හැඳින්වීම



මී මැසි පාලනය හැඳින්වීම
මී මැස්සන් ඇති කිරීම මඟින් මී පැණි හා මී ඉටි ඇතුළු මී මැස්සන් විසින් නිපදවනු ලබන ද්‍රව්‍ය මිනිසාගේ පරිභෝජනය සඳහා ලබා ගැනීමට යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය මී මැසි පාලනය නමින් හැඳින්වේ. මී මැසි පාලනය විනෝදාංශයක් මෙන්ම අමතර ආදායමක් ද ලබා ගත හැකි කර්මාන්තයකි. ස්වයං රැකියාවක් වශයෙන් ද පවත්වාගෙන යා හැකිය. සාර්ථක මී මැසි පාලනයක් සඳහා එම කටයුතුවල විද්‍යාත්මක පදනම පිළිබඳ අවබෝධයක් මෙන්ම ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ලබා ගන්නා පුහුණුව ද අත්‍යාවශ්‍ය වේ.මී මැස්සෝ අප්‍රිකාවේ සිට දකුණු යුරෝපයටත් එතැනින් උතුරු යුරෝපයටත් මෙයට වසර දස ලක්ෂයකට පමණ පෙර සංක්‍රමණය වී ඇති බව ඔවුන්ගේ ජාන පිළිබඳව සිදුකර ඇති පර්යේෂණ වලදී හෙලි වී ඇත. ක්‍රි.ව. 1600 දී පමණ ඇමරිකාවට පැමිණි සුදු ජාතිකයින් යුරෝපයේ සිට මී මැස්සන් එහි රැගෙන ගොස් ඇත. ලෝකයේ බොහෝ රටවල එපීස් මෙලිෆෙරා නැමති බිඟු විශේෂය මී මැසි පාලනය සඳහා යොදා ගනී. ආසියාතික රටවල ඒපීස් සෙරානා විශේෂය මී මැසි පාලනය සඳහා යොදා ගන්නා අතර වර්තමානයේ මෙලිෆෙරා විශේෂය හඳුන්වා දී ඇති නමුත් ශ්‍රී ලංකාවේ දී යොදා ගන්නේ එපීස් සෙරානා ඉන්ඩිකා නැමති උප විශේෂය පමණි.
මී මැසි පාලනයේ ඉතිහාසය


මී පැණි හා මී මැස්සා පිළිබඳව මිනිස් වර්ගයාගේ ආරම්භක යුගයේ පටන් දැන සිටි බවට පුරා විද්‍යාත්මක සාධක පවතී. ඔවුන් මී මැස්සාගේ ස්වභාවික වාසස්ථාන වලින් දඩයම් කර ගන්නා පැණි ආහාරයක් වශයෙන් භාවිතා කර ඇත. පුරාණ ඊජිප්තු වැසියන් මළ සිරුරු ආවරණය කිරීම සඳහා මී පැණි හා මී ඉටි යොදාගෙන ඇති බව සොහොන් කොත් වලින් හමු වී ඇති “මමී“ වලින් සාක්ෂි සපයයි. මීට අවුරුදු 2000 කට පමණ පෙර විසූ ඊජිප්තු වැසියන් ගෘහස්ථ මී මැසි පාලනය ආරම්භ කර ඇත. ඔවුන් පිදුරු වලින් තැනූ කේතු ආකාර භාජන හා සිදුරු සහිත ලී කොට මේ සඳහා යොදාගෙන ඇත. සංක්‍රමණ මී මැසි පාලනය ආරම්භ කර ඇත්තේ ද ඔවුන් විසිනි.
ඉතා දුර අතීතයේ සිට ශ්‍රී ලංකාවේ මිනිසුන් ද මී පැණි පරිභෝජනයට හුරුව සිටි බව, ආදීවාසී ජනතාවගේ ජීවන රටාවේ අනිවාර්ය අංගයක් වශයෙන් බඹර කැපීමට සහ මී පැණි දඩයම් කිරීමට පුරුදුව සිටීමෙන් පැහැදිලි වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව මී මැස්සන්ගෙන් මී පැණි රැස් කිරීම පිළිබඳව මනා නිපුනත්වයක් දක්වති. ආදී කාලයේ සිටම ලබු කැට, කල ගෙඩි, සිදුරු සහිත ලී කොට ආදිය යොදා ගෙන ගෘහස්ත මී මැසි පාලනයේ යෙදීම අප රටේ ජනතාව අතර ප්‍රචලිතය. එමෙන්ම අපගේ ජනකවි අතර බඹර කවි නැමති ගායනාවන් දක්නට ලැබීම මී පැණි රැස් කිරීමට ඔවුන් අනාදිමත් කාලයක් තිස්සේ පුරුදුව සිටින බවට හොඳ සාක්ෂියකි. මී මැසි පාලනය පිළිබඳ වසර 2000 ක පමණ ඉතිහාසයක් ඇති නමුත් එම කාලය තුළ භාවිත කළ උපකරණ හෝ ක්‍රමවල වෙනසක් දකින්නට ලැබෙන්නේ 1880 න් පසුව කාලයේදීය.



1851 දී ලොරෙන්සෝ ලැන්ග්ස්ට්‍රොත් (Lorenzo Lansgstroth) නම් ඇමෙරිකානු පූජකවරයා, මී වද අතර නියමිත පරතරයක් ඇති බව අවබෝධ කරගෙන එයට අනුකූලව රාමු සහිත මී මැසි පෙට්ටියක් නිර්මාණය කර ඇත. මෙම සොයා ගැනීම වර්තමාන විද්‍යාත්මක බිඟු පාලනයේ ආරම්භයයි. මෙම උපකරණය මඟින් මී මැස්සන්ට වද බැම සඳහා එහා මෙහා කළ හැකි රාමු සපයා තිබීමෙන් ජනපදයේ පැටවුන් බෝ වන කොටසට හානි නොකර පැණි ඉවත් කර ගැනීමේ හැකියාව ලැබීමත් සමඟ මී මැසි පාලනය ජනප්‍රිය කර්මාන්තයක් බවට පත් විය.
මීට අමතරව 1875 දී ඇමෙරිකානු ජාතික එම්. ක්වින්බි (M. Quinby) හා ටී. එෆ්. බින්ග්හම් (T.F. Bingham) විසින් දුම් ගැසීමේ උපකරණය නිපදවන ලදී. කේන්ද්‍රාභිසාරි පැණි නිස්සාරකය නිපදවන ලද්දේ 1865 දී ඔස්ට්‍රියානු ජාතික එෆ්. හරුස්කා (F. Haruschka) විසිනි. මෙම උපකරණ භාවිතය සමඟ මී පැණි නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් වශයෙන් ද දියුණු විය. අනතුරුව විවිධ පුද්ගලයින් හා විශ්ව විද්‍යාල මඟින් කරන ලද අධ්‍යයනයන්ට අනුව නවීන උපකරණ හා ක්‍රමවේදයන් දියුණු කර ඇත. ඒ ඔස්සේ ජාත්‍යන්තර බිඟු පාලන පර්යේෂකයින්ගේ සංගමයක් ද බිහිවී ඇත.


මී මැසි පෙට්ටිවල ජනපද නඩත්තු කර මී පැණි ලබා ගැනීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කළේ කුරුණෑගල විසු මුදලිඳූ සැමුවෙල් ජයතිලක මැතිතුමාය. එතුමා 1881 වර්ෂයේ දී ආසියාතික සංගමයට ශ්‍රී ලංකාවේ මී මැසි පාලනය පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලද බවට වාර්තා වී ඇත. වර්ෂ 1904 දී ජේ. හාවර්ඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද ලංකා ගොවි කර්මාන්ත සමිතියේ අනෙකුත් සාමාජිකයින් වූ ඊ. අර්නස්ට් ග්‍රීන්, ඇම්. ෂැන්ක්ස්, සී ඩ්‍රිබර්ග්, හර්බට් කැම්බල්, ඒ.පී. ගුණතිලක යන මහත්වරු මී මැසි පාලනය පිළිබඳ ව්ශේෂ උනන්දුවක් දක්වන ලදහ. ඒ.පී. ගුණතිලක මැතිතුමා 1916 වර්ෂයේ දී මී මැසි පාලනය පිළිබඳ ග්‍රන්ථයක් සකස් කොට පාසැල් ගුරුවරුන් හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය අතර නොමිලේ බෙදා දෙන ලදි.
මේ අවධිය වන විට මැටි කල හා ලී කොටන් මී මැස්සන් ඇති කිරීම සඳහා යොදාගෙන තිබුණි. ඔවුන් විසින් යුරෝපයේ භාවිතා කරන ලද දිග අඟල් 10 1/2, පළල අඟල් 5 1/4 ක් සහ සම්මත උසකින් යුක්ත වූ ලී පෙට්ටි මී මැසි පාලනයට යොදාගෙන ඇත. මේ කාලය තුළ සියනෑ කෝරළයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි අත්තනගල්ල, වතුරගම ප්‍රදේශ වල මී මැසි පාලනය ආරම්භ කර ඇත.70 දශකයේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මී මැසි සංවර්ධන ඒකකය 1971 වර්ෂයේ දි පිහිටුවා ඇත. කෘෂිකමර්ම දෙපාර්තමේන්තුව පර්යේෂණ හා ව්‍යාප්ති වැඩසටහන් තුළින් මී මැසි පාලන කටයුතු ප්‍රචලිත කිරීමේ කාර්යයේ මේ දක්වාම නියැලී සිටී.
ආර්ථික වැදගත්කම

  1. අමතර ආදායමක් ලබාගත හැකි කර්මාන්තයකි:
මී මැසි පාලනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපකරණ සපයා ගැනීම දි මූලික වියදමක් දැරීමට සිදුවන නමුත් නඩත්තුව සඳහා කිසිදු වියදමක් අවශ්‍ය නොවන බැවින් මෙය ඉතා ලාභදායි ව්‍යාපාරයකි.
  1. ස්වයං රැකියාවකි



මී මැසි පාලනය සම්භන්ධව මූලික පුහුණුවක් සහිත අයෙකුට මී මැසි ජනපද 50 – 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නඩත්තු කළ හැක. ජනපදයකින් මී පැණි බෝතල් 5-6 ක ප්‍රමාණයක් සාමාන්‍ය නඩත්තුව යටතේ වුව
ලබාගත හැකිය. හොඳින් නඩත්තු කරන්නේ නම් මී පැණි බෝතල් 10 කට ආසන්න ප්‍රමාණයක් ලබාගත හැක. එහෙයින් ස්වයං රැකියාවක් වශයෙන් ද මී මැසි පාලනය යොදාගත හැක.

  1. මී පැණි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි වේඃ
මී පැණි සඳහා ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් පවතී. වෙළඳපොළ ඉලාලුම සපුරාලම සඳහා මී පැණි පිටරටින් ගෙන්වීම කරනු ලැබේ. මෙම ප්‍රමාණය රට තුළ නිපදවා ගැනීම තුළින් විදේශ විනිමය ඉතිරි කර ගත හැක.
  1. මී මැසි පාලනය ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන සඳහා ඉහළ ඉලළ ඉල්ලුමක් පවති:
මී මැසි පෙට්ටි ඇතුළු අනෙකුත් උපකරණ නිෂ්පාදනය කර අලෙවි කිරීමෙන් ද ආදායම් උපයා ගත හැක. එමෙන්ම මී ඉටි හා මී මැසි ජනපද අලෙවියෙන් ද ආදායමක් උපදවා ගත හැක.
  1. බෝග වගාවට හිතකර කෘමියෙකි:
මී මැස්සා බෝග පරාගනයට ඉතාමත් ප්‍රයෝජනවත් කෘමියෙකි. මී මැස්සන් මල් මත ගැවසීමෙන් බෝගවල පරාගන ප්‍රතිශතය වැඩිවී බෝග අස්වනු වැඩිවීම සිදුවේ.
  1. ඖෂධීය වටිනාකමක් ඇත:
මී පැණි ආහාරයට ගැනීමෙන් රෝග සුව වන බවත්, රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තියක් ශරීරයඇතිවන බවත් විවිධ පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. එමෙන්ම මී පැණීවල ශරීරයට පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි සරළ සීනි අඩංගු බැවින් ඉක්මනින් ශක්තිය ලබා දෙන ආහාරයක් වශයෙන් ද රෝගීන්ට, ළමයින්ටහා වැඩිහිටියන්ට ප්‍රයෝජනයට ගත හැක. එබැවින් මී පැණි දෛනිකව පරිභෝජනය කිරීම තුළින් පවුලේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා විම සිදුවේ.


විභවය
  1. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මී මැසි පාලනය කළ හැක:
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මී මැසි විශේෂය ඒපිස් සෙරානා ඉන්ඩිකා (Apis cerana Indica) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. මෙම මී මැසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රදේශවල වාසය කරයි. එහෙයින් ඕනෑම ප්‍රදේශයක මී මැසි පාලනය පහසුවෙන් කරගෙන යාමට හැකියාව පවතී.
  1. මී මැස්සාට ආහාර ලැබෙන (පැණි, පරාග) ශාකවල ව්‍යාප්තිය හා ගහනය:
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පළතුරු ශාක සියල්ලම පාහේ හොඳ මී මැසි ගෝචර ශාක වශයෙන් හැඳින්විය හැක. වියලි කලාපයේ මල් පැණි වහනය වන පුෂ්ප විශාල ප්‍රමාණයක් නිපදවන අඹ, කජු, පොල්, සියඹලා, මාර වැනි ශාක බහුලව දක්නට ලැබේ. දේශීය වනාන්තරවල විවිධ ශාක විශේෂ විශාල ප්‍රමාණයක් මිශ්‍රව පැවතීම නිසා වර්ෂය පුරාම පැණි පරාග ලබා ගැනිමේ හැකියාව පවතී. එහෙයින් පැණී නිෂ්පාදනය සඳහා ඉහළම ශක්‍යතාවයක් වනාන්තර ආශ්‍රිතව පවතී. එක් දේශගුණික කලාප වලට විශේෂ වු නමුත් ඉහළ පැණි නිෂ්පාදනයක් සඳහා දායක වන (උදා: රබර්, යුකැලිප්ටස්) ශාක ගහනයන් ද රට අභ්‍යන්තරයේ දක්නට ලැබේ. කෘෂි කාර්මික බෝග වගාවන් හා වල් පැළෑටි, ගෘහ අලංකාරය සඳහා වවනු ලබන මල් වර්ග ද මී මැස්සාට යැපීමට උපයෝගී වේ. විවිධ ප්‍රදේශවල පැතිර පවත්නා ගෝචර ශාක වර්ග හා ඒවායේ ගහන ඝනත්වය මත මී පැණි නිෂ්පාදන විභවය අඩු වැඩි වේ.


  1. අඩු පිරිවැය:
මී මැසි පෙට්ට් ඇතුළු උපකරණ සපයා ගැනීම, අවශ්‍ය පිරිවැය හැරුණ විට නඩත්තුව සඳහා වියදම් වන්නේ අතිරේක ආහාර සැපයීම සඳහා පමණි. ජනපදය නිසි අයුරින් රැකබලා ගැනීම සඳහා සතියකට වරක් භාගයක පමණ කාලයක් යෙදවිම ප්‍රමාණවත් වේ.



  1. සාමාන්‍ය පාලනයක් යටතේ වුව ද ජනපදයකින් මී පණි‚ බෝතල් 4 -6 දක්වා ලබාගතග හැකි වේ. වඩා විද්‍යාත්මක හා ක්‍රමානුකුළ පාලනයක් යටතේ මී පැණි බෝතල් 10 ක් දක්වා වැඩිකර ගත හැක.
  1. ගෙවත්තට බිඟු පාලනය හඳුන්වා දීම මඟින් ඉතා පහසුවෙන් නිවසේ පරිභෝජනයට අවශ්‍ය මී පැණී ලැබෙන අතර අමතර ආදායමක් ද උපදවා ගත හැක.
  1. මී පැණි නිෂ්පාදනයට අමතරව බිඟු පාලනයට අදාල විවිධ අමතර ආදායම් උපයන මාර්ග රැසක් පවතී. උදා : මී පැණි එක්‍රැස් කර, සැකසූ නිෂ්පාදන ලෙස අලෙවිය, ජනපද බෝ කර විකිණීම සහ මී මැසි පෙට්ටි ඇතුළු උපකරණ සකස් කර වෙළඳපොලට සැපයීම.
  1. පිරිසිදුව සකසන ලද ප්‍රමිතියෙන් උසස් දේශීය මී පැණි සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොලේ ද වැඩි ඉල්ලුමක් පවතී.
  1. මී මැසි ජනපද වලින් ලැබෙන අමතර ආදායමට අමතරව බෝග පරාගනය මඟින් වගා ක්ෂේත්‍රවල අස්වැන්න ඉහල නැංවීමට බිඟුන් උපකාරී වේ.
මී මැස්සා



ජීව විද්‍යාත්මක වර්ගීකරණයේ පියාපත් සහිත කෘමීන් යටතේ වර්ගීකරණය කර ඇති සමාජීය චර්යාවන් සහිත රංචුවක් හෙවත් ඝනාවාසයක් වශයෙන් ඔවුන් විසින්ම නිපදවා ගන්නා ඉටියෙන් තැනූ වද මත ජීවත් වන කෘමීන් කොට්ඨාශය මී මැස්සන් වශයෙන් හැ¢න්වේ. ඔවුන් පුෂ්ප තුළ නිපදවනු ලබන පරාග ද කෘමීන් ආකර්ෂණය කිරීම සඳහා මල් සහ වෙනත් ශාක කොටස් තුළ නිපදවන පැණි හෙවත් මධු ද ආහාරයට ගනී.
ජීව විද්‍යාත්මකව ඝනාවාසයක් :ක්දකදබහ* යනු හවුලේ ගොඩනගන ලද තනි කැදැල්ලක් තුළ එකිනෙකාගේ අවශහ්තාවයන් සපුරා ගැනීමේ § ශ්‍රම විභාජනයක් දක්වන සහ පැටවුන් රැකබලා ගැනීම සාමූහික කාර්යයක් වශයෙන් ඉටුකර ගන්නාවූ කෘමීන් කණ්ඩායමකි.
මී මැස්සා වර්ගීකරණය
වංශය - ආත්‍රොපෝඩා
වර්ගය - ඉන්සෙක්ටා
උපවර්ගය - ටෙරිගෝටා
ගෝත්‍රය - හයිමොනොප්ටෙරා
කුලය - ඒපිඩේ
ගණය - ඒපිස්
(විත සහිත මී මැසි විශේෂ අයත්‍ය)



විශේෂය
  • ආසියාතික මී මැස්සා
  • මෙලිෆෙරා - යුරෝපීය මී මැස්සා
  • ඩොසාටා - බඹර මැස්සා
  • ෆ්ලෝරියා - දඬුවැල් මැස්සා

මී මැසි විශේෂ



ඒපිස් සෙරානා
² සියළුම ආසියාතික රටවල ජීවත් වේ. ඒපිස් සෙරානා ඉන්ඩිකා, ඒපිස් සෙරානා සෙරානා සහ ඒපිස් සෙරානා ජැපනිකා යනුවෙන් උප විශේෂ තුනක් දක්නට ලැඹේ
² ශී% ලංකාවේ දක්නට ලැබෙන මී මැසි විශේෂය වන්නේ එපිස් සෙරානා ඉන්ඩිකා විශේෂයයි.
² සංවෘත අඳුරු ස්ථානවල ජීවත් වේ. එකිනෙකට සමාන්තර වද රාශියකින් යුත් කැදැල්ලක් සාදයි. වදයක උස සෙන්ටි මීටර් 15 - 30 ක් පමණ වේ. එකම ස්ථානයේ බොහෝ කාලයක් රැ£ සිටියි. සුදුසු පරිසර තත්ත්ව හා ආහාර
ගෘහස්ථව නඩත්තු කළ හැක.
² ජනපදයක වැඩකාර මැස්සියන් 10,000 - 30,000 පමණ දක්නට ලැඹේ පියාසර සීමාව මීටර් 600ක් පමණ වන නිසා ආහාර රැස් කිරීමේ පරාසය අඩු බැවින් මී පැ‚ නිෂ්පාදනය කි.ග්‍රෑම් 4-10 දක්වා පරාසයක පවතී.
මී මැසි විශේෂ




යුරෝපීය මී මැස්සා ඒ(පීස් මෙලිෆෙරා) අචසි පැකසfeරa
² ලෝකයේ වඩාත්ම ව්යෙආප්ත වී ඇති මී මැසි පාලනයට යොදා ගන්නා මී මැසි විශේෂය වේ. යුරෝපයේ වෙසෙන විශෙඅෂ සෞම්‍ය කලාපික විශේෂ ලෙස හඳුන්වන අතර අපි%කාවේ වෙසෙන විශේෂ ඝර්ම කලාපීය විශේෂ ලෙස හැ¢න්වේ.
² දේශීය මී මැස්සාට ඒ(පීස් සෙරානා) වඩා ශරීරයෙන් විශාල වන නමුත් චර්යා රටාවන් දෙදෙනාටම පොදුය
² මෙම මී මැසි විශේෂයට ආහාර සොයා කි.මී. 3-4 පමණ දුරක් පියැඹීමට හැකියාව පවතී. විශාල පරාසයක ආහාර රැස් කරන බැවින් වර්ෂයකට පැ‚ කිලෝ ග්‍රෑම් 40 ක් පමණ ජනපදයකින් නෙළා ගත හැක
මී මැසි විශේෂ



යුරෝපීය මී මැස්සා ඒ(පීස් මෙලිෆෙරා) අචසි පැකස
² සමාන්තර වද රැසක් සාදන අතර ආවෘත ස්ථානවල ජීවත් වේ. ජනපදයක වැඩකාර මැස්සන් 50,000 සිට 80,000 දක්වා සිටිය හැක. රැජින Èනකට 1000 සිට 1200 දක්වා ප්‍රමාණයක් බිත්තර දැමීම කරයි.
² වදයක උස සෙ.මී. 40-60 ක් පමණ වේ. වද ඝනකම සෙ.මී. 25 පමණ වේ.
² මෙම සතුන් රෝග හා පලිබෝධ හානිවලට වැඩි ග්‍රාහීය බවක් දක්වන නිසා බිඟු පාලනයේ § රෝග හා පලිබෝධ මර්දනය සඳහා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.
² මෙම විශේෂය මී පැණි නිෂ්පාදනයට අමතරව රාජ ජල්ලි, පරාග, ප්‍රොපොලිස් වැනි අතුරු නිෂ්පාදන ලබා ගැනීම සඳහා ද උපයෝගී කර ගනී.
මී මැසි විශේෂ


බඹර මැස්සා ඒ(පීස් ඩෝසාටා) අචසි
² උස ස්ථාන වල තනි කැදැල්ලක් සාදයි
² වදයක උස සෙන්ටි මීටර් 75 - 100 ක් පමණ වේ.
වද ප්‍රමාණයෙන් විශාලය
² මී මැස්සාට වඩා ශරීරයෙන් විශාලය
² පැණි අස්වැන්න වැඩිය
² පැණිවල ජල සාන්ද්‍රණය වැඩි නිසා කල් තබා ග
අපහසුය (24%)
² අයහපත් පරිසර තත්ත්ව වල § කැදැල්ල අත
යයි
² විතෙන් පහර දුන් විට ඉතා විෂ සහිතයි
² සතුරන්ට පහර §මේ ප්‍රවනතාවය වැඩි අනතුරුදායකය



මී මැසි වර්ග

දඬුවැල් මැස්සා ඒ(පිස් ෆ්ලෝරියා)
² කුඩා මී මැසි වර්ගයකි
² වන ලැහැබවල් තුල කුඩා තනි වදයක් සාදයි
² වදයක උස සෙන්ටි මීටර් 15 - 20 ක් පමණ වේ
² පැණිවල සාන්ද්‍රණය හා ගුණාත්මය මී පැණි වල
සමානය
² පැ‚ අස්වැන්න කිලෝ ග්‍ර%එම් 1 කට අඩු වේ
² අයහපත් කාලගුණ තත්ත්ව වල§ කැදැල්ල අතහැර
යයි
² බෝග පරාගනය සඳහා ආරක්ෂිත ගෘහ තුළ§
යොදාගත හැකි විශේෂයකි
කනෙයි මැස්සා (ට්‍රයිගෝනා ඉරිඩිපෙනිස්)



² විත රහිත බැවින් ඵැකසචදබසබැ උප වර්ගය
ඔරසටදබa ඝණය යටතේ වර්ග කර ඇත. ශරීර ප්‍රමාණය මිලි මීටර් 4 ක් පමණ වේ. කළු පැහැතිය.
² පැණි ඖෂධීය වටිනාකමකින් ඉහළය. මෙම
තරමක් අඳුරු පැහැයක් ගන්නා අතර, ඇබ්ඹ(.ල
රසයක් පවතී. එයට හේතුව වන්නේ විවිධ ශාක වල
ලබා ගත
යුෂ වර්ග පැණි සමඟ මිශ්‍ර වී පැවතීමයි.
² වදය මී වදයට වඩා වෙනස් ස්වරූපයක් පවතී.
කුහර රවුම් හැඩයක් ගනී. හො¢න් ආවරණය
ස්ථාන වල ජීවත් වේ
² කැදැල්ලට ඇතුළු වන ස්ථානයට පිටතින්
තැනූ උමගක් වැනි කොටසක් සාදයි. එම
සාදා ඇති ඉටිවල කුහුබ්ඹ(.වන් වැනි සතුන් පල
හරින ගුණයක් පවතී. එහෙයින් වෙනත් සතු
කැදැල්ලට ඇතුල් වීම වැළකේ.
ඝනාවාසයක සාමාජිකයින්
රැජින



ඝනාවාසයක ප්‍රධානතම සමාජිකයා වන්නේ රැජිණයි. ගැහැණු සතෙකි. ජනපදයක සිටින්නේ එක් රැජිනක් පමණි. රැජිණගේ කාර්යය වන්නේ බිත්තර දැමීම සහ පෙරමෝන නිෂ්පාදනයයි.
කහවන් දුබ්ඹ(.රු පැහැයෙන් යුත් උදරයක් සහ කළු පැහැති හිසක් සහිතය. වැඩකාර මැස්සියට වඩා උදරය කොටස විශාලත්වයෙන් හා Èගින් වැඩි වේ. පිහාටු සහිතය. නමුත්
උදරයට වඩා Èගින් අඩුය. විත සහිත වුවත් එමඟින් පහර දෙන්නේ තවත් රැජිනකට පම‚.
ආහාර රැස් කිරීමට හැඩගැසී නොමැති අතර වැඩකාර මැස්සියන් විසින් පෝෂණය කරයි.
රැජිනක් අවුරුදු 3-4 ක පමණ කාලයක් ජීවත් වේ.






