09. Agriculture Research Station – Rahangala -S

කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය - රහංගල

හැඳින්වීම

රහංගල කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ උඩරට අතරමැදි කලාපය සහ නුවර එළිය දිස්ත්‍රික්කය තුල වගා කිරීමට විභවයක් ඇති පලතුරු ප්‍රභේද, එනම් සෞම්‍ය කලාපීය පලතුරු බෝග සම්බන්ධව පර්යේෂණ සිදුකරන එකම ආයතනය මෙය වේ. 1958 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බොරලන්ද ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් උප කාර්යාලයක් බොරලන්ද නගරයේ ස්ථාපනය කර ඇත. මෙම කාර්යාලය පර්යේෂණ අංශය, උද්‍යාන විද්‍යා ගොවිපොල හා බීජ ගබඩාව ලෙස අංශ තුනක් යටතේ පවත්වාගෙන ගොස් ඇති අතර 1978 සිට 2019 වර්ෂය දක්වා මෙම ආයතනය උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ක්‍රියාත්මක වෙනම ආයතනයක් ලෙස සෞම්‍ය කලාපීය පලතරු බෝග සහ උඩරට එළවළු වගාව හා සම්බන්ධ පර්යේෂණ සිදුකර ඇත. බොරලන්ද නගරයේ කැප්පෙටිපොළ මාර්ගයට මුහුණලා පිහිටා ඇති මෙම ආයතනය 2019 වර්ෂයේ සිට මේ දක්වා පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ පරිපාලනය කෙරේ.

bg

දැක්ම

“සෞම්‍ය කලාපීය පලතුරු බෝග වගාවේ පර්යේෂණ සහ නවෝත්පාදනයන් තුළින් ගොවි ජනතාව කේන්ද්‍ර කරගත් තිරසාර කෘෂිකාර්මික පරිවර්තනයක් ප්‍රවර්ධනය කිරීම, ආහාර සුරක්ෂිතතාව, ආර්ථික වර්ධනය සහ පාරිසරික තිරසාරභාවය සහතික කිරීම”

bg

මෙහෙවර

“උඩරට අතරමැදි කලාපයේ ගොවීන්ගේ හා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සාමාජීය හා ආර්ථික සංවර්ධනයට දායකවීම උදෙසා සෞම්‍ය කලාපීය පලතුරු බෝග සදහා තිරසාර හා ඵලදායී නව තාක්ෂණික ක්‍රමවේද උත්පාදනය කර සංවර්ධනය කිරීම.”

bg

සේවාවන්

  • කෘෂි ව්‍යාප්ත නිලධාරීන් , ගොවීන් සහ කෘෂි ව්‍යවසායකයින් සඳහා සිදුකරන පලතුරු වගාව පිළිබද පුහුණු වැඩසටහන් වලට සම්පත්දායකත්වය ලබාදීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදෙන ලද, උඩරට අතරමැදි කලාපය සහ නුවර එළිය දිස්ත්‍රික්කය තුල වගා කිරීමට සුදුසු පලතුරු ප්‍රභේදවල (ජමනාරං ඇතුළු පැගිරි බෝග සහ පෙයාස් පීච් වැනි සෞම්‍ය කලාපික පලතුරු බෝග) පැල නිෂ්පාදනය.
  • සෞම්‍ය කලාපීය පලතුරු බෝග හා උඩරට අතරමැදි කලාපයේ වගාකරනු ලබන වෙනත් පලතුරු බෝග වලට අදාල තාක්ෂණික ගැටළු සම්බන්ධව විසදුම් ලබාදීම.
  • කෘෂි තාක්ෂණික ප්‍රදර්ශන, ක්ෂේත්‍ර දින සංවිධානය සහ ඒ සදහා අවශ්‍ය නිදර්ශක ලබාදීම.
  • කෘෂි පර්යේෂණ – ව්‍යාප්ති සංවාද සදහා සහභාගීවීම.
bg

ප්‍රධාන ක්‍රියාකාරකම්

පර්යේෂණ

  • සෞම්‍ය කලාපීය පලතුරු බෝගවල නිෂ්පාදනය, ඵලදායිතාව හා ගුණාත්මය වැඩි කිරිම සදහා නව තාක්ෂණය ජනනය කිරීමට අදාල පර්යේෂණ සිදු කිරීම
  • ප්‍රභේද සංවර්ධනය සදහා පර්යේෂණ කටයුතු සිදුකිරිම: නිදහස් කරන ලද පලතුරු ප්‍රභේද: රහංගල පෙයාර්ස්, රහංගල ග්‍රීන් පෙයාර්ස්, රහංගල ජමනාරන්, රහංගල පැෂන් (දෙමුහුම්), රහංගල පීච්1, රහංගල පීච් 2
  • පසු අස්වනු හානිය අවම කිරීමට හා අගය එකතුකල නිෂ්පාදන වැඩි දියුණු කිරීම සම්බන්ධ පර්යේෂණ සිදුකිරීම

 පර්යේෂණ නොවන

  • සෞම්‍ය කලාපීය පලතරු බෝග සහ උඩරට අතරමැදි කලාපයට උචිත පලතුරු බෝග නිෂ්පාදනය හා සම්බන්ධ ජනනය කරන ලද නව තාක්ෂණය ගොවීන්, කෘෂි ව්‍යාප්ත නිලධාරීන්, සිසුන් (පාසල්, කෘෂිකර්ම විද්‍යාල හා විශ්වවිද්‍යාල) සහ පෞද්ගලික අංශයේ කෘෂි ව්‍යවසායකයින් වෙත සම්ප්‍රේශණය කිරීම.
  • ශ්‍රී ලංකාවේ ශක්තිමත් පලතුරු නිෂ්පාදන අංශයක් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
  • උසස් අධ්‍යාපනය ලබන සිසුන් සදහා පලතුරු වගාව සම්බන්ධව කෘෂිකාර්මික පුහුණුව ලබාදීම හා විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සදහා පහසුකම් සැලසීම , එම කටයුතු අධීක්ෂණය සහ මග පෙන්වීම.

පලතුරු බෝග

උප ඒකකය භාර නිලධාරී

එන්. එස්. සේනානායක මයා

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

අංශයන්හි නිලධාරීන්

අංශයන්හි නිලධාරීන්

ඒ.එම්.පී.ඩී. අලහකෝන්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ආර්.වී.එස්.එල්. සුනන්ද

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ගොවිපල කළමනාකරු

ජේ.ඩී. ආරියරත්න

කෘෂිකර්ම උපදේශක (I)

අප අමතන්න