඇති විය හැක. එබැවින් වසුන් යොදා හෝ පැරකොට් වැනි වල් නාශකයක් යොදා ගස වටා වල් මර්දනය වඩාත් සුදුසුය.
ගස් වටා ඇති තෘණ විසි කැති කිරීම
ජල සම්පාදනය
කුඩා ගැට හට ගැනිම
ගස් පුහුණු කිරීම හා කප්පාදුව
ගස් පුහුණු කළ යුතු අයුරු
ගස් පුහුණු කළ යුතු අයුරු
පුෂ්ප පිපීමට ආසන්න ශාකයක්
කප්පාදුවෙන් පසු කැපුම්වල කැන්ඩසාන් වැනි ද්‍රව්‍යයක් ආලේප කල යුතුයි. එයින් කැපුම් වලින් වන ජල හානියක් හා දිලීර ආසාදනයක් මගහරවා ගත හැක.
ගෙඩි හටගැනීම ප්‍රමාද වීම
හොදින් වැඩී ඇතත් සමහර ගස්වල ගෙඩි හට ගැනීම සිදු නොවීම වගාකරුවන්ට විශාල ගැටළුවකි. මෙවැනි ගස්වල ගෙඩි හට ගැනීම උත්තේජනය කර ගැනීම සඳහා පහත සඳහන් කටයුතු එකක් හෝ කිහිපයක් අනුගමනය කිරීම අවශ්‍ය විය හැකිය.
- ගසට හොඳින් හිරු එළිය ලැබීමට සලස්වන්න. මේ සඳහා ගසට සෙවන ඇතිවන වෙනත් ගස්වල අතු කපා ඉවත් කරන්න.
- ගසේ ප්‍රධාන අතුවල පොල් ලෙලි වැනි එල්ලන්න. මෙවිට එම අතුවලට හොදින් එළිය ලැබේ. නමුත් මෙය කළ යුත්තෙ අතුවලට හානි නොවන පරිදිය.
- ප්‍රධාන අතු කිහිපයක කඳ වටා පොත්ත ලෙස ඉවත් කරන්න. නමුත් සම්පූර්ණ වල ආකාරයකට පොත්ත ඉවත් කිරීම සුදුසු නැත.
අතුවල පොල් ලෙලි එල්ලීම
පැසැණු ඵල දරන ශාකයක්
පොත්ත තුනීවීම, තද කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරීම හා ගෙඩියේ තද ස්වභාවය අඩුවීම වැනි ලක්ෂණ මඟින් පැසුණු ගෙඩි හඳුනාගත හැක. අස්වනු නෙලීම දවසේ පෙ.ව. 9.00 හා ප.ව. 4.00 අතර තුර කාලය වඩාත් සුදුසුය. පෙ.ව. 9.00 ට පෙර හා ප.ව. 4.00 න් පසු අස්වනු නෙලීමේ දි ගෙඩිවල තෙල් පැල්ලම් ඇතිවී ඒවායේ වෙළඳ වටිනාකම අඩුවිය හැක. ගෙඩි නෙලා ගන්නා විට බිම පතිත වීමට ඉඩ නොදෙන්න. නටුවේ කොටසක් ද සමඟ ගෙඩි නෙලා ගන්න. වෙළඳපොලට යැවීමට පෙර ගෙඩිය ආසන්නයෙන් නටුව කපා දමන්න.
නෙළන ලද අස්වැන්නක්
- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- Email : doadfrd@gmail.com
- Telephone : (+94) 0342261323
- Fax : (+94) 0342261323
- Open : Mon to Fri - 8.30am to 4.30pm (Saturday & Sunday Closed)
Useful Links
Sri Lanka Council for Agricultural Research Policy(CARP)
Government Information Centre More Links…
Address : Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.
Email : doadfrd@gmail.com
Telephone : (+94) 0342261323
Fax : (+94) 0342261323
Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)