රැජිනගේ අධෝහනුක ග්‍රන්ථියේ නිපදවනු ලබන පෙරමෝනයක් මඟින් වැඩකාර මැස්සියන්ගේ කි%යාකාරීත්වය පාලනය කෙරේ. රැජිණ ස්පර්ෂ කිරීමෙන් මෙම පෙරමෝනය වැඩකාර මැස්සියන් ඔවුන් වෙත ලබා ගන්නා අතර එමඟින් ජනපදයට ආවේනික සුවඳක් ලැඹේ එහෙයින් මෙම පෙරමෝනය —රැජිණ සුව නමින් හැදින්වේ. රැජිණ සුවඳ රැජිණ ජනපදයේ සිටින බව හඳුනා ගැනීමට වැඩකාර මැස්සන්ට උපකාරී වේ.
රැජින සුවඳ එක රැජිනකගෙන් තවත් රැජිනකට වෙනස් වන බැවින් එක් ජනපදයක මැස්සන් අනෙක් අයගෙන් වෙන්කර හඳුනා ගැනීමට එය උපකාරී වේ. යම් හේතුවක් නිසා රැජින ජනපදයෙන් ඉවත් කළ විට පැය හයක කාලයක ජනපදය තුළ –රැජින සුවඳ˜ නැතිවී යයි.
මී මැසි ඝනාවාසයක සාමාජිකයින් බිහිවන්නේ රැජින විසින් දමනු ලබන බිත්තර වලිනි. රැජිනට සාමාන්‍ය වශයෙන් අවුරුදු 4 ක් පමණ ආයු කාලයක් ඇත. ළපටි අවධියේ සිට අවුරුදු 2 ක් පමණ වනතෙක් රැජිනගේ බිත්තර දැමීමේ හැකියාව සහ පෙරමෝනය නිෂ්පාදනය හො¢න් පවතින නමුත් පසුව එය ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. හො¢න් ආහාර ලැබෙන්නේ නම් බිත්තර දැමීමේ සීග්‍රතාවය ඉහළ යයි. ආහාර හිඟ කාලවල § බිත්තර දැමීම සම්පූර්ණයෙන් නවතා දමයි.
සංසේචනය වූ බිත්තර හා සංසේචනය නොවූ බිත්තර වශයෙන් රැජින දෙආකාරයක බිත්තර දැමීම සිදු කරයි. සංසේචනය වූ බිත්තර මඟින් ගැහැණු සතුන් හා සංසේචනය නොවූ බිත්තර මඟින් පිරිමි සතුන් බිහි වේ.
වැඩකාර මැස්සිය



ගැහැණු සතෙකි. සංසේචිත බිත්තර මඟින් බිහිවේ.හිස කලු පැහැතිය. ති%කෝණාකාරය, උදරය කහ පැහැති ඉරි සහිතය. පිහාටු සහිතය. පිහාටු මඟින් උදරය ආවරණය වේ. ශරීරය පසුපස කෙළවරේ පිහිටි විත මඟින් සතුරාට පහර දෙයි. ඝනාවාසයේ සියළුම කාර්යයන් ඉටුකිරීම පි‚ස ශරීර උපාංග හැඩගැසී ඇත.ජීවිත කාලය සති 6 සිට මාස 3 දක්වා වෙනස් විය හැක.වැඩකාර මැස්සියන්ගේ ප්‍රජනක පද්ධතියේ වර්ධනය —රැජිණ පෙරමෝනය˜ මඟින් නැවතී ඇති නමුත් ජනපදයේ රැජිණ නොමැති අවස්ථාවක පෙරමෝනය නොලැබෙන බැවින් ප්‍රජනක පද්ධතියේ වර්ධනය වීමෙන් ඔවුන්ට බිත්තර දැමීමේ හැකියාව ඇති වේ. එමඟින් බිහි වන්නේ පිරිමි මැස්සන් පම‚. මෙය කාලානුරූපී බහුකාර්යතාවය වශයෙන් හැ¢න්වේ.
වැඩකාර මැස්සියන් විසින් ඉටු කරන කාර්යයන්
–² වද කුහර පිරිසිදු කිරීම, ඉටි කැබලි, මිය ගිය වැනි අපද්‍රව්යෙඅ ජනපදයෙන් බැහැර කිරීම
² රැජින, පිරිමි මැස්සන් හා කීටයන් සඳහා
සැකසීම හා සැපයීම
² ජනපදයේ දොරටුව මුර කිරීම හා ආරක්ෂාව සැපයීම
² ජනපදය තුළ නියත උෂ්ණත්වයක් (සෙල අංශක 34.5 ක් පමණ) පවත ගැනීම
² මල්, පැ‚ හා පරාග රැස් කිරීම, මල් පැ‚ මීබවට පත් කිරීම හා එහි ජල සාන්ද්‍රණය අඩුකිරීම, ආහාර ගබඩා කිරීම,
² මී ඉටි නිෂ්පාදනය, වද බැදීම, පිළා කෝෂ සහ පැ‚ පිරවූ කුටීර ඉටි යොදා ආවරණය කිරීම



පිරිමි මැස්සා



² රැජිණ විසින් දමනු ලබන සංසේචනය නොවූ බිත්ත
වලින් බිහි වේ.
² කලු පැහැතිය, වැඩකාර මැස්සියන්ට වඩා විශාල වේ නමුත් රැජිනට වඩා කෙටිය. සංයුක්ත ඇස් විශා වන අතර ඉල
ගනී. විත රහිතය.
² ආහාර රැස් කිරීම සඳහා ශරීරය හැඩ ගැසී නොමැත බැවින් වැඩකාර මැස්සියන් විසින් පෝෂණය ලැඹේ එම නිසා ඕනෑම ආහාර අහේනියක මැස්සන්ට ආහාර ලබා නො§ම හේතුවෙන් මියයෑම ස්වභාවික සංසිද්ධියකි. නැවතත
ජනපදයේ පිරිමි මැස්සන් බෝ වන්නේ ආහාර සුලභ අවස්ථාවේ ය.
² පිරිමි මැස්සාගේ කාර්යය වන්නේ අලුතින් බිහිවන රැජිනක් හා සංසර්ගය වීම පමණි. එහි§ පිරිමි මැස්සාගෙන් ලැබෙන බීජානු රැජිණගේ ශරීරය තුළ ගබඩා කර ගනී.
ජීවන චක්‍රය


මී මැසි රැජිණ දිනපතා බිත්තර දැමීම සිදු කරයි. බිත්තර දැමීමට පෙර රැජිණ විසින් වද කුහරයේ පරිමාව ඇයගේ ස්පර්ෂක ආධාරයෙන් පැටවකු බිහිවීමට ප්‍රමාණවත් දැයි පරීක්ෂා කරන බවට තහවුරු වී ඇත. ඉඩ ප්‍රමාණවත් නොවේ නම් එම කුහරයේ බිත්තර දැමිම නොකරයි. නියමිත ඉඩ ප්‍රමාණයෙන් යුක්ත කුහර තුළ දමනු ලබන්නේ සංසේචනය වූ බිත්තරයකි. ප්‍රමාණයට වඩා විශාල නම් එහි දමන්නේ සංසේචනය නොවූ බිත්තරයකි.රැජිණන් බිහි කිරීම සඳහා වදවල පහල කෙලවරේ එල්ලී සිටින අයුරින් රැජිණ කෝෂ සාදන අතර මේවා ප්‍රමාණයෙන් සාමාන්‍ය වද කුහරවලට වඩා විශාලය. මෙහි තුළ සංසේචනය වූ බිත්තර තැන්පත් කරයි.
වැඩකාර මැස්සියන් විසින් පිරිසිදු කරන ලද වද කුහර පතුලේ රැජින බිත්තර තැන්පත් කරයි. බිත්තරයක් දමා දින 3 ක් ගත වූ පසු එය පුපුරා කීටයෙකු බිහිවේ.කීටයා ආහාර ලබාගෙන ක්‍රමයෙන් වර්ධනය වන අතර දින 5 ක් ගතවූ පසු පිළා අවස්ථාවට එළඹේ. එම අවස්ථාවේවැඩකාර මැස්සිය විසින් ඉටි තට්ටුවක් යොදා වද කුහරය ආවරණය කරනු ලබයි.බිහිවන කීටයින්ට දින දෙකක් යනතුරු රාජ ජල්ලි ආහාර වශයෙන් ලැඹි ඉතිරි දිනවල පැ‚ හා පරාග මිශ්‍ර කරගත් ආහාරයක් ලබා දෙයි. එහෙත් රැජිණ කෝෂයේ කීටයාට දින පහම රාජ ජල්ලි ආහාරයට ලැඹිපිලා අවස්ථාව ගත කරන කාලය එක් එක් සාමාජිකයා සඳහා වෙනස් වේ.

ජීවන චක්‍රය සම්පූර්ණ වීමට ගතවන කාලයපිළවා සුහුබ්ඹ(.ල් සතෙකු බවට රූපාන්ත්‍රරණය වීමට ගතවන කාලය එක් එක් සාමාජිකයා සඳහා වෙනස් වේ.බිත්තර කීට පිළා සම්පූර්ණ දින ජීවන කාලය අවස්ථා අවස්ථා අවස්ථා ගණන
රැජින දින 3 දින 5 දින 8 දින 16 අවු. 3-4
වැඩකාර මැස්සිය දින 3 දින 5 දින 12 -13 දින 20-21 සති 4-6
පිරිමි මැස්සා දින 3 දින 5-6 දින 14-15 දින 24-25 සති 6-8
සම්පූර්ණ රූපාන්තරය අවසානයේ § සුහුබ්ඹ(.ල් සතා ඉටි ආවරණය කපා ඉවත් කරගෙන වද කුහරය තුළින් පිටතට පැමිණේ.

වදයක මූලික ලක්ෂණ


මී මැස්සා වද බැදිම කරනුයේ ඉහලින් පිහිටි උපස්ථරයකට සවි වී සිරස්ව පහලට එල්ලී සිටින අයුරිනි. වද බැ£ම සඳහා වැඩකාර මැස්සියගේ උදරයේ යට පැත්තේ පිහිටා ඇති ඉටි ග්‍රන්ථsවලින් ශ්‍රාවය වන ඉටි උපයෝගී කර ගනී. එකිනෙකට සමාන්තර වද එකකට වැඩි ගණනක් සාදන අතර මෙම වද ෂඩශ්‍රාකාර කුහර සහිත වේ. ආහාර ගබඩා කිරීම හා පැටවුන් බෝ කිරීම සඳහා මෙම කුහර යොදා ගනී.
මී වදයක පැහැ දි ලිව දැකිය හැකි ස්ථර තුනක් තිඹේ
  1. උපස්ථරයට සවිවන ස්ථානයට ආසන්න තීරුව
පැ‚ ගබඩා කිරීම සඳහා භාවිතා කරයි.
  1. ඊට යටින් පිහිටි තීරුවේ පරාග ගබඩා කර තිඹේ
  2. පහළින්ම ඇති කොටස පැටවුන් බෝ කිරීමට භාවිතා
වේ.
එකිනෙකට සමාන්තරව පිහිටා ඇති වද අතර සමාන පරතරයක් දක්නට ලැඹේ මෙය බිඟු පරතරය යනුවෙන් හඳුන්වන අතර දේශීය මී මැස්සාගේ බිඟු පරතරය මි.මී. 8-9 කි.මී වදයක් ගත් විට එහි හරස් කඩක පළල වද ඝනකම වශයෙන් හැ¢න්වේ. සෑම පිලා වදයකම ඝනකම සමාන අගයක් ගන්නා අතර දේශීය මී මැස්සාගේ පිලා වදයක ඝනකම වනූයේ මී.මී. 20-21 ප්‍රමාණයකි. පැ‚ රැස් කරන වදවල ඝනකම මී.මී. 30 දක්වා වැඩි වන අවස්ථා ද දක්නට ලැඹේමේ අනුව යාබදව පිහිටි වද දෙකක් සැලකූ විට එක් වදයක මැද බිත්තියේ සිට අනෙක් වදයේ මධ්‍යයට ඇති දුර වද පරතරය යනුවෙන් හඳුන්වන අතර මෙම දුර මි.මී. 28 ක් වශයෙන් ගණනය කෙරේ. මෙම මාන මී මැසි පෙට්ටි නිෂ්පාදනයේ උපයෝගී කර ගැනේ.
  1. වද ඝනකම
පිලා වදයක ඝනකම මීලි මිටර් 20 - 21 ක් වන අතර පැ‚ වදවල ඝනකම බොහෝ විට විචල්‍ය වේ. සමහර විට එය මීලි මිටර් 50 ක් පමණ හෝ ඊට වැඩිවිය හැක.
  1. වද පරතරය
වද පරතරය ලෙස යාබදව පිහිටි පිලා වද දෙකක, මධ්‍ය අක්ෂ දෙක අතර ඇති දුර ප්‍රමාණය සළකනු ලැඹේ මෙය සාමාන්‍යයෙන් මීලි මිටර් 28 - 30 ක් අතර පවතී.
පිලා පෙට්ටියේ තබනා යාබද උඩු පටි දෙකක හෝ යාබද රාමු දෙකක උඩ ලී ස්තරයන්ගේ මධ්‍යයන් දෙක අතර පිහිටීම මේ අනුව සකස් කෙරේ.

වදයක මූලික ලක්ෂණ
ජනපදයක් තුළ පිළා පෙට්ටිය සහ පැ‚ පෙට්ටි සැළකූ විට පහළින්ම පිහිටා ඇති පිලා පෙට්ටිය තුළ ඇති වදවල පැටවුන් බෝ කිරීම සිදුවේ. පිළා වදයේ පැ‚ තීරුවට ඉහළින් සපයනු ලබන සියලුම වදවල පැ‚ තැන්පත් කිරීම සිදුවීම සාමාන්‍ය සංසිද්ධියකි.එහෙයින් පිළා පෙට්ටියට ඉහළින් පැ‚ පෙට්ටි සැපයීමේ එම කොටසේ පැ‚ පමණක් තැන්පත් කිරීම සිදුවේ. මේ හේතුව නිසා මී මැසි පෙට්ටියේ පැ‚ රාමුවලින් පැ‚ පමණක් ගබඩා කරන ලද වද ලබාගත හැකිව තිඹේ.

මී මැසි ජනපදයක කියාකාරීත්වය



වැඩකාර මැස්සියන්ගේ ශ්‍රම විභාජනය හා සංවිධානයමී මැසි ජනපදයක් තුළ සිදුවන කි%යාකාරීත්වය ප්‍රධාන වශයෙන් ඉටු කරනු ලබන්නේ වැඩකාර මැස්සියන් විසිනි. වැඩකාර මැස්සියන්ගේ කි%යාකාරීත්වය පාලනය කරනු ලබන්නේ රැජsන විසින් නිපදවන පෙරමෝනය (රැජින සුවඳ) මඟිනි.ජනපදය තුළ ඉටුකළ යුතු ප්‍රධාන කෘත්‍යයන් වන ආහාර සොයා යෑම, රැස් කිරීම, පැටවුන් රැක බලා ගැනීම, වද බැදිම, ජනපදය ආරක්ෂා කිරීම හා ජනපදය පිරිසිදු කිරීම වැඩකාර මැස්සියන් විසින් ඉටු කරනු ලැඹේ සේවිකාවන් විසින් ඉටු කරන කාර්යයන් ඔවුන්ගේ වයස අනුව තීරණය වන අතර එය පහත අයුරින් විස්තර කළ හැක.
ඝනාවාසයක සාමාජිකයින්
වැඩකාර මැස්සියන්ගේ ශ්‍රම විභාජනය වයස ඉටු කරනු ලබන කාර්යයන් දින 01-07 පවිත්‍ර කිරීම.
රැජින සහ පැටවුන්ට ආහාර සඳ රාජ ජල්ලි නිෂ්පාදනය කිරීම.
රැජින හා කීටයන් රැකබලා ගැනීම පෝෂණය.
දින 07-14 ඉටි නිෂ්පාදනය, වද බැ£ම හා පිළ කෝෂ සහ පැණි කුටීර ඉටි ආවරණය.
දින 14-21 කැදැල්ල තුළ වායු සංසරණය ඇත කිරීම. කැදැල්ල ආරක්ෂා කිරීම. දින 21
මිය යන තෙක් ආහාර රැස් කිරීම.
² වයස දින 21ට අඩු මැස්සන් ආහාර සොයාගෙන
ජනපදයෙන් පිටතට ඉගිලී නොයයි.



වැඩකාර මැස්සියන්ගේ ශ්‍රම විභාජනය හා සංවිධානය
මී මැස්සෙකු ඉප දින 5ක් පමණ ගතවන තෙක් ඔවුන් විසින් ඉටු කරනු ලබන්නේ ජනපදය පිරිසිදු කිරීමේ කටයුතු පමණි. එම කාලය අවසන් වීමත් සමඟ මී මැස්සියගේ හිසේ පිහිටා ඇති රාජ ජල්ලි නිපදවන ග්‍රන්ථිය කි%යාත්මක වන බැවින් රාජ ජල්ලි නිෂ්පාදනය ආරම්භ වේ. එහෙයින් කීටයන් හා රැජිනට රාජ ජල්ලි සැපයීම හා ඔවුන් රැකබලා ගැනීම වැනි කටයුතු වල නියැලෙන බැවින් මෙම සතුන් සාත්තු බිඟුන් වශයෙන් හැ¢න්විය හැක.දින 7 වඩා අඩු වයස මැස්සන්ට ඉගිලීමේ හැකියාව නොමැත. ඉප දින 7 ක් පමණ ගතවන විට උදරයේ පිහිටි ඉටි නිෂ්පාදනය කරන ග්‍රන්ථි කි%යාත්මක වන බැවින් ඉටි නිෂ්පාදනය කිරීමට සහ වද බැ§මට ළපටි මැස්සන් යොමු වේ.
වැඩකාර මැස්සියන්ගේ ශ්‍රම විභාජනය හා සංවිධානය ඉප දින 14 කින් පසු කැදැල්ල තුළ වායු සංසරණය කිරීම, කැදැල්ල මුර කිරීම සඳහා බිඟුන් යොමු වේ. මෙම කාලයේ ක්‍රම ක්‍රමයෙන් කෙටි දුරක් ඉගිලී යාමට බිඟුන්ට හැකියාව ලැඹේආහාර රැගෙන එන වැඩකාර මැස්සියන් ඔවුන් ගෙනා ආහාර වමාරා මෙම කුඩා බිඟුන්ට ලබා දිම හෙවත් –පැ‚ පිරිනැමීම˜ සිදු කෙරේ. කුඩා මැස්සියන් වැඩිහිටි මැස්සියන් ගෙනැවිත් දුන් ආහාර උරා බී ඔවුන්ගේ ආමාශය තුළ මී පැ‚ බවට ජීර්ණය විමේ කි%යාවලිය සම්පූර්ණ වන තෙක් තබා ගනී. මෙමඟින් වැඩි පැ‚ ප්‍රමාණයක් අඩු කාලයක § රැස් කර ගැනීමේ හැකියව ලැඹේ වයස දින 21ක් පසුවූ පසු මැස්සියන් ආහාර සොයා යාම ආරම්භ කරයි.
ජනපද වර්ධනය වීමේ කියාවලිය




මී මැසි ජනපදවල බෝවීම ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ පරිසරයෙන් ලැබෙන ආහාර ප්‍රමාණය හා කාළගුණික සාධක මතයි.
අවට පරිසරයේ පිහිටි ශාකවල පුෂ්ප පිපීම මත ජනපදයට ලැබෙන ආහාර එනම් පැණි සහ පරාග ප්‍රමාණය තීරණය වේ. අධික වියළි සහ වැසි සහිත කාළගුණවල (අහේනි කාලයේ§) මැස්සන්ට ආහාර සපයා ගැනීම අපහසු වන බැවින් බෝවීම අඩු වේ.ශී ලංකාවේ මෝසම් වැසි අවසාන සමයේ§ එලඹෙන ශාකවල පුෂ්ප නිපදවන කාලයක්, එනම් මල් වාරයක් දක්නට ලැඹේ මෙම කාලයේ§ ආහාර හිඟ වීමෙන් දුර්වලව තිබූ ජනපද වර්ධනය ආරම්භ වේ. එහෙයින් මෙය වර්ධක කාලය වශයෙන් හඳුන්වනු ලැඹේ මී මැසි ගහනය වැඩිවීම සිදු වන්නේ වර්ධක කාලයේදිය.
ජනපද වර්ධනය වීමේ කියාවලිය


යහපත් පරිසර තත්ත්ව යටතේ ජනපදයට ලැබෙන පැණි හා පරාග ප්‍රමාණය වැඩිවන අතර ළපටි මැස්සන් සිටින විට රාජ ජල්ලි නිෂ්පාදනය ඉහළ යයි. රැජිනට ලැබෙන විශේෂ ආහාරය වන රාජ ජල්ලි හො¢න් ලැබෙන විට රැජිනගේ බිත්තර දැමීමේ සීග්‍රතාවය ද ඉහළ නැංවේ.ශී ලංකාවේ ජීවත් වන මී මැස්සාගේ :අචසි රැජිනට දිනකට බිත්තර 350 - 700 ක් පමණ දැමීමේ හැකියාව ඇත. රැජින සාමාන්‍යයෙන් බිත්තර දැමීම ආරම්භ කරන්නේ කැදැල්ල මැද ඇති වදවලය. ඉන්පසු එය ක්‍රමයෙන් දෙපස ඇති වදවලට විහිඳේ ආරම්භයේ කීට පිළා අවස්ථාවන් හො¢න් දැකිය හැක්කේ මැදින් පිහිටි වදවලය. එමෙන්ම මෙම වදවල පැටවුන් බෝවන කොටසට ඉහළින් පරාග හා පැණි තැන්පත් කර තිබෙනු දැකගත හැකිය.

ජනපදවල ගහනය වැඩි වීමත් සමඟම අභ්යෙඅන්තර උෂ්ණත්වය ඉහල යාම හා රාජ ජල්ලි නිෂ්පාදනය වැඩිවීමත්, රැජිනගෙන් ලැබෙන පෙරමෝනය සමාකාරව විසිරී නොයාමත් ජනපද කට්ටි බෙදා යාමේ කි%යාවලිය ආරම්භ වීමට හේතු සාධක වේ.මී මැසි ජනපදවල ස්වභාවික ගුණනය වීමේ කි%යාවලිය සිදු වන්නේ තිබෙන ජනපද කොටස් වශයෙන් බෙදා යාමෙනි. මෙසේ කට්ටි බෙදිමේ දි මව් රැජින වැඩකාර මැස්සියන් කණ්ඩායමක් සමඟ ඉවත් වීම සිදුවේ. ඉතිරි වන ජනපදයට නව රැජිනකගේ අවශහ්තාවය පවතී. මෙහි ස්වභාවිකව සිදුවන කි%යාවලිය නම් වැඩකාර මැස්සියන් විසින් රැජිනක් බිහිකිරීම සඳහා අවශහ් විශේෂ ව්යෙඅqහයක් වන රැජින කෝෂ සෑ§ම ආරම්භ කිරීමයි. රැජින කෝෂයක් තුළට දැනට සිටින මව් රැජින විසින් බිත්තරයක් දමනු ලැඹේ
ජනපද වර්ධනය වීමේ කියාවලිය

මෙම බිත්තරයෙන් බිහිවන කීටයාගේ සම්පූර්ණ කීට කාලයම (දින 5ක්) සඳහා රාජ ජල්ලි ආහාර වශයෙන් සපයනු ලැඹේ (වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන් බිහිවන කීටයන් සඳහා රාජ ජල්ලි ලබා දෙන්නේ දින දෙකක් පමණි.)රැජින කීටයා පිළා අවස්ථාවට පත් වූ පසු සුහුබ්ඹ(.ල් සතෙකු බිහිවන තෙක් දක්වා වූ කාලය අතරතුර දා (දින 8ක්) පැරණි රැජින කණ්ඩායමක් රැගෙන ජනපදයෙන් ඉවත්ව යයි. ජනපද බෝවීම සිදුවන්නේ මෙම කි%යාවලිය මඟිනි.කට්ටි බෙදිම ආරම්භ වීමට ප්‍රථම ජනපදය තුළ පිරිමි මැස්සන් බෝවේ. බිහිවන නව රැජsන දින 7 - 10 ත් අතර කාලයේදි සංසර්ගයේ යෙදිමෙන් අනතුරුව බිත්තර දැමීම ආරම්භ කරයි.

