Fruit Crops – Yellow Sapotae-S

1 horana logo

ලාවුළු (Yellow Sapotae)

Order    : Ebenales
Family   : Sapotaceae
Genus   : Pouteria Aublet.
Species : Ponteria campechiana (Kunth) Baehni

ලාවුළු පුෂ්ප

 

 

 

ලාවුළු ඵල

  • ලාවුළු ඵල රවුම්, ඕවලාකාර, දිගැටි ලෙස විවිධාකාර හැඩැති වේ.
  • නොපැසුණු ඵල ලා කොළ පැහැතිය. ඉදුණු ඵල දීප්තිමත් කහ හා තැඹිලි පැහැති වේ.
  • ඉදුණු විට තද කහ පැහැයට හැරෙන මාංශලය පිෂ්ඨමය වේ. ඵලය තුළ තද දුඹුරු පැහැ බීජ 1ක් දක්නට ලැබේ.
  • කලාතුරකින් බීජ 2-4 අතර ප්‍රමාණයක් දක්නට ලැබේ.
  • ලාවුළු වලට ආවේනික සුවදක්, රසයක් මෙන්ම ආහාරයට ගත්විට මුඛය තුළ ඇලෙන ස්වාභාවයක්ද ඇත.

 

 

 

 

 

 

 

මුහුදු මටට්මේ සිට මීටර් 1,400 ක් පමණ දක්වා ප්‍රදේශ වල ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාප වල ලාවුළු ව්‍යාප්ත වී ඇත. බොහෝ විට ලාවුළු ශාක දක්නට ලැබෙනුයේ ගෙවතු තුළය. ජලය හොදින් බැසයන ගැඹුරු, සරු පසක් ලාවුළු වගාවන්ට යෝග්‍ය වේ. ලාවුළු, ඝන කුඩා වියනකින් යුතු සදාහරිත ශාකයකි.

ප්‍රචාරණය

බීජ මගින් ලාවුළු ප්‍රචාරණය කළ හැකිය. නමුත් ලාවුළු වල ජීව්‍යතාව ඉක්මනින් නැතිවන හෙයින්, බීජ ඵලයෙන් ඉවත් කර දින කිහිපයක් තුළ සිටුවා ගත යුතුය. බීජ ප්‍රරෝහණයට මාස 1-5 ක් පමණ දිගු කාලයක් ගතවේ. බීජාවරණය ඉවත් කලහොත් සති 2 කින් පමණ ලාවුළු බීජ ප්‍රරෝහණය කර ගත හැකිය. වර්ධක ප්‍රචාරණය කිරීම මගින් ලාවුළු ප්‍රචාරණයේදී වායව අතු බැදීම, බද්ධ කිරීම හා අතු කැබලි මගින් ප්‍රචාරණය ද කළ හැකිය.
අස්වැන්න‍

බීජ පැළ වේගයෙන් වැඩෙන අතර අවුරුදු 3-4 කින් පමණ ඵල දැරීම අරඹයි. බද්ධ පැළයකින් නම් අවුරුදු 2 – 3 කින් ඵල ලබාගත හැකිය. හොඳින් ඉදුණු විට ඵලයෙහි පිපිරීම් ඇතිවී බිමට හැලීයයි. ඉදුණු විට ඉතා මෘදු වන බැවින්ද පැලී යාමට සංවේදී වන බැවින්ද ඵලාවරණයට තුවාල සිදු නොවන සේ පරිනත ඵල නෙළා ගත යුතුය.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)