ජාතික කෘෂිකාර්මික නවෝත්පාදන සමුළුව

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය (SLCARP) මගින් සංවිධානය කරන ලද ජාතික කෘෂිකාර්මික නවෝත්පාදන සමුළුව – 2025, ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී 2025.11.13 සහ 14 යන දිනවලදී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී SLCARP අරමුදල් යටතේ 2017-2021 කාලය තුළ සාර්ථකව සිදුකරන ලද පර්යේෂණවල නව සොයාගැනීම් හා නවෝත්පාදන පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී.

මේ සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මයා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් ආයතනවල නිලධාරින් පිරිසක් සහභාගී විය.