Field Crops – Sunflower – Sinhala

සූරියකාන්ත

හැදින්වීම
තෙල් බෝග කාණ්ඩයට අයත් වේ. ශ්‍රී ලංකාව තුල වාණිජ මට්ටමේ වගාවන් නොපවතී. වසරේ ඕනෑම කාලයක වගා කල හැකි බෝගයක් වුවත් මල් පරාගණයට ආධාර වන මී මැස්සන් වැනි කෘමීන්ගේ ගහනය වැඩි කාලවල මල් පිපෙන ආකාරයට වගා කිරීම මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපීය තත්වයන් යටතේ මාර්තු – අගෝස්තු අතර කාලයේදී සහ මහ කන්නයේ තද වැසි අවසන් වූ පසු දෙසැම්බර් – ජනවාරී කාලයේදී වගාව ආරම්භ කිරීම වඩා සුදුසු බව සොයා ගෙන තිබේ. මල් පිපීම සිදුවන අවස්ථාවේදී තද වර්ෂාව නොපැවතීම ද පසෙහි මනා තෙතමනයක් පැවතීම ද වැඩි බීජ අස්වැන්නක් සඳහා බෙහෙවින් වැදගත් වේ.

Sunflower
සූරියකාන්ත වගාව

බීජ පැලවෙන අවස්ථාවේ හා වර්ධන අවධියේ දී උෂ්ණත්වය අඩු කාලගුණික තත්ත්වයන් අවශ්‍ය වේ. මල් පිපෙන අවධියේ දී හා පරිණත අවධියේ දී උණුසුම් කාලගුණික තත්ත්වයන් අවශ්‍ය වේ. වියළි කලාපයේ වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ මහ කන්නයේ සහ ජල සම්පාදිත තත්ත්ව යටතේ යල කන්නයේ ද සාර්ථකව වගා කළ හැක.

ඉතා සැහැල්ලු වයනයක් සහිත වැලි සහිත පස්වල මෙන්ම ඉතා තද ස්වභාවයක් ඇති මැටි අධික පස් වලද සූරියකාන්ත වගා කල හැකි.එහෙත් ආම්ලිකතාව අධික ජලවහනය දුර්වල පසක් සහිත ඉඩම් මෙම වගාව සඳහා එතරම් යෝග්‍ය නොවේ.

මහ කන්නය – ඔක්තෝබර් අග සිට නොවැම්බර් මුල දක්වා
යල කන්නය – මාර්තු සිට අපේ‍්‍රල්

දැනට නිර්දේශ කළ ප්‍රභේදයක් නොමැති නමුත් නව ප්‍රභේදයක් හදුනා ගැනීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතී.

1. විවෘත පරාගී ප්‍රභේද

විවෘත පරාගී ප්‍රභේද වල බීජ නිෂ්පාදනය කිරීම පහසුය. මෙහි අඩු තෙල් ප්‍රමාණයක් (25% – 35%) ඇති අතර කෘත්‍රීමව පරාගනය නොකල හොත් 30% ක පමණ බොල් බීජ ප්‍රතිශතයක් ඇති වේ.

2.දෙමුහුම් ප්‍රභේද

මෙහි බීජ අස්වැන්න වැඩි අතර තෙල් ප්‍රතිශතයද (45% – 50%) වැඩිය. බොල් බීජ ඉතා අඩු ප්‍රතිශතයක්(10%) ඇත. මෙහි අවාසිය වන්නේ මෙහි මිල අධික වීමයි. සාමාන්‍ය තත්වය යටතේ මෙම බීජ නිෂ්පාදනය කිරීමද අපහසුය. දැනට මෙම බීජ ශ්‍රී ලංකාවේ නිපද වන්නේ නැත.

හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 13.0 – 16.0

පේළි අතර සෙ.මී. 60

පැළ අතර සෙ.මී. 25

සෙ.මී. 15 – 20 පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩි කර ගන්න. භූමියේ බෑවුම අනුව ඇලි වැටි හෝ පාත්ති සැකසීම සුදුසුය. එක් වලක එක් බීජයක් වන සේ බීජ යොදන්න.

