Crop Suitability
Krushi SMS
Cropforcast
Procument
 
Procument 
Procument 

 

 

දකුණු ආසියානු කලාපීය රටවල "සෞඛ්‍යාරක්ෂිත හා තිරසාර එළවළු අගය දාම සංවර්ධනය" පිළිබඳ පුහුණු වැඩසටහන

 

 

වර්තමානයේදී දකුණු ආසියානු කලාපය සීඝ්‍ර ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන අතර බිලියන 1.3 ජනගහනයකින් සමන්විත වේ. එළවළු නිෂ්පාදනය කෙරෙහි සාමාජික රටවල අවධානය යොමු වීම කෙරෙහි බලපෑ මූලික කරුණ වන්නේ පාරිභෝගිකයින්ගේ ආහාර රටාව සාම්ප්‍රදායික ධාන්‍ය වලින් මිදී එළවළු පාරිභෝජනය වෙත වැඩි නැඹුරුවක් ඇති වීමයි.

මේ නිසා එළවළු නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය, ඵලදායීබව සුරැකෙන පරිදි අගයදාම සංවර්ධනය කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයින්, පරිභෝගිකයින්, ගොවීන් හා මහජනතාව වැඩි අවධානයක් යොමු කර ඇත.

 

 

2019 ජුලි මස 28 සිට අගෝස්තු 01 දින දක්වා මහනුවර දී පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන තුළින් දකුණු ආසියානු කලාපීය එළවළු නිෂ්පාදන අගයදාම සංවර්ධනය පිළිබඳ එක් එක් සාමාජික රටවල අත්දැකීම් බෙදාගැනීම, ක්ෂේත්‍ර අධ්‍යයනයන්, සාකච්ඡා තුලින් කෘෂි ක්ෂේත්‍රයේ නිරතවන නිලධාරීන් දැනුමින්, කුසලතාවයෙන් සන්නද්ධ කිරීම අපේක්ෂා කෙරේ. මෙතුළින් සාමාජික රටවල එළවළු අගයදාමය වඩා කාර්යක්ෂමව, ඵලදායී හා ලාභදායී අන්දමින් සංවර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.