බිංදු ජල සම්පාදනය
පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියක් තුළින් ගලා යන ජලය වායු ගෝලීය පීඩන 01 කදී ජල විසර්ජක තුළින් (ඩ්‍රිපර Drippers තුළින්) මූල මණ්ඩල කළාපයට ජල බිංදු ආකාරයට ලබාදීමයි.
බිංදු ජල සම්පාදනයේ මූලික දර්ශනය වනුයේ පසට ජලය ලබා දීම නොව භෝගයේ මූල මණ්ඩල කලාපයට ජලය ලබා දීමයි '
Philosophy of Drip Irrigation is to Irrigate the Plant root Zone but mot to the Soil
පසට ජලය නිකුත් කරන ස්ථානය අනුව බිංදු ජල සම්පාදන ආකාර දෙකකි
  1. පස මතුපිටින් සිදුකරන බිංදු ජල සම්පාදනය (Surface Drip Irrigation)
  2. පාංශු උප පෘෂ්ඨීය බිංදු ජල සම්පාදනය (Sub - Surface Drip Irrigation )
බිංදු ජල සම්පාදනයේ ප්‍රධාන ලක්ෂණ
  • ජලය ඒකාකාරීව ඒකීය ලක්ෂණ මූල මණ්ඩලය කලාපයට පමණක් ලබාදීම.
  • පසේ සීමිත පරිමාවක් පමණක් තෙමීමට ලක්වීම.
  • වැඩි ඝණත්වයකින් යුත් ක්‍රියාකාරී මූල මණ්ඩලයක් වර්ධනය වීම.
  • කෙටි කාලාන්තර වලදී භෝගය අවශ්‍යතාවයට සරිලන ජල ප්‍රමාණයක් නිරතුරුව සැපයිම.
බිංදු ජල සම්පාදනයේ මූලික සිද්ධාන්ත
බිංදු ජල සම්පාදනයේ දී ජල සම්පාදන කාලාන්තරය තුළ (ජලය සැපයීමේ අවස්ථා දෙකක් අතර කාලය ජල සම්පාදන කාලාන්තරය වේ) භෝගය විසින් ඉවත් කළ සහ වෙනත් ආකාර වලින් භෝගයේ මූල මණ්ඩල කලාපය තුළින් ඉවත් වු ජල ප්‍රමාණය නැවත මූල මණ්ඩල කලාපයට සැපයීම අවශ්‍යයි. මෙම ජල අවශ්‍යතාවය බිංදු ජල පද්ධතිය මඟින් ප්‍රශස්ථ මටිටමින් සැපයීම සිදුකරයි.
ක්ෂුද්‍ර ජල(බිංදු) ජල සම්පාදනයේ දී භෝග වගා කරන පසේ මුලික කාන්දුවීමේ ධාරිතා අගය (Basic Infilitration Rate) අභිබවා යන පරීදි පසට ජලය ලබා නොඳේ .
වෙනත් මතුපිට ජල සම්පාදන ක්‍රම වලදී පසට සපයන ජල ප්‍රමාණය අධික බැවින් පසෙහි මූලික කාන්දුවීමේ ධාරිතාවය අභිබවා යන පරිදි ජල සැපයීමක් සිදු වේ. එවිව පසෙහි මතුපිට කලාපයේ පෝෂක පාංශු යටි ස්ථර වලට හෝ භූගත ජලයට කාන්දුවීම සිදු වීමෙන් පෝෂක හානියක් මෙන්ම පෝෂක මඟින් භූගත ජලය දුෂණය වීමක්ද සිදු විය හැක. මෙම අවාසිදායක තත්වය බිංදු ජල සම්පාදනයේදී සිදු නොවේ.
මූල මණ්ඩලයේ ගැඹුර හා පාර්ශ්වික පැතිරිම අනුව සපයන ජල ප්‍රමාණය හා එය සපයන ආකාරය තීරණය කල යුතුය.
බීජ නිෂ්පාදනය, භෝග කප්පාදුව පුෂ්පිකරණ උත්තේජනය, හා ඵලයේ පැණි රස බව Brix Value ඇතිකිරීම සඳහා වන නියමිත තෙතමන අගයක තබාගැනීම ආදී කටයුතුවලදි හා වෙනත් එවැනි වැදගත් ශෂ්‍ය විද්‍යාත්මක කරුනු පාලනය කිරීම සඳහා ජලය කපා හැරිම හා ක්ෂණිකව ජලය ලබා දීම වැනි විශේෂ උපක්‍රම අනුගමනය කරනු ලබයි.
භෝග වර්ධක අවධියේදී පසේ තෙතමන තත්වය හැකිතාක් දුරට පාංශු ක්ෂේත්‍ර ධාරිතා මට්ටමින් පවත්වා ගනිමින් භෝගයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය සැම විටම උපරිමව පවත්වා ගැනීම මෙම ක්‍රමයේ විශේෂිත ලක්ෂණයකි.
ඉහත රූපසටහනින් දක්වා ඇත්තේ ශාකයේ වර්ධනය කෙරෙහි පාංශු තෙතමනයේ බලපෑමයි. (The effect of Soil Moisture on the rate of Plant Growth)
බිංදු ජල සම්පාදනයේදී පාංශු තෙතමන තත්වය කේෂ්ත්‍ර ධාරිතා අගයට ආසන්නව තබාගැනීම සඳහා සුදුසු ජල සම්පාදන කාලාන්තර,
පස් කාණ්ඩය ජල සම්පාදන
කාලාන්තරය
(දින) දළ වශයෙන්
මැටි පස 2-3
මැටි ලොම් පස 1- 2
වැලි පස 0.5 සිට 1
කෙසේ නමුත් මෙම ජල සම්පාදන කාලාන්තරයන් හමුවේ පාංශු තෙතමන තත්වය එම පසේ ක්ෂේත්‍ර ධාරීතා අගයට ආසන්නව තබාගැනීමට කටයුතු කළ යුතුය.
බිංදු ජල සම්පාදනයේ දී ජල සම්පාදන ප්‍රමාණය , කාලාන්තරය හා ජල සම්පාදන වේලාව සඳහා භාවිතා කළ යුතු ප්‍රධාන ක්‍රම දෙකකි.
1.යම් දිනයට හෝ කාල පරිච්ඡේදයට සැපයිය යුතු ජල පරිමාව කෙටි කාලයක් තුළ ලබා දීම.
(High Volume Low Time Irrigation)
- පසේ මූලික ජල කාන්දුවිමේ ධාරිතාව නොඉක්මවයි.
- සුළු හා මධ්‍යම පරිමාන ගොවිපල සඳහා සුදුසු වන අතර ඉන්ධන හෝ විදුලිය පිරිමැසිය හැක.
උදා - පැලයකට දිනකදී නියමිත ජල සම්පාදන කාලාන්තරය තුළ සැපයිය යුතු ජල ප්‍රමාණය ලීටර 24 ක් නම් එය පැය 2 කදී ලබාදීම.
  1. දිගු කාලයක් තුළ ලබාදීම
(Low Volume High Time Irrigation)
- මූලික ජලය කාන්දු විමේ ධාරිතාව ඉක්මවා නොයයි.
- විශාල පරිමාන ගොවිපල වලට ඉතා සුදුසුයි.
- ජල මූලාශ්‍රයේ ප්‍රතිපූර්ණ වීමේ වේගය (Low Recharge rate of the water source) ඉතා දුර්වල නම් මෙය යෝග්‍ය වේ.
- මූල මණ්ඩලයට ජලය සැපයිම සඳහා ඉතාම ප්‍රායෝගික වු යෝග්‍යතම ක්‍රමය වේ.
උදා :- පැලයකට දිනකට නියමිත ජල සම්පාදන කාලාන්තරය තුළ සැපයිය යුතු ජල ප්‍රමාණය ලීටර 24 ක් නම් එය පැය 6 කදී ලබාදීම.
High Volume හා Low Volume ලෙස විසර්ජන ජල පරිමාව සීමා කරනුයේ පැයකට ලීටර් 1ට වැඩි හා පැයකට ලීටර් 1 ට වඩා අඩු වශයෙනි.
