Sinhala: HORDI Crop – Cucumber

HORDI - LOGO

පිපිඤ්ඤා

Cucumis sativus

පිපිඤ්ඤා යනු පිසීමේ හෝ සලාද වර්ගයක් ලෙස ජනප්‍රිය එළවළු වර්ගයකි

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

තෙත් කලාපයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේදී ද වගාකළ හැකිය. මෙම භෝගය මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකිය. උෂ්ණ පරිසර තත්ත්ව ප්‍රිය කරන භෝගයකි. භෝගයේ වර්ධනය සාර්ථක වීම සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඞ් අංශක 30 ක් පමණ වේ.

පස

විවිධ ආකාරයේ පස් වර්ග පවතින ඉඩම්වල පිපිඤ්ඤා වගාකළ හැකිය. කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු හොඳින් ජලවහනය වන පස වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි දිගු කාලයක් ජලය රඳා පැවතීමේ තත්ත්වයට බෝගය ඉතා සංවේදීය. සුදුසු පී.එච්. අගය 5.5-7.5 වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1 කි.

තවාන් කළමනාකරණය

සෘජු රෝපණය නිසා තවාන් පාලනයක්  අවශ්‍ය නොවේ

බිම් සැකසීම

ඉඩමේ වල්පැළ ඉවත්කර සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයේ වළවල් නියමිත පරතරයට සකසන්න.

පැළ සිටුවීම

සෘජු රෝපණය

පරතරය

තනි වගාවක් සඳහා මීටර් 1 ං මීටර් 1 පරතරය ප්‍රමාණවත්ය. බණ්ඩක්කා සමඟ මිශ්‍ර වගාවක් ලෙස ද පිපිඤ්ඤා වගාකළ හැකිය. එවිට ලබාදිය යුතු පරතරය මීටර් 1.2 ං මීටර් 0.9 (සෙන්ටිමීටර් 120 ං 90) කි. මෙහිදී එකම වළෙහි භෝග දෙකටම අයත් බීජ සිටුවන්න.

පොහොර

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට්

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

75

200

60

මතු පිට පොහොර (සති 04 කට පසු)

75

60

මතු පිට පොහොර (සති 05 කට පසු)

75

60

ජල සම්පාදනය

භෝගයට අනවශ්‍ය පරිදි ජලය සැපයීම සුදුසු නැත. පසෙහි තෙතමනය වැඩි වූ විට වැල් හා ගෙඩි කුණුවී යා හැකිය. එනිසා වගාව යටවන පරදි ජලය හැරවීම නොකරන්න.

වල් පැළෑටි පාලනය

බෝගය විසින් පොළව ආවරණය කර වැඩෙන තෙක් වගාවේ වල් පැළ පාලනය කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න. පිදුරු හෝ වියළි තණකොළ වැනි වසුන් යෙදීමෙන් ද වල් පැළවල වර්ධනය පාලනය කරගත හැකිය.

අස්වනු නෙළීම

ගෙඩි කහ පැහැවී ඇතිවිට නෙලාගන්න. පිහියක් වැනි ආයුධයකින් ගෙඩියේ නටුව කපාගන්න. වැල්වල පාර්ශ්වික ශාඛා සියල්ල වැඩීමට ඉඩ හැරියවිට හටගන්නා ගෙඩි, ප්‍රමාණයෙන් කුඩාවේ. අස්වනු නෙළන වාර ගණන වැඩිකළ විට වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

අස්වැන්න

OP ප්‍රභේද – හෙක්ටයාරයකට ටොන් 15-20 කි

Hybrid ප්‍රභේද- හෙක්ටයාරයකට ටොන් 25-30 කි

 

පළිබෝධ කළමනාකරණය

මිලිමීටර්  5 ක් පමණ ශරීරයක් සහිත කණාමැදිරියකු වැනි දිගටි කුරුමිණියකි. තැඹිලි , දුඹුරු, හා කළු වර්ණ සහිත විශේෂ ඇත.විශේෂයෙන්ම පැළ වගාවන්හි පත්‍ර සිදුරු ලෙස කා දමා විශාල හානියක් සිදු කරයි. හොදින් වර්ධනය වූ ශාක වලට ආර්ථිකව හානි කරන්නේ ඉතා අඩුවෙනි. කීට අවස්තාව පසේ සිටින අතර වගාවේ පැළවල මුල් ආහාරයට ගෙන හානි කරයි.