ආහාර ලබා ගැනීම සඳහා අනුවර්ථන
පැද‚ රැස් කිරීම
හිස කෙළවර පිහිටි දික් වූ මුඛ උපාංග වලින් සෑදී ඇති ශුන්ඩාව මඟින් මී මැස්සා පැද‚ උරා බීම සිදු කරයි. මුඛයෙන් ආහාර මාර්ගයට ඇතුළු වන පැ‚ ඛේටය සමඟ මිශ්‍රවී ආමාශයට රැස් වේ. ආමාශයේ පසු කෙළවර හි වූ කපාටයක් මඟින් ආමාශය වැසි පැවතීම නිසා එය පැ‚ රැස් කරන මල්ලක් වශයෙන් කි%යාකරයි. ආමාශය තුළ § ඛේටය මඟින් එකතු වන කාබොහයිඩ්‍රේට ජීරක එන්සයිම මඟින් සිදුවන ජීරණය හේතුවෙන් මල් පැද‚ මී පැ‚ බවට පත්වේ.ජීරණය සම්පූර්ණ වූ පසු මී පැ‚ වද කුහර තුළට වමාරා තැන්පත් කරනු ලැඹේ මී මැස්සන් විසින් තටු සැලීමෙන් ඇති කරන වායු ධාරාවන් නිසා මී පැ‚වල වැඩිපුර ඇති ජලය වාෂ්පීකරණය වී නියමිත ප්‍රමාණයක් දක්වා (17% - 20%) අඩු වූ පසු මී පැද‚ පිරවූ වද කුහර ඉටි යොදා ආවරණය කරනු ලැඹේ


පරාග රැස් කිරීම
මී මැස්සාට ආහාර වශයෙන් පරාග ද අවශහ් වේ. ආහාරයේ තිබිය යුතු ප්‍රෝටීන, මේද, ඛ‚ජ ලවන වැනි පෝෂණ සංඝටක ලැබෙන්නේ පරාග ආහාරයට ගැනීමෙනි. මී මැස්සාගේ ආහාරය සකසා ගන්නේ පැ‚ සමඟ පරාග මිශ්‍ර කර ගැනීමෙනි. පැටවුන් සහ රැජිනට සපයන වධ_ක ආහාරය වන රාජ ජල්ලි නිෂ්පාදනය සඳහා වැඩකාර මැස්සන් ආහාරයට ගන්නා පරාගවල ඇති ප්‍රෝටීන හා මේද අත්‍යාවශහ් වේ.
එහෙයින් ජනපද වර්ධනය සඳහා පරාග සැපයීම අත්‍යාවශහ් වේ. මේ හේතුව නිසා මී මැස්සන් මල් වලින් පරාග රැස් කිරීම සිදු කරයි. පරිසරයේ පරාග හිඟ වන කාලවල § මී මැසි ජනපද වල වර්ධනය බාල වීම සිදුවේ.
ආහාර ලබා ගැනීම සඳහා අනුවර්ථන
පරාග රැස් කිරීම



පරාග රැස් කිරීම සඳහා මී මැස්සාට පාද උපකාරී වේ. ඒ සඳහා පාද යුගල් තුන දික් වූ කේසර සහිතව විකරණය වී ඇත. හිස, උරස හා පාදවල කේෂර පිහිටා තිබීම නිසා මල් මත ඇවිද යාමේ ද පරාග කැටිති ශරීරය මත රැදීම සිදුවේ. පළමු සහ දෙවන පාද යුගලයෙන් ශරීරයේ තැවරී ඇති පරාග පිස එකතු කර තුන්වන පාද යුගලයේ ඇති පරාග පැස වෙත යොමු කරයි. මෙම පරාග පිස ගැනීම සඳහා තුන්වන පාදයේ පරාග පනාව නමින් හඳුන්වන කොටසක් පිහිටා ඇත. පරාග පනාවෙන් එකතු කරන පරාග ඊට ඉහළින් පිහිටි පරාග පැස වෙත යොමු කරයි. පරාග පැස වටා පිහිටා ඇති දිගු කේෂර මඟින් පරාග කැටිති තදින් අල්ලා ගනී. මී මැස්සාට ඔසවා ගෙන යා හැකි තරම් බරක් රැස්වූ පසුව ආපසු ජනපදයට පැමිණ වද කුටීර තුළ පරාග ගබඩා කිරීම සිදු කරයි.
ආරක්ෂාව සඳහා අනුවර්ථන
විත වීදිම



මී මැසි ජනපදවල ආරක්ෂාව සලසා ගන්නේ ඔවුන්ගේ ශරීරයේ පිටුපස පිහිටා ඇති විත මඟින් පහර දිමෙනි. මෙම විතට සම්බන්ධව විෂනිෂ්පාදනය කරන ග්‍රන්ථියක් පිහිටා ඇති අතර විත වි§මේ§ එම විෂ සම තුළට ඇතුල් වීමෙන් වේදනාවක් සහ ඉදිමිමක් ඇති වේ.
වත යනු විකරණය වූ ඩිම්බ නිධායකය බැවින් වැඩකාර මැස්සියන්ට හා රැජිණට පමණක් විතක් පවතින අතර පිරිමි මැස්සන්ට විතක් නැත.සිහින් උලක ආකාරයෙන් පිහිටා ඇති විතෙහි කෙළවර කඩතොලු සහිත වීම නිසා සමෙහි ඇමුණුනු පසු ගැලවී නොයන නිසා මී මැස්සාගෛa උදරයේ අවසාන ඛණ්ඩිකාව ගැලවී යාමෙන් මී මැස්ස මාරණයට පත් වේ.
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
එක් සත්වයෙකුගේ හැසිරීම මඟින් එම විශේෂයට අයත් වෙනත් සත්වයකුගේ හැසිරීම මෙහෙයවීමට හෙවත් වෙනස් කිරීමට ඇති හැකියාව සන්නිවේදනය ලෙස හඳුන්වයි. ඝනාවාසී ජීවනයේ අත්‍යාවශහ් අංගයන් වන ආහාර සොයා ගැනීම හා ගබඩා කිරීම, ප්‍රජනනය සාමාජීය සංසක්ත්වය, කැදැල්ලේ වායු සමීකරණ ක්‍රියා ආරක්ෂාක්‍ රියාවලියන් කාර්යක්ෂමව සමායෝජනය කිරීම සඳහා බිඟුන් අතර සන්නිවේදන ක්‍රම කිහිපයක් පරිණාමය වී ඇත.
මෙම සන්නිවේදනය ආකාර දෙකකට සිදුවේ. එනම්
  1. රසායනික සන්නිවේදනය
  1. භෞතික සන්නිවේදන සංඥා

මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
  1. රසායන සන්නිවේදන සංඥා
එක් සත්ත්වයකු තුළ නිපදවන රසායනික ද්‍රව්යෙඅ පරිසරයට නිකුත් කළ විට එම සත්ත්ව විශෙඅෂයටම අයත් වෙනත් සත්ත්වයකුගේ හැසිරීම කෙරෙහි බල පවත්වන්නේ නම් එම රසායන ද්‍රව්යෙඅ පෙරමෝන ලෙස හඳුන්වයි. මී මැසි ඝනාවසයක නිසි කියාකාරීත්වය සඳහා වැදගත් වන පෙරමෝන රැජින හා සේවිකාවන්ගේ ශරීර තුළ විවිධ ග්‍රන්ථිවල නිපදවනු ලැඹේමෙහි රැජිනගේ අධෝහනුක ග්‍රන්ථියේ නිපදවන රැජින ද්‍රව්යෙඅය ඝණාවාසයේ සාමාජිකයින් එක්ව තබා ගැනීමත්, සේවිකා බිඟුන්ගේ කාර්යය පාලනය හා ප්‍රශස්ත කි%යාකාරීත්වය සඳහාත් වැදගත් වේ.
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
  1. රසායන සන්නිවේදන සංඥා...
එමෙන්ම මී මැසි සේවිකාවන්ගේ ඩිම්බ කෝෂ වර්ධනය වීම මර්දනය කරයි. මෙම රැජින ද්‍රව්යෙඅ ලබාදිම අඩු වූ විට ඝනාවාසයේ කියාකාරීත්වය දුර්වල වේ.මී මැසි ඝනාවාසයක් තුළ රැජින වටා පෙළගැසී නිරන්තරයෙන් සිටින තේවා බිඟුන් හෝ තේවා බිඟු වලය මඟින් රැජින හා තේවා බිගුන් අතර ද තේවා බිඟුන් හා ගහනයේ අනෙක් සාමාජිකයින් අතර ද පෙරමෝන හුවමාරුවක් සිදු වේ. රැජින සුළු කාලයකට හෝ පිටතට ගත්විට එම සමීප සම්බන්ධතාවය බිඳ වැටීම හේතුවෙන් රැජින මරා දැමීම සිදු කරයි.
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම


  1. රසායන සන්නිවේදන සංඥා
:ක්යැපසජaක ක්දපපමබසජaඑසදබ ස්සටබaකි*
එමෙන්ම විත වි§මේ පෙරමෝනය :සෙසබටසබට ඡයැරදපදබැ* සේවිකාවන්ගේ විත අවයව තුළ නිපදවීම සිදු කරයි. තම කැදැල්ලේ ආරක්ෂාව සඳහා වන විත වි§මේ ප්‍රතිකි%යාව උත්තේජනය කරන මෙම පෙරමෝනය අන් බිඟුන් වෙත හෝ සතුරන් වෙත විත වි§මේ උත්තේජනයක් ලබා දෙයි. මේ හේතුවෙන් බිඟුන් රාශි වශයෙන් එක්ව සතුරන්ට පහර §මට පෙළඹේ.
තවද මී මැසි සේවිකාවන් හට අවශහ් විටක § තම සහචරයන් තමන් සිටින ස්ථානය වෙත ගෙන්වා ගැනීමේ § පැමි‚ය යුතු ස්ථානයේදි ශානතිය දැක්වීම සඳහා උදරයේ පසු කෙලවරේ පිහිටි නෙසනෝෆ් ග්‍රන්ථියේ නිපදවන Èශානති පෙරමෝනය නිකුත් කරයි.
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
  1. භෞතික සන්නිවේදන සංඥා ...


මී මැස්සන් ආහාර සොයා යාමේ ද ආහාර ප්‍රභවයක් හමු වූ විට තම කැදැල්ලේ සිටින අනෙක් වැඩකාර මැස්සියන්ට එම ස්ථානයේ දැන්වීම සඳහා යොදා ගන්නා රිද්මාකාර ගමන් විලාශය –බිඟු නැටුම˜ යනුවෙන් හැ¢න්වේ. වදය මත ගමන් කරමින් කරන මෙම අර්ධ වෘත්තාකර චලනය මඟින් ආහාර ප්‍රභවයට ඇති දුර හා හිරුට සාපේක්ෂව පිහිටා ඇති ස්ථානය දැන්වීමට භාවිතා කරන බව සොයාගෙන ඇත.
තමන් සොයාගත් ආහාර ප්‍රභවයෙන් පැ‚ උරා බී රැගෙන මී මැස්සිය එය අනෙක් මැස්සියන්ට වමාරා ආහාරයට ගැනීමට සලස්වයි. මෙය —පිරිනැමීම˜ යනුවෙන් හැදින්වේ.
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
  1. භෞතික සන්නිවේදන සංඥා ...
:ඡයහිසජaක ක්දපපමබසජaඑසදබ ස්සටබaකි*
තවද පරාග රැගෙන එන්නේ නම් ඇය ස්පර්ශ කර එහි සුවඳ හා රසය අනෙක් අයට ලබා ගැනීමට සලස්වයි. මෙම කි%යාවලියෙන් පසු ඇය බිඟු නැටුමේ යෙදෙන අතර අනෙකුත් බිඟුන් ඇය අනුගමනය කරමින් පසුපසින් ගමන් කරමින් ඇයගේ සං× හඳුනා ගනිති. ඇයගේ ගමන් විලාශය හා නැටුමේ යෙදෙන වට ගණන අනුව ආහාර ප්‍රභවයට ඇති දුර තීරණය වේ. නැටුම වේගවත් නම් ඉතා හොඳ ආහාර ප්‍රභවයක් ඇති බව දන්වයි. එසේ නැතහොත් මන්දගාමී නැටුමක යෙදෙයි. ආහාර ප්‍රභවයට ඇති දුර අනුව මෙම නැටුම තුන් ආකාරයකට සිදු කරයි.
  1. වට නැටුම
  2. දෑකැති නැටුම
  3. උදර ලෙළන නැටුම
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
  1. වට නැටුම...
ආහාර ප්‍රභවය තම කැදැල්ල ආසන්නයෙන්ම මීටර් 1 කට පමණ වඩා අඩු දුරකින් ඇති විට දි තම සහචරයින්ට දැන්වීමට මෙම නැටුම සිදු කරයි. මෙහි ද්‍රව පිළිගැන්වීමෙන් පසු පැහැදිලි වට කිහිපයක් දිවීම හෝ වටයක් කැරකීම සිදු කරයි. මෙසේ කැරකැවෙන වට ප්‍රමාණය ෂඩාශ්‍ර කුටීරයක වට ප්‍රමාණයට තරම් සමාන වූ කුඩා කවයකි. මෙම වටය දිවීම හෝ කරකැවීම කරගෙන යමින් සිටිය සමහර අවස්ථාවල වරින වර හැරී ප්‍රතිවිරුද්ධ දිශාවට නිතර දිවීම ද නිතර සිදු කරයි.මෙම නැටුමේ අංගයක් වන දිවීමෙන් හා ආපසු හැරීමෙන් ආහාර ප්‍රභවයේ පිහිටීම පිළිබඳ අනෙක් බිඟුන්ට නිවැරදිව දැනුම් ම සිදු කරයි.


මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
  1. වට නැටුම
දිශානතිය නිවැරදිව දැක්වීමට වට කැරකීමේ දිශා මාරුවන ස්ථානය වැදගත් වේ. එනම් දිශාමාරු ස්ථානය තුළින් වටයේ මධ්‍ය ලක්ෂය යන රේඛාවන්, වටයේ මධ්‍ය ලක්ෂය හරහා යන ගුරුත්ව රේඛාවත් අතර පිහිටි ආනත කෝණය කැදැල්ලට සාපේක්ෂව ආහාර ප්‍රභවය හා සූර්යයා අතර ඇති කෝණය පෙන්නුම් කරයි.
මී මැස්සා
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
  1. දෑකැති නැටුම
ආහාර ප්‍රභවය කැදැල්ලේ සිට මීටර් 1-2 ක් පමණ දුරකින් ඇති විට ද මෙම නැටුම සිදු කරයි. වට නැටුමේ වටයක් යමින් ආපසු හැරෙන ස්ථානය වඩා විවෘත කවයක් වශයෙන් පවත්වා ගනී. මෙම විවෘත කවය හෝ දෑකැති හැඩැති නැටුම් පථයේ විවෘත මුහුණතේ මැÈන් පිහිටන අරීය රේඛාව ලඹ දිශාවත් සමඟ සාදන කෝණයන් කැදැල්ලට සාපේක්ෂව ආහාර ප්‍රභවය හා හිරු අතර ඇති ආනතිය පෙන්නුම් කරයි.දෑකැති හැඩැති නැටුම වට නැටුමත් මින් පසු ඇති උදර ලෙළෙන නැටුමත් අතර මැද අවස්ථාව ලෙස හැ¢න්විය හැකිය.
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම



  1. උදර ලෙළන නැටුම
ආහාර ප්‍රභවය තම කැදැල්ලේ සිට මීටර් 2 කට වඩා දුරින් ඇති විට ද මෙම නැටුම සිදු කරයි. ද්‍රව පිළිගැන්වීම හා ස්පර්ශකරණයෙන් පසු තම සහචරයන් අතර උදරය ලෙළවමින් ස්රුජු පථයක ගමන් කිරීමෙන් තමන් වෙත ඔවුන්ගේ අවදානය යොමු කරවා ගනී.මෙලෙස ස්රුජු පථයක යන බිඟුන් නියමිත දුරක ද වක්‍ර පථයකින් මුල් ස්ථානයට පැමිණේ. මෙහි ස්රුජු පථයේ ද උදරය ලෙළන තාල වේගය හා එහි ලඹයට හෝ සිරසට සාපේක්ෂව ඇති ආනත කෝණයෙන් ආහාර ප්‍රභවයට ඇති දුර ප්‍රමාණය හා දිශාව පිළිබඳ විස්තර කරයි.


මී මැස්සා
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
මී පිඹීම
මී මැසි ඝනාවාසයක් තුළ සුළු කැලඹීමක් ඇති කළ විට බිඟුන් රිද්මාකාර ශබ්දයක් නිකුත් කරණා බව අපට නිරීක්ෂණය කළ හැක. මෙය —මී පිඹීම˜ ලෙස හඳුන්වයි. මී පිඹීම තම කැදැල්ලක් වෙත ලං නොවන ලෙස විලෝපීය සතුන් වෙත නිකුත් කෙරෙන සංඥාවක් විය හැක.
මී පිඹීමේ රිද්මාකාර ශබ්දය ඇති කිරීම සඳහා මුළු ඝනාවාසයම කි%යාකාරී වන අතර එම ශබ්දයට අනුව වද මත සිsටිනා බිඟුන් වෙතින් රැල්ලක් මෙන් ගමන් කරයි. මී පිඹීම ඇති කළ පසු ඝනාවාසය කොපාවිශ්ඨ වීම අඩු බව නිරීක්ෂණය කර ඇත.
බිඟු පාලනය
මී මැසි ගෝචර ශාක
මී මැසි පාලනයේදීඅත්‍යාවශ්‍යම සාධකය වන්නේ මී මැස්සාට පැණි‚ හා පරාග රැස් කර ගැනීමට උපකාර වන සුපුෂ්ප ශාකවල ගහනයයි. පැණි‚ හා පරාග රැස්කර ගත හැකි ශාකA මී මැසි ගෝචර ශාක නමින් හැදින්වේ. ගෝචර ශාක අතර පැණි‚ හා පරාග දෙකම රැස්කර ගත හැකි හා පරාග පමණක් හෝ පැණි‚ පමණක් ලැබෙන පුෂ්ප ද දක්නට ලැබේ. එමෙන්ම පුෂ්ප නොවන පත්‍ර නටු වැනි ස්ථානවල පැණි‚ නිපදවන ශාක දක්නට ලැබේ. (උදා: රබර් ශාක පත්‍ර)
එමෙන්ම කන්නයකදිපමණක් පුෂ්ප දරන හා වර්ෂය පුරාම හට ගන්නා ශාක ද පවතී. පැණි‚ නිෂ්පාදනය සඳහා විශාල පුෂ්ප ප්‍රමාණයක් එකවර නිපදවන ශාක වැදගත් වන අතර වර්ෂය පුරා පුෂ්ප සහිත ශාක මී මැස්සාගේ පැවැත්මට උපයෝගී වේ. මෙම ශාකවල මිශ්‍රණයක් පැවතීම වඩාත් යෝග්‍ය වේ.

මී මැසි ගෝචර ශාක
  • අඹ, කජු, මොර, මාදං, සියඹලා, වීර, පලු, කෝන්, දිවුල්, ගල්සියඹලා වැනි පලතුරු ශාක මෙන්ම බුරුත, ගම්මාලු, කුඹුරැ, මාර, මී ආදිදැවමය ශාක ද හොඳ පැණි වහනයක් ලබා ඳේ.
  • කලවැල්, බොකල වැල්, ඇන්ටිග්නන්, වුඩ් රෝස් වැනි වැල් වර්ග ද හොදින් පැණි ලැබෙන පුෂ්ප නිපදවයි. පොල්, පුවක්, තල්, කිතුල් වැනි තාල වර්ගයේ ශාක ද මී මැස්සන්ට ආහාර සපයා දෙයි.
  • හිඟුරු, පුපුල, ඇහැල, රණවරා, බොර, කුඩුදවුල, කෝපි, ග්ලිරිසීඩියා, ඇකේෂියා වර්ග, ඉපිල් ඉපිල්, කැලිඇන්ඩ්‍රා වැනි ශාක මෙන්ම තල, මුං, කව්පි, සුරියකාන්ත, බඩෛරිඟු වැනි කෘෂිකාර්මික බෝගයන් ද මී මැස්සාට ආහාර සපයයි.
  • එසේම වල් පැළෑටි, තෘණ, අලංකාරය සඳහා වවන මල් වර්ග ද මී මැස්සාට යැපීමට උපකාරී වේ.
මී මැසි ගෝචර ශාක



  • උඩරට ප්‍රදේශවල වගා කර ඇති රෙඩ්ගම් (යුකැලිප්ටස් රොබොස්ටා) සහ රබර් ශාකය ලංකාවේ වැඩිම පැණි නිෂ්පාදනයක් ලබාදෙන ශාක වේ.
  • මී පැණි‚ නිෂ්පාදනය සඳහා කලින් කලට පුෂ්ප විශාල ප්‍රමාණයක් නිපදවන ශාක (උදාඃ රෙඩ්ගම්, අඹ, කජු, සියඹලා, මී, බුරුත වැනි ශාක) බහුල පරිසරයක් වෙත මල් පිපෙන කාලයේ දීමී මැසි ජනපද රැගෙන යා හැක. මෙය සංචාරක බිඟු පාලනය ලෙස හැදින්වේ.
  • ලංකාවේ දේශගුණික රටාව අනුව ශාකවල මල් පිපීම මෝසම් වර්ෂාව අවසානයේ එළඹෙන වියලි කාලගූණයක් සහිත මාස දෙක තුනකට සීමා වන බැවින් ඉතා කෙටි කාලයක් තුළ වැඩි පැණි‚ නිෂ්පාදනයක් ලැබේ. එහෙයින් එම කාලය හොදින් වටහාගෙන ජනපද සූදානම් කිරීම මඟින් වැඩි පැණි‚ නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
මී මැසි ජනපදයක වර්ධන රටාව

මී මැසි ජනපදවල වර්ධනය දේශගුණික හා කාලගු‚ක රටාවන් අනුව වෙනස් වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික දේශගුණික රටාවට අනුව මෝසම් වැසි පදනම් වූ කන්නයක් හෙවත් වාරයක් අනුව ශාකවල පුෂ්ප හට ගැනීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබේ. ඒ අනුව වර්ෂයේ මුල් මාස එනම් පෙබරවාරි, මාර්තු හා ජූනි, ජූලි මාසවල දීමල් වාරයන් දෙකක් දක්නට ලබේ.
ශාකවල මල් පිපීම අනුව මී මැසි ජනපදයක බිඟු ගහනය වෙනස් වීම තුළ පහත අවස්ථා තුන පැහැදිලිව දැකගත හැකිය. මෙම වර්ධන රටාව බිඟු චක්‍රය නමින් හැදින්වේ.
  1. වර්ධක අවධිය
  2. පැණි‚ නිෂ්පාදන අවධිය
  3. අහේනි කාලය
මැසි ජනපදයක වර්ධන රටාව
වර්ධක අවධිය
ලංකාවේ බොහෝ ප්‍රදේශවල වර්ධක අවධිය එළඹෙන්නේ ශාකවල මල් හටගෙන පරිසරයේ පැණි‚, පරාග බහුල වන වර්ෂයේ මුල් කාලයේ දීය. වර්ධක අවධියට පෙර ආහාර හිඟ අහේනි කාලය පැවතීම හේතුවෙන් වර්ධනය බාලවී තිබූ ජනපදවල මේ අවස්ථාවේ දීවැඩකාර මැස්සියන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමට පටන් ගනී.
වර්ෂා කාලය අවසානයේ සිට ඊලඟ පැණි වාරය දක්වා වූ කාලය දිගටම වර්ධක කාලය වේ. මෙම කාලයේ දීජනපදවල ගහනය වැඩිවීම හා අළුතෙන් වද බැදීම සිදු වී කැදැල්ල වර්ධනය වේ.



