රඹුටන් පර්යේෂණ ඒකකය - එරමිණිගොල්ල
හැදින්වීම
රඹුක්කන දිස්ත්‍රික්කයේ රඹුක්කන ලේකම් කොට්ඨාශයේ අන්දිරමඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් එරමිණිගොල්ල ග්‍රාමයේ මෙම ඒකකය පිහිටා ඇත. මෙහි රඹුටන් පිළිබදව සුළු පර්යේෂණ හා රඹුටන් ප්‍රභේද සංරක්ෂණ මව් ශාක වගාවක් හා කොස් ප්‍රභේද 03ක් මව් ශාක වශයෙන් පවතී. මීට අමතරව මසන් මව් ශාක ද දක්නට ලැබේ. මෙහි බද්ධ පැල නිෂ්පදානය කරන අතර පැල අලෙවි කිරීම හා දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සදහා බද්ධ පැල ලබා දීම සිදු කරනු ලබයි. රඹුටන් ගස් 122 ක් ද, බද්ධ කොස් ගස් 10ක් හා බද්ධ මසන් ගස් 15කින් යුක්ත වේ. වර්ග හෙක්ටයාර 1.912 වපසරියකින් මෙම ඒකකය සමන්විත වේ. එසේම මව් ශාක වගාවේ රඹුටන් ඵලදාව ද ප්‍රධාන ආදායමක් වේ.
ආයතනයේ ඉතිහාසය
වර්ෂ 1967 දී ගන්නෝරුව මධ්‍යම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය මගින් තෝරාගත් විශේෂිත වූ බද්ධ රඹුටන් ගස් 95කින් ආරම්භ කර ඇත. දැනට එම ගස් ප්‍රමාණය ගස් 122 දක්වා වර්ධනය කර ගෙන ඇත. 1998 වසරේ දී බද්ධ කොස් පැල 10ක් ද, 2014 වර්ෂයේ දී බද්ධ මසන් පැල 15ක් ද ක්ෂේත්‍රයේ රෝපණය කර ඇත.
සපයන සේවාවන්
- රඹුටන් වගාව පිලිබදව පුහුණු කටයුතු සිදු කිරීම.
- පැල නිෂ්පාදනය හා විකිණීම
- ගොවීන්ට උපදෙස් ලබා දීම.
අරමුණු
ජාතික සෞභාග්‍ය උදෙසා පලතුරු ක්ෂේත්‍රය සංවර්ධනය තුලින් සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහි කිරීමත් ඒ තුලින් ශ්‍රී ලංකාව විශිෂ්ඨත්වයට පත් කිරීමත් ය.
අංශ හා ඊට අදාල සේවාවන්
උප ඒකක ප්‍රධානී
ඩබ්ලිව්.ඩී.ආර්. කරුණාරත්න
ගොවිපල කළමනාකරු - ස්ථාන භාර නිලධාරී
- +94 70 609 8537
- +94 81 238 8387
- ranilkhema@gmail.com
- රඹුටන් පර්යේෂණ ඒකකය, එරමිණිගොල්ල, හිරිවඩුන, කෑගල්ල
- rambutanresearch@gmail.com
- +94 35 226 3199
- +94 35 226 9199
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)