බිංදු ජල සම්පාදනයේ ජලය සැපයීමේදී පසේ මූලික කාන්දුවීමේ ධාරිතාව අභිබවා නොයන පරිදි ජලය ලබාදීම ප්‍රයෝගිකව සිදුකරනුයේ
බිංදු ජල සම්පාදනයේදී ජලය යෙදිමේ වේගය පසේ මූලික කාන්දුවීමේ ධාරිතා අගයට වඩා සැමවිටම අඩු මට්ටමක පවත්වා ගැනීමෙනි. මෙය පහත සමීකරණ හා ගණනයන් මඟින් භාවිතයට යොදා ගත හැකි වේ.
බිංදු ජල සම්පාදනයේදී ඩ්‍රිපර් එකක් මඟින් පැයකට නිකුත් කළ ජල ප්‍රමාණය
ජලය යෙදිමේ වේගය (පැයට මි.මි.) = ( පැයකට ලීටර්)
(Rate of Application of Drip Irrigation)
පාර්ශ්වික නලයේ × පාර්ශ්වික නල
ඩ්‍රිපර් අතර පරතරය (මී) අතර පරතරය (මී)
උදාහරන :-
1 ඩ්‍රිපර් මඟින් නිකුත් කරන ජල ප්‍රමාණය පැයකට ලීටර් 8
2 ඩ්‍රිපර් සවිකර ඇති පරතරය මීටර් 2
3 පාර්ශවික නල අතර පරතරය මීටර් 2
පැයට ජලය ලී 2 - ඩ්‍රිපර් විසර්ජනය
ඩ්‍රිපර් පරතය - 60 m
පාර්ශ්වික නල පරතරය - 1.6 මීටර්
ජලය ලබා දීමේ වේගය = පැයට ලීටර් 08 = පැයට මි.මී. 2.
පැයකට මි.මී. මීටර් 02 × මීටර් 02
* ජල සම්පාදනයට ලක්වන පාංශු කාණ්ඩය අනුව අදාල මුලික කාන්දු වීමේ ධාරිතා අගය ලබාගෙන එම අගයට වඩා අඩු ජලය ලබා දීමේ වේගයක් අනුගමනය කිරීම බිංදු ජල සම්පාදනයේ ප්‍රායෝගික පිළිවෙතයි.
ශ්‍රි ලංකාවේ ප්‍රධාන පාංශු කාණ්ඩ කිහිපයක මූලික කාන්දුවිමේ ධාරීතාවය.
පාංශු කාණ්ඩය මූලික කාන්දුවිමේ ධාරිතාවය
මි.මි. / පැයට
රතු දුඹුරු පස 37.05
රතු - කහ ලැටසෝල් පස 4.50
කැල්සික් - රතු කහ ලැටසෝල් පස 382.05
කැල්සික් නොවන දුඹුරු පස 200.00
ඇලුවියල් පස 40.00
ග්‍රෑමසෝල් පස 30.00
රතු - කහ පොඩ්සොලික් පස 50.00
ජල විසර්ජක (Drippers)
බිංදු ජල සම්පාදනයේදී භාවිතා කරන ජල විසර්ජක හෙවත් ඩ්‍රිපර් (Emitter / Dripper)
බිංදු ජල සම්පාදනයේදී ශාකයෙන් ශාකයට ඒකාකාරිව ජලය නිකුත් කිරිමට පාර්ශ්වික නල ඇතුලත හෝ ඒ මත සවිකරන උපාංග ජල විසර්ජක (ඩ්‍රිපර්) නම් වේ.
ඩ්‍රිපර් හෙවත් ජල විසර්ජක නිෂ්පාදනයේදී නිෂ්පාදකයා විසින් දක්වන ඩ්‍රිපර්යට අදාල ජල විසර්ජනය (Nominal Discharge) පාර්ශ්වික නලයේ ජලය ගලා යන වේගය වායුගෝල පීඩන 1 දී පිටතට නිකුත් කළ යුතුය.
පැයට ලීටර්
0.5
1.0 පාර්ශ්වික නල තුළ සවිකර
1.2 ඇති ඩ්‍රිපර මඟින් මෙම ජල
1.6 විසර්ජනය ලබා දේ .
2.0
2.2
පැයකට ලීටර 2,4,6,8,12 On Line Cap Replaceble හෝ Sealed Drippers මඟින් ලබාගත හැකිය.
විවිධ ඩ්‍රිපර් වර්ග
නල තුළ සවිකරන ඩ්‍රිපර්
(Integral Dripper.)
නලයට සම්බන්ධිත ආකාරය අනුව
නල පිටත සවිකරන ඩ්‍රිපර්
(Online Dripper.)
පීඩනය හිලව් කරන ඩ්‍රිපර්
(Preassure Compensted)
පීඩනයට අදාලව සැකසු ලෙස
පීඩනය හිලව් නොකරන ඩ්‍රිපර් ආකාර කිහිපයකි.
(Non – Preassure Compensted)
පීඩනයට අදාලව සැකසු ඩ්‍රිපර්
  • බිංදු ජල සම්පාදන පද්ධති වල ක්ෂේත්‍රයට ජලය සපයන පාර්ශ්වික නල දෙකෙලවර පීඩනයේ වෙනසක් පවතී. එබැවින් නල වල තැනින් තැන සවිකර තිබෙන විසර්ජක තුළින් පිටවන ජල ප්‍රමාණයද ඊට ලැබෙන පීඩනයට අනුපාතිකව වෙනස් විය හැක.
පාර්ශ්වික නලය තුළ 20% ක පිඩන විචල්‍යතාවයක් තබා ජල ප්‍රවාහය සැලසුම් කළ විටදී සමාන්‍ය ඩ්‍රිපර භාවිත කළ විට සැම පාර්ශ්වික නලයකම මුල් හා අවසන් ඩ්‍රිපර වල ජල විසර්ජනය සමාන වීමට,
  1. පාර්ශ්වික නලයට සවිකළ යුතු ඩ්‍රිපර වැඩි කිරීම හෝ
  2. පාර්ශ්වික නලයේ දිග සීමා කිරීම හෝ
  3. පාර්ශ්වික නලයේ විශ්කම්භය වැඩි කිරීම කළ යුතුය.
මෙම අංක 1,2 හා 3 යන කරුණු වලින් බැහැරව කටයුතු කිරීමට එම වාරි පද්ධති සැලසුමේදී අවශ්‍ය වේ නම්, ඒ සඳහ Pressure Companseted Drippers. භාවිතා කළ යුතුය. කෙසේනමුත් බෑවුම් ඉඩම් වලදී එකම උච්චත්වයක දී සමෝච්ච රේඛා දිගේ පාර්ශ්වික නල යොදා නැති විටදී එනම් පාර්ශ්වික නලය බෑවුම දිගේ ඉහළ පහළ ලෙස එලා ඇත්නම්) Pressure Companseted Drippers සවි කළ යුතුය.
එබැවින් මෙම ඩ්‍රිපර ක්ෂේත්‍රයේ පාර්ශ්වික නල මඟින් යෙදීමේ දී පාර්ශ්වික නලයේ දිග සීමා කළ යුතුය.
මෙම සීමා කිරිම පාර්ශ්වික නලයේ හා උප ප්‍රධාන නලයේ පීඩන විචල්‍යතාව 20% ක උපරිමයකට තබා ( 10% ජල ප්‍රවාහ විචල්‍යතාවය) පාර්ශ්වික නලයේ ජල ප්‍රවාහ ප්‍රවේගය උපරිම තත්. 1 ට මිටර 1.75-2 දක්වා සීමාව තුළ සිදු කළ යුතුය.
  1. පාර්ශ්වික නලයට සවිකල යුතු ඩ්‍රිපර සීමා කිරීම කළ යුතුය.
  1. නලයේ දිග සිමා කිරීම කළ යුතුය.
  2. පාර්ශ්වික නාලයේ විශාකම්භය වැඩි කර ජල ප්‍රවාහය වැඩි කළ යුතුය.
මෙම අංක 1,2,3 යන කරුණුවලින් බැහැරව කටයුතු කිරීමට එම වාරි පද්ධති සැලසුම් කිරීමේදී අවශ්‍යවේ නම් ඒ සදහා Pressure compensated drippers භාවිතා කළ යුතුය. කෙසේ නමුත් බැවුම් ඉඩම් වලදී එකම උච්චත්වයේදී සමෝච්ච රේඛා දිගේ පාර්ශ්වික නලය යොදා නැති විටදී එනම් පාර්ශ්වික නලය බැවුම දිගේ ඉහළ පහළ ලෙස සවිකරයි නම් Pressure compensated drippers සවි කළ යුතුය.