වර්ධක අවධිය



ජනගහනය වැඩිවීම හේතුවෙන් ඇතුළත ඉඩකඩ අඩුවීම නිසා ඝනාවාසයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යාමත්, රැජින විසින් නිපදවන පෙරමෝනය සමාකාරව නොලැබීමත් හේතුවෙන් ජනපද ස්වභාවිකව බෙදීයාමට ප්‍රවනතාවයක් ඇති වන්නේ මෙම කාලයේ දීය.
මෙම කාලය තුළ දක්නට ලැබෙන විශේෂත්වය නම් ආහාර හිඟ කාලයේ දීජනපදයේ දක්නට නොලැබුණු පිරිමි මැස්සන් නැවතත් දක්නට ලැබීමයි. පිරිමි මැස්සන් බෝවීම සමඟ ජනපදවලට අළුතින් රැජිනන් බෝ කිරීම සඳහා රැජින කෝෂ සෑදීම ආරම්භ වේ. මේ අවස්ථාවේ දීජනපද බෙදීයාම සිදුවේ. එහෙයින් මී මැසි ජනපද කට්ටි බෙදා ගැනීම මඟින් අලුතින් ජනපද බෝ කර ගැනීමට සුදුසුම අවස්ථාව රැජින කෝෂ සෑදීම ආරම්භ කරන අවස්ථාවයි.
මැසි ජනපදයක වර්ධන රටාව
පැණි‚ වාරයපුෂ්ප විශාල වශයෙන් නිපදවන මී මැසි ගෝචර ශාකවල පුෂ්ප පිපීමත් සමඟ ඇතිවන අධික ආහාර සැපයුමත් සමඟ මී මැස්සන් ආහාර ගබඩා කිරීම ආරම්භ කරයි. පිළා වදවල ඉහළ කොටසේ සහ පැණි‚ වදවල පැණි‚ තැන්පත් කරනු දැකිය හැක.
ජනපදවල වර්ධනය පැණි වාරය තුළ ද පවතින අතර මල් වාරය හේතුවෙන් පැණි‚ ගබඩා කිරීම සිදුවන කාලය පැණි‚ නිෂ්පාදන කාලය හෙවත් පැණි‚ වාරය වශයෙන් හඳුන්වනු ලැබේ.ලංකාවේ ගෝචර ශාක ව්‍යාප්තිය අනුව පැණි‚ වාර දෙකක් දක්නට ලැබේ.
පැණි‚ වාරය
රබර් ශාකය ප්‍රධාන ගෝචර ශාකය වන පහතරට තෙත් කලාපයත් රත්නපුර, කෑගල්ල, කළුතර වැනි දිස්ත්‍රික්ක වල පෙබරවාරි, මාර්තු මාසවල පැණි‚ රැස් කිරීම සිදුවේ.වියළි කලාපයේ පවතින ජනපද වල ද මාර්තු, අප්‍රේල් මාසවල සුළු වශයෙන් පැණි රැස් කිරීම දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන පැණි වාරය එළඹෙන්නේ ජුනි සිට ඔක්තෝබර් දක්වා කාලයේදීය. මෙම කාලයේ දීපැණි අස්වනු නෙළා ගැනීම සුදුසු වේ.


අහේනි කාලය
අහේනි කාලය යනු ආහාර හිඟ වන කාලයයි. බොහෝ විට පැණි‚ වාරයේ අවසානයේ එළඹෙන මෝසම් වර්ෂාව නිසා පරිසරයේ ආහාර හිඟයක් ඇති වේ. එමෙන්ම අධික වියලි කාලය නිසා ද මල් වියලිමෙන් ආහාර හිඟ වේ.
ආහාර හිඟය නිසා මි මැසි ජනපදවල වර්ධනය බාල වීමත් ගහනය අඩු වීමත් සිදු වේ. සංචිත ආහාර අවසන් වීමත් පිරිමි මැස්සන් ආහාර හිඟය නිසා මිය යාමත් මෙම කාලයේ විශේෂයෙන් දැකිය හැක. ආහාර හිඟය නිසා ජනපද අතහැර යාමේ හා ඉටිපණුවාගේ හානියට ලක් වීම සිදුවන නිසා ජනපද හොදින් රැකබලා ගැනීම අත්‍යාවශ්‍යම වන්නේ අහේනි කාලයේදීය.


මී මැසි පාලනය ආරම්භ කිරීම
ඝනාවාස සපයා ගත හැකි ක්‍රම
  • කනට මී මැසි පාලනයේ යෙදෙන අයෙකුගෙජනපද මිලදීගත හැක.
  • පරිසරයේ ස්වාභාවික වාසස්ථාන වල ජීවතජනපද මී මැසි පෙට්ටි තුළට ඇතුලත් කර ගැනීම
  • කැළෑ ආශ්‍රිතව මී මැසි ජනපද තැන්පත් වී ඇති ගබෙන සිදුරු සහිත ලී කොට හුඹස් ආදියේ මී මැසි
ඝනාවාස ජීවත් වේ.
  • ගෘහස්ථ පරිසරයේ කළගෙඩි, ලබු කැට, සහිත ලී කොට වැනි මී මැසි උඟුලක් හොඳඅතුපතර විහිදීසෙවන ලබා දෙන ගස් මත තහෝ ආවරණයක් සහිත ස්ථානයක තැබිමෙන්බෙදීයන මී මැසි පොදිඒවා තුළට ගෙන්වාගත හැක.
මී මැසි ජනපද පෙට්ටිවල තැන්පත් කිරීම
  • ස්වාභාවික පරිසරයේ ඇති මී මැසි ඝනාවාස පෙට්ටිවල තැන්පත් කිරීමට සුදුසුම කාලය වන්නේ පරිසරයේ මල් පිපී ජනපද වර්ධනය වන කාලයයි.
  • ජනපදයක් තැන්පත් කිරීමට ප්‍රථම පරිසරයේ පවතින කාලගු‚ක තත්ත්වය පිළිබඳ සැලකිළිමත් වන්න. වියළි කාලගුණික තත්ත්ව යටතේ උදේ කාලයේ දිජනපදය තැන්පත් කිරීම පහසු වේ.
  • අධික උෂ්ණත්වයක් හා තද සූර්යාලෝකය පවතින්නේ නම් මෙම කාර්යය සූර්යාලෝකය අඩු පාන්දර හෝ සවස් කාලයේ කිරීමෙන් ජනපදයේ සිටින ළාබාල කීට හා පිළා අවස්ථාවන්ට හානි සිදුවීම වළක්වා ගත හැක. වර්ෂාව පවතී නම් ජනපද තැන්පත් කිරීම නොකරන්න.




මී මැසි පාලනය ආරම්භ කිරීම
මී මැසි ජනපද පෙට්ටිවල තැන්පත් කිරීම
  • ජනපදයක් තැන්පත් කිරීමට පළමුව අවට ප්‍රදේශය හොදින් වැඩ කළ හැකි ආකාරයට සකසා ගන්න. ආරක්ෂක ඇඳුමක්, දුම් විසිරණයක්, වද බැ£ම සඳහා කෙසෙල් පට්ටා, වතුර භාජනයක්, වද කැපීමට තියුණු පිහියක් සපයා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
  • ගස් බෙනයක් වැනි ස්ථානයක් නම් අත දමා වද කපාගත හැකි ආකාරයට පොරවක් වැනි උපකරණයක් යොදා ගෙන බෙනයේ සිදුර විශාල කරගත යුතු වේ. මෙහිදීජනපදය කළබල වීම අවම කර ගන්න.
  • ආරම්භයේ දීදුම් ගසා ජනපදයේ සිටින මැස්සන් වදවලින් ඉවත් කරන්න. (මෙහි දීමැස්සන් අඩපණ කිරීමට අනවශහ් පරිදිදුම් යෙදීම නොකරන්න.)



කළගෙඩියක් වැනි ආවෘත භාජනයක් තුළ පිහිටා ඇති නම් ජනපදයේ වදපිහිටා ඇති ආකාරය පරීක්ෂා කර බලා වඳ නොකැඩෙන සේ වඳ වලට සමාන්තරව භාජනය බිදගැනීමට කටයුතු කරන්න.
ඉන් අනතුරුව එක් අතකින් වදයේ යටින් අල්ලාගෙන උපස්ථරයට සවි වී ඇති ස්ථානයෙන් පිහියෙන් කපා වදය වෙන්කර ගන්න.
පිළා රාමුවට සරිලන පරිදිකපාගත් වදය සකස් කරගත යුතුය. වදය පිළා රාමුවට වඩා විශාල වන්නේ නම් රාමුවේ ප්‍රමාණයට සරිලන පරිදිපිරිසිදු පැතලි මතුපිටක තබා වදය වටේට කපා වැඩි කොටස් ඉවත් කර ගන්න. මෙහිදීපිළා, කීට, බිත්තර හා පරාග සහිත කොටස රාමුව තුළට සවිවන කොටසට ඇතුලත් වන ලෙස වදය කපා ගැනීමට පරීක්ෂාකාරී වන්න.
ඉන්පසු සකස් කර ගත් වදය පළමුව තැන්පත්ව තිබූ ස්ථානයේ දීඉහළින් තිබූ පැත්ත (පැණි, පරාග තිබූ පැත්ත) වද රාමුවේ උඩ පටියට සවිවන සේ තබා කෙසෙල් පට්ටා යොදා ගැටගසා ගන්න. (වදයේ උඩ යට පැති නිවැරදිව සවි නොවුවහොත් මැස්සන් එම ජනපදය අතහැර යන බව මතක තබා ගන්න)



වරකට එක් පිළා වදය බැගින් ගෙන රාමුවට තබා බැඳ ඉක්මනින් පිළා පෙට්ටිය තුළ තැන්පත් කර වසා ගන්න. (අධික කාලයක් වායුගෝලයට නිරාවරණය වීමෙන් වදවල ඇති බිත්තර, කීට, පිළා අවස්ථාවන් මියයාම සිදුවේ.)වදවලින් ඉවත් වූ මැස්සන් පොදිවශයෙන් රැදීසිටී. මෙම රංචු අතින් හෝ පොල් කටු හැන්දක් වැනි දෙයක ආධාරයෙන් අල්ලා වද තැන්පත් කර ඇති පෙට්ටිය තුළට දමා ගන්න.මෙම රංචු සමඟ ජනපදයේ රැජින සිටින බැවින් හැකි තරම් මැසි පොදිඑකතු කර පිළා පෙට්ටියට දමා ගන්න.



රැජින පෙට්ටියට ඇතුළු වී නොමැති නම් ඇතුල් කළ මැස්සන් පෙට්ටියෙන් ඉවත්ව යනු දක්නට ලැබේ. යම් හෙයකින් රැජින පෙට්ටියට ඇතුළු වී ඇත්නම් පිටත සිටින මැස්සන් සියල්ලම කඩිසරව පෙට්ටියට ඇතුල් වේ.
රාමුවලට සවි කිරීම නොකල යුතු කොටස්.
1.පැණි හොඳින් පුරවා ඇති වද කොටස්කැඩි යන බැවින් ඒවා ඉවත් කරන්න
2.කෘමි හානි කරන ලද වද
3.රැජින කුහර තිබේ නම් ඒවා ද ඉවත් කරන්න
4.පැරණි හෝ දිරා ගිය වද
5.පිරිමි මැසි කෝෂ සහිත වද කොටස්



වැඩය අවසන් වූ පසු පිළා පෙට්ටිය, මුදුන් කවරය සහ වහලය යොදා හොන් වසා ජනපදය තිබූ ස්ථානයේම රාත්‍රිය එලඹෙන තුරු තබන්න. එමඟින් බාහිරයට ඉගිලී ගොස් ඇති මැස්සන් සියල්ලම එකතු කරගත හැක.වඳ තැන්පත් කර අවසානයේ දුම් යෙදීමෙන් හා පලවා හැරීම නිසා වෙහෙසට පත්වූ මැස්සන්ට සීනි දියර ආහාරයට දීම මඟින් ඔවුන් ජනපදයෙන් ඉවත් වී යාම වළක්වා ගත හැක.
මෙසේ පෙට්ටියට ඇතුල් කර ගත් ජනපදය එම ස්ථානයෙන් ඉවත් කිරීම කළ යුත්තේ රාත්‍රිය එළඹෙනු පසුවය.



මී මැසි ජනපද ක්ෂ්ත්‍රයේ තැන්පත් කිරීමට සුදුසු ස්ථානයක් තෝරා ගැනීමදවසේ වැඩි කාලයක් ස්රුජුව හිරු එළිය පතිත නොවන ස්ථානයක් තෝරා ගන්න. අතු පතර හොදින් විහිදුන ගසක් යට හෝ මල් වැලක් යවා ආවරණය කරගත් තැනක් යොදාගත හැකිය. නිවසක් අසල නම් රාත්‍රී පහන් ආලෝකය සෘජුව යොමු නොවන සේ ආවරණය කරන්න. තද සුළඟින් ආවරණය වන පරිදිත්, හරකුන් වැනි සතුන් ගැවසෙන ස්ථාන මග හරින්න. මී මැස්සන්ට සෘජුව පියාඹා යාමට ඉඩ සැලසෙන සේ ඉදිරියෙන් බාධක රහිත අවකාශයකට මී මැසි පෙට්ටියේ දොරටුව පිහිටි පැත්ත යොමුකර ගැනීම අවශ්‍ය වේ.උදෑසන හෝ හවස් කාලයේ ඇලව පතිත වන හිරු කිරණ දොරටුව තුළින් ඇතුලට නොයන පරිදිදොරටුව පිහිටුවා ගැනීම වඩාත් සුදුසුය.


ජනපද ප්‍රවාහනය
ජනපදයෙන් පිටතට ගොස් ඇති සියළුම මැස්සන් නැවත ඒකරාශි වෙන්නේ අඳුර වැටුනු පසුව බැවින් ජනපදයක් තිබෙන ස්ථානයෙන් ඉවත් කළ යුත්තේ අඳුර වැටුන පසුවය. ජනපදය ඉවත් කිරීමට ප්‍රථම මී මැසි පෙට්ටියේ ගේට්ටු තහඩුවේ සිදුරු රහිත පැත්ත යටට සිටින සේ සවිකර ගේටිටුව වසා ගන්න. පෙට්ටිය ලණු යොදා පෙට්ටි කොටස (වහලය හැර) නොසෙල්වෙන සේ හොඳින් බැඳ ගැනීම අවශහ්ය. වහලය උඩුකුරුව තබා පෙට්ටිය ඒ මත තබන්න. ජනපද ප්‍රවාහනය කළ යුත්තේ රාත්‍රී කාලයේ දීය.
රථයක හෝ යතුරු පැදියක ගමන් කරන්නේ නම් මද වේගයෙන් ධාවනය කරන්න. අධික සෙලවීමේ දීරාමුවලට සවිවී ඇති වද කඩා වැටීම සිදුවන බැව්න් ආරක්ෂාකාරී වීමට වගබලා ගන්න.