ජලය හිඟවීම කෙරෙහි ඉතා සංවේදී අවස්ථාව වන්නේ මල් පිපෙන අවධියයි. (බීජ පැලවී සති 7-8 කාලය) මෙම කාලය තුළ බෝගයේ ශීඝ‍්‍ර වර්ධනයක් තිබෙන නිසා සතියකට වරක් ජලය සම්පාදනය කළ යුතුයි.

පොහොර යොදන අවස්ථාවයූරියා
(කි.ග‍්‍රෑ./හෙක්.)
ත‍්‍රිත්ව සුපර් පොස්පේට්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මියුරියේට් ඔෆ් පොටෑෂ්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මූලික පොහොර6510050
සති 0450
සති 0850

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

දවසක් හැර දවසක් පිපුණ පුෂ්පය රෙදි කැබැල්ලක ඇතිල්ලීමෙන් කෘතීමව පරාගනය කළ යුතුයි. විවෘත පරාගනය වන ප‍්‍රභේද සඳහා දිනක් හැර දිනක් කෘතීමව පරාගනය කළ යුතුයි. දෙමුහුම් බීජ සඳහා කෘතීම පරාගනය අවශ්‍ය ‌නොවේ.

පළමු මාසය තුල වල් වලින් තොරව වගාව නඩත්තු කළ යුතුයි. වගාවේ වයස සති 02ක් ගතවූ පසුව එක් වතාවක් වල් මර්දනය කිරීම ප‍්‍රමාණවත්ය.

කෘමි හානි

කෘමි හානි ඉතා අඩු නමුත් සූරියකාන්ත සළඹයා නිසා බීජ වලට හානි ඇතිවිය හැක.

රෝග හානි

මෙම බෝගයට රෝගවලින් වියහැකි හානිය ඉතා අඩුයි. පහත රෝග විටෙක වැළදේ.

  1. ෆෝමා කඳ කළුවීමේ රෝගය
    • පහළ පත්‍ර නටුව කඳ සහ පුෂ්පයෙහි කුඩා කහ පැහැති වියළි ලප දක්නට ලැබේ.හානිය උග්‍ර විට ශාකය ඇද වැටී මැරී යයි.මෙය දීලීරයක් මගින් ඇති වේ.
    • පාලනය බෝග අවශේෂ විනිශ කිරීම.දෙසැම්බර් අග -ජනවාරි යන කාලවල වගා කිරීමෙන් රෝගය පාලනය කරගත යැක.
  2.  පාදස්ථ කුණු වීම.
    • ශාකයේ පාදස්ථ කොටසෙහි දුසු පැහැති දිලීර ජාල දක්නට ඇත.
    • ශාකය මැලවීම සිඳුවේ.
    • දිලීරයක් මගින් ඇති වේ.
    • ජලවහනය දියුණු කිරීමෙන් රෝගය පාලනය කර ගත හැක.

අස්වැන්න

  • වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ වගා කළ විට හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1000 – 1100 අතර ප්‍රමාණයක් ලැබේ.
  • වාරි ජලය යටතේ වගා කළ විට හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1500 – 2000 අතර ප්‍රමාණයක් ලැබේ.

අස්වැන්න නෙලීම සහ සැකසීම
ශාකයෙන් මල් කපා අව්වේ වියලා ගත යුතුය. වියලූන විට මල් වලින් බීජ ගලවා ගැනීම පහසුය. තෙල් කි.ග‍්‍රෑ. 50 ලබා ගැනීමට බීජ කි.ග‍්‍රෑ. 150 අවශ්‍ය වේ. බීජ ගබඩා කිරීමට නම් එහි තෙතමනය 10‍% ට වඩා අඩු වන තෙක් වියළිය යුතුය. තෙල් නිස්සාරණයට පෙර බීජවල පොතු ඉවත් කළ යුතුය. තෙල් නිස්සාරණයෙන් ඉතිරි වන පුන්නක්කු සත්ත්ව ආහාර සඳහා යොදා ගත හැක.