පැරණි බෝග ශේෂ විනාශ කිරීම , වරින් වර නව වගාවන් ඇරඹීම , වගාවන් ආරම්භයේදීම මීටර් 02 ක් පමණ ආවරණය කිරීම , ස්වභාවික සතුරන් රැකගැනීම, හානිය ආරම්භයේ  සිටම මෙම කුරුමිණියන් භෞතිකව විනාශ කිරීම, අත්‍යවශ්‍ය වුවහොත් පමණක් නිර්දේශ පරිදි කෘමිනාශක භාවිතය මේ සදහා කල යුතුය

මේ සඳහා නිර්දේශිත කෘමිනාශක

කෘමිනාශකය

දියකළ යුතු ප්‍රමාණය

     දින 10 කට වරක් කුඩා පැළ අවධියේ

ක්ලෝරැන්තැනිල්ප්‍රෝරෝල් 185g/1SC

මිලිලීටර් 32/ ජලය ලීටර් 16

ස්පිනෝසාඩ් 25g/ 1 SP

මිලිලීටර් 16/ ජලය ලීටර් 16

     ලොකු වැල් සඳහා දින 14 ට වරක්

තයෝසයික්ලාම් 50% SP

ග්‍රෑම් 25/ ජලය ලීටර් 10

 මිලිමීටර් 4 ක් පමණ දිගය. අර්ධ ගෝලාකාර හැඩති දුඹුරු පැහැති සහ කළු තිත් සහිත කුරුමිණියෙකි. කීටයා කහ පැහැතිය , සිරුරෙහි කටු සහිත බවක් ඇත. කුරුමිණිය සහ කීටයා පත්‍ර සූරා කයි. බිත්තර ලා කහ පාටය, දිගටි හැඩයකි.20-40 ක පමණ පොකුරක් ලෙස පත්‍ර මත අලවා තබයි.

හානිය දුටු විගස නිවැරදිව හදුනාගෙන කුරුමිණියා, කීටයා සහ පිලවා එකතු කර විනාශ කරන්න. පැරණි වගා ශේෂ අස්වනු නෙලීම අවසන් වූ වහාම උගුල්ලා, විනාශ කරන්න , නව වගාව මීටර් ½ ක් පමණ උසට ආවරණය කරන්න