ක්ෂ්ත්‍රයේ තැන්පත් කිරීම
මී මැසි පෙටිට්‍ය තැන්පත් කිරීම සඳහා ආධාරකය ලෙස ලී කණුවක් හෝ ස්ථිර ලෙස සිමෙන්තියෙන් සෑදූ කණුවක් භාවිතා කළ හැක. ආධාරක කණුවේ උස පොළවේ සිට අඩි 2 1/2 ක් වන සේ සකසා ගන්න. කුහුඹුවන්ගෙන් හානි ඇති ප්‍රදේශවල කණුව මුල ජල ටැංකියක් සාදා ගන්න.කණුව මුදුනේ පෙට්ටිය තැබීම සඳහා, පෙට්ටියේ පතුලේ ලෑල්ලට සවිකර ඇති කලම්ප දෙක අතර තිබෙන ඉඩට ප්‍රමාණවත් වන තරමේ ලෑල්ලක් සවිකර ගන්න.
ප්‍රවාහනය කර අවසාන වූ ජනපදය සහිත පෙට්ටිය ඔබ සකස් කරගත් ස්ථානයේ ආධාරක කණුව මත තබා ගන්න. පැය 1/2 පමණ එලෙසම තිබෙන්නට හැර ගේට්ටු තහඩුව යොදා ආවරණය කර ඇති මැස්සන් පිටවන ස්ථානය විවෘත කරන්න.
බිඟුන් එක්වරම පිටතට පැමිණෙන බැවින් ආරක්ෂාකාරී වන්න. පැය 1/2 පමණ බිඟුන්ට ඉවතට යාමට ඉඩහැර නැවත ගේට්ටු තහඩුවේ සිදුරු පහළට සිටින සේ ගේට්ටු තහඩුව යොදන්න.
ජනපදය තැන්පත් කිරීම
ප්‍රවාහනය කර අවසාන වූ ජනපදය සහිත පෙට්ටිය ඔබ සකස් කරගත් ස්ථානයේ ආධාරක කණුව මත තබා ගන්න. පැය 1/2 පමණ එලෙසම තිබෙන්නට හැර ගේට්ටු තහඩුව යොදා ආවරණය කර ඇති මැස්සන් පිටවන ස්ථානය විවෘත කරන්න.
බිඟුන් එක්වරම පිටතට පැමිණෙන බැවින් ආරක්ෂාකාරී වන්න. පැය 1/2 පමණ බිඟුන්ට ඉවතට යාමට ඉඩහැර නැවත ගේට්ටු තහඩුවේ සිදුරු පහළට සිටින සේ ගේට්ටු තහඩුව යොදන්න.
රැකබලා ගැනීම
දින කීපයක් යනතුරු සීනි දියර ආහාර වශයෙන් සැපයීම ජනපදය හැරයාම වළක්වා ගැනීමට උදව් වේ. (සීනි ග්‍රෑම් 100 ක් උතුරවා ගත් ජලය මිලි ලීටර් 75ක දියකර හොදින් නිවුන පසු කෝප්පයට දමා එයට මැස්සන්ට ආධාරකයක් වශයෙන් කෝටු කැබලි කිපයක් දමා පෙට්ටිය තුළ තබන්න) ජනපදයට පරාග රැගෙන එන මැස්සන් දක්නට ලැබෙන තෙක් ජනපදය පිළිබඳව පරීක්ෂාකාරීව සිටින්න. මැස්සන් පරාග රැගෙන ඒම ජනපදය තහවුරුව ඇති බවට සාධකයකි.
ජනපදය තැන්පත් කර දිනකට පමණ පසු ඇතුලත ඇති වද කැඩී ඇත්දැයි පරීක්ෂා කර බලන්න. කැඩී ඇති වද නැවත රාමු වලට තබා ගැටගසා ගන්න. මෙම අවස්ථාවේ අධික ලෙස දුම් නොයෙ§මට වගබලා ගන්න.
මී මැසි ජනපද පරීක්ෂා කිරීම
ජනපදයක් නඩත්තු කිරීමේදිවරින් වර එහි ඇතුලත පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලිය යුතුය. මෙහිදීජනපදය ඇතුලත පරීක්ෂා කිරීමෙන්.
  • ජනපදයේ රැජින සිටී ද නැද්ද යන්න
  • බිත්තර කීට පිළා අවස්ථාවන් හොඳින් පවතී ද
  • ජනපදය තුළ සංචිත ආහාර තිබේ ද
  • රෝග හා පළිබෝධ හානි ඇති වී තිබේ ද
පිරිමි මැස්සන් සිටීද, රැජින කෝෂ සාදා තිබේ ද ආදීකරුණු පිළිබඳව මී මැසි පාලකයාට නිරීක්ෂණය කරගත හැකි වේ.
ඉහත කරුණු නිරීක්ෂණයෙන් ජනපදයේ පැවැත්මට අහිතකර තත්ත්ව ඇත්නම් ඒවා මඟ හරවා ගැනීමට පැණි අස්වනු නෙලීම ජනපද කට්ටි බෙදා ගැනීම, වැනි කාර්යන් සුදුසු අවස්ථාවේ ඉටු කර ගැනීමට ද මී මැසි පාලකයාට හැකියාව ලැබේ.
අවශ්‍ය උපකරණ
දුම් විසිරණය, මුහුණු ආවරණයක් හෝ ආරක්ෂක ඇඳුමක්, කුඩා පිහියක්, අවශ්‍යතාවය පරිදිවෙනත් ආම්පන්න
පරීක්ෂා කිරීමට සුදුසු වේලාව
බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු උදේ කාලය ජනපද පරීක්ෂාව සඳහා වඩාත් සුදුසු වේ. මෙම අවස්ථාව වන විට වැඩකාර මැස්සියන් විශාල ප්‍රමාණයක් ආහාර රැගෙන ඒමට පිට පිට ගොස් සිටින බැවින් මැස්සන්ගේ ගහණය අඩු වීමද පරීක්ෂා කිරීමට පහසුවකි.
ක්‍රමය
පළමුව දුම් විසිරණය දල්වාගෙන ආරක්ෂක ඇඳුම පැළඳගන්න. ඉන්පසු මැස්සන් පිටතට යාමට ඒමට ඉඩ තබා ඇති ගේට්ටුව තුළින් ජනපදය තුලට දුම් ගසන්න.
එවිට පිළා පෙට්ටියේ මැස්සන් කලබල වන ශබ්දයක් ඇති වේ. මෙම ශබ්දය පහව යන තුරු සිට මැස්සන් යන එන මාර්ගයට විරුද්ධ පැත්තේ සිට මී මැසි පෙට්ටියේ වහලය ඉවත් කර මැස්සන් යන එන පැත්තේ උඩුකුරුව බිමින් තබන්න. ඉන්පසු පැණි පෙට්ටිය ඇත්නම් ඒවා ඉවත් කර වහලය මත තබන්න. අනතුරුව පිළා පෙට්ටියේ මැදින් ඇති වදයක් ඉවතට ගෙන පරීක්ෂා කරන්න. එහි කීටයින් හා පිළවුන් හොඳින් සිටීනම් ජනපදය හොඳ තත්ත්වයේ පවතී. සිදුරු තුල බිත්තර තිබේනම් එය රැජsන ජනපදය තුළ සිටින බවට සාක්ෂියයි. එහෙයින් රැජින සෙවීම අවශ්‍ය නැත.
වදයේ ඉහළ කොටසේ පැණි තැන්පත් කර ඇති අතර ඊට පහළින් ඇති සිදුරු තුල පරාග තැන්පත් කර ඇතැයි නිරීක්ෂණය කරන්න. පැණි සහ පරාග හොඳින් පවතී නම් පරිසරයේ ආහාර සැපයීම හොඳින් සිදුවන බව වටහා ගත හැක.
පිළා වද පරීක්ෂා කිරීමෙන් පසුව පිළා පෙට්ටිය සම්පූර්ණයෙන්ම ඔසවා වහළය මත තබන්න. ඉන්පසු අඩියේ ලෑල්ල පිහිය සහ බුරුසුවක ආධාරයෙන් හොඳින් පිරිසිදු කරන්න. ඉන්පසු සියළුම කොටස් පෙර තිබූ ආකාරයෙන් ආධාරකය මත තබන්න. අවශ්‍ය නම් පැණි පෙට්ටිය ඇතුළතද පරීක්ෂා කරන්න.
මෙසේ සතියකට වතාවක් පමන ජනපදය පරීක්ෂා කරන්න. මෙසේ කිරීමේදීජනපදයේ පවතින තත්වය අනුව ආහාර සැපයීම, කට්ටි බෙදා ගැනීම, පැණි රැස් කිරිම වැනි ක්‍රියාකාරකම් ඉටු කරන්න.
වර්ධන අවධිය තුල ජනපද පාලනය
මෙම අවධියේදීසිදු කළ යුතු පාලන ක්‍රියාවන් අතර බිඟු ගහනය වර්ධනය කර ගැනීම, අලුතින් වද බැදීමට යොමු කිරීම හා පැර‚ වද ඉවත් කිරීම, කට්ටි බෙදිම මඟින් ස්වභාවික බෙදීයාම පාලනය කිරීමත් ප්‍රධාන තැනක් ගනී. මෙම කටයුතු නිසියාකාරව ඉටු කර ගැනීම තුළින්
1.පැණි‚ වාරය සඳහා උපරිම බිඟු ගහනයක් ඇතකර ගැනීම
2.ස්වභාවිකව බෙදීයාමට ඉඩ නොදිවෙන්ගහනය සීග්‍ර අඩුවීම වළක්වා ගැනීම
3.වද බැදීම ඉක්මන් කිරීම හා පැර‚ වදමඟින් පැණි‚ පෙට්ටිවල ගබඩා කිරීම සඳහා
අවශ්‍ය ඉඩකඩ සපයා දිම සිදු කළ හැකිය.
වද අළුත් කිරීම
මී මැසි ජනපද කාලයක් නඩත්තු කිරීමේදිඒවා තුල ඇති වද පැරණි වීමත් සමග කළු පැහැයට හැරෙන අතර රැජින එම වදවල බිත්තර දැමීම නොකරයි. එහෙයින් එම වද ක්‍රමාණුකූලව ඉවත් කළ යුතු වේ. මෙහි දීපැර‚ වදය ඉවතට ගෙන රාමුවෙන් කපා ඉවත් කරන්න. හිස් රාමුව නැවතත් පිළා පෙට්ටියේ වද සහිත රාමු දෙකක් අතරට දමන්න. එලෙස දැමූ රාමුවක 50% ක් පමණ වදය වර්ධනය වූ පසු තවත් හිස් රාමුවක් එක් කර ගත හැක. මේ ආකාරයට පැර‚ වද දෙපැත්තෙන් ඉවත් කරමින් මැදට හිස් රාමු යෙදීමෙන් පිලා පෙට්ටියේ වද බැදීම සම්පූර්ණ කර ගත යුතුයි. මේ ආකාරයට පැර‚ වද ඉවත් කර ගැනීම මඟින් ඉතා හොඳ වැඩකාර මැස්සියන් ගහණයක් බෝ කර ගැනීම සඳහා අවස්ථාව ලැබේ.
පැණි‚ පෙට්ටි එකතු කිරීම
මී මැසි පෙට්ටිය සමඟ සපයා ඇති පැණි‚ පෙට්ටි මේ කාලයේ දීසිදුවන වර්ධනයත් සමඟ වැඩිවන ජනගහනට ඉඩ සැලසීම සඳහා පිළා පෙට්ටිය මතට ක්‍රමයෙන් එකතු කරන්න. පිළා පෙට්ටියෙන් කපා ඉවත් කරන පැර‚ වද පැණි‚ රාමුවල ප්‍රමාණයට කපා ඒවාට සවිකර පැණි‚ පෙට්ටියේ මැදින් යොදන්න. මේ මඟින් වැඩකාර මැස්සියන් පැණි‚ පෙට්ටිය කරා යොමු කර ගත හැක.
පැර‚ වද, පැණි පෙට්ටියට එක් කිරීමෙන් එහි වද සංඛ්‍යාව ද පහසුවෙන් සම්පූර්ණ කර ගත හැක. පැණි‚ වාරය ආරම්භ වන අවස්ථාව වන විට පිළා පෙට්ටිය සහ අවම වශයෙන් පැණි‚ පෙට්ටි දෙකක් දක්වා මැසි ගහණය වර්ධනය කර ගැනීමෙන් ඉතා හොඳ මී පැණි‚ අස්වැන්නක් ලබාගත හැක.
වද බැදීම ඉක්මන් කිරීම
මී මැසි ජනපදයක වර්ධන කාලය තුළ කැදැල්ලේ පරිමාව වර්ධනය පිළිබඳව සැළකිලිමත් විය යුතුය. මේ සඳහා පිළා වද අතරට හිස් වද රාමුවක් සැපයීම කළ යුතුයි. එවිට ආහාර සැපයීම සතුටුදායක නම් එහි අලුත් වද බදිමින් කැදැල්ලෙහි වර්ධනයක් පෙන්වයි.
අලුත් වද බැදීමට ඇල්මක් නොදක්වන්නේ නම් එයින් පෙනී යන්නේ ඔවුන්ට අවශහ් පෝෂණය නොලැබෙන බවයි. එවිට සීනි දියර සැපයීම වැදගත් වේ. වර්ධනය හොදින් සිදුවන කැදැල්ලක පිළා වද අතරට හිස් රාමු දැමීමෙන් අලුතින් වද බැදීම ඉක්මන් කරවා ගත හැක.
පැණි වාරයට ප්‍රථම ඇතිවන සීග්‍ර වර්ධනය
පැණි‚ වාරයට සති හතරකට හෝ හයකට පමණ පෙර සීග්‍ර වර්ධන අවධියක් දැකිය හැක. මෙම අවධියේ රංචු බෙදීයාම පාලනයත් ඝනාවාසය පැණි‚ වාරයට පිළියෙල කිරීමත් සිදුකළ යුතුය.
මෙම අවධියේදීපැණි‚ පෙට්ටිවල දමා ඇති රාමුවල වද බැදීම ඉක්මන් කරවා ගැනීම සඳහා වද අත්තිවාරම් තහඩු රාමුවලට සවි කිරීම කළ හැකිය. මෙම තහඩු ඉටි යොදා සකස් කර ගනු ලැබේ. එමෙන්ම බාහිරින් පැර‚ වද සපයා ගත හැකි නම් පැණි‚ රාමුවේ ප්‍රමාණයට කපා එයට සවි කර ගැනීම ද කළ හැක. එමඟින් වැඩකාර මැස්සන් පැණි‚ රැස් කිරීම සඳහා අවශ්‍ය වද දීමට වැය කරන පැණි‚ ප්‍රමාණය ද ඉතිරි වේ.
බිඟු කැදැල්ල පැණි පෙට්ටි දක්වා ව්‍යාප්ත කිරීම
පිලා පෙට්ටියේ වද රාමු ප්‍රමාණය සම්පූර්ණ වූ පසු එහි ඇති පැරණිම වදය රාමුවෙන් වෙන්කර පැණි රාමුවට ගැලපෙන සේ ක්‍රමාණුකූලව කපා ගෙන ඊට ඇතුලත් කරගත යුතුය. එක පිළා වදයකින් පැණි රාමු දෙකක් පිරවීමට හැකි වද ප්‍රමාණයක් ලබාගත හැක. මෙම අවස්ථාවේ පිළා වදයේ ඉහළ කොටසේ පරාග හා පැණි තිබිය හැකිය.
මෙලෙස සකසා ගත් පැණි රාමු පිළා පෙට්ටියට ඉහළින් ඇති පැණි පෙට්ටියේ මැද්දට වන්නට තැබිය යුතුය. ඉන්පසු නැවත හිස්වන පිළා රාමුව, පිළා පෙට්ටියට දමන්න. මේ ආකාරයට පැණි පෙට්ටියේ වද සම්පූර්ණ කර ගත යුතුය. ගහනය වැඩි වත්ම මී මැසි ජනපදය තුළ තදබදය වැළැක්වීමට අවශ්‍ය තරම් වැඩිපුර පැණි‚ පෙටිට් එකින් එක ඉහළින් එකතු කර ගන්න.
ජනපදවල ස්වභාවික ගුණණය
ජනපදවල මැසි ගහනය වැඩිවීම නිසා උෂ්ණත්වය ඉහළ යාමත්, ළපටි මැස්සන් බහුල වීම හේතුවෙන් විශාල වශයෙන් රාජ ජල්ලි නිෂ්පාදනය වීමත් නිසා ජනපදය බෙදීයාමේ අවශ්‍යතාවයක් ඇති වේ.
මෙදීප්‍රථමයෙන්ම සිදු වන්නේ ජනපදයට පිරිමි මැස්සන් බෝ වීමයි. අනතුරුව වදවල පහල කෙළවරේ රැජින කෝෂ සාදනු දක්නට ලැබේ. රැජින කෝෂ තුළ වැඩෙන පළමු කීටයා සහිත කෝෂය වැසීමෙන් පසු මව් රැජින වැඩකාර මැස්සන් රංචුවක් සමඟ ජනපදයෙන් පිට වී යාම සිදු වේ. මෙය ස්වභාවිකව ජනපද බෝ වීමේ ක්‍රියාවලියයි. පිටව යන රංචු අල්ලා ගත නොහැකි වීමත් වැඩකාර මැස්සන් විශාල ප්‍රමාණයක් පිටවීම නිසා ඝනාවාසයේ මැස්සන් සංඛ්‍යාව එක් වරම හීන වීම මෙහි ඇති අවාසි වේ.
කට්ටි බෙදීම මඟින් ජනපද සාදා ගැනීම
පහතින් දක්වා ඇති කරුණු සම්පූර්ණ වී ඇති ජනපද ස්වභාවිකව බෙදීයාමට පෙර පිඟු පාලකයා විසින් කට්ටි බෙදා වෙන්කර ගැනීමෙන් නව ජනපද නිෂ්පාදනය කරගත හැක.
  • පිළාවද සියල්ල සම්පූර්ණ වී තිබිය යුතුය
  • පිළාවද තුළ, බිත්තර, කීට, පිළා අවස්ථා හොදින්තිබිය යුතුයි
  • පිරිමි මැස්සන් ජනපද තුළ බෝවී සිටිය යුතුයි
  • ස්වාභාවිකව මැස්සන් විසින් පිළා වදවල පහළ කෙලවරේ රැජින කෝෂ සාදන අවස්ථාව
බෙදීමට වඩාත් සුදුසුය
  • හොදින් පැණි හා පරාග තැන්පත් කර තිබිය යුතුය
කට්ටි බෙදීම
කට්ටි බෙදීම සඳහා සුදුසු වන්නේ වියලි කාලගුණයක් ඇති දිනයක උදය හෝ සවස් කාලය වේ. එමෙන්ම කට්ටි බෙදීමට යෝජිත පෙට්ටියට සමාන මී මැසි පෙට්ටියක් සපයා ගන්න.
කට්ටි බෙදිමේ දී මුලින්ම පරණ රැජින සොයා ගත යුතුයි. රැජින සහිත පිළා වදය අනෙක් පෙට්ටියට මාරු කර ගන්න. ජනපදයේ කෙළවරේම ඇති ආහාර සහිත වදයක් ද එයට දමා ගන්න. බිත්තර හා කීටයින් බහුලව සිටින වද, රැජින නොමැති කොටසට ඉතිරි කර අවශ්‍ය පරිදිවද දෙකක් හෝ තුනක් රැජින සහිත පෙට්ටියට දමා ගන්න. රින නොමැති පෙට්ටියේ වසා ඇති රැජින කෝෂයක් හා වැසීමට අසන්නව ඇති රැජින කෝෂයක් ද ඉතිරි කර වැඩිපුර ඇති රැජින කෝෂ ඉවත් කළ යුතුයි.
බිහිවන නව රැජින මෛථුන පියාසරිය සඳහා ජනපදයෙන් බැහැරට ඉගිල යන නිසා රැජින රහිත කොටසේ ගේට්ටුව ඉවත් කර තැබීමට වගබලා ගත යුතුයි.
මෙහිදීරැජින රහිත කොටස තිබූ ස්ථානයේම තබා රැජින සහිත කොටස මුල් ස්ථානයෙන් අවම වශයෙන් 600 ක් පමණ දුරකින් තැන්පත් කරන්න. රැජින කෝෂයේ මුදුන වැසූ දිනයේ සිට දින අටකට පසු නව රැජින බිහිවේ. ඒ අනුව කට්ටි බෙදූ දිනයේ සිට පරීක්ෂාකාරීව සිටීමෙන් රැජින කෝෂයේ මුදුන විවෘත කර පනව රැජින පිටතට පැමිණ ඇති අවස්ථාව හඳුනාගත හැක.
රැජින බිහිවී ඇත්නම් ඉතිරි කර ඇති අනෙක් රැජින කෝෂය ඉවත් කරන්න.
බිහි වූ නව රැජින සතියකට පමණ පසු මෛතූන ක්‍රියාවලිය සඳහා ජනපදයෙන් බැහැරට සවස් කාලයේදීඉගිලී යාම සිදුවේ. එම ක්‍රියාවලියෙන් පසු නැවත ආපසු ජනපදය තුළට පැමිණේ. එහෙයින් රැජින පට්ටි වැටීමෙන් අනතුරුව බිත්තර දැමීම ආරම්භ කිරීමට බිහිවූ දිනයේ සිට සතියක පමණ කාලයක් ගතවේ. එතෙක් බිඟු පාලකයා ජනපදය පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතුයි. යම් හෙයකින් රැජින දක්නට නොලැබේ නම් හා බිත්තර දැමීම ආරම්භ කර නැතිනම් වෙනත් ජනපදයකින් බිත්තර හා කීට අවස්ථාව හොදින් ඇති පිළා වදයක මැස්සන් ඉවත් කර රැජින රහිත රංචුවට ලබා දෙන්න. වෙනත් ජනපදයකින් ලබාගත් රැජින කෝෂයක් සපයා දීමෙන් ද රැජිනක් සාදා ගැනීමට උපකාර කළ හැක.
රැජිනන් බෝ කිරීමේ අවශ්‍යතාවය
මී මැසි ජනපදවල රැජිනගේ වයස අවුරුද්දකට වඩා වැඩිවන විට බිත්තර දැමීමේ වේගය හා පෙරමෝන නිෂ්පාදනය ක්‍රමයෙන් දුර්වල වේ. එහෙයින් වාර්ෂිකව රැජින අළුත් කිරීම තුළින් ජනපද ශක්තිමත්ව නඩත්තු කළ හැකිය. එමෙන්ම හොඳ පැණි නිෂ්පාදනයක් සහිත ජනපදවල රැජිනන් තෝරා ඔවුන්ගේ බිත්තර මගින් නව රැජිනන් ජනපදවලට හඳුන්වා දීම මගින් නිෂ්පාදන ශක්තිය වැඩිකර ගැනීමේ හැකියාව ද ලැබේ.
හොඳ රැජිනක් තෝරා ගැනීම
වැඩකාර මැස්සියන් බෝ වීමේ සීඝ්‍රතාවය වැඩි හා හොඳ පැණි නිෂ්පාදනයක් සහිත ජනපදවල වයස අවුරුද්දක් පමණ වන රැජිනක් බිත්තර ලබා ගැනිම සඳහා තෝරා ගත යුතුය.
රැජිනන් වර්ධනය කර ගැනීම සඳහා සත්කාරක ජනපදයක් තෝරා ගැනීම
තෝරාගත් රැජිනගේ බිත්තර වලින් ලබාගත් දිනක් වයසැති කීටයින් නව රැජිනන් වශයෙන් වර්ධනය කිරීමට වෙනත් ජනපදයක් අවශ්‍ය වේ. මෙය සත්කාරක ජනපදය වශයෙන් හැඳින්වේ. සත්කාරක ජනපදය තුළ වැඩකාර මැස්සන්ගේ ගහණය වැඩිවිය යුතු අතර රාජ ජල්ලි නිෂ්පාදනය සඳහා ළපටි මැස්සන් වැඩි වශයෙන් සිටීම අත්‍යාවශ්‍ය කාරණයකි.
රජිනන් බෝ කිරීම කළ හැක්කේ වර්ධක කාලය තුළ පවතින පිරිමි මැස්සන් සහිත ජනපද තිබෙන කාලසීමාවේ පමණි. එහෙයින් සුදුසු කාලසීමාව තෝරාගෙන රැජිනන් බෝකිරීම ආරම්භ කරන්න.
රැජිනන් බෝ කිරීමේ ක්‍රමවේදය
  1. රැජින කෝෂ සෑදීම
රැජින බෝ කිරීම සඳහා රැජින කෝෂ සාදාගත යුතුය. මේ සඳහා මී ඉටි යොදා ගත හැකි අතර ප්ලාස්ටික් වලින් තැනූ රැජින කෝෂ ද වෙළඳ පොළේ මිලදීගැනීමට ඇත.
මී ඉටිවලින් රැජින කෝෂ සාදා ගැනීම සඳහා අච්චුවක් සාදාගත යුතුය. මී ඉටි උණුකර අච්චුව එහි ඔබා නැවත ජලයේ ඔබාගත් විට කුඩා කෝප්පයක් වැනි කොටස ගලවාගත හැක. අච්චුව සාදාගත යුත්තේ ස්වභාවික රැජින කෝෂවල මිමි අනුව විවෘත කෙලවර මිලිමීටර 7ක විශ්කම්භයක් හා උස මිලිමීටර 10ක් වන පරිදිය. මේ සඳහා ලී කැබැල්ලක් භාවිතා කළ හැක.
  1. වද රාමුවලට රැජින කෝෂ සවි කිරීම
වද රාමුවට රැජින කෝෂ සවි කිරීම සඳහා රාමුවේ යට පටියට සමාන ලී පටියක් ගෙන එය රාමුවට සවිකල හැකි පරිදිරාමුවේ දෙපස පටිවලට කුඩා පටි කැබලි ගසා රූපයේ පරිදිසකසා ගන්න.
  1. සත්කාරක ජනපදය පිළියෙල කිරීම
මෙම ජනපදයේ රැජින, රැජින කෝෂ ඇතුල් කිරීමට දින 3 කට පෙර ඉවත් කරන්න. එවිට එම ජනපදයේ මැස්සන්ට අළුත් රැජිනක් බිහිකර ගැනීමේ අවශ්‍යතාවය ඇතිවේ. රැජින ඉවත් කළ දිනට පසු දින රැජින කෝෂ සාදාගෙන රාමුවට සවිකර (කීටයන් රහිතව) රැජින රහිත ජනපදයට ඇතුල් කරන්න. පසු දින (3 වන දවස) කීටයන් ඇතුල් කිරීම සඳහා මෙම කෝෂ ඉවතට ගැනීම කළ යුතුය.
  1. කෘතිම රැජින කෝෂ සඳහා කීටයින් ඇතුළු කිරීම
අප විසින් කෘතිමව සාදාගත් රැජින කෝෂ සහිත රාමුව සත්කාරක ජනපදයෙන් ඉවත් කරගෙන එම රැජින කෝෂවල පතුලේ රාජ ජල්ලි ස්වල්පයක් ආලේප කරන්න. (රැජින ඉවත් කළ ජනපදයේ සාදන ස්වභාවික රැජින කෝෂ වලින් රාජ ජල්ලි ලබා ගත හැක)
ඉන්පසු තෝරා ගත් මව් රැජින සහිත ජනපදයෙන් හොඳ පිළා වදයක් ඉවතට ගෙන එහි ඇති බිත්තරයෙන් පිටතට පැමිණි විගස (දිනක් වයස) කීටයින් තෝරා ඔවුන් ප්‍රවේශමෙන් ඉවත් කරගෙන සකස් කරගත් කෘතිම රැජින කෝෂවල පතුලේ තැන්පත් කරගන්න. (මේ සඳහා කුඩා හැන්දක් වැනි උපකරණයක් සකස් කරගත යුතුය.)
කීටයින් ඇතුල් කළ රැජින කෝෂ නැවතත් රැජින ඉවත් කර ඇති සත්කාරක ජනපදයේ තැන්පත් කරන්න. එහි ස්වභාවික රැජින කෝෂ සාදා ඇත්නම් ඒවා කඩා ඉවත් කරන්න.
කීටයින් සහිත රැජින කෝෂ වැඩකාර මැස්සියන් විසින් තව දුරටත් ගොඩ නැගීම කරනු ලැබේ. මෙසේ ගොඩනැගූ කෝෂවල සිටින කීටයින් දින 4කින් පිළා අවස්ථාවට එළඹෙන විට කෝෂවල විවෘත කෙළවර වැඩකාර මැස්සියන් විසින් වසා දමනු ඇත.
වසා දමන ලද දිනයේ සිට දින 8 ක දීනවක රැජින බිහි වේ. එහෙයින් 7වන දිනයේ දීරැජිනක් වෙන්ව ලබා ගැනීම සඳහා රැජින කූඩු සවි කිරීම අවශ්‍ය වේ.
සාදාගත් රැජිනන් රැජින කූඩුව තුළම සිටියදීවෙනත් රැජින ඉවත් කළ ජනපදයකට හඳුන්වාදීම කළ යුතුය.
රැජින කූඩුව යනු කුඩා කලකින් සාදාගත් පෙට්ටියකි. එහි රැජිනක් ඇතුල් කිරීම සඳහා සිදුරක් ඇත. එම සිදුර තුලින් රැජින ඇතුල් කළ පසු සීනි සහ සෝයා පිටි යොදා සකස් කරගත් තලපයකින් ආවරණය කරන්න. රැජින කූඩුව, රාමුවක් ඉවත් කර වද දෙකක් අතර රඳවන්න.
එවිට වැඩකාර මැස්සන් එය වටා ගමන් කරමින් රැජිනගේ සුවඳට හුරු වීම සිදුවේ. එවිට රැජින කූඩුවේ රැජින ඇතුල් කිරීමට යොදා ගන්නා සිදුර වසා ඇති තලපය කපා ඉවත් කර වැඩකාර මැස්සන් විසින්ම රැජින ඉවතට ගනී.
පැණි වාරයේ දී ජනපද පාලනය
පැණි වාරය ආරම්භයට ප්‍රථම පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කර තිබීම මත පැණි වාරයේ සාර්ථකත්වය ඉහළ යනු ඇත.
1.ජනපදවල වර්ධනය දුර්වල නම් අතිරේකසපයා වර්ධනය වේගවත් කිරීම.
2.පිළා පෙට්ටියේ රාමුවල වද බැදීම සම්පුර්ණගැනීමට කටයුතු කළ යුතුයි.
3.පිළා පෙට්ටියේ ගහනය වැඩිවත්ම පැණික්‍රමයෙන් එකතු කර ගන්න. ගහනය අනුව
පැණි පෙට්ටි ප්‍රමාණයක් එකතු කළ හැක.
4.දුර්වල ජනපද ඇත්නමි ජනපද එකතු කිරීමේ ක්‍රමඅනුව එකට එකතු කර ශක්තිමත් ජනපද
ගන්න
5.පැණි පෙට්ටියේ රාමුවලට ඉවත් කරන පැරණි පිළවද හෝ කෘතීම ඉටි වද තහඩු සපයා පැණි රාමුව
වද සම්පුර්ණ කරවා ගන්න.
6.මැස්සන්ගේ ගහනය අනුව ලැබෙන පැණි ප්‍රතීරණය වන බැවින් අවම වශයෙන් පළමු
පෙට්ටිය පිරෙන තෙක් වත් මැස්සන් බෝ ගන්න.
7.කට්ටි බෙදීම වළක්වා ගැනීමට රැජින කෝෂපිරිමි මැසි කෝෂ කඩා ඉවත් කරන්න.
මී මැසි ජනපද එකතු කිරීම
පැණි වාරයට ආසන්නයේදී මැසි ගහනය අඩු ජනපද වලින් අස්වැන්නක් ලබාගත නොහැකි නිසා බෝ වීම දුවල ජනපද ශක්තිමත් ජනපදවලට එකතු කිරීමෙන් මැස්සන්ගේ ගහනය වැඩි කර ග හැකි අතර කුඩා ජනපද එකට එකතු කිරීමෙන් වැඩි ගහනයකින් යුත් ජනපද සාදාගත හැකි වේ.
මේ සඳහා පහත සඳහන් ක‍්‍රමය අනුගමනය කරන්න
  1. එකතු කිරීමට බලාපොරොත්තු වන ජනපද දෙකෙන් වඩාත් ශක්තිමත් ජනපදය අසලට අනෙක් ජනපදය රැගෙන විත් දින කිහිපයක් තිබෙන්නට හරින්න.
2.දුවල ජනපදයේ රැජින උදය කාලයේ ඉවත් කරන්න. රැජින ඉවත් කර පැය 6 කට පසුව ජනපද දෙක එකට එකතු කරන්න.
3.පිළා පෙට්ටියේ ප‍්‍රමාණයට සකසා ගත් පත්තර පිටුවක දෙපසම මී පැණි හෝ සීනි පැණි ආලේප කර රැජින සහිත ජනපදයේ මුදුන් කවරය ඉවත් කර පිළා පෙට්ටිය මත එලන්න. පෑන් තුඩකින් කඩදාසියේ කුඩා සිදුරු 50 - 60 ක් සාදා ගන්න.
4.රැජින රහිත ජනපදයේ පිළා පෙට්ටිය ඒ මත තබන්න. මුදුන් කවරය හා වහල යොදා පෙට්ටිය වසන්න.
5.පසුදින උදේ පරීක්‍ෂා කරන්න. කඩදාසිය කපා දමා මැස්සන් එකිනෙකා කවලම් වී ඇත්නම් ඉහළින් ඇති පිළා පෙට්ටියේ මැස්සන් සහ හොඳ පිලාවද පහත පෙට්ටියට ඇතුළු කර ඉහළින් ඇති පෙට්ටියඉවත් කරන්න.
මී පැණි නිස්සාරණය හා වෙළඳ පොළට සකස් කිරීම
මී මැසි ජනපදවලින් පැණි නිස්සාරණය කර ගත හැකි වන්නේ ජනපදවලට සපයා ඇති පැණි පෙට්ටිවල පැණි තැන්පත් කර ඇති අවස්ථාවේ දී ය. ජනපදවල පැණි රැස් කරන කාල සීමාවන් දෙකක් දක්නට ලැබේ. රබර් වගාව පිහිටි ප‍්‍රදේශවල හා වනාන්තර ආශි‍්‍රතව මාර්තු - අපේ‍්‍රල් මාසවලට පැණි තැන්පත් වීම සිදුවන අතර උඩරට රෙඩ්ගම් වගාවන් යටතේ සහ ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල ජූනි - සැප්තැම්බර් මාසවල පැණි තැන්පත් කිරීම දක්නට ලැබේ. මෙලෙස පැණි තැන්පත් කරන කාලය පැණි වාරය වශයෙන් හඳුන්වනු ලැබේ.මී පැණි නිස්සාරණය සඳහා පැණි පෙට්ටිවල පිහිටි වද පමණක් උපයෝගී කර ගන්න. මී මැස්සන් වද කුහරවල පැණි තැන්පත් කර ඉටියෙන් සෑමපියල්ලකින් කුටීර ආවරණය කරති.
මී පැණි නිස්සාරණය හා වෙළඳ පොළට සකස් කිරීම
මෙලෙස වදයේ දෙපස පිහිටි කුටීර වලින් 90% පමණ ආවරණය කර ඇති වද පැණි නිස්සාරණය සඳහා ජනපදයෙන් ඉවත් කර ගන්න.පැණි නිස්සාරණය සඳහා පැණි නිස්සාරකය උපයෝගී කර ගන්න. භාවිතයට ප‍්‍රථම පැණි නිස්සාරකය ඇතුළු භාවිතා කරන පිහිය, බාල්දි, පෙරණය, බෝතල් ආදී උපකරණ සබන් යොදා හොඳින් සෝදා වියලා ගන්න. පැණි නිස්සාරණයට හෝ ඇසිරීමට මළ නොබැඳෙන උපකරණ භාවිතා කරන්න. මේ සඳහා වීදුරු, ගැල්වනයිස්, මළ නොබැඳෙන වානේ, එනමල් හෝ ඝනකම් ප්ලාස්ටික් භාජන යොදා ගත හැක.පැණි වද නිස්සාරකයට දැමීමට පෙර වද කුටීරවල ඉටි ආවරණ මළ නොබැඳෙන පිහියක් හෝ ඉටි ඉවත් කරන දැති සහිත උපකරණය මඟින් ඉවත් කර ගන්න.ඉටි ආවරණය ඉවත් කළ පැණි රාමු පැණි නිස්සාරණය ඇතුලත ඇති දැල් භාජනයේ බිත්තියට හේතු වන අයුරින් අසුරා ගන්න. පැණි නිස්සාරකයේ පහතින් ඇති පැණි ඉවත් කරන කරාමය හොඳින් වසා ගන්න.පැණි නිස්සාරකයේ හැඬලය උපයෝගී කරගෙන දැල් භාජනය තරමක වේගයන් කරකවන්න. විනාඩි 5-7 ක් පමණ කරකවා පැණි රාමු වල පිටතට පිහිටා ඇති මුහුණතේ පැණි ඉවත් වී ඇත්නම් එහි අනෙක් මුහුණත පිටතට සිටින අයුරින් හරවා නැවත විනාඩි 5-7 ක් පමණ කරකවන්න. වදයේ දෙපසම පැණි හොඳින් ඉවත් වූ පසුව රාමු පිටතට ගන්න. පැණි නිස්සාරකය පතුලේ රැස්ව ඇති පැණි කරාමය විවෘත කර වෙනත් භාජනයකට ඉවත් කර ගන්න.
මී පැණි නිස්සාරණය හා වෙළඳ පොළට සකස් කිරීම
ඉටි ආවරණය ඉවත් කළ පැණි රාමු පැණි නිස්සාරණය ඇතුලත ඇති දැල් භාජනයේ බිත්තියට හේත්තු වන අයුරින් අසුරා ගන්න. පැණි නිස්සාරකයේ පහතින් ඇති පැණි ඉවත් කරන කරාමය හොඳින් වසා ගන්න.පැණි නිස්සාරකයේ හැඬලය උපයෝගී කරගෙන දැල් භාජනය තරමක වේගයේ කරකවන්න. විනාඩි 5-7 ක් පමණ කරකවා පැණි රාමු වල පිටතට පිහිටා ඇති මුහුණතේ පැණි ඉවත් වී ඇත්නම් එහි අනෙක් මුහුණත පිටතට සිටින අයුරින් හරවා නැවත විනාඩි 5-7 ක් පමණ කරකවන්න. වදයේ දෙපසම පැණි හොඳින් ඉවත් වූ පසුව රාමු පිටතට ගන්න. පැණි නිස්සාරකය පතුලේ රැස්ව ඇති පැණි කරාමය විවෘත කර වෙනත් භාජනයකට ඉවත් කර ගන්න.ඉවත් කරන ලද පැණි මළ නොබැඳෙන පෙනේරයකින් හෝ සිනිඳු රෙදි කැබැල්ලකින් පෙරා ඉටි කැබලි ඉවත් කර ගන්න. පෙරා ගත් පැණිවල තවදුරටත් ඉටි රැඳී තිබේනම් පැණි ද්‍රාවණය බොර පැහැයක් ගනී. එම ඉටි ඉවත් කිරීමට පැණි භාජනය ජල භාජනයක් තුළ බහා මදක් රත් කරන්න. (පැණිවල උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 60 නොඉක්මවන තුරු පමණක් රත් කරන්න එවිට ඉතිරිව ඇති ඉටි උණු වී, පැණි භාජනයේ මතුපිට රැස් වේ. පැණි භාජනය නිවෙන්නට තබා මෙම සුදු පැහැති ඉටි තට්ටුව හැන්දක් මඟින් ඉවත් කරන්න. මෙසේ ඉටි ඉවත් කළ පැණි ඕගන්දි වැනි සිනිඳු රෙදි කඩකින් පෙරා ගන්න.පැණි ඇසිරීම සඳහා කට පළල බෝතලයක් භාවිතා කරන්න. මෙම බෝතල් තම්බා ජීවානුහරණය කරන්න. මූඩිය ද සබන් යොදා හොඳින් සෝදා වියලා ගන්න. පිරිසිදු කර ගත් පැණි බෝතල් වල අසුරා සුදුසු ලේබලයක් යොදා ගන්න. වෙළඳ පොළට ඉදිරිපත් කරන පැණිවල ජලය 20% ට වඩා අඩුවිය යුතුය. (ජලය ප‍්‍රතිශතය මැනීම සඳහා උපකරණය යොදා ගනී හොඳින් ආවරණය කරන ලද පැණි කුටීර සහිත වද වලින් ජලය 20% ට වඩා අඩු පැණි ලබාගත හැක. මී පැණි ජලාකර්ෂක බැවින් විවෘතව තැබුවහොත් වායුගෝලයේ ඇති ජලය පැණිවලට එක් වෙයි. එබැවින් නිතරම පැණි භාජන පියනක් යොදා වසා තබා ගත යුතුය.සෙන්ටිගේ‍්‍රඞ් අංශක 45 ට වැඩි උෂ්ණත්වයේ දී පැණිවල සංයුතිය වෙනස් වේ. මී පැණි කල් තබා ගැනීමේ දී හා අඩු උෂ්ණත්ව වලට භාජනය වීමේ දී ස්ඵටික සෑදීම ස්වාභාවික සංසිද්ධියකි. පැණි බෝතල් වල පතුලේ සෑදෙන සීනි එලෙසම ආහාරයට ගැනීමට හැකිය. එසේ නැතහොත් උණු වතුර භාජනයක් තුළ තැබීමෙන් හෝ අව්වේ තැබීමෙන් මෙම ස්ඵටික දිය වේ. පිරිසිදු පැණි බෝතලයක ඒකාකාරී වර්ණයක් පැවතිය යුතුය. මී මැස්සන් මල් පැණි ලබා ගැනීමට උපයෝගී කර ගන්නා ශාක අනුව පැණිවල වර්ණය ලා කහ පැහැයේ සිට රතු දුඹුරු දක්වා පරාසයක වෙනස් වේ. පැණි බෝතල් තුළ වායු බුබුළු පවතී නම් හා ඇඹුල් රසයෙන් යුක්ත නම් එම පැණි පැසීමට භාජනය වී ඇත. පිරිසිදු පැණි බෝතලයක් විනිවිද පෙනෙන ස්වභාවයෙන් යුක්ත වේ. එහි තුළ කිසිදු අපද්‍රව්‍යක් දෘශ්‍යමාන නොවිය යුතුය.
අහේනි කාලය තුළ ජනපද පාලනය
පරිසරයේ ආහාර හිඟ වන විට මී මැස්සන් වද කුළ තැන්පත් කර ඇති ආහාර මත යැපෙන නිසා සංචිත ආහාර ක‍්‍රමයෙන් අඩුවනු දක්නට ලැබේ. ආහාර හිඟය නිසා පිරිමි මැස්සන් මිය යාම සිදුවේ. පරාග සැපයීම දුර්වල වීමත් සමඟ රැජින බිත්තර දැමීම ද ක‍්‍රමයෙන් අඩුවන අතර මෙම හේතුව නිසා වැඩකාර මැසි ගහනයට ද ක‍්‍රමයෙන් හීන වීමට පටන් ගනී.
මෙම තත්ත්වය උග‍්‍ර වන විට පදිංචි ස්ථානය අතහැර ආහාර ලැබෙන ස්ථානයකට ඉගිලී යාම හෙවත් ජනපද අතහැර යාම මෙම කාලයේදී සුලභව දක්නට ලැබෙන සංසිද්ධියකි. එහෙයින් සීනි දියර හා පරාග ආදේශක සැපයීමෙන් ජනපද අතහැර යාම වළක්වා ගැනීමට මීමැසි පාලකයා වගබලා ගත යුතුය. මැස්සන්ගෙන් හිස්වන වදවලට ඉටි පණුවන් බෝවීම ද මෙම අවස්ථාවේ බහුලව දැකිය හැක.
පැණි වාරය අවසානයේදී එක් පැණි පෙට්ටියක් ඝනාවාසයේ පරිභෝජනයට ඉතිරි කිරීම මඟින් ඉක්මනින් ජනපද දුර්වල වීම වළක්වා ගත හැකිය. පිලා වදවල ඉහළ තීරයේ පිහිටා ඇති පැණි ගබඩාව අවසන් වීමත් සමඟ අතිරේක ආහාර වශයෙන් සිනි සැපයීම ආරම්භ කළ යුතුය. මෙහිදී පරාග ලැබීමත් දුර්වල නිසා පරාග ආදේශකයක් සැපයීම මඟින් පැටවුන් රැකීම අඩුවීම පාලනය කර ගත හැකි වේ.
අහේනි කාලයේ අවසානයේදී මී මැසි ගහනය ඉතාමත් කුඩා වීමෙන් එම ජනපදය ඊළඟ කන්නයේදී වර්ධනය වීමට වැඩි කාලයක් ගතවේ. එහෙයින් ජනපදයට ආහාර සපයා දුර්වල නොවී පවත්වා ගැනීමෙන් ඊළඟ වර්ධක කාලයේදී ජනපද ඉක්මනින් කට්ටි බෙදීමට හැකි තත්ත්වයට වර්ධනය කර ගත හැක.
අහේනි කාලය තුළ බිඟු ගහනය අඩු වීමත් සමඟ බිඟුන්ගෙන් තොර වන හිස් පැණි වද ඉටි සළඹ ආක‍්‍රමණයට ලෙහෙසියෙන් ගොදුරු වේ. මේ නිසා ගහනය ක‍්‍රමයෙන් අඩු වනවාත් සමගම පැණි පෙට්ටි වල වද ක‍්‍රමයෙන් ඉවත් කළ යුතුයි.
හිස් පැණි වද ආරක්‍ෂා කිරීම
අහේනි කාලයේ පැණි වද ඉවත් කළ යුත්තේ ඒවා බිඟුන් වසා සිටින අවස්ථාවේ දී මය. නැතිනම් එම වද ඉටි සළඹ කීටයාගේ හානියට ලක්වීම සිදු වේ. ඉන්පසු එලෙස ඉවත් කර ගත් පැණි රාමුවල පරාග හෝ පැණි ඉතිරි නොවන සේ පිරිසිදු කර කාණ්ඩ වශයෙන් සුළං නොවදින සේ ගබඩා කරන්න.
පාලන ක‍්‍රියා
  1. ජනපදය පරීක්‍ෂා කර බලා නිතර අඩියේ ලෑල්ල පිරිසිදු කරන්න.
  2. ජනපද වලට අතිරේක ආහාර සපයන්න.
  3. පළිබෝධ හානි ඇත්නම් ඒවාට පිළියම් යොදන්න.
අතිරේක ආහාර වශයෙන් සැපයිය හැකි ද්‍රව්‍ය
  1. සීනි
  2. මී පැණි
  3. හකුරු
  4. අලූත් ඉදුණු පලතුරු
  5. පරාග ආදේශන
ජනපද වලට සීනි ද්‍රාවණය සැපයීම
01.සීනි කෝප්ප එකක් උතුරවා නිවාගත් ජලය කෝප්ප 1ක දියකර ගන්න.
(සීනි කිලෝ ග‍්‍රෑම් 01 - ජලය මිලි ලිටර් 750)
02.පිරිසිදු පොල්කටු, ප්ලාස්ටික් කෝප්ප හෝ සිදුරු කරගත් පියනකින් යුත් බෝතලයක් සීනි ද්‍රාවණය සැපයීමට භාවිතා කළ හැක. විවෘත භාජන යොදා ගන්නේ නම් මැස්සන් වැටීම වළක්වා ගැනීමට භාජනයට කෝටු කැබලි ටිකක් දමන්න.
03.මී මැස්සන් සහිත පෙට්ටියේ ඉහළට වද රාමු ඉවත් කළ පැණි පෙට්ටියක් තබා එය තුළ ආහාර භාජනය තබන්න. (පිටත ස්ථානවල ආහාර බඳුන් නොතබන්නමුදුනේ කවරය හා වහලය යොදා පෙට්ටිය වසා ගන්න).
04.සිදුරු කර ගත් පියනකින් වැසූ බෝතල යොදා ගන්නේ නම් වියන යටට සිටින සේ පිලා පෙට්ටියේ උඩ පටි මත තබන්න.
05.ආහාර දිය යුත්තේ සවස් කාලයේ දී ය. පසුදා උදෑසන ඉතිරි වී ඇති ආහාර ඇත්නම් ඉවත් කරන්න.
06.පිළා වදවල ගබඩා කර ඇති ආහාර අවසන් වීමත් සමගම අතිරේක ආහාර දීම අරඹන්න. ආරම්භයේ දී ජනපදයකට සීනි ග‍්‍රෑම් 100 ක් ලැබෙන සේ දිනපතා ආහාර දෙන්න. මැස්සන් පිළා වද තුළ ආහාර ගබඩා කිරීමට පටන් ගත් පසු ආහාර ලබාදෙන කාල පරතරය වැඩි කරන්න.
ජනපද වලට පරාග ආදේශකයක් සැපයීම
පරාග ආදේශකයක් සාදා ගැනීම (ග‍්‍රෑම් 100 සඳහා)
සෝයා පිටි - ග‍්‍රෑම් 50
මුං ඇට පිටි - ග‍්‍රෑම් 30
රතු කැකුළු හාල් පිටි - ග‍්‍රෑම් 20
(සියළුම ධාන්‍ය පොතු හැර හොඳින් සෝදා වියලා පිටිකර ගන්න. සියලූම පිට විර්ග එකට කලවම් කර ගන්න.)
ආහාර දෙන ක‍්‍රමය
පරාග ආදේශකය - ග‍්‍රෑම් 50
සීනි - ග‍්‍රෑම් 100
ඉහත මිශ‍්‍රණයට සිනි අවශ්‍ය වන්නේ මී මැස්සන් පරාග ආදේශකය පමණක් ආහාරයට නොගන්නා බැවිනි. එමෙන්ම සීනි යොදා ඇති බැවින් දියර වශයෙන් සීනි සැපයීම අවම කර ගැනීමට හැකියාව ඇත.
සීනි හා ධාන්‍ය මිශ‍්‍රණය හොඳින් කලවම් කර උතුරවා නිවාගත් ජලය යොදා ඝනකම තලපයක් සාදා ගන්න. මෙය රොටියක් සේ මිලි මීටර් 6 පමණ ඝනකමට පොලිතීන් කැබැල්ලක් මත තුනී කරන්න.පිළා පෙට්ටිය විවෘත කර ඒ මත සාදා ගත් රොටිය තබා පොලිතීන් කැබැල්ල ඉවත් කර පෙට්ටිය වසා ගන්න. මෙම ආහාර ප‍්‍රමාණය වද 8 ක් සහිත ජනපදයකට දින 5 කට පමණ සෑහේ. ජනපදයේ මැස්සන්ගේ ගහණය අනුව ආහාර ප‍්‍රමාණය අඩු හෝ වැඩි කරන්න.
මී මැසි පාලනයේ ගැටළු
  1. ජනපද හැරයාම
  2. ජනපද බෝවීම දුර්වල වීම
ඉහත ගැටළු වලට ප‍්‍රධාන සාධක තුනක් බලපායි.
  • ආහාර නොලැබීම
  • රෝග හා පළිබෝධ හානි
  • දේශගුණික සාධක
ගැටළු අවම කිරීම සඳහා පිළියම්
01.සෙවන සහ තෙතමනය ඇති ස්ථානයක ජනපදය තැන්පත් කරන්න
02.සතියකට වතාවක් ජනපද පරීක්‍ෂා කරන්න
03.බිත්තර, කීට, පිළවුන් සිටීදැයි විමසිලිමත් වන්න
  1. ගබඩා කල ආහාර නැත්නම් සීනි දියර හා පරාග ආදේශක සපයන්න.
  2. පතුලේ ලෑල්ල හා වද මත ඉටි පණුවන් බෝවීම ගැන සැළකිලිමත් වන්න.
  3. ආධාරක කණුව වටා පිරිසිදුව තබා ගන්න.
07.දෙඹරුන්, කුරුල්ලන් වැනි විලෝපිකයන් සඳහා ආවරණයක් යොදන්න.
08.පරිසරයේ උෂ්ණත්වය අධික නම් ආවරණයක් සපයන්න.
  1. අධික වර්ෂාව, තද සුළං හා සීතල දේශගුණික තත්ත්ව යටතේ ජනපද බෝවීම දුර්වල වන බැවින් හොඳින් ආහාර සපයන්න.
10.රැජින වයස්ගත නම් නව රැජිනක් හඳුන්වා දෙන්න.