මෙම තත්වය මඟහැරවීමට,
  • භූමිය සමතලා නම් පාර්ශ්වික නල වල දිග සීමා කිරීම.
  • පීඩනය හිලව් කරන ඩ්‍රිපර් (Pressure Compensted dripper) භාවිතා කළ හැක
පීඩනය හිලව් කරන ඩ්‍රිපර් (Pressure Compensted dripper) ජල පහරේ පීඩන විචලතාවයේ දී හෝ පාර්ශ්වික නලයේ දිග අනුකූල ප්‍රමාණයට වඩා වැඩි වන විට ඩ්‍රිපරය මගින් නිකුත් කරන ජල ප්‍රමාණය වඩා නොවෙනස්ව තබා ගනී.
මෙහි පීඩනය අනුව සිදුරෙහි විශාලත්වය ස්වංක්‍රියව පාලනය වන බැවින් සමාන ජල ප්‍රමාණයක් සෑම ඩ්‍රිපරයකින්ම විසර්ජනය වේ.
පීඩනය හිලව් නොකරන ඩ්‍රිපර්
(Non – Preqassure compensated Sealed dripper or Non – Preqssure compensated cap replaceable dripper)
මෙම ඩ්‍රිපරයට පීඩන විචල්‍යතාවයකදී හෝ පාර්ශ්වික නලයේ දිග අනුකූල ප්‍රමාණයට වඩා වැඩි විට ඩ්‍රිපරය මඟින් නිකුත් කරන ජල ප්‍රමාණය පාලනය කළ නොහැක. මෙම ඩ්‍රිපර් මඟින් සාර්ථක විසර්ජනයක් ලබා ගැනිමට නම් පාර්ශ්වික නලයේ දෙකෙලවර පීඩනයේ වෙනස 20% කට නොඅඩුව පවත්වාගත යුතුයි.
එලෙස පවත්වා ගැනිමට පාර්ශ්වික නලයේ විෂ්කම්භය අනුව තීරණය වන සීමාසහිත වු විසර්ජක සංඛ්‍යාවක් පමණක් ඊට වෙන්කිරීමට සිදුවේ. එබැවින් මෙම ඩ්‍රිපර් ක්ෂේත්‍රයේ යෙදිය හැකි දිග සීමාසහිත වේ.
ජල විසර්ජක වල ලක්ෂණ
(Characters of Dripper / Emitters)
  1. විසර්ජකයේරැඩ්‍රිපරයේ සම්මත ජල විසර්ජක වේගය. කාල ඒකකයකදී විසර්ජකය තුළින් නිකුත් වන ජල පරිමාව මින් අදහස් කෙරේ.
සම්මත ඒකකය - පැයට ලීටර්
  1. ඉහත පරිදි ජල විසර්ජනය ලැබිම සඳහා නල පද්ධතිය තුළ පවත්වා ගත යුතු ජල පීඩනය.
  1. විසර්ජකයේ කාර්යක්ෂමතාවය = සත්‍ය වශයෙන් පිටවන ප්‍රමාණය × 100%
පැයකට නිකුත් විය යුතු ජල ප්‍රමාණය
මෙම කාර්ක්ෂම තාවය 90% ට වඩා වැඩි විය යුතුය.
ජල විසර්ජක පාර්ශ්වික නලවලට සම්බන්ධ වන අයුරු.
මේ සඳහා තෝරා ගැනිමේදි පද්ධතිය සැලසුම්කරුගේ පිරිවිතර අනුව සිදුකළ යුතුය. මෙම සැලැස්ම සකස් කර ඇත්තේ භෝගය, ජලයේ ගුණාත්මකය, පාංශු හා දේශගුණික කරුණු රාශියක් සැලකීමෙනි. එබැවින් නිර්දේශිත විසර්ජක භාවිතය සුදුසුය.
විසර්ජකය තුළ පවතින යාන්ත්‍රනයත්ල පීඩනය අනුව විසර්ජකයේ හැසිරිමත්ල නලයට සවිකර ඇති ආකාරයත් අනුව ඩ්‍රිපර් පහත පරිදි වෙනස් වේ.
  1. On line Preassure Compensated drippers
  2. On line non Preassure Compensated drippers
  3. in line Preassure Compensated drippers
  4. in line non Preassure Compensated drippers
  5. Intrgrad flat snd inner drippers
ජල විසර්ජක තෝරා ගැනීම
()
නිෂ්පාදකයා විසින් ලබාදෙන තොරතුරු පරික්ෂා කර තම අවශහ්තාවයට ගැලපෙන විසර්ජක වර්ගයක් තෝරා ගත යුතුය.
පාර්ශ්වික නල සැලසුම් කිරිම.
()
පාර්ශ්වික නල සැලසුම් කිරිමේදී පහත පියවරවල් අනුගමනය කරන්න.
  1. වගා කරන භෝගය අනුව නල වල ඩ්‍රිපර සවිවීම On line ද in line යන්න.
  1. පාර්ශ්වික නල ජල ප්‍රවාහ ප්‍රවේගය (Flow velocity) තත්පරයට මිටර් 1.75 ට වඩා අඩු බව.
  1. අදාල ගණිතමය සංකල්ප යොදා පාර්ශ්වික නලයේ මුලාරම්භයේ හා අවසානයේ ජල පීඩනවිචල්‍යතාවය (Pressure variation) 20% ට අඩු බවද එඅ අනුව ජල ප්‍රවාහ විචල්‍යතාව (Flow variation) 10% ට අඩු බවට සනාථ කිරීම මඟින් පාර්ශ්වික නලයේ විශ්කම්භය මිලි මිටර් 12 හෝ 16 හෝ 19 හෝ 25 හෝ 32 යන එක් වර්ගයකින් තෝරා ගැනීම.
  1. එක් උප ප්‍රධාන නලයකට එකම විශ්කම්භයේ පාර්ශ්වික නල සවිකිරීමට තිරණය කිරීම.
භෝගයේ මූල මණ්ඩලයේ පැතිරිම උපරිම වශයෙන් ලබා ගත හැකි පරිද්දෙන් අදාල ජල විසර්ජක එම උපරිම දුරට ආසන්නව සවි කිරිමයි. මෙමගින් එම භෝගයේ මූල මණ්ඩලයට සුදුසු නිශ්චිත තෙමීමේ රටාවක් (Wetting Pattern) ලබාදිය හැක.
බහුවාර්ෂික භෝග සඳහා පද්ධති යෙදීම
පාර්ශ්වික නල යෙදීම කෙටි පරතර භෝග
එලවළු භෝග සඳහා පද්ධති යෙදීම
සමාන්‍ය පරතර භෝග
යන දෙආකාරයට එළවළු භෝග සඳහා භෝග වර්ගය අනුව යෙදීම සිදුකළ යුතුය.
බහු වාර්ෂික භෝග සඳහා බිංදු ජල සම්පාදනය
බහු වාර්ෂික භෝග සඳහා බිංදු ජල පද්ධතින් යෙදිමේ ආකාර රදා පවතින්නේ භෝගයේ මුල මණ්ඩල කලාපයට ජලය ලබා දිය යුතු ආකාරය අනුවය. මෙය ක්ෂුද්‍ර ජල සම්පාදනයේදී (Wetting patterns / Wettern Fronts) ලෙස හඳුන්වනු ලැබේ.
විවිධ තෙමීමේ රටා. (Wetting patterns / Wetting Fronts)
භෝග සඳහා ඒක පාර්ශ්වික නල යෙදීම මෙමගින් භෝග වගා පේලියට එක් පාර්ශ්වික නලයක් යොදයි.
පාර්ශ්වික නලයට ඩ්‍රිපර සවිකිරීම මූල මණ්ඩලයේ විසිරිම අනුව ශාක කඳේ සිට මීටර් 0.5 -1.5 දුරකින් පිහිටුවීම.
සුදුසු භෝග වර්ග
පැපොල්, කෙසෙල්, මිදි, පේර. දෙළුම්, අන්නාසි, ගම්මිරිස්, කෝපි, බුලත්, කරදමුංගු, කොකෝවා.
ඒක පාර්ශ්වික නල යෙදීම

