සිවිල් ඉංජිනේරු සේවා අංශය
සිවිල් ඉංජිනේරු සේවා අංශය මඟින් දෙපාර්තමේන්තුව සඳහා වන සියළුම වාස්තු විද්‍යාත්මක සහ සිවිල් ඉංජිනේරුමය කාර්යයන් පහත පරිදි වේ.
අපගේ සේවාවන්
සියළු අභ්‍යන්තර සහ බාහිර ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති නිර්මාණ සැලසුම් කිරීම, කළමනාකරණය, ප්‍රගති මෙහෙයුම සහ සමාලොචනය සම්බන්ධ සිවිල් ඉංජිනේරු සහ වාස්තු විද්‍යා උපදේශක කටයුතු.
සිවිල් ඉංජිනේරුමය කාර්යයන් සඳහා සැලසුම් නිර්මාණය සහ ඇස්තමේන්තු සැකසීමත් ව්‍යාපෘති සක්‍යතා අධ්‍යයනය සඳහා අවශ්‍ය ප්‍රමාන, මිළගණන්, ද්‍රව්‍ය, උපකරණ සහ ශ්‍රමය තක්සේරු කිරීම.
දෙපාර්තමේන්තුව සතු සියළුම ගොඩනැගිලි, ව්‍යූහ සහ ඉදිකිරීම් වල මනා පැවැත්ම සහතික කර ගනිමින් අදාළ නඩත්තු සහ සේවා කටයුතු සැලසුම් කර විධිමත් ව කළමණාකරණය කර ගනිමින් අප්‍රමාදව පවත්වා ගෙන යාම.
සියළු ඉඳිකරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා වන සිවිල් ඉංජිනේරු සහ වාස්තුවිද්‍යා කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කළමණාකරණය කරමින් ඉටු කිරීම.
නිර්මාණ සහ ඉඳිකිරීම් කාර්යයන් අධීක්ෂණය සහ ගෙවීම් කටයුතු නිර්දේශ කිරීම.
සිවිල් ඉංජිනේරුමය සහ වාස්තු විද්‍යා කාර්යයන් පිළිබඳ උපදේශනාත්මක සේවාවන් සැපයීම.