මී මැසි පාලන උපකරණ
මී මැසි පෙට්ටිය




හැඳින්වීම
මී මැසි පාලනය සඳහා යොමුවන අයට පහසුවෙන් හා ක්‍රමවත්ව මී මැසි ජනපද නඩත්තු කර ගැනීමට හැකිවන පරිදි නිපදවා ඇති උපකරණ කට්ටලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇත. මී මැසි පෙට්ටිය, මී මැසි ජනපදයට අවශ්‍ය වාසස්ථානය සපයන අතර එමඟින් අවහිරයකින් තොරව මී මැසි ජනපද ගෙවත්ත තුළ තබාගෙන නඩත්තු කිරීමේ හැකියාව ලැබේ. එහි වද බැදීම සඳහා රාමු සපයා ඇති බැවින් අවශ්‍ය පරිදි රාමු ඉවතට ගෙන පරීක්ෂා කිරීමටත් ජනපද කොටස් වලට බෙදා ජනපද බෝ කිරීමටත් හැකියාව ලැබී ඇත. එමෙන්ම ප්‍රවාහනයේ දී වද කැඩීයාමේ අවදානම ද අඩු කරගත හැක. පැණි පෙට්ටියේ රාමුවල පැණි පමණක් තැන්පත් කරන බැවින් පිරිසිදු පැණි නිෂ්පාදනය සඳහා ද උපකාරී වේ.සාර්ථක මී මැසි පාලනයක දී අත්‍යාවශ්‍ය ප්‍රධාන මෙවලම වන්නේ ජනපදයේ වාසස්ථානය වන මී මැසි පෙට්ටියයි. නියමිත පරිදි සුදුසු දැව වලින් හා නියමිත ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කර ගන්නා මී මැසි පෙට්ටි භාවිතයෙන්,
- ජනපදය ඇතුලත පරීක්ෂා කිරීමට හැකිවීම
- කට්ටි බෙදා ගැනීමේ පහසුව
- උපකරණ භාවිතයේ පහසුව
- ප්‍රවාහනය කිරීමේ පහසුව
- ගුණාත්මයෙන් හා පිරිසිදු බවින් උසස්, වැඩි


නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකිවීම වැනි වාසි මී මැසි පාලකයින්ට ලබාගත හැකි වේ.එබැවින් සාර්ථක ලෙස නියමිත පරිදි මී මැසි පෙට්ටි නිෂ්පාදනය සඳහා මී මැසි පාලකයින් මෙන්ම, පෙට්ටි නිෂ්පාදකයින් ද උනන්දු විය යුතු වේ.
මී මැසි පෙට්ටි නිෂ්පාදනය
දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රාමු හයක් අඩංගු මී මැසි පෙට්ටියක් සහ රාමු අටක් අඩංගු මී මැසි පෙට්ටියක් වශයෙන් පෙට්ටි වර්ග දෙකක් නිර්දේශ කර තිබේ. එම පෙට්ටි වර්ග නිෂ්පාදනය පිළිබඳ විස්තර පහත දැක්වේ. මිල අධික නොවන, පදම් කරන ලද මී මැස්සන් ප්‍රිය කරන දැව විශේෂ සුදුසු වන අතර පහත සඳහන් දැව නිර්දේශ කළ හැකි වේ. ගිනිසපු, කොස්බොඩ, වෙලං, බුරුත, හල්, පයිනස්, ඇටබොඩ, කොලොං, සයිප්‍රස්, අඹ, වනසපු, කිනි, මාර, ඌරුහපු, තේක්ක, මිල්ල. (ලුණුමිදෙල්ල හා කොට්ටම්බ දැව වර්ග ද මේ සඳහා සුදුසු වුව ද කල්තබා ගැනීමේ හැකියාවේ දුර්වලතා පවතී.)



මී මැසි පෙට්ටියේ කොටස්
  1. වහලය
  1. මුදුන් කවරය
  1. පැණි පෙට්ටිය 1
  1. පැණි පෙට්ටිය 2
  1. පිළා පෙට්ටිය
  1. පතුලේ ලෑල්ල
පිළා පෙට්ටිය තුළ වද බැඳීම සඳහා පිළා රාමු සපයා ඇති අතර පැණි පෙට්ටිවල වද බැදිම සඳහා පැණි රාමු සපයා ඇත. මීට අමතරව මී මැස්සන්ට ඉවත්ව යාම සඳහා පතුලේ ලෑල්ලේ කපොල්ලක් තබා ඇති අතර රැජිණ පිටවීම වැළැක්වීම සඳහා සකස් කරන ලද ගේට්ටු තහඩුවක් මෙම කපොල්ල ආවරණයට යොදා ඇත.
වහලය
පෙට්ටියේ පහළ කොටස් වල ආරක්ෂාව සඳහා පමණක් වහලය භාවිතා වේ. මෙය සාමාන්‍යයෙන් ලෑලි යොදා සෑදු රාමුවක් තාර ෂීට් වලින් ආවරණය කර සාදා ඇත. වායු සංසරණය පහසු වනු සඳහා ඇතුල් පැත්තෙන් කට්ටා 4ක් සවිකර ඇත. වහලය වශයෙන් භාවිතා කිරීමට උළු කැට හෝ එවැනි වහල සඳහා භාවිතා වන අමු ද්‍රව්‍ය ද යොදා ගැනීමේ හැකියාව ඇත. මී මැසි පෙට්ටියේ පහළ කොටස අව්වෙන් හා වැස්සෙන් ආරක්ෂා වන පරිදි වහලයේ ප්‍රමාණය සකසා ගත යුතු වේ.
මුදුන් ලෑල්ල හෙවත් ඇතුල් කවරය
මී මැසි පෙට්ටියේ ඉහළින් වසා තැබීමට උපයෝගී කර ගන්නා කොටස වේ. ඝනකම අඟලකින් 1/8 ක් පමණ වන හාඩ්බෝඩ් වලින් සාදන ලද විශ්කම්භය අඟලක් පමණ වූ සිදුරු 5 කින් සමන්විතය, මෙම සිදුරු වලින් මැස්සන් ගමන් කිරීම වැළැක්වීම සඳහා අඟලකින් 1/16 ක ප්‍රමාණයේ කම්බි දැලකින් එම සිදුරු ආවරණය කර ඇත. පිළා පෙට්ටිය හා වහලය අතර අහෝ පැණි පෙට්ටිය හා වහලය අතර, සිටින සේ මැස්සන්ගේ ගහණය පරිදි ඉහළට හෝ පහළට ගෙනයා හැක. මෙම කොටසේ සාදා ඇති සිදුරු ජනපදය තුළ වායු




සංසරණ
ක්‍රියාවලියේ දී ඉතා වැදගත් වේ. මී මැසි පෙට්ටියේ ගහනය අනුව ඉඩකඩ සීමා කිරීම සඳහා භාවිතා කෙරේ.
පිළා පෙට්ටිය සහ පිළා රාමුව
පිළා රාමු තැන්පත් කිරීමට හැකි පරිදි පළල පැති දෙකෙහි කට්ට සහිත පතුලක් හා පියනක් නොමැති පැති හතරකින් යුත් පෙට්ටියයි. මෙහි පිළා රාමු 6 හෝ 8ක් තැන්පත් කෙරේ. මෙම කොටසේ ජනපදයේ පැටවුන් රැකීමේ කොටස අඩංගු වේ. ජනපදයේ වර්ධනය සිදුවන බැවින් මෙහි ඇති පිළා වද හොඳින් රැකබලා ගත යුතු වේ. වද බැඳිම සඳහා පිළා රාමු සපයා ඇත.පිළා රාමු අතර මැස්සන් හට පහසුවෙන් ගමන් කළ හැකි අවම පරතරය එනම් “බිඟු පරතරය“ සෑම විටම පවත්වා ගත යුතු අතර, එය මිලි මීටර් 9 කි. පිළා රාමු හෝ පැණි රාමු හා පෙටිටියේ බිත්ති හා පතුල අතරත් මෙම පරතරය යොදාගත යුතු වේ.
පැණි පෙටිටිය සහ පැණි රාමු
මෙය ද පිළා පෙට්ටියට දිගින් හා පළලින් සමාන වේ. නමුත් උසින් භාගයකි. මේ තුළ පැණි රාමු 6 ක් හෝ 8 ක් තැන්පත් කරයි. පැණි නිෂ්පාදන අවධියේ දී මෙහි තුළ බැඳ ඇති වදවල පැණි ගබඩා කිරීම සිදුවේ. මෙම වද තුළ මැස්සාගේ කීටයින් හෝ පිළවුන් නොමැති බැවින් හා පැණි නිස්සාරකයට යොදා වද රාමුවල ඇති පැණි ඉවත් කරගත හැකි බැවින් පැණි පෙට්ටි භාවිතය පිරිසිදු පැණි නිෂ්පාදනයට ඉවහල් වේ. ජනපදයේ සිටින වැඩකාර මැස්සියන්ගේ ගහනය වැඩිවන අවස්ථාවල දී අමතර පැණි පෙට්ටි එකතු කර ගැනීමෙන් මැස්සන් සඳහා අවශ්‍ය ඉඩකඩ සපයා ගැනීම ද කළ හැක. වද බැඳීම සඳහා සපයා ඇති රාමු, පැණි රාමු වශයෙන් හැඳින්වේ.