පාර්ශ්වික නල

ඩ්‍රීපර් යෙදීම

තෙමීමේ රටාව

සුදුසු භෝග

එක් භෝග පේලියකට පාර්ශ්වික නල එක බැඟින් යෙදීම.

1. ශාකයේ දෙපස ඩ්‍රිපර් 2

2. පාර්ශ්වික නල දිගේ ඩ්‍රිපර් සෙ.මී. 30 – 50 පරතරයෙන්

3. ශාකයේ දෙපස ඩ්‍රිපර 2ක බැඟින් හා කවාකාර ආකාරයට ඩ්‍රිපර 2ක බැඟන්

පටු තීරයක් ආකාර (Narrow row wetting Pattern / Wetting Front)

පටු තීරයක් ආකාර (Narrow Row wetting Pattern/ Wetting Front)

කවාකාර තෙමීමේ රටාව, (Circular wetting Pattern/ Wetting Front)

කෙසෙල් පැපොල් දොඩම් දෙහි පේර

කෙසෙල් පැපොල් හා එළවළු

පොල්, කජු, දොඩම්, දෙහි, අඹ, පේර, මිදි, දුරියන්, රඹුටන්, වනාන්තර ශාක මැංගුස්ටින්, දෙළුම් කෝපි, සාදික්කා කොකෝවා

ද්විපාර්ශ්වික නල යෙදීම
(මෙමගින් එක් භෝග පේලියකට පාර්ශ්වික නාල 2 ක් යොදයි)
ශාක වල මූල මණ්ඩලයේ විසිරිම අනුව පාර්ශ්වික නාලයට ශාක කඳේ සිට
මීටර් 0.5 - 2.0 දුරින් ඩ්‍රිපර සවි කළ යුතුය.
ඩ්‍රිපර සෙ.මී.40 ට හෝ 60 පරතරයෙන් යෙදීම හෝ පාර්ශ්වික නල දෙකේම ශාකයේ සිට නියමිත දුරකින් ඩ්‍රිපර 2 බැගින් 4 ක් වනසේ සවි කළ යුතුය.
නිර්දේශිත භෝග - කරාබ්ඹ(., කොකෝවා,
සාදික්කා, මිදි, පැපොල්, කෙසෙල්, අඹ, රබ්ඹ(.ටන්, දොඩම්, නාරං, දෙහි, පැෂන්, දූරියන්, මැංගුස්ටින්, පොල්, කජු, වනාන්තර ශාක.
ද්වි පාර්ශ්වික නල යෙදීම

පාර්ෂ්වික නල

ඩ්‍රිපර් යෙදීම

තෙමීමේ රටාව

සුදුසු භෝග

එක් භෝග පේළියකට පාර්ශ්වික නල 3ක බැඟින් යෙදීම

ඩ්‍රිපර් සෙ.මී. 30 සිට 50 පරතරයෙන් හෝ භෝල පරතරය අනුව එක් ලැබෙන අයුරින් ශාකය අසලින් සවි කිරීම.

පුළුල් තීරයක් අකාරයට තෙමීමේ රටාව (Wide Row Wetting Pattern.)

සියළුම බහුවාර්ෂික භෝල සදහා යෝග්‍යයි.

එක් භෝග පේලියකට
පාර්ශ්වික නාල දෙක බැගින් යෙදීම සිදුකිරිමේදී එම ක්ෂේත්‍රයේ ක්ෂුද්‍රජල පද්ධතියේ සම්පූර්ණ සැලැස්ම නැවත සලකා බලා නව සැලසුමක් ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
කෙසේ නමුත් මෙලෙස පාර්ශ්වික නාල දෙකක් යෙදීම ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති යෙදීමේ ආර්ථික කරුණු අතින් ලාභදායී නොවේ. එම නිසා ඒක පාර්ශ්වික නාල යෙදීම වඩාත් යෝග්‍ය බව දැක්විය හැකිය.
විශේෂ සටහන - බොහෝ භෝග වලදී භෝග පේලියක් සඳහා ද්විපාර්ශ්වික නල යෙදීම වඩාත් යෝග්‍ය වේ. නමුත් ආර්ථික කරුණු සලකා බලා භෝග සඳහා එඅක පාර්ශ්වික නල යෙදීම හා එමඟින් එක් ශාකයකට ඩ්‍රිපර 2 ක් හෝ 4 ක් යෙදීම කළ හැකිය.
කවාකාර ක්‍රමය (Circular method)
  1. 1. භාවිතා කළ යුතු කවයේ අරය (Loop)
  2. 2. එය තුළින් නිකුත් කරන ජල විසර්ජන ප්‍රමාණය (Dripper Discharge) භෝග වල මූල මණ්ඩලයේ විසිරීම අනුව තීරණය කළ යුතුය.
නිර්දේශිත භෝග :- අඹල මැංගුස්ටින්, දූරියන්, දොඩම්, දෙහි, නාරං, පේර, දෙළුම්, පොල්, කජු, වනාන්තර ශාක, කෝපි, සාදික්කා, කොකෝවා.
කවාකාර ක්‍රමයට (Loop Drip Line) මඟින් ද මෙම බිංදු ජල සම්පාදනය සිදුකළ හැකිය.
බහු වාර්ෂික භෝග සඳහා ක්ෂදු ජල සම්පාදන කුම හා යෝග්‍ය තෙමීමේ රටා