මිලිමීටර් 8ක් පමණ දිග දුඹුරු පැහැති මැස්සෙකි, පියාපත්වල කළු ලප දෙකක් ඇත. කරවිල කුලයේ ලපටි ගෙඩිවල පොත්ත සිදුරු කර, දිගටි, ක්‍රීම් සුදු, බිත්තර 6-12 ක් පමණ දමයි. එයින් පිට වන සුදු පැහැති , පාද රහිත ඉහදයින් ගෙඩියේ මදය ආහාරයට ගන්නා නිසා ගෙඩියේ මදය කුණු වේ. ගෙඩි අක්‍රමවත් හැඩති වේ. වැඩුණු කීටයින් පසෙහි කෝෂ ගත වී නැවත මැස්සන් බවට පත්වේ. ජීවන චක්‍රය මාසයක් පමණ වන අතර වසරකට පරම්පරා 10ක් පමණ ඇති වේ. බොහෝ  වේගයෙන් මැස්සා දුර පියාඹන නිසාත් ඉක්මනින් බෝවන නිසාත් විශාල අස්වනු හානියක් කරයි. එමෙන්ම හානි වූ ගෙඩි ප්‍රවාහනයෙන්ද , හානිය සහිත වගාවන් පවත්වා ගැනීමේදී මෙය තව දුරටත් වර්ධනය වේ. පාලනය  සදහා සෑම විටම මෙම කීටයන් සහිත ගෙඩි විනාශ කිරීම, පැරණි වගාවන් අස්වනු නෙලිමෙන් පසුව උගුල්ලා විනාශ කිරීම, නව වගාවන් මීටර් 02 ක් පමණ උසට ආවරණය කිරීම, පස ගැඹුරට සී-සෑම, කියූලියෝර් නමැති පෙරමෝනය අඩංගු ඉල් මැස්සා සදහාම වන උගුල දිගු කාලීනව වගා බිමේ සවිකර පිරිමි මැස්සන් විනාශ කිරීම, ගෙඩි ලපටි අවස්ථාවේදීම පොලිතින් හෝ කඩදාසි මගින් ආවරණය , වගාවේ මල් පිපිම ආරම්භ වූ විට නිර්දේශිත කෘමිනාශක මිශ්‍ර කරන ලද ප්‍රෝටීන ඇම, උදයවරුවේ මීටර් 3-4 ක පමණ පරතරය සහිතව වගාවේ  තැනින් තැනට පත්‍ර යටි පැත්ත තෙමෙන ලෙස දින 7 කට වරක් ඉසින්න, නැතහොත් උගුලක්  ලෙස මැස්සන්ට ඇම ආලේපකර එල්ලා තැබිය හැකිය.

ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා තැඹිලි /රතු පැහැති ගෝලාකාර හැඩති සතුන්ය. පත්‍ර මතුපිට සූරා යුෂය  ආහාරයට ගනී. උෂ්ණ හා වියළි විට හානිය වැඩි වේ. යුෂය  උරාබීම නිසා පත්‍ර වල කොළ පැහැය අඩුවී පහසුවෙන් කැඩෙන සුළු ස්වභාවයකට පත්වේ. පැරණි බෝග ශේෂ නව වගාවන්ට පෙර විනාශ කිරීම , සවස් කාලයේදී වගාවට ජලය ඉසීම. නිර්දේශිත මයිටා නාශක ඉසීම මෙම හානිය පාලනය කිරීමට උපකාරී වේ.

මිලිමීටර් 1ක් පමණ දිග , සුදු පැහැති, පියැඹියහැකි කෘමියෙකි. පණුවා පැතලි කොළ/දුඹුරු කොරපොත්තක් වැනිය. ශාක පත්‍ර විද යුෂය උරාබොයි.වෛරස් රෝග වාහකයෙකි. පැරණි වගා ශේෂ නව වගාව ඇරඹීමට පෙර උගුල්ලා විනාශ කිරීම , වගාව ආවරණය කිරීම , නිර්දේශිත පරිදි පොහොර භාවිතය , සවස් කාලයේදී ජලය ඉසීම හා නිර්දේශිත පරිදි කෘමිනාශක භාවිතයෙන් මෙම හානිය පාලනය  වේ.

මිලිමීටර් 1-2 ක් පමණ දිග කහ / කොළ/ දුඹුරු/ කළු පැහැතිය. මෘදු හා දිගටි / ගෝලාකාර ශරීර සහිත රංචු ලෙස ලපටි ශාක කොටස් මත නිසොල්මන්ව ජීවත්වේ . ශාක පටක විද යුෂය උරාබොයි, සීනි සහිත උකු ද්‍රාවණයක් සිරුරේ අපර කොටසේ ඇති ග්‍රන්ථි වලින් පිටකරයි. වෛරස් රෝග වාහකයින්ය.