පතුලේ ලෑල්ල
පතුලේ පිහිටි පිළා පෙට්ටියට ආධාරකය වන ගේට්ටු තහඩුව සවිවන කොටස වේ. මී මැස්සාට මෙන්ම පාලකයාට ද පහසුවෙන් පිරිසිදු කළ හැකි පරිදි යතුගා සුමට ලෙස තනි ලෑල්ලෙන් හෝ ලෑලි දෙකක් ගන්නේ නම් එහි මූට්ටු විවර නොපිහිටන පරිදි සවිවිය යුතු වේ. (මෙහි යටිපස ආධාරකයට සවි වීමට හැකි පරිදි ලී පටි දෙකක් ද ඉහළින් පිළා පෙට්ටිය හා අඩියේ ලෑල්ලට අතර මැස්සන්ට ගමන් කළ හැකි වන ලෙස යෙදූ පටි වලින් ද සමන්විත වේ.)

ගේට්ටුව


වැඩකාර මැස්සියන් සඳහා පමණක් ගමන් කළ හැකි කුඩා සිදුරු 4 කින් යුත් ගේජ් 26 ගැල්වනයිස් තහඩු කැබැල්ලක් වේ. එක් සිදුරක් මිලි මීටර් 3.8 ක් පළලින් යුතු වේ. මී මැසි ජනපදයේ රැජින පිටවීම වැළැක්වීම සඳහා පමණක් ගේට්ටු තහඩුව උපයෝගී කරගනු ලැබේ. එහෙයින් ජනපදයේ මැස්සන් අධික අවස්ථාවල මෙම තහඩුව ඉවත් කර තැබීම මඟින් තදබදය වළක්වා ගත හැකිය. රැජින පිටවී යාමේ අවදානම් සහිත අවස්ථාවල පමණක් ගේට්ටු තහඩුව රඳවා තැබී
ම සෑහේ.
දුම් විසිරණ
මී මැසි පාලනය අපහසු කටයුත්තක් වී ඇත්තේ මී මැස්සන් විසින් පහර දීමේ දී අපගේ ශරීරයට ඇතුළු වන විෂ නිසා ඇතිවන වේදනාකාරී තත්ත්වය නිසාය. මී මැස්සන් සිටින ස්ථානයකට පැමිණෙන ඕනෑම ආගන්තුකයෙකුට පහර දීම මී මැස්සාගේ ස්වාභාවික හැසිරීමයි. මෙය වළක්වා මී මැස්සන් තාවකාලිකව අඩපන කිරීම සඳහා දුම භාවිතා කරනු ලැබේ. මී මැස්සන්ට දුම් විදීම සඳහා සාදා ඇති උපකරණය දුම් විසිරණය නමින් හඳුන්වනු ලැබේ.මී මැසි ජනපදයක් විවෘත කිරීමට ප්‍රථම දුම් විසිරණය භාවිතා කර දුම යෙ§ම කරනු ලැබේ. ඉන් අනතරුව ජනපදය විවෘත කිරීමෙන් මී මැස්සන් කලබලකාරී ලෙස පහර දීමට කරන උත්සහය අවම කරගත හැක. ජනපදය අභ්‍යන්තර පරීක්ෂා කරන අවස්ථාවේදී ද විටින් විට දුම යෙදීම මඟින් මැස්සන් පාලනය කරගත හැක.




දුම් විසිරණ නිෂ්පාදනය හා භාවිතය
දුම් විසිරණය නිපදවීම සඳහා තඹ තහඩු හෝ ගැල්වනයිස් තහඩු යොදාගත හැක. දුම් විසිරණය තඹ හෝ ගේජ් 22 ගැල්වනයිස් තහඩු යොදා සාදාගත් බැරලයක් සහ එය තුළට වාතය ඇතුල් කරවීම සඳහා යොදා ගන්නා මයිනහමක ක්‍රියාකාරීත්වයෙන් යුත් මැදට දඟර සහිත දුන්නක් යෙදාගෙන ලෑලි තහඩු දෙකක් හා රෙක්සින් රෙදි යොදා ආවරණය කරගත් පෙට්ටියක් වැනි කොටසකින් යුක්ත වේ. බැරලය පතුලට අවහිරයකින් තොරව වාතය ගමන් කරවීම සඳහා සිදුරු සහිත තහඩු කැබැල්ලක් පතුලට දරණුවක් ලෙස යොදා ඇත. මයිනහම තුළින් එන වාත ධාරාව බැරලය තුළට ඇතුළු වීම සඳහා මයිනහම පැත්තේ බැරලයේ සිදුරක් කපා වා කපොල්ලක් සාදා ඇත. එමඟින් ඇතල්වන වාත ධාරාව මඟින් අභ්‍යන්තරයේ ඇති දහන ද්‍රව්‍ය වලින් දුම ඇති කර කෙලවරේ ඇති නැසින්න තුළින් ධාරාවක් වශයෙන් දුම පිට කරයි.
දුම් විසිරණය



දුම් විසිරණයක් භාවිතා කිරීමෙන් දුම් ලබා ගැනීම සඳහා දුම් විසිරණයේ බැරලය තුළට පොල් ලෙලි, පොල් කටු, වියළි ශාක පත්‍ර, කපු රෙදි වැනි ද්‍රව්‍ය යෙදිය හැක. මෙහිදි භූමිතෙල්, පෙට්‍රල් වැනි දැල්වීමේ දී විෂ සහිත දුම් පිට කරන ද්‍රව්‍ය ආදිය භාවිතයෙන් වළකින්න. ගිනි අඟුරු හෝ ගිනිකූරක් භාවිතයෙන් ඇතුලත ඇති ද්‍රව්‍ය හොඳින් දල්වාගෙන බැරලයේ පියන වසා ගන්න. අනතුරුව වාත ධාරාවක් ලබා ගැනීම සඳහා ඇති මයිනහම කොටස තරමක් වේගයෙන් තෙරපන්න. එවිට පියන කෙලවරේ ඇති සිදුරෙන් දුම් ධාරාවක් නිකුත් වේ.
ජනපද පරීක්ෂා කිරීමේ දී එක් අතකින් දුම් විසිරණය භාවිතා කරමින් ජනපදයට දුම් ගසන්න. මැස්සන්ගේ කළබලකාරී ස්වභාවය අඩුවන විට දුම් යෙදීම නතර කරන්න. දුම් යෙදීමෙන් ටික වේලාවකට මැස්සන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හැක.
පැණි නිස්සාරකය
මී මැස්සාට ආහාර වශයෙන් මී මැස්සා ඉටියෙන් තැනූ වද කුහර තුළ මී පැණි තැන්පත් කරයි. ජනපදවල විශාල වශයෙන් පැණි තැන්පත් කර ඇති අවස්ථාවේ දී (පැණි වාරයේ) එම පැණි ඉවත් කරගත හැකිය. කේන්ද්‍රාපසාරි පැණි නිස්සාරකය භාවිතයෙන් මී වදයට හානියක් නොකර වද කුහර තුළ තැන්පත් කර ඇති පැණි ඉවත් කර ගැනීමට හැකියාව ඇත. පරිසරයේ ආහාර බහුල කාලවල දී මෙලෙස පැණි ඉවත් කර ගත් එම වද පැණි පෙට්ටිය තුළ තැන්පත් කළ විට නැවතත් මී මැස්සන් පැණි තැන්පත් කිරීමට එම වද භාවිතා කරයි. මෙලෙස වාර කිහිපයක් එක් පැණි වාරයක් තුළදී පැණි නෙලා ගත හැක. මී වද සෑදීමට අවශ්‍ය ඉටි මී මැස්සාගේ ශරීරය තුළම නිපදවන බැවින් ඉටි නිපදවීමට වැයවන ආහාර ප්‍රමාණය ද වද බැදීමට ගතවන කාලය ද ඉතිරි වේ.
පැණි නිස්සාරකය
වද මිරිකීම සිදු නොවන නිසා පැණි අපිරිසිදු වීම වැලකේ. එහෙයින් පිරිසිදු පැණි නිෂ්පාදනයට පැණි නිස්සාරකය භාවිතය අත්‍යාවශ්‍ය කාර්යයකි. පැණි නිස්සාරකය භාවිතයේදී පැණි තැන්පත් කර ඇති රාමු සිරස්ව පිහිටන අයුරින් ඇතුලත ඇති දැල් භාජන තැන්පත් කරයි. හැඬලය මඟින් දැල් භාජනය කරකවිය හැක. එවිට වද කුහර තුළ ඇති පැණි ඉවතට විසි වී පිටත භාජනයේ පතුලට රැස් වේ. එක් මුහුණතක පැණි ඉවත් වූ පසු අනෙක් මුහුණත පිට පැත්තට හැරී පවතින ලෙස නැවත සකස් කළ යුතුය. නැවත කරකවා එම මුහුණතේ පැණි ද ඉවත් කර ගත යුතුය. ඉන්පසු පතුලේ තැන්පත් කර ඇති පැණි කරාමය තුළින් ඉවත් කර ගත හැකිය.
මුහුණු ආවරණය හා ආරක්ෂක කබාය
මුහුණු ආවරණය පැලදීමෙන් මී මැස්සාගෙන මුහුණට ප්‍රහාර එල්ල වීම වලක්වා ගත හැක. ඝනකම රෙද්දකින් අත් දිගට යොදා මසාගත් කබායකට සවි වන පරිදි සකසා ගත් මුහුණු ආවරණයක් ද භාවිතා කල හැකි අතර ඝනකම රෙද්දෙන් මසාගත් අත් මේස් යුගලයක් ද සමඟ මෙම කබාය පැලදීමෙන් වඩාත් ආරක්ෂාකාරීව හා පහසුවෙන් මී මැසි ජනපද හැසිරවීම කල හැකිය.


මුහුණු ආවරණයක් සකසා ගැනීම
මෙය නිපදවා ගැනීම සඳහා අඟල් 16 පමණ විශ්කම්භයෙන් යුත් පන්කොළ තොප්පියක්, එහි දාරයේ දිගට සමාන පළලින් හා අඟල් 18 පමණ උසින් යුත් කළු පැහැති නෙට් රෙදි කැබැල්ලක්, එම පළලින්ම හා අඟලක පමණ උසකින් යුත් පොප්ලින් රෙදි පටි තුනක් හා තොප්පියේ දාරයේ පරිධියට ගැලපෙන ඝනකම කම්බියෙන් සකසා ගත් කම්බියෙන් සකසා ගත් කම්බි රවුම් දෙකක් හා අඟල් 8 පමණ දිගින් යුත් ඉලාස්ටික් කැබැල්ලක් අවශ්‍ය වේ.තොප්පියේ දාරයට කම්බි රවුමක් සහ දැල් රෙද්ද තබා එය මත පොප්ලින් රෙදි පටියක් තබා ඉදිකටුවෙන් මසා ගන්න. දාරයේ සිට අඟල් 9 1/2 ක් හෝ 10 ක් පමණ පහලින් ඉතිරි කම්බි රවුම පොප්ලින් රෙදි පටිය සමඟ දැල් රෙද්දට තබා මසා ගන්න. ඉන්පසු පහළ කෙලවරට ඉතිරි පොප්ලින් පටිය තබා මසාගෙන එය තුළට ඉලාස්ටික් පටි යොදා නිමකර ගන්න.
මී මැස්සන් ප්‍රවාහනය කිරීමේ පෙට්ටිය



මී මැසි පෙට්ටිය භාවිතයේ පහසුව සඳහා කොටස් වලට බෙදා නිපදවා ඇති බැවින් ප්‍රවාහනයේ දී මැස්සන්ට පිටතට ඒමට නොහැකි වන ලෙස සියළුම කොටස් හොඳින් ඒකරාශී වන පරිදි ගැටගසා ගැනීමට සිදුවේ. මෙයට පිළියමක් වශයෙන් සියළුම කොටස් එකට සවිකර ඇති ප්‍රවාහන පෙට්ටිය නිපදවා ඇත. මෙහි හොඳින් වැසිය හැකි උඩ පියනක් දැල් යොදා ආවරණය කළ වා සිදුරු සහිත පෙට්ටියක් පිළා රාමු හා මැස්සන් ඇතුළුකර ගැනීම සඳහා සකස් කර ඇති අතර එල්ලාගෙන යාම සඳහා හැඬලයක් ද යොදා ඇත. මී මැසි ජනපද ප්‍රවාහනයේ දී මෙන්ම ජනපද අල්ලා ගැනීමේ කටයුතු සඳහා ද මෙය භාවිතා කෙරේ.
ආරක්ෂක ඇඳුම




මී මැසි ජනපද නඩත්තු කිරීමේ දී මී මැස්සන් විසින් මී මැසි පාලකයාට පහර එල්ල වීම සාමාන්‍ය සංසිද්ධියකි. මෙයින් වැළකීම සඳහා සම්පූර්ණ ශරීරයම ආවරණය වන සේ ඝනකම් රෙද්දකින් සකසා ගත් ඇඳුම් කට්ටලයක් භාවිතය වඩාත් සුදුසු වේ. මේ සඳහා කාකි වැනි රෙදි වර්ග සුදුසු වන අතර එය සුදු පැහැයෙන් සකසා ගැනීමෙන් මී මැස්සන් කලබල වීම අවම කරගත හැක. මෙම ඇඳුම් කට්ටලයට මුහුණු ආවරණය, කබායක්, අත් වැසුම් යුගලක්, කලිසමක් සහ පාවහන් යුවලක් අයත් වේ.
රෝග
 
බැක්ටීරියා රෝග
 
ඇමෙරිකන් ෆවුල්බෘඋඩ් රෝගය...
(American Foulbrood Disease - AFB)



රෝග කාරකයා වන බැසිලස් ලාවේ. : (Bacillus larvae) නම් බැක්ටිරියාව ආසාදනය වීම නිසා කීටයන් මිය යාම සිදු වේ. වැඩුණු මී මැස්සන්ට රෝගය වැළඳෙන්නේ නැත. මිය යන කීටයින් ඉවතට ඇද දැමීම නිසා පිලා අවස්ථාවට පත් වීමට කෝෂ ආවරණය කිරීම සිදු නොවේ. නිරෝගී වදවල ආවරණය කර ඇති කෝෂ ඉතා කිට්ටුවෙන් ඇසිරී පවතින බැවින් මෙම තත්ත්වය ඒ හා සසදා බලා පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. ආවරණය කල කෝෂවල පිළවුන් ද තද දුඹුරු පැහැයේ සිට කළු පැහැය දක්වා වර්ණය වෙනස් වී තිබෙනු දැකිය හැකිය. මියගිය පිළවුන් තුළට දත් හාරන කූරක් වැනි උපකරණයක් ඇතුල් කර එලියට අදින විට නූලක් මෙන් පිටතට ඇදී එන අතර එය අතහැරිය විට නැවත ආපසු යයි. මෙම ඇදෙන සුළු ලක්ෂණය මෙම රෝගය තහවුරු කරගත හැකි ක්‍රමයක් වේ.
 
ඇමෙරිකන් ෆවුල්බෘෘඩ් රෝගය
(American Foulbrood Disease - AFB)
 
ප්‍රතිකාර
මෙම රෝගය පැතිරීම නිසා සීඝ්‍රයෙන් ජනපද විනාශ වන අතර රසායනික ප්‍රතිකාර නොමැති බැවින් මෙම රෝගය වැළඳූන ජනපද සහ ඒවා රඳවා ඇති උපකරණ සමඟම ගිනිතබා විනාශ කිරීම කළ යුතුය. ගිනි තැබීමට පෙර කෘමිනාශයක් යොදා මැස්සන් විනාශ කිරීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙල වේ.
සැ.යු - දැනට ශ්‍රී ලංකාවේ මෙම රෝගය දක්නට නොලැබෙන නමුත් වෙනත් රටවල පැතිර පවත්නා බැවින් බාහිරයෙන් මී මැස්සන් හෝ භාවිතා කළ උපකරණ රැගෙන ඒමෙන් වළකින්න.
 
 
බැක්ටීරියා රෝග
 
යුරෝපීය ෆවුල්බෘෘඩ් රෝගය :එමරදචැaබ ෆ්දමකෛරදදා ඩ්සිease - එෆී


ස්ට්‍රෙප්ටොකොකස් ප්ලූටෝන් :සෙeචැදජදජජමs චකමැදබ* නැමති බැක්ටීරියාව ආසාදනයෙන් මෙම රෝගය වැළදෙන අතර ලෝකය පුරාම ව්යෙආප්ත වී පවති. මෙම රෝගය ලංකාවේ ද වාර්තා වී ඇති රෝගයකි.
 
 
 
රෝග ලක්ෂණ:-
දින 4-5 වයසේ කීටයින් මියයාම මෙම රෝගයේ ලක්ෂණය වන අතර කීටයින් මිය යාම හේතුවෙන් පිළා වදවල වසා ඇති පිළා කෝෂ ක්‍රමයෙන් නැතිවී යනු දක්නට ලැඹේ මියගිය කීටයින් දුඹුරු පැහැයට හැරෙන අතර රබර් මෙන් ඇදෙන සුළු ගතියක් පෙන්වයි. එමෙන්ම මෙම මියගිය කීටයින්ගෙන් ඇඹුල් ද්‍රව්‍ය වලින් විහිදෙන ආකාරයේ ගඳක් වහනය වේ.
 
රෝග
බැක්ටීරියා රෝග
යුරෝපීය ෆවුල්බෘඩ් රෝගය සඳහා ප්‍රතිකාර



මෙම රෝගය බොහෝ විට වැළඳෙන්නේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය අඩු ජනපද වලට වේ. ජනපද වලට ආහාර සපයා ශක්තිමත් කිරීමෙන් බෝවීම වළක්වා ගත හැක. රැජින ඉවත්කර ශක්තිමත් අළුත් රැජිනක් ජනපදයට සැපයීම මඟින් ද ජනපද ශක්තිමත් කළ හැක. රෝගය වැළදී ඇත්නම් ටෙරාමයිසින් (ඔක්සිටෙට්‍රාසයික්ලින්) ග්‍රෑම් 1ක් හොදින් සිනිඳු වන තෙක් අඹරාගත් සීනි ග්‍රෑම් 20 කට මිශ්‍රකර වදවලට ඉසීම කරන්න. ස්ට්‍රෙප්ටොමයිසින් ග්‍රෑම් 0.2-0.6 ප්‍රමාණයක් සීනි දියර ලීටර් 4ක කට මිශ්‍රකර සාදාගත් මිශ්‍රණයක් ආහාර වශයෙන් වැඩුන සතුන්ට ලබාදිය හැක. (ප්‍රතිජීවක ලබා දීමේදී පැණිවලට මිශ්‍ර වීම සිදුවිය හැකි බැවින් ආරක්ෂාකාරීව භාවිතා කරන්න)
 
රෝග
දිලීර රෝග
චෝක් බෘෘඩ් රෝගය : (Chalk brood Disease)




මෙම රෝගය වැළඳෙන්නේ : (Ascosphaera apis)  ඇස්කෝස්පෙරා ඒපිස් නැමති දිලීරය මඟිනි. මෙම දිලීරය අසාදනය වීම හේතුවෙන් කීටයින් ඉදිමීමට ලක්වී මියයයි. මෙම කීටයන් පරික්ෂා කිරීමේ දී ශරීරයේ මතුපිට සුදු පැහැති දිලීර ජාලයක් දක්නට ලැඹේ
මියගිය කීටයන් වියළුන විට සුදු හුණු කූරූ කැබලි මෙන් ස්වාභාවයක් ගනී. මෙම රෝගය චෝක් බෘෘඩ් නමින් හඳූන්වන්නේ එබැවිනි. කෝෂ ගතව සිට වියළුන කීටයන් දුඹුරු හෝ කළු පැහැයක් ගනී.
 
රෝග
දිලීර රෝග
චෝක් බෘෘඩ් රෝගය සඳහා ප්‍රතිකාර



මෙම රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා බෝවීම වළක්වා ගතයුතු රෝගයකි. මේ සඳහා ජනපද වලට ආහාර සපයා ශක්තිමත්ව නඩත්තු කර ගැනීම, ජනපදය තුළ තෙත ගතියක් ඇතිවීම වැළැක්වීම සිදු කළ යුතුය. රෝගයේ ආරම්භක අවස්ථාවේ රෝගි වද ඉවත් කර පිටතින් නව පිළා වද එකතු කර ජනපදය නඩත්තු කර ගැනීමෙන් ද රෝගය පාලනය කළ හැක. දැනට මෙම රෝගය ශ්‍රී ලංකාවේ වාර්තා වී නොමැත.
රෝග
වෛරස් රෝග
සැක් බෘඩ් රෝගය : (Sac brood Disease)



වෛරසයක් මඟින් ඇතිවන මෙම රෝගය කීටයන්ට හානිකරයි. ඒපිස් සෙරානා හා ඒපිස් මෙලිපෙරා වර්ග දෙකම ග්‍රාහීය වේ. ඒපිස් සෙරානා විශේෂ වලට ආවේනික වූ වෛරස් ප්‍රභේදයක් ද තායිලන්තය, ඉන්දියාව, පාකිස්ථානය යන රට වලින් වාර්තා වී ඇත.
ආසාදිත කීටයන් මිය යාම සිදු වේ. හිස පෙදෙස කළු පැහැයට හැරේ. කීටයා වද කුහරයේ පතුලට ඇලී පවතින අතර කීටයාගේ සම ඝන වීමත් දුඹුරු පාට වීමත් සිදු වේ. ආරම්භක අවස්ථාවේ මෙලෙස මියයන කීටයින් වැඩකාර මැස්සියන් විසින් ජනපදයෙන් ඉවත් කරන බැවින් පතුලේ ලෑල්ල මත කීටයන් වැටී සිටිනු දැකිය හැක. රෝගී තත්ත්වය උග්‍ර වන විට කීටයින් වතුර පිරුණු මල්ලක් ආකාරයෙන් දිස්වේ. මෙම අවස්ථාවේදී වැඩුන සතුන් කැදැල්ල අතහැර පලායාම සිදු වේ.
 
රෝග
වෛරස් රෝග
සැක් බෘෘඩ් රෝගය මර්දනය


වෛරස් රෝගයක් බැවින් රසායනික ද්‍රව්‍ය මඟින් මර්දනය කිරීම අපහසුය. ජනපදයේ රැජින වයස් ගතවීම, ආහාර හිඟවීම ජනපද මෙම රෝගයට පාත්‍ර වීමට ඉවහල් වේ. එහෙයින් ආහාර සපයා ජනපද ශක්තිමත්ව පවත්වා ගැනීම හා නව රැජිනක් හඳුන්වා දීම මඟින් රෝගයට ගොදුරු වීම පාලනය කළ හැක.
රෝගය වැළඳුන ජනපද අනිකුත් ජනපද පිහිට් ස්ථානයෙන් වහාම ඉවත් කරන්න. රෝගය වැළදි ඇති පිලාවද වළලා දමන්න. වැඩුණු මැස්සන් වෙනත් පෙට්ටියකට මාරු කර හුදකලාව තබන්න. ඔවුන් පිටතට යාම අවම කිරීම සඳහා පෙට්ටිය තුළට සිනි දියර හා පරාග ආදේශකයක් සපයන්න.
 
රෝග
වෛරස් රෝග
සැක් බෘඋඩ් රෝගය මර්දනය
රෝග බෝ වීම මී මැසි පාලකයාගේ අතින් සිදුවන නිසා නිරෝගී ජනපද ඇල්ලීමට පෙර හොදින් සබන් යොදා අත් සෝදා ගන්න.
රෝගය වැළඳුන මී මැසි පෙට්ටිය නැවත භාවිතයට පෙර ක්ලොරෙක්ස් හෝ සබන් ද්‍රාවණයක පැය කීපයක් ගිල්වා තබා වියළා භාවිතයට ගන්න. උතුරන වතුරේ විනාඩි 20ක් පමණ තම්බා ගැනීම ද කළ හැක.
නිරෝගී ජනපද වලට හොදින් ආහාර සපයා නඩත්තු කරන්න.
 