භෝගය

සුදුසු ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමය

තෙමීමේ රටාව

ශෂ්‍ය විද්‍යාත්මක යෝග්‍යතාවය

කෙසෙල්

පැපොල්

පේර

ගම්මිරිස්

පැෂන්

කෝපි

මිදි දෙහි

අනෝදා

දෙළුම්

එනසාල්

පොල්

කජු

බිංදු

(Drip)

හෝ

ස්ප්‍රේ පේට් ( Spray Jet) හෝ විසුරුම් හිස් (Sprinkler) යෙදීම හෝ

බිංදු

(Drip)

එක් භෝග පේලියකට ඒක පාර්ශ්වික නල යෙදීම (Narrow – Row wetting Pattern) පටු තීරයක් ආකාර තෙමීමේ රටාවක් මෙමඟින් ලැබෙනු ඇත.

එක් භෝග පේළියකට ද්වි පාර්ශ්වික නල (Wide - Row wetting Pattern) පුළුල් තීරයක් ආකාර තෙමීමේ රටාව

එක් භෝගයකට ස්ප්‍රේජෙට් 2-4 බැඟින් යෙදීම. කවාකාර තෙමීමේ රටාව (Circular wetting Pattern)

එක් භෝග පේළියකට ඒක (Narrow wetting Pattern) හෝ ද්වි පාර්ෂ්වික නාල යෙදිය හැක.

යෝග්‍යයි.

ඉතා යෝග්‍යයි.

ඉතා යෝග්‍යයි.

යෝග්‍යයි.

පලමු තීරුවෙහි භෝග සඳහා දෙවන තිරුවෙහි සඳහන් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වලින් එකක් යෙදිය හැකි නමුත් ආර්ථsක කරුණූ සලකා බලා තුන්වන තිරුවේ ඇති තෙමිමේ රටාව ලබා ගැනීමට විද්‍යාත්මකව යෝග්‍ය ජල සම්පාදන ක්‍රමයක් තෝරා ගත යුතුය.
විවිධ ක්ෂද්‍ර ජල සම්පාදන ක්‍රම යටතේ භෝග වල තෙමීමේ රටා

භෝගය

සුදුසු ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමය

තෙමීමේ රටාව

ශෂ්‍ය විද්‍යාත්මක යෝග්‍යතාවය

දොඩම්

දෙහි

අඹ

දුරියන්

රඹුටන්

දෙළුම්

පේර

අලිපේර

ගම්මිරිස්

කෝපි කොකෝවා

බිංදු

බිංදු

ස්ප්‍රේ පේට් ( Spray Jet)

Under tree Irrigation

(ශාක කඳ තෙමීම වැලැක්වීමේ ආවරණය සහිතව)

බිංදු ක්‍රමය

එක් භෝග පේලියකට ඒක පාර්ශ්වික නල හා ගසකට ඩ්‍රිපර් 02 බැඟින් (Narrow wetting Pattern/Wetting Front)

තනි ඩ්‍රිපර් / ලුප් ආකාර හෝ සාමාන්‍ය ලුප් ආකාර එක් භෝග පේලියකට පාර්ශ්වික නල යෙදිම.

(Wide - Row wetting Pattern/ Wetting Front)

එක් ශාකයකට 2-4 (Full – Part Circle wetting Pattern/ Wetting Front)

විශ්කම්භයෙන් 50% තෙමීමේ රටාව. Full – Part Circle of wetting Pattern/ Wetting Front මෙමඟින් ලැබෙනු ඇත.

එක් භෝග පේළියකට ඒකපාර්ශ්වික නල

යෝග්‍යයි.

ඉතා යෝග්‍යයි.

ඉතා යෝග්‍යයි.

ඉතා යෝග්‍යයි.

ඉතා යෝග්‍යයි.

භෝගය

යෝග්‍ය ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමය හා පාර්ශ්වික නල යෙදිමේ ආකාරය

අපේක්ෂිත තෙමමේ රටාව

තෙමීමේ රටාවේ ශෂ්‍ය විද්‍යාත්මක

යෝග්‍යතාව.

අන්නාසි

බිංදු (Drip)

අන්නාසි එක පේලියකට එක් පාර්ශ්වික නලයක් යෙදිම ආර්ථිකවත් නොවේ.

අන්නාසි දෙපේලි ආකාරයට සිටුවා එක්

පාර්ෂ්වික නලයක් පමණක් අන්නාසි පේලි දෙකක් අතරට යෙදීම යෝග්‍ය වේ.

බිංදු ජල සම්පාදනයේදී දෙපේලි ආකාරයට සිටවු

අන්නාසි සඳහා පේලි දෙක අතරින් ඉන්ට්‍රිගල් ඩ්‍රිප් පාර්ශ්වික නල එකක් පමණක් බැගින් යෙදිම.ඩ්‍රිපර් පරතරය

සෙ.මි. 0.4 හෝ 0.5 මීටර්

විසර්ජනය පැයට ලීටර් 2ට අඩු ඩ්‍රිපර (අන්නාසි ගස් 4ට එක් ඩ්‍රිපරය බැගින්) ඉතා පටු වූ තෙමීමේ

තීරයක් ලෙස තෙමීමේ රටාවක් මෙම

(Narrow wetting pattern/ Wetting Front)ලැබේ.

ඉතා යෝග්‍යයි.

ඉතා යෝග්‍යයි.

එළවළු වගාව සඳහා බිංදු ජල සම්පාදනය......
භෝග පිහිටුවීමේ පරතර.
එලවළු වගාවේදී බිංදු ජල සම්පාදන තාක්ෂණය මඟින් සිමිත පාංශු පරිමාවක් තෙමිමට භාජනය කරන බැවින් වගා කරන එළවළු භෝග වල පරතරය සැලකිල්ලට ගෙන භෝග වර්ග ප්‍රධාන කාණාඩ දෙකකට බෙදනු ලැබේ.
  1. කෙටි පරතර භෝග
භෝග පේලි හා පේලිය තුළ පරතරය අඟල් 5×5 හෝ එයට වඩා අඩුවෙන් වගා කරන භෝග මෙම කාණ්ඩයට අයත් වේ.
  1. සාමාන්‍ය පරතර භෝග
භෝග පේලි හා පේලිය තුළ පරතරය අගල් 5×5 ට වඩා වැඩි පරතරයක වගා කරන භෝග මෙම කාණ්ඩයට අයත් වේ.
බිංදු ජල සම්පාදනයේ දී එළවළු භෝග පිහිටුවීමේ ක්‍රම සඳහා පාංශු තෙමීමේ රටා ලබාදිය හැකි ආකාර කිහිපයකි. මෙම තෙමීමේ රටා මත පදනම් වී භෝග පිහිටුවන ආකාරය ප්‍රධාන ක්‍රම 2ක් යටතේ දක්වා ඇත.
දැනට පවතින භෝග පිහිටුවීමේ පරතරයන් පිටාර ජල සම්පාදන ක්‍රම හා වර්ෂා පෝෂිත පද්ධති සඳහා වන බැවින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම සඳහා විද්‍යාත්මක පසුබිමක් මත භෝග පරතර වෙනස් කළයුතුය.
මෙහිදී ශාක මූල මණ්ඩලයේ පැතිරීම, ශාක වියනේ පැතිරීම ආදිය සලකා අනෝන්‍ය සෙවන නොලැබෙන පරිදි බිංදු ජල සම්පාදනයට සුදුසු වූ එලවළු භෝග පිහිටුවීමේ පරතරයන් සකස් කර ඇත.
බිංදු ජල සම්පාදනයේදී එළවළු භෝග ස්ථාපනය කළ යුතු පරතරය මත පදනම්ව පහත ආකාරයට භෝග කාණ්ඩ 2කට බෙදා ඇත.
  1. කෙටි පරතර භෝග.
භෝග පිහිටුවීමේ පරතරය අඟල් 5 × 5 හෝ එයට අඩු නම් එය කෙටි පරතර භෝග වේ.
උදා :- ළූණු, බීට්, කොළ එලවලු, නෝකෝල්.
කෙටි පරතර භෝගයන් සඳහා භෝග පිහිටුවිය යුතු පරතරයන් හා පාර්ශ්වික නල යෙදිය යුතු ආකාරය

