Engineering-Division1- Civil (S)

Engineering Division LOGO
Engineering Division LOGO

සිවිල් ඉංජිනේරු අංශය

අපි ඉංජිනේරු අංශය යටතේ ඇති ප්‍රධාන ඒකකයන්ගෙන් එකක් වේ. එමගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  සියලු සිවිල් ඉංජිනේරුමය කාර්යයන් සඳහා උපදේශන සහ අධීක්ෂණ සේවාවන් සපයනු ලැබේ.  

මෙම අංශයට අයත් ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ සියලු වර්ගයේ ඉදිකිරීම් සහ අළුත්වැඩියා කාර්ය සඳහා අවශ්‍ය වාස්තුක හා ව්‍යුහමය සැලසුම් සපයීම, ඒ සඳහා ඇස්තමේන්තු සකස් කිරීම, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ කාර්ය ක්‍රියාත්මක කිරීම, ඉදිකිරීම් සහ අළුත්වැඩියා කාර්යයන් අධීක්ෂණය කිරීම සහ ගෙවීම් සඳහා නිර්දේශ ලබාදීම වේ.

Civil Jobs

සේවාවන්

සියලුම ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශන සේවා සැපයීම , සිවිල් ඉංජිනේරුමය කාර්යයන්ගේ සැලසුම්, නියෝජනය, කළමනාකරණය සහ ප්‍රගති සමාලෝචනය.

සිවිල් ඉංජිනේරුමය කාර්යයන් සඳහා සැලසුම් නිර්මාණය සහ ඇස්තමේන්තු සැකසීමත් ව්‍යාපෘති සක්‍යතා අධ්‍යයනය සඳහා අවශ්‍ය ප්‍රමාන, මිළගණන්, ද්‍රව්‍ය, උපකරණ සහ ශ්‍රමය තක්සේරු කිරීම.

දෙපාර්‍තමේන්තුව සතු සියළුම ගොඩනැගිලි, ව්‍යූහ සහ ඉදිකිරීම් වල මනා පැවැත්ම සහතික කර ගනිමින් අදාළ නඩත්තු සහ සේවා කටයුතු සැලසුම් කර විධිමත් ව කළමණාකරණය කර ගනිමින් අප්‍රමාදව පවත්වා ගෙන යාම.

සියළු ඉඳිකරීම් සහ සංවර්‍ධන ව්‍යාපෘති සඳහා වන සිවිල් ඉංජිනේරු සහ වාස්තුවිද්‍යා කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කළමණාකරණය කරමින් ඉටු කිරීම.

නිර්මාණ සහ ඉඳිකිරීම් කාර්යයන් අධීක්ෂණය සහ ගෙවීම් කටයුතු නිර්දේශ කිරීම.

සිවිල් ඉංජිනේරුමය සහ වාස්තු විද්‍යා කාර්යයන් පිළිබඳ උපදේශනාත්මක සේවාවන් සැපයීම.