විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අංශය
ඉංජිනේරු අංශය යටතේ ප්‍රධාන ඒකකයක් ලෙස, අපගේ ප්‍රධාන වගකීම් වන්නේ යාන්ත්‍රික ඉංජිනේරු සැලසුම් ක්‍රියාත්මක කිරීම, යාන්ත්‍රික ඉංජිනේරු සම්බන්ධ නිර්දේශ ලබා දීම, අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කටයුතු, විදුලි ඉංජිනේරු අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කටයුතු, විදුලි ඉංජිනේරු සම්බන්ධ නිර්දේශ ලබා දීම, තොරතුරු තාක්ෂණ සම්බන්ධ අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු, නිර්දේශ ලබා දීම සහ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වේ.
ඊට අමතරව සියලු ඉංජිනේරුමය අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු දැනට පවතින ප්‍රාදේශීය ඉංජිනේරු සේවා පර්යන්ත මගින් සිදු කෙරේ.
අපගේ සේවාවන්
සියලු විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු කාර්යයන් සඳහා ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති, සැලසුම්, කළමනාකරණය සහ ප්‍රගති සමාලෝචනය සඳහා උපදේශන සේවා සපයීම.
සියලු විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු කාර්ය සඳහා සැලසුම්, සැලසුම් මාලාවන් සහ ඇස්තමේන්තු සකස් කිරීම සහ ව්‍යාපෘති හැකියාව අධ්‍යයන කර භාණ්ඩ, උපකරණ සහ කම්කරු අවශ්‍යතා ඇගයීම.
සියලු විදුලි සහ විද්‍යුත් උපකරණ, යන්ත්‍ර, වාහන සහ වගා භූමිය ආරක්ෂා කිරීම සහතික කරමින්, නඩත්තු සහ සේවා කටයුතු සියල්ල කාලෝචිත ලෙස සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම.
සියලු විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු මිලදී ගැනීම් කටයුතු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
දෙපාර්තමේන්තුවේ සම්පත් කළමනාකරණයට සහය දී, ඒවා අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ඇගයීම් සහ නිර්දේශ ලබා දීම.
කුණ්ඩසාල ප්‍රාදේශීය ජල සැපයුම් සැලැස්ම ලාභදායීව සහ පිළිගත් ප්‍රමිතීන්ට අනුව මෙහෙයවීම සහ කළමනාකරණය කිරීම.
ප්‍රාදේශීය ඉංජිනේරු සේවා පර්යන්ත ලාභදායීව මෙහෙයවීම සහ කළමනාකරණය කිරීම, සිවිල්, විදුලි සහ යාන්ත්‍රික අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු සම්පූර්ණ සේවාවක් ලබා දීම සහ ඉංජිනේරු සේවා ආයතනය විසින් අවශ්‍ය ක්ෂේත්‍රීය කටයුතු සඳහා සහය දීම