භෝගය

පාර්ශ්වික නල අතර පරතරය සෙ.මි.

භෝග පේලිය තුල පරතරය සෙ.මි.

ලොකු ළූණු

රතු ළූණු

බීට්

රාබු

කැරට්

ලීක්ස්

80×40×40

80×40×40

80×40×40

80×40×40

80×40×40

80×40×40

10

10

10

12.5

12.5

12.5

මෙම ක්‍රමයට කෙටි පරතර භෝග සඳහා බිංදු ජල සම්පාදනය සඳහා පාර්ශ්වික නල යෙදීමේදී මීටර් 1.5 හෝ 1.6ක් පලල (අඩි 5.00-අඩි 5.25) එක් පාත්තියකට පාර්ශ්වික නල 2 ක් ඉදිරි පිටුවේ ඇති රූපයේ ප්‍රකාර යෙදිය යුතුය.
බිංදු ජල සම්පාදනය යටතේ සාමාන්‍ය පරතර භෝග පිහිටවිය යුතු පරතර හා පාර්ශ්වික නල යෙදිය යුතු ආකාරය

භෝගය

පාර්ශ්වික නල අතර පරතරය මීටර්

පාර්ශ්වික නලයේ සිට භෝගය සිටුවිය යුතු දුර

සෙ.මී

භෝග පේලිය තුල පරතරය සෙ.මී

මිරිස්

MI / MI2 / KA2

මිරිස් දෙමුහුන් ප්‍රභේද

මාලු මිරිස්

තක්කාලි

බටු

බෝංචි

කරවිල

පිපිඤ්ඤා , වට්ටක්කා

බණ්ඩක්කා

1 සිට 1.2

එම

එම

එම

එම

එම

එම

එම

එම

එම

10-12.5

එම

එම

එම

එම

එම

එම

එම

එම

එම

30 - 40

30 – 40

60

15

30 – 40

90 – 120

20

75

90 -120

75

පාර්ශ්වික නල අතර පරතරය :-
වැලි පසෙදී මීටර් 1ක් ද මැටී ලෝම පසේදී මීටර් 1.2 ක් ලෙස ද වෙනස් විය යුතුයි.
  1. සාමාන්‍ය පරතර භෝග.
පරතරය 5 × 5 ට වැඩි භෝග සාමාන්‍ය පරතර භෝග වේ.
උදා :- මිරිස්, තක්කාලි, කරවිල, බටු, රනිල භෝග, බඩෛරිඟු.
කෙටි පරතර භෝග සඳහා වගා පාත්තිය සම්පුර්ණයෙන්ම තෙමෙන අයුරින් පාර්ශ්වික නල යෙදීම.
(Total wetting surface by Drip Irrigation for close space crops)
පාංශු වර්ගය අනුව තෙමිමේ රටා වෙනස් විය හැකි අතර කෙටි පරතර භෝග වලදී එක් පාත්තියකට පාර්ශාවික නල දෙකක් යෙදීම කළ යුතුය. මෙහි ඇති රුපයේ ආකාරයට පාත්තියේ පළල, රතු දුඹුරු (RBE) ( මැටි ලෝම පස) පස් වර්ග සඳහා මිටර් 1.6 ක්ද ( අඩි 5.3 ක් ) වැලිමය නොවන දුඹුරු පස සඳහා (Non Calcic Brown Soil - NCB) මිටර් 1.4 ක් (අඩි 4.6 ක් ද වනසේ පාත්ති සකස් කළයුතුවේ.)
කෙටි පරතර භෝග සදහා බිංදු ජල සම්පාදනයේදී පාර්ශ්වික නල යෙදිය හැකි ආකාරය ඉහත රූප සටහනින් දක්වා ඇත.
වගා කළ හැකි භෝග - ලොකු ළුණු, රතු ළුණු, ලීක්ස්, කැරට්, සියළුම කොළ එළවළු වර්ග, රාබු නෝකෝල්, බීට්.
භාවිතා කළ හැකි පස් වර්ග - රතු දුඹුරු, රතු කහ පොඩ්සොලික්, රතු කහ ලැටරයිට් මෙය වැලි හා ඇළු වියල් පස් සඳහා භාවිතා කළ නොහැක.
මෙම රූපයෙන් දැක්වෙන්නේ වැලි පස යටතේ බිංදු ක්‍රමය මගින් ජල සම්පාදනය කිරීමේදී පූර්ණ මතුපිට තෙමිමේ රටාවක් ලබා ගැනීමට පාර්ශ්වික නල යෙදිය යුතු ආකාරයයි. මීටර් 1.6 ක වගා පද්ධතියක කෙටි පරතර භෝග සඳහා බිංදු ජල සම්පාදනයේදී පාර්ශ්වික නල යෙදිය යුතු සම්මත ආකාරය ඉහත රූපයෙන් දක්වා ඇත.
යාන්ත්‍රිකරණය හා කෘත්‍රීම වසුන් (Poly malch) යෙදීම යටතේ බිංදු ජල සම්පාදනය යටතේ පාර්ශ්වික නල යෙදීමේ ආකාරය හා විවිධ එලවළු භෝග වගා කිරස්මේ පරතර
  • භෝගය සිටුවන පරාසයේ පොලිතින් ආස්තරණය යෙදීම සිදු කළ හැක. පොලිතීනයේ වර්ණ කළු, දුඹුරු හෝ සිල්වර් පැහැති විය හැකි අතර එම පොලිතීන් පාරජම්බුල කිරණ ප්‍රතිරෝදී තාවයක් දැක්විය යුතුය.
  • පාර්ශ්වික නල 2 ක් අතර ඇති පරතරයේ ඇති අවකාශ, භෝග ශාක වියන මඟින් ආලෝකය ලබාගැනීම සඳහා ප්‍රයෝජනයට ගනු ඇත.
පොලිතීන් වසුන් යොදා පාර්ශ්වික නල යෙදීමේ ආකාර සහ විවිධ එළවළු භෝග වගා කිරීමේ පරතර මෙම රූපයෙන් දක්වා ඇත.
එළවළු වගාව සඳහා තීරයක් ආකාරයට පාංශු තෙමීමේ රටාවක් ලබාදීම සඳහා පාර්ෂ්වික නල යෙදීම.
පාර්ෂ්වික නල 2 ක් අතර පරතරය මීටර් 1-1.2 (වැයවන පිරsවැය, භෝග ශෂ්‍යමාරුව, හා වෙනත් ශෂ්‍ය විද්‍යාත්මක කරුණු සලකා බැලීමෙන් පසු පාර්ශ්වික නල අතර පරතරය මීටර් 1ට වඩා අඩු නොකිරීමට නිර්දේශ කර ඇත.
පාර්ශ්වික නලය දෙපස භෝගය ස්ථාපිත කලයුතු අයුරු හා පසෙහි තෙමිමේ රටාව
  • පසෙහි ද්‍රව සන්නායකතාව මත රදා පවතින බැවින් ද,
  • පසෙහි ද්‍රාව සන්නායකතාව පාංශු වයනය අනුව වෙනස් වන බැවින් ද, මේ පිලිබඳ විශේෂ අවධානයක් යොමු
කිරීමෙන් පසු පාර්ෂ්වික නලයේ සිට දෙපසට භෝගය පිහිටුවිය යුතු දුර නිර්දේශ කර ඇත.
1) වැලි පසක් සඳහා අඟල් 4 (සෙ:මී: 10) ක්ද,
2) මැටි පසක් සඳහා අඟල් 5 (සෙ:මී: 10) ක්ද,
භෝග පිහිටුවීම ත්‍රිකෝණාකාර ක්‍රමයට සිදු කළ යුතුය.
තීරයක් ආකාරයට තෙමිමේ රටාව භෝග සඳහා ලබා දීමේදී භෝග සිටුවන පරතරය පහත කරුණු යටතේ වෙනස් විය හැකිය.
  • වියලි කලාපයේ වියලි වගා කන්න වලදී පරතරය අවම ලබා දී ඇති නිර්දේශ පරාසයේ (උදා :- සෙ.මී. 30-40 නම් සෙ.මී. 30 භාවිත කිරීම) අගය භාවිතා කිරීම හෝ
උදා: පාර්ශ්වික නලයේ පේලිය දිගේ මිරිස් සිටුවන පරතරය සෙ.මි. 30 (අඩි 1කි) මෙය තෙත් හෝ අන්තර් මධ්‍ය කලාපයේදී හෝ තෙත් කාලගුණයෙදී සෙ.මි. 40 ක් විය යුතුය.
2) වියලි හා අන්තර් මාධ්‍ය කලාපයේ හෝ වියලි වගා කන්නයකදී පරතරය අවම
අගය භාවිතා කිරීම
උදා :- මිරිස් - අඟල් 12-16 (30 cm -40 cm) වියලි කාලගුණයේ දී හෝ වියලි කලාපයේදී අඟල් 12 ද තෙත් කාලගුණයේ දී අඟල් 16ද භාවිතා කළ යුතුයි.
එළවළු භෝග වගා කිරිමට සුදුසු ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම.

