ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය
හැදින්වීම
කුණ්ඩසාලේ ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය, හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මඟින් පාලනය වේ. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල උතුර ග්‍රාම නිළධාරී වසමේ මෙය පිහිටා ඇත. මෙහි අක්කර 20 ක පමණ භූමි ප්‍රමාණයක් ඇත.
මෙම මධ්‍යස්ථානය දැනට ලංකාව තුල වගා කිරීම සඳහා නිර්දේශ කර ඇති විවිධ පළතුරු බෝග වල ප්‍රභේද සංරක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කර ඇත. අතීතයේ සිට නිර්දේශ කරන ලද පළතුරු ප්‍රභේද වල පැල ක්ෂේත්‍රයේ සහ විශාල බඳුන් වල ස්ථාපිත කර ඇත. ඒ අනුව මෙහි පළතුරු ප්‍රභේද 128 ස්ථාපිත කර ඇත.
මීට අමතරව හඳුනාගත් වඩා ප්‍රමුඛ ලක්ෂණ දරණ විවිධ පලතුරු ප්‍රභේද 20 ක් පමණ ද මෙහි සංස්ථාපනය කර ඇගයීම සිදු කරයි.
එසේම පළතුරු වගා නඩත්තුව, කප්පාදුව හා පුහුණු කිරීම සහ බඳුන්ගත පළතුරු වගාව පිළිබඳ ගොවීන් සහ සිසුන් පුහුණු කිරීමේ වැඩසටහන් මෙම ආයතනය මඟින් සිදු කෙරේ.

ආයතනයේ ඉතිහාසය
උප ඒකක ප්‍රධානී
ඩබ්.එම්.එල්.එස්. රත්නායක මිය - කෘෂිකර්ම උපදේශක (විශේෂ ශ්‍රේණිය)
ස්ථාන භාර නිලධාරී
- +94 76 526 4278
- nfvcckundasale@gmail.com
- ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය, කුන්ඩසාලේ
- nfvcckundasale@gmail.com
- +94 81 206 4113
- +94 81 206 4113
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)