 
පළිබෝධ
ඉටි පණුවාගේ හානිය


මී මැස්සන්ට හානි කරන සතුන් අතුරෙන් ඉටි පණුවා ප්‍රධාන ස්ථානයක් ගනී. ලොව සෑම රටකම මී මැසි පාලකයින්ට මුහුණ දීමට ඇති ප්‍රධාන ප්‍රශ්ණය ද මෙයයි. උෂ්ණ වූ ඝර්ම කලාපීය රටවල ඉටි පණු හානිය අධිකය. වැඩි උෂ්ණත්වයක් වායු ගෝලීය ආර්ද්‍රතාවයත් ඉටි පණුවන් බෝවීමට උදව් වේ.
මී මැසි ජනපදවලට හානි කරන ප්‍රධාන ඉටි පණුවන් වර්ග දෙකකි. එනම්
  1. ලොකු ඉටි පණුවා (ගැලේරියා මෙලොනෙල්ලා)
  2. කුඩා ඉටි පණුවා (ඇක්‍රොයියා ග්‍රිසෙල්ලා)
 
පළිබෝධ
ලොකු ඉටිපණුවා : (Galleria mellonella)...
මී මැස්සන් සිටින ලොව සෑම රටකම මෙම ඉටි පණුවන් දක්නට ඇත. ලංකාවේ ද මී මැසි ජනපදවලට වැඩි වශයෙන් හානි පැමිණෙන්නේ මෙම සළඹයාගෙනි.
වැඩුණු සළඹයෙක් මිලි මීටර් 16-20 ක් පමණ දිගටිය. උරය මහතය. අළුවන් දුඹුරු පැහැයක් ගනී. රාතී% කාලයේ දී ජනපද තුළට ඇතුළු වන ගැහැණු සළඹයෝ ඒ තුල බිත්තර දමති. මී මැසි පෙට්ටිවල අඩියේ ලෑල්ල මත වැටුණු පරාග, ඉටි හා කුණු කසල මත හෝ ලෑල්ල පළුදු වූ ස්ථාන වල රැඳෙන අපවිත්‍ර ද්‍රව්‍ය මත බිත්තර දමයි. වැඩුණු සළඹයෙක් එක ස්ථානයක බිත්තර 50-150 ක් පමණ දමන අතර, සාමාන්‍යයෙන් බිත්තර 500-600 දක්වා ප්‍රමාණයක් දැමීමට හැකියාවක් ඇත. උෂ්ණ දේශගුණික තත්ත්වයන් යටතේ (20-35C) දින 3-5 අතර කාලයේ දී බිත්තර පුපුරයි.
පළිබෝධ
ලොකු ඉටිපණුවා : (Galleria mellonella)



බිත්තර සුදු හෝ කිලුටු සුදු පැහැති හෝ ලා රෝස පැහැතිය. බිත්තරයෙන් පිටවන කීටයා කිලුටු සුදු පැහැය ගනී. ඉටි හා පරාග ආහාර කර ගන්නා මෙම කීටයන් එම මාධ්‍යය මත ජීවත් වෙමින් Èන 10ක් තුළ § විශාල වේ. කෝෂ ගතවීම සිදුවන්නේ සාමාන්‍යයෙන් Èන 18-19 අතර§ය. උෂ්ණාධික ප්‍රදේශවල මෙම කීටයෝ මී මැසි කීටයින් ආහාර කර ගනී. සම්පූර්ණයෙන් වැඩුණු කීටයෙක් මිලි මීටර් 26-28ක් පමණ Èගය. පළමු කීට අවස්ථාව අඩියේ ලෑලි මත ජීවත් වුව ද, පසුව මී වද වලට ඇතුලු වී වද කෑමට පටන් ගනී. කෝෂ ගතවන අවස්ථාවට පැමිණීමෙන් ආහාර මාධ්‍යයෙන් ඉවත් වී මී මැසි පෙට්ටියේ කොටස් මත කෝෂ ගත වේ. මෙම කෝෂ මිලි මීටර් 12-20 ක් පමණ Èග වන අතර සුදු පුළුන් වැනි ද්‍රව්යෙඅයකින් ආවරණය කරනු ලැඹේ සම්පූර්ණ ජීවන චක්‍රය සති 4-6 ක් පමණ වේ.
 
පළිබෝධ
කුඩා ඉටිපණුවා : (Achroia grisella)...


මෙම සළඹයින් ද ලොව සෑම රටකම පාහේ ව්යෙආප්ත වී ඇත. මෙම සළඹයින් ඉතාමත් කුඩාය. මිලි මීටර් 10-12ක් පමණ Èගය. ලා දුබ්ඹ(.රු හෝ රි§වන් පැහැතිය. හිස වෙන් වශයෙන් පැහැÈලිව පෙන්නුම් කෙරේ. ගැහැණු සලඹයෙක් දින 7ක් ජීවත් වන අතර බිත්තර 250-300 ක් දමන්නීය. කීටයින් සුදු පාටය. ඉතාමත් කුඩාය. දුබ්ඹ(.රු හෝ කළු පැහැති හිසක් ඇත. සම්පූර්ණයෙන්ම වැඩුණු කීටයකු මිලි මීටර් 20ක් පමණ දිගය. කුඩා කළ මෙම කීටයින් මී වදවල මැද අක්ෂය Èගේ ගමන් කරමින් මී මැසි කීටයින්ට සපයනු ලබන රාජ ජල්ලි ආහාර කර ගනී. මෙසේ වූ විට කීටයින් අකාලයේ මැරී යාම සිදුවේ. කෝෂ ගත කීටයින්ගේ ඇස් දුබ්ඹ(.රු පැහැය වී කෝෂය තුළම මැරී සිටීම කුඩා ඉටි පණු හානියේ එක් ලක්ෂණයකි. මෙම ඉටි පණුවාගේ කීටයින් බොහෝ විට කෝෂ ගත වන්නේ ආහාර කරගත් මී වද මතය. අසූචි වලින් වටවූ කෝෂ කැදලි වශයෙන් සකස් කර ගැනීම විශේෂ ලක්ෂයකි.

පලිබෝධ



ඉටිපණු සළඹයා මර්දන ක්‍රම...
ඉටි පණුවන් බෝ වීමෙන් පසු මර්දනය කිරීම අසීරු කරුණකි. එබැවින් බෝවීම වැලැක්වීම, හොඳ මී මැසි පාලකයෙකුගේ යුතුකමක් වන්නේය. බොහෝ විට ඉටි පණු හානිය ඇති වන්නේ දුර්වල , අපිරිසිදු තත්ත්වයේ පසුවන මී මැසි ජනපදවලටය. එබැවින් පහත සඳහන් කරුණු අනුව කි%යා කිරීමෙන් ඉටිපණු හානිය වළක්වා ගැනීමට පුළුවන.
  • සෑම විට මී මැසි පෙට්ටියේ අඩියේ ලෑල්ල තබා ගැනීම
  • මී මැසි ජනපද ආහාර සපයා ශක්තිමත්ව නඩත්තු කිරීම
  • පැර‚ හා මී මැස්සන් නොමැති වද හා පැණි අවසානයේ හිස් පැ‚ වද ඉවත් සුරක්ෂිතව අසුරා තැබීම
 
පළිබෝධ
ඉටිපනු සළඹයා මර්දන ක්‍රම

  • ඉටිපණු සළඹයා නිසාචරයකු බැවින් රාතී% කාලයේ
මී මැසි පෙට්ටියේ දොරටුව සිහින් දැල් කැබැල්ල
ආවරණය කිරීම හෝ එක් මී මැස්සෙකුට
ගමන් කළ හැකි ප්‍රමාණයට ඉඩ තබා ඇතුලු
දොරටුව ආවරණය කිරීම කළ හැකිය.
  • හිදැස් හෝ පළුදු වූ මී මැසි පෙට්ටි භාවිත
නොකිරීම
  • ඉටි පණුවන් සහිත වද ඇත්නම් ඒවා
ඉවත් කර නොපමාව ඉටි උණු කර ගැනීමට
කිරීම හෝ උණු වතුරේ දමා එම පණුවන් විනාශ
කිරීම
  • හානි කර ඇති වද ක්ෂ්ත්‍රයේ නොදමා ග
වලක් කපා වළලා
හෝ පුළුස්සා දැමීම
 
 
 
පළිබෝධ
පරපෝෂිත මයිටා ආසාදනය
වැරෝවා ජැකොබ්සෝනි



හානි කරනු ලබන මායිටා විශේෂය වැරෝවා ජැකොබ්සෝනි නමින් හැ¢න්වේ. මෙම මයිටාවන් ආසියානු හා යුරෝපීය මී මැසි විශේෂ දෙකටම හානි පමුණුවයි. වැරෝවා මයිටාවන් රතු දුබ්ඹ(.රු පැහැයෙන් යුතු ඉතා කුඩා නමුත්, පියවි ඇසට දැකිය හැකි කිනිතුල්ලන් විශේෂයකි. මෙම කිනිතුල්ලන් සුහුබ්ඹ(.ල් සතුන්ගේ උරස හා උදරය සම්බන්ධ වන ස්ථානයේ හා හිස හා උරස සම්බන්ධ වන ස්ථානවල එල්ලී ලේ උරා බොයි. කීට කෝෂ තුළ § කීටයින්ගේ යුෂ උරා බොනු දැකිය හැකිය හැක.
මෙසේ හානියට ලක්වූ කීටයින් සුහුබ්ඹ(.ල් සතුන් බවට පත්වන විට ඔවුන්ගේ පාද, පියාපත් හෝ ශරීර කොටස් අඩුවෙන් තිබෙනු දැකිය හැක. හානිය උග්‍ර වූ විට මැස්සන් ජනපදය අතහැර යාම සිදු වේ. දේශීය මී මැස්සා මෙම කිනිතුලු හානියට ඔරොත්තු දෙයි.
 
පළිබෝධ
පරපෝෂිත මයිටා ආසාදනය




මර්දනය සඳහා මයිටානාශක යොදගත හැකි නමුත් මී මැස්සන්ට ද එහි අහිතකර බලපෑම් ඇතිවිය හැක. තදබල ආසාදනයක  1% ෆෝමික් ඇසිඩ් ද්‍රවණයක පොඟවා වියලා ගත් තින්ත පොවන කඩදාසි තීරු වද අතර රැඳවීමෙන් මයිටාවන් මැස්සන්ගේ ශරීරවලින් ඉවත් කළ හැක.
මෙම ඉවත් වන සතුන් පතුලේ ලැල්ල මත වැටී සිටින නිසා පතුලේ ලෑල්ල දිනපතා හොදින් පිරිසිදු කළ යුතුය.
පළිබෝධ
 
වෙනත් පළිබෝධ මර්දනය සඳහා



  • ආධාරක කණුව වටා ප්‍රදේශය වල් පැළෑටි වල
තොරව පවත්වා ගැනීම
  • කුහුබ්ඹ(.වන් ඇතුල්වීම වැළැක්වීමට කණුව වටා ජල
යෙ§ම, කණුවේ ගී%ස් ආලේප කිරීම, අළු
වැනි උපක්‍රම භාවිතා කිරීම
  • මී මැසි පෙට්ටියට ආසන්නයේ පිහිටි අතු රිකිල
කපා දැමීම
  • ආහාර සඳහා සීනි දියර පෙට්ටිය ඇතුලත තැබීම
  • දෙඹරුන්ගේ හානි ඇත්නම් දෙඹර කැදැලි
විනාශ කිරීම හා දෙඹරුන්ට ඇතුළු විය
සේ දැළකින් පෙට්ටිය ආවරණය කිරීම
 
මී මැසි නිෂ්පාදන
මී පැණි‚
ශාකවල පුෂ්ප තුළ පිහිටි මධු කෝෂ හා පුෂ්පමය නොවන ශාක කොටස් තුළින් ලබා ගන්නා පිනිමය ද්‍රාවණ හෙවත් මධු, මී මැස්සාගේ ආහාර මාර්ගය තුළ දීජීර්ණයට භාජනය වී නිපදවනු ලබන සරළ සීනි අඩංගු සාන්ද්‍ර සීනි ද්‍රාවණය මී පැණි‚ නමින් හැදින්වේ.
මී මැස්සා මී පැණි නිපදවීම සඳහා ශාකවලින් මෙන්ම කුඩිත්තන් වැනි සතුන් විසින් පිට කරනු ලබන පැණි රස ශ්‍රාවයන් ද උපයෝගී කර ගන්නා බව සොයාගෙන ඇත. මෙසේ මී මැස්සාගේ ආමාශය තුළට රැස්කර ගන්නා සීනී ද්‍රාවණ සංකීර්ණ සීනි වලින් සමන්විත වේ. (උදාඃ සුක්‍රෝස්) ආමාශය තුළදීඉන්වටේස් එන්සයිමය මඟින් මෙම සීනි සරළ සීනි බවට පරිවර්ථනය කෙරේ.
අඩංගු
ප්‍රතිශතය
ජලය 17.2% - 22.9%
ලෙවියුලෝස් (ෆ්රක්ටෝස්) 30.9% - 43.3%
ඩෙක්ස්ට්‍රෝස් (ග්ලූකෝස්) 22.9% - 40.7%
සුක්‍රෝස් 0.2% - 7.6%
ඩෙක්ස්ට්‍රීන් 0.1% - 3.8%
අළු 0.02% - 1.028%
නිදහස් අම්ල 0.13% - 0.92%
නයිට්‍රජන් 0.00% - 0.133%
මී පැණිවල භෞතික ලක්ෂණ
  • ඝනත්වය 410 - 1.435 (200ක් උෂ්ණත්වය)
  • සෙමින් ගලා යන උකු ද්‍රාවණයකි.
  • මී පැණි වල අඩංගු ජල ප්‍රතිශතය (18%-21%) බැවින් වායුගෝලයේ ඇති ජල වාෂ්ප උරා ගනී
  • අඩු උෂ්ණත්වයේ දීජලය හා ග්ලූකෝස් ප්‍රමාණය අතර අනුපාතය වැඩිවන විට ඉක්මනින්
බවට පත් වේ. (ග්ලූකෝස්/ජලය අනුපාතය 1.6 2.5 අතර වෙනස් වේ.)
  • ද්‍රවය තුළ උෂ්ණත්වය පරිවහනය ඉතාසිදුවේ.
ඖෂධීය ගුණ
  • ශරීර ශක්තිය ඉක්මනින් වර්ධනය කරයි.
  • ළදරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
  • පිළිස්සීම් හා තුවාල සුව කරයි.
  • ස්වසන පද්ධතියේ රෝගවලට ඖෂධයකි.
  • ආහාර මාර්ගයේ තුවාල, ආමාශයේ තුවාල, උගුරේ ආබාධ සුව කරයි.
  • බැක්ටීරීයා හා දිලීර නාශක ගුණයෙන් යුක්තයි.
  • විරේක ගුණයෙන් යුක්තයි.
  • අතීසාරය, පාචනය වැනි රෝග සුව වේ.
  • සන්ධි රෝග, පීනස් රෝග හෘඋදයාබාධ වලට ගුණයි.
මී ඉටි
මී ඉටි නිපදවනු ලබන්නේ මී මැස්සාගේ උදරයේ යටි පැත්තේ පිහිටා ඇති ඉටි ග්‍රන්ථි තුළ වේ. මී වදය බැදීම සඳහා මෙම ඉටි උපයෝගි කරගන්නා අතර වද කැබලි සූර්ය තාපය හෝ හුමාලය යොදා උණුකර මී ඉටි නිස්සාරනය කරගත හැක.
අතීතයේ සිටම මී ඉටි විවිධ කර්මාන්ත සඳහා යොදා ගැනීමට මිනිසා පුරුදුව සිටින බැවින් මී ඉටි සඳහා විශාල ඉල්ලුමක් පවතී.
භෞතික ලක්ෂණ
පිරිසිදු මී ඉටි ලා කහ පැහැයෙන් යුක්තය. 630ක් දීඉටි ද්‍රව බවට හැරෙයි. අපිරිසිදු ද්‍රව්‍ය එකතු වු විට අඳුරු පැහැයක් ගනී.
මී ඉටිවල ප්‍රයෝජන
රූපලාවාන්‍ය ආලේපන නිෂ්පාදනයටවඩු කර්මාන්තයේ දීභාවිතා කෙරේ.
විවිධ ඖෂධීය ආලේපනවල පදනමභාවිතා කෙරේ.
බතික් කර්මාන්තයට
තීන්ත වර්ග සෑදීමට
සපත්තු පොලිෂ් නිෂ්පාදනයට
ඉටිපන්දම් නිෂ්පාදනයට
මී වද අත්තිවාරම් සකස් කිරීමට
සංයුතිය
මී ඉටිවල විශාල දාම වලින් යුත් මේද අම්ලවල ස්ථර අඩංගු වේ. මේ හැරුණ විට කාබනික අම්ල, හයිඩ්‍රෝ කාබන් හා ඇල්කොහොල් වර්ග අඩංගු වේ.
මී ඉටි නිස්සාරය
මී මැස්සාගේ ශරීරයේ නිපදවන මී ඉටි යොදා මී වද සකසා ඇත. ඒ හෙයින් ජනපදන වලින් ඉවත් කරන පැරණි මී වද භාවිතයේ දීකැඩී ඉවත් වන මී වද කැබලි, මැස්සන් ඉවත්ව ගිය ජනපදවල ඉතිරි වී ඇති වද හා පැණි‚ නිෂ්පාදනයේ දීඉවත් කරන ඉටි පියන් තහඩු මී ඉටි නිස්සාරණයට යොදාගත හැක.
මී ඉටි යනු මී මැසි පාලනයේ දීලැබෙන අමතර නිෂ්පාදනයකි. මී ඉටි අලෙවියෙන් අමතර ආදායමක් උපයාගත හැක. මී ඉටි බතික් කර්මාන්තයේ දීද, අලේපන නිෂ්පාදන, ඉටිපන්දම් නිෂ්පාදනය, පොලිෂ් හා තීන්ත වර්ග නිෂ්පාදනය, වඩු කර්මාන්තයේ දී, විදුලි භාණ්ඩ හා විද්‍යාත්මක භාණ්ඩ නිෂ්පාදනයේ දීහා රූපලාවන්‍ය අලේපන සඳහාත් යොදා ගැනේ. මී මැසි පාලකයින් විසින් මී වද අත්තිවාරම් සෑදීම සඳහා මී ඉටි යොදා ගනී. එම වද අත්තිවාරම් යොදා ගැනීමෙන් වද බැදීම ඉක්මන් කළ හැක.
සූර්යය තාපය මඟින් මී ඉටි නිස්සාරණය
මෙහිදීසූර්ය තාප ඉටි නිස්සාරකය යොදා ගැනේ. මෙම උපකරණය සාදා ඇත්තේ වීදුරු පියනක් සහිත පෙට්ටියක් තුළ වද කැබලි ඇසිරීමට ආනතව තැබූ කළු පැහැති තීන්ත ආලේප කරන ලද ගැල්වනයිස් තහඩුවක් සහ සූර්යය තාපයෙන් දිය වී ගැල්වනයිස් තහඩුව දිගේ ගලා එන මී ඉටි රැස් කිරීම සඳහා යොදා ඇති ගැල්වනයිස් තහඩුවෙන්ම නිමවන ලද කුඩු පෙට්ටියක් වැනි භාජනයක් ඇතුලත් කිරීමෙනි.
මෙම උපකරණය තුළට වද කැබලි දමා අව්වේ තැබීමෙන් ඉටි නිස්සාරණය කර ගත හැක.
වාෂ්පීකරණයෙන් මී ඉටි නිස්සාරණය
  • භාජනයකට ජලය දමා එයට උඩින් කුඩා සිදුරු සහිත දැල් කැබැල්ලක් තබා ඒ මත වද කැබලි තබන්න. වද කැබලි තවත් භාජනයකින් වසන්න.
  • භාජනය ලිප තබා ජලය රත් කරන්න. රත් වූ ජල වාෂ්පවලින් ලැබෙන උෂ්ණත්වයෙන් ඉටි උණු වීම සිදුවේ. දිය වූ ඉටි භාජනයේ ඇති ජලයට එක් වේ. වද කැබලි වල ඇති අපද්‍රව දැල මත ඉතිරි වීම සිදුවේ.
  • ජල භාජනය ලිපෙන් ඉවත් කර සිසිල් වීමට තැබූ විට එහි මතුපිට ඉටි තැන්පත් වීම සිදු වේ. ජලය සිසිල් වූ විට ඉටි ඉවත් කර ගන්න.
උණු ජලයේ මී ඉටි නිස්සාරණය
පිරිසිදු වතුර භාජනයක් උණු කර ගන්න. පසුව මී ඉටි කැබලි දුහුල් රෙදිකඩක හෝ නෙට් රෙද්දක ඔතා පොට්ටනියක් ලෙස සාදා උණු කරගත් ජලයේ දෙතුන් වරක් ගිල්වන්න. එවිට උණු ජලයේ මී ඉටි දියවේ.ජලය සිසිල් වූ විට මතුපිට රැදීඇති ඉටි වෙන්කර ගත හැකි වේ. ඉටි කැබලි වල අපද්‍රව්යෙඅ රෙදිකැබැල්ලේ ඉතිරි වේ.
මී විෂ
මී මැස්සියගේ උදරයේ පිටුපස කොටසේ පිහිටා ඇති විෂ නිපදවීමේ ග්‍රන්ථීය තුළ නිපදවන මෙම ශ්‍රාවය මී මැස්සා පහර දීමේ දීශරීරයේ පිටුපස කෙළවරේ ඇති විත තුළින් මිනිසාගේ සමට ඇතුළු වේ.මී මැස්සාගේ විෂ මඟින් වේදනාව ඇති කරන අතර සම රත් පැහැ වීම, ඉදිමීම හා කැසීම ඇති වේ. හානියේ ප්‍රමාණය පුද්ගලයින්ගේ ශරීර තත්ත්වය මත සහ ඇතුල්වන විෂ ප්‍රමාණය මත වෙනස් වේ.විත විද්‍යාත්මකවදීහැකි ඉක්මනින් සමේ ඇමිණී ඇති විෂ ගලවා ඉවත් කිරීමෙන් සමට ඇතුල් වන විෂ ප්‍රමාණය අඩු කර ගත හැක.
මී විෂ
ප්‍රයෝජන
මී මැස්සාට සුළු විදුලි සැරයක් ලබාදීම මඟින්විෂ රැස්කර ගත හැක. මෙලෙස රැස් ගන්නාවිෂ ආතරයිටිස් හා රූමැටික රෝග සඳහා එන්නත කිරීමෙන් ඖෂධයක් වශයෙන් භාවිතා කරයි.
මී මැස්සා සෘජුවම මිනිසුන්ට දෂ්ඨ කිරීම මඟින්විෂ ඇතුල් කර රෝග සුව කිරීමේ ක්‍රමයක් ද ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී මෙය මී විෂ චිකිත්සාව නමින් හැදින්වේ. මේ මඟින් ස්නායු දුර්වලතා සහ සන්ධි රෝග සුව කළ හැකිය.
රාජ ජල්ලි
මී මැස්සාගේ හිසේ පිහිටා ඇති හයිපොපෙරන්ජියල් ග්‍රන්ථිය මඟින් රාජ ජල්ලි නිෂ්පාදනය කෙරේ. මෙය ළපටි වැඩකාර මැස්සියන් (දින 5 - 14 වයස) බහුලව නිෂ්පාදනය කරන අතර කීටයන්ට ආහාර වශයෙන් ලබා ඳේ ලා කහ පැහැයෙන් යුතු උකු ශ්‍රාවයකි. මෙය සතුන් විසින් නිපදවන කොලෙස්ට්‍රම් හෙවත් මුල් කිරි වලට සමාන වේ. පෝෂණ ගුණයෙන් ඉහළ බැවින් රාජ ජල්ලි ආහාරයට ගැනීමට මිනිසුන් වැඩි රුචිකත්වයක් දක්වයි. එබැවින් වෙළඳ පොළේ ඉතාමත් මිල අධික නිෂ්පාදනයකි.
පැටවුන්ට ආහාර වශයෙන් වද කුහර තුළ රාජ ජල්ලි තැන්පත් කරනු ලැබේ. රැජින කීටයන්ට ලැබෙන රාජ ජල්ලි ප්‍රමාණය අධිකය.
රාජ ජල්ලි
අඩංගු ද්‍රව්‍ය ප්‍රතිශතය
ජලය 68%
සීනි 8.5%
ප්‍රෝටීන් 12%
මේද 5.6%
අළු 0.8%
(විටමින් ඊ සංකීර්ණය බහුලය)
රාජ ජල්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඉක්මන් වර්ධනය, රෝග වලට ප්‍රතිශක්තිය ඇතිවීම, ශරීර ශක්තිය වැඩිවීම, ළමයින්ගේ මොලයේ වර්ධනය සිදුවන බව විශ්වාස කෙරේ.
පරාග
මී මැස්සන් විසින් රැස්කර රැගෙන එන පරාග ඖෂධීය ආහාරයක් වශයෙන් මිනිසා ප්‍රයෝජනයට ගනී. පරාග රැගෙන මැස්සන් මී මැසි පෙට්ටියට ඇතුල් වන ස්ථානයට විශේෂයෙන් සකස් කරන පරාග උගුලක් සවිකිරීමෙන් මී මැස්සාගේ පාදවන රඳවාගෙන ඇති පරාග කැටිති වැටීමට සලස්වා, ඒවා එකතු කර ගැනීම කළ හැක. රැස්කර ගත් පරාග කැටිති අධි ශීතකරණ වල වියළා බෙහෙත් කරල් ආකාරයට සකස් කර අලෙවි කිරීම කරනු ලැබේ.
පරාග
පරාග වල අඩංගු පෝෂක
1.ඇමයිනෝ අම්ල - සියලුම සරළඅම්ල අඩංගු වේ.
  1. විටමින් - විටමින් ඒ, විටමින් බී වලසංකීරණය, විටමින් සී හා ඊ අඩංගු වේ.
3 ඛනිජ - පොස්පරස්, සල්ෆර් මැන්ගනීස්, මැග්නීසියම්කැල්සියම්, තඹ,පොටෑසියම්, යකඩ, සිලිකා.
පරාග ආහාරයට ගැනීමේ ප්‍රයෝජන
  1. පරාග වල ඇති එන්සයිම ආහාර රුචිය වැඩි කරයි
  2. මන්ද පෝෂණය දුරලයි
  3. ආමාශ හා වකුගඩු රෝග වලට ගුණයි
  4. නීරක්තිය දුරලයි
  5. ප්‍රතිජීවක ගුණයෙන් යුක්තයි