Fruit Crops – Caimito-Star apple-S

1 horana logo

කිරිපළු (Caimito/Star apple)

Order : Ebenales
Family : Sapotaceae
Genus : Chrysophyllum L.
Species : Chrysophyllum cainito L.

රට ලාවුළු පුෂ්ප හා පත්‍ර

 

රට ලාවුළු පත්‍ර වල මතුපිට කොළ පැහැයෙන්ද එහි යටි පැත්ත රන්වන් පැහැයෙන්ද යුක්ත වීම නිසා ඉතා අලංකාර පෙනුමකින් යුතු ශාක වියනක් වීමත්, පාරිසරික හිතකාමී සතුන් ආකර්ෂණය කිරීමත් ඉතා ශක්තිමත් ශාකයක් බැවින් දැඩි සුළංවලට ප්‍රතිරෝධි වීමත් මෙම ශාකයේ වටිනාකම තවත් වැඩි කරයි.

 

රට ලාවුළු ඵලය

පිලිපීනය වැනි රටවල ජනප්‍රිය පලතුරක් වුවද ශ්‍රි ලංකාවේ උඩරට පැරණි ගෙවතු වලට පමණක් බොහෝ දුරට සීමා වූ පලතුරකි කිරිපළු, මේවා ශ්‍රි ලංකාවට හඳුන්වා දී ඇති සුවිශේෂී පලතුරු විශේෂයක් ලෙස දැක්විය හැකිය.
පැෂන් පෘට් ගෙඩියක බාහිර හැඩයට හා පෙනුමට බොහෝ දුරට සමාන කිරිපළු ගෙඩියේ පැහැය ඇපල් කොළ පැහැති හා දම් පැහැති වර්ග 2 ක් දේශීයව දක්නට ලැබේ.
ගෙඩිය මතුපිට සිනිඳු හා දිලිසෙන ස්වාභාවයක් ගනී.
හොදින් වැඩුණු ගෙඩියක බර ග්‍රෑම් 90-100 ක් පමණ වේ.
කිරිපළු ගෙඩියේ බීජ වටා පිහිටා ඇති ආහාරයට ගත හැකි රසවත් මෘදු පල්පය සුදු පැහැතිය.

 

ප්‍රචාරණය

රට ලාවුළු බීජ මගින් පහසුවෙන් ප්‍රචාරණය කරගත හැකිය.
එමෙන්ම බද්ධ කිරීමෙන් ද උසස් ගුණාත්මක පැළ නිපදවා ගත හැකිය.
උණුසුම් නිවර්තන කලාපීය දේශගුණික තත්ත්ව යටතේ හොදින් වැඞී බෙහෙවින් ඵල හටගන්නා කිරිපළු අපට එක්කර ගත හැකි තවත් වැදගත් රසවත් පලතුරක් බව නිසැකය.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)