RRDI_Climate_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල්- දේශගුණය

දේශගුණය

භූ විෂමතාවය අනුව ශ්‍රී ලංකාව තුළ විවිධ දේශගුණික තත්ත්ව දක්නට ලැබේ

උෂ්ණත්වය
ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටි නිසා ලාක්ෂණික නිවර්තන උෂ්ණත්ව තත්වයක් මෙරට තුළ පවතී.අනෙකුත් මහද්වීපික නිවර්තන ප්‍රදේශ වලට සාපේක්ෂව මෙරට සාමාන්‍ය උෂ්ණත්වය මධ්‍යස්ථ අගයක  පවතී. එමෙන්ම දෛනික උෂ්ණත්ව පරාසයන් වාර්ෂික උෂ්ණත්ව පරාසයන්ට වඩා ඉහළ අගයක පවතී. උන්නතාංශය අනුව මධ්‍යම කඳුකර ප්‍රදේශවල ලාක්ෂණික උෂ්ණත්වය පහළ සීමාවක දැකිය හැකිය.

වාර්ෂික වර්ෂාපතනය
මිලිමීටර 900(හම්බන්තොට මහලේවාය)  මිලි මීටර 5500 (Kenilworth Estate, ගිනිගත්හේන) දක්වා.

වාර්ෂික වර්ෂාපතනය
මිලිමීටර 900(හම්බන්තොට මහලේවාය)  මිලි මීටර 5500 (Kenilworth Estate, ගිනිගත්හේන) දක්වා

සූර්යාලෝකය
සූර්යාලෝකය වී වගාව සඳහා සීමාකාරී සාධකයක් නොවේ. කෙසේ නමුත් ජලය පෝෂක සහ උෂ්ණත්වය ආදී අනෙකුත් සාධක සීමාකාරී නොවනට සූර්යාලෝකයේ තිවෘරතාවය  අනුව අස්වනු මට්ටම තීරණය කරනු ලබයි(ස්ථාන සහ කනය අනුව)

දේශගුණික කලාප

සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාව දේශගුණික කලාප තුනකට බෙදා ඇත.

  • තෙත් කලාපය – මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහිත රටේ නිරිතදිග ප්‍රදේශය
  • වියළි කලාපය– උතුරු හා නැගෙනහිර ප්‍රදේශ(ප්‍රධාන වශයෙන්)
  • අතරමැදි කලාපය – තෙත් කලාපය සහ වියළි කලාපය අතර දකුණු හා බටහිර ප්‍රදේශ අතර මධ්‍යම කඳුකරය වටා පිහිටි ප්‍රදේශ.

මෙලෙස කලාප ලෙස වෙන් කිරීම සාමාන්‍ය වර්ෂාපතනය, නිරිතදිග මෝසම් වැසි, පසෙහි තත්ත්වය, භූමි පරිභෝජනය, වෘක්ෂලතා කලාප මත රඳා පවතී.

වාර්ෂික වර්ෂාපතනය

  • තෙත් කලාපය- මිලි මීටර් 2500 ට වැඩි.ප්‍රමුඛ වියළි කාල දක්නට නැත.
  • වියලි කලාපය- මිලිමීටර 1750 ට අඩු සහ මැයි සිට සැප්තැම්බර් දක්වා වූ වියලි කාලසීමාවක් සහිතයි.
  • අතරමැදි කලාපය- මිලිමීටර් 1750 සිට මිලි මීටර් 2500 දක්වා කෙටි වියළි කාල සීමා සහිතයි.

මෙම දේශගුණික කලාප, වාර්ෂික වර්ෂාපතනය, මාසිකව අපේක්ෂිත වියළි ස්වභාවය, පාංශු වර්ගය, භූමි ලක්ෂණ පදනම් කරගෙන කෘෂි පාරිසරික කලාප ලෙස තවදුරටත් බෙදා ඇත. මීට අමතරව කෘෂිකර්මය සඳහා වන ජල වර්ෂය (දේශගුණික වර්ෂය) මාර්තු මස ආරම්භ වන බව දක්වා ඇති අතර, එබැවින් වගා කන්න මාර්තු මස සිට ඊළඟ වර්ෂයේ පෙබරවාරි දක්වා පිහිටවනු ලබයි.

අඩු උෂ්ණත්වය

උෂ්ණත්වය අඩු වීම ශාක වර්ධනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයකි. උන්නතාංශය අනුව උෂ්ණත්වය අඩුවීමක් සිදුවන බැවින් උස අනුව දේශගුණික කලාප බෙදා දක්වනු ලැබේ.

මීටර 300 ට අඩු උසකින්  යුතු ප්‍රදේශ (පහත රට දේශගුණික කලාපවල පිහිටි ලක්ෂණ දැකිය හැකිය.)
උස මීටර් 300 -900 දක්වා ප්‍රදේශ.( මැද රට)( තෙත් සහ අතරමැදි කලාප වලට අයත් ප්‍රදේශ හඳුනා ගත හැකිය)
මීටර් 900ට වැඩි (උඩරට)- (තෙත් සහ අතරමැදි කලාප පමණක් දැකිය හැකිය)

මෙම කෘෂි දේශගුණික කලාප 7 කෘෂි වර්ෂාපතන කලාප 46 කට බෙදා දක්වා ඇත. මෙම කෘෂි පාරිසරික කලාප ඒවාට අනන්‍ය බෝග සඳහා සුදුසු පරිසර ලක්ෂණ සහිත කලාප වේ. වී වගාව සලකා බැලූ විට උඩරට තෙත් සහ අතරමැදි කලාප හැරුණු විට අනෙකුත් සියලු කෘෂි පාරිසරික කලාපයන්හි වගා කළ හැකි බෝගයක් ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කලාප සිතියම >> 

වර්ෂා ඍතු

ශ්‍රී ලංකාවේ සාමන්‍යය වර්ෂා සෘතු 4 ක් හදුනාගෙන ඇත. මෙම වර්ෂා සෘතු තුල ලැබෙන සමාකාර වර්ෂාපතනය හේතුවෙන් ඇති විශාල කෘෂි පාරිසරික විවිධත්වයක් ඇතිවී ඇත.
පළමුවන අන්තර් මෝසම් හා නිරිතදිග මෝසම තුල යල කන්න්යටත් , දෙවන අන්තර් මෝසම තුල මහා කන්නයටත් අදාලව ගොවිතැන් කිරීම අතීතයේ සිට සම්ප්‍රදායිකව සිදුකරගෙන යනු ලැබේ
නිරිත දිග මෝසම් වැසි වියලි කලාපයට නොලැබේ එබැවින් යල කන්නයේදී වගා කිරීම බොහෝවිට තෙත් කලාපයට පමණක් සීමාවී ඇත එබැවින් ප්‍රධාන වග කන්නය ලෙස මහ කන්නය හදුන්වනු ලැබේ.

1 මාර්තු – අප්රේල් පළමු අන්තර් මෝසම් (FIM) වැසි
2 මැයි – සැප්තැම්බර් නිරිතදිග මෝසම් (SWM) වැසි
3 ඔක්තෝබර් – නොවැම්බර්  දෙවන අන්තර් මෝසම් (සිම්) වැසි
4 නොවැම්බර් – පෙබරවාරි ඊසාන දිග මෝසම් (NEM) වැසි