භෝගය

සුදුසු ජල සම්පාදන ක්‍රමය

ලබා ගත හැකි පාංශු

තෙමීමේ රටාව.

1 සාමාන්‍ය පරතර භෝග

මිරිස්, මාළු මිරිස්, තක්කාලි,

බෝංචි, බටු, වට්ටක්කා, පිපිඤ්ඥා ,කොමඩු ,කැකිරි, තිබ්බටු, හා අල වර්ග සියළුම රණිල භෝග වන බඩෛරිගු, සෝයා, ඉදල් ඉගුරු අයත් වේ.

බිංදු ජල සම්පාදන ක්‍රමය විසිරුම් ජල සම්පාදන ක්‍රමය මගින් ද මෙම භෝග සදහා ජල සම්පාදනය කළ හැකි මුත් සාමාන්‍ය පරතර භෝග සදහා බිංදු ජල සම්පාදන ක්‍රමය වඩාත් යෝග්‍ය වේ.

සීමිත තෙමිමේ රටාව පටු

තිරයක් ආකාරයට තෙමිමේ

රටාව Narrow row wetting pattern

එළවළු භෝග වගා කිරිමට සුදුසු ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම.

භෝගය

සුදුසු ජල සම්පාදන ක්‍රමය

ලබා ගත හැකි පාංශු

තෙමීමේ රටාව.

2 කෙටි පරතර භෝග.

ලොකු ළූණු, රතු ළූණු,

කැරට්, බීට්, නෝකෝල්, කොල එලවළු, ගොටු කොල, මුකුනුවැන්න, යනාදිය.

විසුරුම් ජල සම්පාදනය

හෝ බිංදු ජල සම්පාදනය පාත්තියකට පාර්ශ්වික නල2ක් යෙදීමෙන් පාත්තිය පූර්ණ තෙමීමේ රටාවක් ලබා ගැනීම.

විසිරුම් ජල සම්පාදනය මගින් පුර්ණ තෙමීමේ රටාවක් හා බිංදු ජල

සම්පාදනය මගින් පාංශු තෙමීමේ ගැඹුර භෝගයේ මූල මණ්ඩල ගැඹුර අනුව ජල සම්පාදන (Total surface wetting) කාලය පාලනය කල යුතුවේ.

