Fruit Crops – Ceylon-Olive-S

1 horana logo

වෙරළු (Ceylon olive)

Elaeocarpus serratus L.

Family :- Elaeocarpaceae

හදුන්වා දී ඇති වෙරළු වර්ග

හොරණ ‍වෙරළු 13

 

 

 


හොරණ ‍වෙරළු 5

 

 

 

හොරණ ‍වෙරළු 7

 

 

 

හොරණ ‍වෙරළු 9

 

 

 

 

 

දේශගුණික අවශ්‍යතා

වෙරළු සඳහා වඩාත් යෝග්‍ය වන්නේ නිවර්තන හෝ උප නිවර්තන දේශගුණික තත්ත්වයන්ය.වෙරළු ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති නමුත් තෙත් කලාපයේදී බහුලව දක්නට ලැබෙන අතර වියළි කලාපීය ප්‍රදේශවලදී දක්නට ලැබෙන්නේ කලාතුරකින්ය.මල් පිපීම හා ඵල හට ගැනීම සඳහා වියලි දේශගුණික තත්ත්වයන් අවශ්‍ය වේ.වෙරළු පැළ ළපටි අවධියේදී අධික වියලි තත්ත්වයන්ට සහ අධික සීතලට ඔරොත්තු නොඳේ

ප්‍රචාරණය

ස්වභාවිකව බීජ මඟින් ප්‍රචාරණය සිදුවන නමුත් බීජ ප්‍රරෝහණයට මාස 3 – 9 දක්වා වූ දිගු කාලයක් ගත වේ.

වර්ධක ප්‍රචාරණ ක්‍රම මඟින් ද වෙරළු පැළ නිෂ්පාදනය සිදුකළ හැකිය. ඒ සඳහා අඟල් 4-6 ක් පමණ දිගැති අතු කැබලි, වැලි තවාන්වල සිටුවා මුල් ඇදීමට සලස්වා පසුව බඳුන් ගත කළ යුතුය.
බද්ධ කිරීම, වෙරළු පැළ නිෂ්පාදනය කිරීමේ වඩා සාර්ථක ක්‍රමයයි. ඒ සඳහා කූඤ්ඤ බද්ධ ක්‍රමය වඩා සුදුසු වේ.වෙරළු වගා කිරීමේදී තෝරාගත් මව් ශාකයකින් නිපදවා ගන්නා ලද බද්ධ පැළයක් සිටුවීම වැදගත් වේ.

වගා කිරිම
වෙරළු පැළ සාර්ථකව වගා කිරීමට හොඳින් හිරු එළිය අවශ්‍යය. මනාව ජල වහනය සිදුවන පසක් තෝරා ගැනීමද වැදගත් වේ.

ක්‍ෂේත්‍රයේ වෙරළු පැළ සිටුවීමට, පැළ අතර පරතරය මීටර් 2-3 ක් පමණ වන සේ සෙන්ටි මීටර් 60×60×60 ප්‍රමාණයේ වලවල් සකසා ගත යුතුය. පසුව හොඳින් දිරාගිය ගොම හෝ කොම්පෝස්ට්, මතුපිට පස් හා වැලි සමාන ප්‍රමාණවලින් මිශ්‍රකර සාදාගත් මිශ්‍රණයකින් එම වළවල් පුරවා ගත යුතුය. වෙරළු පැළය සිටුවා ගත් මුල් අවධියේදී හොඳින් ජලය හා සෙවණ සැපයීම ඉතා වැදගත්ය.

මාස 6 කට වරක් කොම්පෝස්ට් හෝ කාබනික පොහොර භාවිතා කිරීම ද අවශ්‍ය නම් පලතුරු බෝග සඳහා නිර්දේශ කර ඇති රසායනික පොහොර මිශ්‍රණය යෙදීම මඟින් ද වඩාත් සාර්ථක ශාක වර්ධනයක් හා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවේ.

අස්වැන්න

බීජ පැළයක් වසර 8-9 කින් සහ බද්ධ පැළයක් වසර 3-4 කින් ඵල දැරීම අරඹයි. සාමාන්‍යයෙන් වෙරළු ශාකයක් වසරකට දෙවරක් ඵල දරණ නමුත් සමහර ශාකවල වසර පුරාම ඵල හට ගෙන තිබෙනු දක්නට ලැබේ. හොඳින් වැඩුණු බීජ ශාකයකින් වසරකට වෙරළු කිලෝ ග්‍රෑම් 60-100 පමණ ලබාගත හැක.පැරණි අතු, ඵල හටගත් අතු, මැරී ගිය හෝ රෝගී අතු සහ පළිබෝධ හානි වූ අතු කප්පාදු කිරිමෙන් හා පොහොර යෙදීමෙන් වෙරළු ඵල හට ගැනීමේ හැකියාව වැඩි දියුණු කළ හැකිය.

අස්වනු නෙළූ පසු ස්වාභාවික තත්ත්ව යටතේ, ඉදුණු ගෙඩි කල්තබා ගැනීම අපහසු අතර, පළුදු නොවූ පැසුණු ගෙඩි නම් සාමාන්‍ය තත්ත්ව යටතේ සතියක පමණ කාලයක් ගබඩාකර තැබීමට පුළුවන.

රෝග හා පළිබෝධ

විශාල වෙරළු ශාකවල රෝග හා පළිබෝධ හානි දක්නට ඇත්තේ ඉතා සුළු වශයෙනි.

නමුත් වෙරළු පැළ ළපටි අවධියේදී කොළ හකුලුවන්නන්ගේ (Leaf roller) හානි දැකගත හැකි අතර එවැනි පත්‍ර ඉවත්කර පළිබෝධකයින් මර්ධනය කළ හැක.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)