පාලනය සදහා පැරණි බෝග ශේෂ විනාශ කිරීම , වගාව ආවරණය කිරීම නිර්දේශිත පරිදි පොහොර භාවිතය , හානියේ මුල් අවස්ථාවේදී අතින් හෝ බුරුසුවක් වැනි දෙයකින් පිසදා දැමීම , සවස් කල ජලය ඉසීම හා නිර්දේශිත පරිදි කෘමිනාශක ඉසීම සුදුසුය. කුඩිත්තන් ආහාරයට ගන්නා ඉඹි කුරුමිණියන්  මැසි කීටයින් වැනි සතුන් මෙන්ම පරපෝෂිත දෙබරුන්ද ස්වභාවික පරිසර තත්ත්වය යටතේ කුඩිත්තන් පාලනයට උපකාරී වේ.

රෝග කළමනාකරණය

  • දිලීර රෝග
රෝග කාරකය: Podosphaera xanthii රෝග ලක්ෂණ:
  • පළමුව පරිණත පත්‍රවල ලා කහ පැහැති ලප ලෙස දිස්වේ
  • පත්‍ර මතුපිට සුදු පැහැති සුදුමැලි mycelium වර්ධනය වන විට මෙම ලප විශාල වේ
  • දැඩි හානියට ලක් වූ පත්‍ර දුඹුරු පැහැවීම හා හැකිලීම සහ පත්‍ර පතනය සිදුවේ.
පාලනය:
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත බෝග අවශේෂ  ඉවත්කිරීම.

රෝග කාරකය : Pseudoperonospora cubensis 

රෝග ලක්ෂණ:

  • පත්‍රවල ඉහළ පෘෂ්ඨයේ පත්‍ර නාරටි මගින් සීමා වූ කෝණාකාර කහ පැහැති ලප.
  • පත්‍ර හරිතක්ෂය බවට පත් වන අතර අවසානයේ නික්‍රෝටික් සහ ධාරක ශාක සෛල මිය යයි.

පාලනය:

  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත ශාක කොටස්  ඉවත්කිරීම.

රෝග කාරකය :  Sclerotium spp., Fusarium spp.

රෝග ලක්ෂණ:

  • මුල් අවස්ථාවේදී ශාක තාවකාලික මැලවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි
  • පත්‍ර කහ පැහැ වීම, මැලවීම සහ එල්ලා වැටීම පෙන්නුම් කරයි
  • අවසානයේදී, ශාකය මිය යයි.
  • පාමුල ප්‍රදේශයේ පිහිටි සනාල ගොණු කහ හෝ දුඹුරු බවට පත් වේ.
  • ශාකයේ පාදස්ථයේ සුදු පැහැ දිලීර ජාල දක්නට ලැබේ.

පාලනය:

  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ජලවහනය වැඩිදියුණු කිරීම
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)

රෝග කාරකය : Didymella bryoniae

රෝග ලක්ෂණ:

  • සාමාන්‍යයෙන් ජලයෙන් තෙත් වූ ප්‍රදේශ වල පැතිරීමෙන් පත්‍ර වල සහ පලතුරු වල තුවාල සැදීම ආරම්භවේ
  • මුල් අවස්ථාවේදී හරික්ෂය වූ සිදුරු තිබිය හැක,ඉන්පසු ලා දුඹුරු බවට පත් වි අක්‍රමවත්  හැඩති  විය හැකිය
  • ඵල මත තද පැහැති පැලුණු ගිලුණු ලප ඇති වේ.
  • ගිලුණු, පොතු වලයේ පිළිකා ඇති ස්ථානවල පැල කඩා වැටීම
  • කඳේ ඇති ලප බොහෝ විට ඉරි මෙන් දික් වන අතර ඉරිතැලීම් වලින් මැලියම්  පිටවීම් ඇති විය හැක.
  • පළතුරු, කඳ හෝ පත්‍ර මත තද දුඹුරු පැහැයට හුරු කළු පැහැති බිජාණුධානී (pycnidia) දැකිය හැක.