සාමාන්‍ය පරතර භෝග වන මිරිස්, මාළු මිරිස්, තක්කාලි වැනි භෝග විසිරුම් ජල සම්පාදනය යටතේ වුවද සාර්ථකව වගා කල හැක. නමුත් ඒ සඳහා බිංදු ජල සම්පාදන ක්‍රමය ඉතා යෝග්‍ය බව නිර්දේශ කළ හැක.
සූර්ය බල ශක්තියෙන් බිංදු ජල සම්පාදනය
විකල්ප ශක්ති ප්‍රභව භාවිතයෙන් ජල පොම්ප ක්‍රියාත්මක කර බිංදු ජල සම්පාදනය (සූර්ය බලශක්ති ජනකය)
Usage of Alternative Power Sources for Water Pump Operation for Drip Irrigation. (Generation of Solar Power)
වර්තමානයේදී ක්ෂුද්‍ර ජල සම්පාදනය සඳහා අවශ්‍ය වන පීඩනය සහිත ජලය ලබාගැනීමට විදුලි බල ජල පොම්පය හෝ ඉන්ධන මඟින් සිදු කෙරෙන එන්ජින් ධාවක ජල පොම්පය (සුළං බල ජල පොම්ප භාවිතය අවම ප්‍රමාණයකි) භාවිත කරනු ලැබේ. විදුලිය හා ඉන්ධන මිල ඉහල අගයක පවතින මෙම අවධියේ බිංදු ජල සම්පාදනයට සූර්ය බලයෙන් (සූර්ය කෝෂ විදුලි ජනනය) විදුලිය ජනනය කර එම විදුලිය විශේෂිත ජල පොම්පයකට ලබාදී ජලය පීඩනයක් යටතේ ලබාදීමට තාක්ෂණය දියුණු කර ඇත.
2005 වසරේ සිට මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මකයි.
සූර්ය කෝෂය Solar Panel
හිරු එලිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කරයි. මෙම සූර්ය කෝෂ වල අඩංගු පොස්පරස්, බෝරෝන්, සින්ක් වැනි මූලද්‍රව්යෙඅය පාදක කරගෙන සූර්යාලෝකයෙන් විදුලි බලය ජනනය කරයි.
සූර්ය විකිරණයෙන් Multi Crystaline Silicon Solar Cells 72 ක් මඟින් උපරීමය වොට් 150ක් ද වෝල්ටීයතාවය වෝල්ට් 34.5 ක් ද ධාරාව ඇම්පියර් 4.5 ක් ද මෙමඟින් ජනනය කරයි.
මෙම විදුලිය නිපදවීමට ලංකාවේ වියලි හා අන්තර්මාධ්‍ය හෝ තෙත් (වියලි) කෘෂි දේශගුණික කළාපයේ දිනයක දිවා කාලයේදී ආලෝක බල Lux 40,000 ක් අවම ලැබිය යුතුය. (වියලි කළාපයේ දී දිවා කාළය උපරීම ආලෝක Lux 100,000 ක් පමන පතිත වේ.)
විදුලි උපරීමය ඩැහැගන්නා උපකරණය ලෙසින් හඳුන්වන මෙය සූර්ය පැනලයට පසු සවිකර ඇති අතර එම පැනලයෙන් නිපදවන විදුලිය උපරිමව ලබාගෙන අගක්ග විදුලි ධාරාවක් හා නිත්‍ය ධාරාවක් ලෙස ජල පොම්පයට සපයයි.
  1. P. P. T. හි ලක්ෂණ.
Maxi . array Power - 300 watt
Maxi . array Voltage - 80 Volt
Maxi . array Current - 10 Amp.
Maxi . out put - 36 Volt
ජල පොම්පය (Positive Displacement Water Pump)
  1. P. P. T. උපකරණය මඟින් ලබා දෙන විදුලි බලයෙන් මෙම ජල පොම්පය ක්‍රියාත්මක වේ. මෙම ජල පොම්පයේ තාක්ෂණික තොරතුරු පහත පරsදි වේ. මෙම ජල පොම්පයේ ශබ්ධ හා සීරීම් අවම ප්‍රමාණයක් පවතින බැවින් ජස්වී කාළය අවම වසර 10 ක් පමණ වේ.
මෙම Positive Displacement ජල පොම්පය සාමාන්‍යයෙන් භාවිතා වන (Centrfugal Type) කේන්ද්‍රාපසාරී ජල පොම්ප තාක්ෂණයෙන් වෙනස් වුවද දිනකට පැය 8-10 ක් ක්‍රියාත්මක වෙමින් දිගු වේලාවක් තුළදී පරිසර දූෂණය අවම වශයෙන් සිදු වන තාක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය.
ජල පොම්පයේ ලක්ෂණ.
Max. Speed - 1750 rpm
Max. Flow rate - 30 Lit/min
Max. Suction - 6-8 m
Max. Pressure- 28 m
සූර්ය පැනලයේ ප්‍රමාණය අනුව ජල විසර්ජනය වෙනස් වීම්.

සූර්ය පැනලයේ ප්‍රමාණය (අඩි)

පොම්පයට ලැබෙන

විදුලි වොට්ස්

ජල විසර්ජනය

උපරිම චූෂණ හිස

ලීටර්/දින

විසර්ජන මුළු

පීඩන හිස

2 1/2,×4

2 1/2, ×4×2

150

300

6000-7000

13000-15000

මීටර් 25

මීටර් 25

අඩි 22-24

අඩි 22-24

සූර්ය බල බිංදු ජල සම්පාදනය ප්‍රධාන පාලක ඒකකය.
මෙහි,
  1. මයික්‍රෝන 120 තැට් පෙරණය (130 micron)
  1. 10 Lit Pressure Differantial tank.
ජල පෙරණය මඟින් අක්කර ½ එලවළු වගාව සඳහා පොහොර ජල සම්පාදනය (Fertigation) සිදු කළ
හැකිය.
අක්කර 1/2 සඳහා උප බෙදාහැරීම් නල හා පාර්ශ්වික නල පද්ධතිය.
අක්කර 1/2 සඳහා මි.මි. 40 විශ්කම්භයෙන් යුත් (High Density Poly Ethiline (HDPE)) උප ප්‍රධාන නලයකට සම්භන්ධ වූ (LLDPE) Linear Low Density Polyethyline පාර්ශ්වික නල ලබා දී ඇත.
මෙම පාර්ශ්වික නල වල In Buildt Wall Drippers සෙ.මි. 40 ක පරතරයෙන් සවි කර ඇත.
මෙම ජල සම්පාදන පද්ධතිය දිනකට උපරිම පැය 9-10 ක් ද අවම පැය 7-8 ක් ද සූර්යාලෝකය පතිත වීම මත ක්‍රියාත්මක වේ.
එලෙසම මෙම බිංදු ජල පද්ධතිය මඟින් භෝගයට අවශහ් ජල ප්‍රමාණය දිනයේ වැඩි වේලාවක් තුළ ලබා දීම මඟින් මූල මණ්ඩල කළාපය නිවැරදිවම ක්ෂේත්‍ර ධාරිතා තත්වයේ පවත්වා ගත හැකි වේ.
මෙලෙස ජලය සැපයීම (Low Volume High Time Irrigation) වැඩි වේලාවක් තුළ සිදු කරන අව පරිමා ක්‍රමයක් බැවින් භෝගයේ ඉතා සාර්ථක වර්ධනයක් සිදුවී උපරිම අස්වැන්නක් ලබාගැනීමට හැකිවේ.
මෙවැනි නව තාක්ෂණයන් හා ක්‍රම උපායන් ගෙන් සපිරි සූර්ය බල බිංදු ජල පද්ධතියක් භාවිතා කිරීමේ වාසි.
  1. භෝගයට අවශහ් නියම ජල ප්‍රමාණයම සැපයෙන අතර ඉංධන හා ඉංධන ප්‍රවාහනය සඳහා වියදමක් නැත. 2005 වසරේදී අක්කර ½ ක එලවළු වගාව සඳහා ඉන්ධන භාවිතයෙන් ජලය පොම්ප කරයි නම් මසකට ඉන්ධන සඳහා වැය වන රුපියල් 3000.00 (දිනකට රු. 100 බැගින් වන) මුදල සම්පූර්ණයෙන්ම ඉතිරි කරගත හැකි වේ.
  1. ජලය යෙදීම සඳහා කම්කරු ශ්‍රමය වැය නොවේ.
  1. මෙම පද්ධතියට පොහොර ටැංකියක් අයත් වන බැවින් ජලය සමඟ පොහොර යෙදීම මෙන්ම කෘෂි රසායන යෙදීම ද පහසු වේ.
  1. පොහොර යෙදීම සඳහා කම්කරු ශ්‍රමය වැය නොවේ.
  1. දිනපතා ලබා දෙන පොහොර සම්පූර්ණයෙන්ම භෝගය විසින් ලබාගෙන වැඩි අස්වැන්නක් ලබාඳේ .
  1. ජලය ලබාදෙනුයේ පැලයටම පමණක් බැවින් අනවශ්‍ය ලෙස වල් පැලෑට් පැල නොවේ. මේ හේතුවෙන් වල් මර්ධනය සඳහා යන ශ්‍රමය හා වල් නාශක වියදම ඉතාම අල්ප වේ.
  1. මෙම ක්‍රමයෙන් ගොවිතැන් කිරීමේදී, අස්වැන්න තත්වයෙන් ඉහල අතර අවාර අස්වැන්නක් ලබාගැනීමට හැකි වේ.