විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා අංශය
අපගේ සේවාවන්
සියළු අභ්‍යන්තර සහ බාහිර ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති නිර්මාණ සැලසුම් කිරීම, කළමනාකරණය, ප්‍රගති මෙහෙයුම සහ සමාලෝචනය සම්බන්ධ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු උපදේශක කටයුතු.
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුමය කාර්යයන් සඳහා සැලසුම් නිර්මාණය සහ ඇස්තමේන්තු සැකසීමත් ව්‍යාපෘති සක්‍යතා අධ්‍යයනය සඳහා අවශ්‍ය ප්‍රමාණ, මිළ ගණන්, ද්‍රව්‍ය, උපකරණ සහ ශ්‍රමය තක්සේරු කිරීම.
දෙපාර්තමේන්තුව සතු සියළුම යාන්ත්‍රික, විදුලි සහ විද්‍යුත් යන්ත්‍රෝපකරණ, වාහන, ව්‍යූහ සහ ඉදිකිරීම් වල මනා පැවැත්ම සහතික කර ගනිමින් අදාළ නඩත්තු සහ සේවා කටයුතු සැලසුම් කර විධිමත් ව කළමණාකරණය කර ගනිමින් අප්‍රමාදව පවත්වා ගෙන යාම.
සියලු ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කළමනාකරණය කරමින් ඉටු කිරීම.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වත්කම් පිළිබඳ දත්ත කළමනාකරණය සඳහා සහාය වෙමින් වාහන යන්ත්‍රෝපකරණ සහ ව්‍යූහ පිළිබඳ ඇස්තමේන්තු ඇගයීම සහ නිර්දේශයන් ලබාදීම.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකරණ සහ වාහන නඩත්තුව සඳහා වූ අළුත්වැඩියාවන්/සේවාවන් පිළිබඳ නිර්දේශයන් ලබාදීම.
කුණ්ඩසාලේ කෘෂිකර්ම සංකීර්ණයේ ජල සම්පාදන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම, එහි නඩත්තුව හා යෝජිත ප්‍රාදේශීය ඉංජිනේරු සේවා පර්යන්ත කළමණාකරණය.
යාන්ත්‍රික/විදුලි ඉංජිනේරුමය කාර්ය්යයන් පිළිබඳ උපදේශානාත්මක සේවාවන් සැපයීම.