පාලනය:

  • දිලීර පැවැත්ම අවම කිරීම සඳහා අස්වැන්න නෙලීමෙන් පසු වහාම බෝග අවශේෂ ගැඹුරට සීසෑම කල යුතුය.
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • බැක්ටීරියා රෝග
රෝග කාරකය : Ralstonia solanacearum රෝග ලක්ෂණ:
  • පත්‍ර හදිසි මැලවීම දක්නට ලැබීම
  • අවසානයේදී සම්පුර්ණ ශාකයම මැලවී යයි
  • පත්‍ර දුඹුරු පැහැ වීම සහ , වියලීම
  • සනාල දුර්වර්ණ වීම (දුඹුරු පැහැ වීම)
  • ස්ථිරවම මැලවීම
රෝගකාරක පැතිරීම;
  • ආසාදිත පස, ජලය, බෝග අවශේෂ , නෙමටෝඩාවන් සහ කෘමීන්, කප්පාදු කිරීම, ධාරක ශාක ලෙස වල් පැලෑටි
රෝග විනිශ්චය: ආසාදනයට ලක්වූ ශාකයක කඳ කාපු කෙලවර පැහැදිලි ජලයේ ගිල්වූ විට සුදු පැහැති දුමාරයක් වෑස්සිම පාලනය:
  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ප්‍රතිරෝධී ප්‍රභේද (බණ්ඩක්කා, බඩ ඉරිඟු) සමඟ බෝග මාරුව
  • Cruciferae කුලයේ බෝග සමඟ මිශ්‍ර වගාව
  • ආසාදිත ක්ෂේත්‍රවල සිට ආසාදනය නොවූ ක්ෂේත්‍ර වෙත උපකරණ ගෙන යාමෙන් වැලකීම
  • වෛරස් රෝග
සුදු මැස්සා  (Bemicia tabaci) මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • පත්‍ර උඩු අතට රැලිවීම, පර්ව  කෙටි කිරීම සහ විකෘති වීම
  • පැල කුරුවීම් සහ ඵල විකෘති වීම.
කුඩිත්තන් මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • විචිත්‍ර වූ පුල්ලි සහිත ලප පත්‍ර මත දක්නට ලැබීම.
  • පත්‍ර විකෘති වීම්
  • ඵල විකෘති වීම සහ ගෙඩිවල ප්‍රමාණය කුඩා වීම
  • දරුණු ආසාදනවලදී, ඵල මතුපිට තෙල් සහිත පැල්ලම් දක්නට ලැබේ

බීජ සහ යුෂ මගින් සම්ප්‍රේෂණය සිදුවේ.

රෝග ලක්ෂණ:

  • කොළ පැහැති පුල්ලි ඇතිවීම හා පත්‍ර විකෘති වීම
  • ඵල මත කොළ පැහැති ලප, දීප්තිමත් කහ සහ දිරාපත් වූ ඵල බවට පත් වේ
  • ඵල විකෘති වීම.

රෝග ලක්ෂණ:

  • ශාක කුරු වීම, කහ වීම, හරිතක්ෂය (අවස්ථානුකුලව) , විචිත්‍ර විකෘති පත්‍ර (බිබිලි)
  • ඵල දුර්වර්ණ වීම සහ විකෘති වීම
  • පයිටොප්ලාස්මා  රෝගය / කුඩා පත්‍ර රෝගය
රෝග ලක්ෂණ
  • කුඩා , ඝනකම් වූ සහ කහ පැහැති කොළ පාට වූ පත්‍ර ,
  • පර්ව කෙටිවීම හා ශාක කුරුවීම,
  • සෙව්වන්දි ආකාර වීම,
  • මල් කොළ පැහැයට හැරීම.
ආසාධිත බීජ හරහා සහ පත්‍ර කී කීඩෑවන් මගින් සම්ප්‍රේෂණය වේ රෝග පාලනය ආසාදිත ශාක ඉවත් කිරීම හා නිර්දේශිත කෘමිනාශකයක් භාවිතයෙන් වාහකයන් (පත්‍ර කීඩෑවන් ) පාලනය කරන්න