ඉදල් ඉරිඟු (Sorghum)
අප‍්‍රිකාව නිජ බිම කර ගත් සෝගම් වියළි හා අර්ධ ශුෂ්ක කලාප වල ඉතා හොඳින් වැවෙන අතරම ආන්තික ඉඩම් සඳහා ද වඩාත් සුදුසු භෝගයකි. ඉදල් ඉරිඟු මිනිස් ආහාරයකට අමතරව සත්ත්ව ආහාරයක් මෙන්ම ජීව ඉන්ධන නිපදවා ගැනීම සඳහා ද වර්තමානයේ බහුලව භාවිතා කරයි. 1930 පමණ අපේ රටේ හේන් ගොවිතැනට හඳුන්වා දුන් ඉදල් ඉරිඟු පාරම්පරික භෝගයකි. ඉදල් ඉරිඟු වල පෝෂණී වටිනාකම සැලකීමේදී ඒහි අධිකව ප‍්‍රති ඔක්සිකාරක අඩංගු වන බැවින් පිළිකා වැනි බෝ නොව රෝග අවදානම අඩුකර ගැනීමට වැදත් වේ. රොටී, පිට්ටු වැනි ආහාර සකසා ගැනීම හා කැඳ වැනි ආහාර ලෙසද භාවිතා කල හැක.
ඉදල් ඉරිඟු වගාව
පුලුල් කෘෂි දේශගණික පරාසයක වගාකාරීමේ හැකියාව ඇත. වැඩි උෂ්ණත්වයකට වුවද සාර්ථකව ඔරොත්තු දේ නමුත් සෝගම් වල මනා වර්ධනයක් සඳහා ප‍්‍රශස්ථ උෂ්ණත්ව පරාසය 260C – 300C වේ.
හොඳින් පැතිරීනු 450 mm – 650 mm වාර්ෂික වර්ෂාපතනයක් පවතින ප‍්‍රදේශවල මෙන්ම විශේෂයෙන්ම කාලගුණ පිළිබඳව අනාවැකි කීමට අපහසු ප‍්‍රදේශවල වගාව සඳහා ඉතා හොඳින් ගැලපේ.
ගැඹුරු, කාබනික ද්‍රව්‍ය සහිත සරුසාර හොඳින් ජලය බැසයන ලෝම පසක් වඩාත් සුදුසු වේ.
මහ කන්නයේ වර්ෂා ජලය යටතේ වගා කළ හැක. ජලය හිඟ කාලවලදී ජල සම්පාදනය කළ යුතුයි. යල කන්නයේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මුල සිටුවීම ආරම්භ කළ හැක.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ “ප්‍රභේද නිර්දේශ කිරීමේ කමිටුව” මඟින් දැනට ප්‍රභේද නිර්දේශ කර නොමැත. ඉන්දියාවේ ICRISAT ආයතනය මඟින් ලබා ගන්නා ලද පහත සඳහන් ප්‍රභේද ,ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් සුළු ප්‍රමාණයක් ලබා ගත හැක.
ICSV 112
විවෘත පරාගික ප්‍රභේදයකි. බීජ සුදු පැහැතිය. ද්විකාර්යය අරමුණු සඳහා (බීජ හෝ ගෝචර) සුදුසු වේ. සිටුවා දින 120 ක දී අස්වැන්න ලබා ගත හැක. බීජ අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 4.0 – 5.0.
ගෝචර සඳහා දින 65 -70 අතර කාලයකදී අස්වැන්න නෙලිය යුතුය.
පැසිෆික් 501 (PAC 501)
විදේශීය දෙමුහුම් ප්‍රභේදයකි. බීජ රතු පැහැතිය. සාපේක්ෂව මිටි ප්‍රභේදයකි. අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 5.0 – 6.0. මෙම ප‍්‍රභේදය විිශේෂයෙන්ම ගෝචර ලෙස සත්තව ආහාර සඳහා භාවිිතයට නිපදවා ඇත. පළමු අස්වැන්න ලෙස ගොචර ජෛව ස්කන්ධය (Bio mass) මෙ. ටො. 35-40 ත් අතර ප‍්‍රමාණයක් ලබාගත හැකි අතර, ඒ හා සමාන අස්වැන්නක් නිරි අස්වනු ලෙස ද ලබාගත හැක.
පැණි සෝගම්
මහඉලුප්පල්ලම ක්‍ෂේත‍්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් නිපදවා සංවර්ධනය කරමින් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින දුඹුරු පැහැති බීජ සහිත විවෘත පරාගිත වර්ග කීපයකි. මෙහි කද පැණි රසයෙන් යුක්ත වන අතර, සයිලේජ් නිපදවීම සඳහා වඩාත් සුදුසු වේ. බීජ අස්වැන්න හෙක්. මෙ. ටො 4.0 – 4.5 පමණ වේ. පළමු අස්වැන්න ලෙස ගොචර ජෛව ස්කන්ධය (Bio mass) මෙ. ටො. 35-40 ත් අතර ප‍්‍රමාණයක් ලබාගත හැකි අතර, ඒ හා සමාන අස්වැන්නක් නිරි අස්වනු ලෙස ද ලබාගත හැක.
බීජ නිපදවීම සඳහා වගාකරන්නේ නම් හෙක්ටයාරයක් සඳහා බීජ කි. ග‍්‍රෑ. 6.0-7.0 ක් ද ගොචර සඳහා වගාකරන්නේ නම් හෙක්ටයාරයක් සඳහා බීජ කි. ග‍්‍රෑ. 10.0-10.5 ක් ප‍්‍රමාණවත් වේ.
පේළි අතර සෙ.මී. 60 පේළිය තුළ සෙ.මී. 30 (එක තැනක පැල දෙක බැඟින්) බීජ නිපදවීම සඳහා ද පේළි අතර පරතරය සෙ. මි. 60 සහ පේළිය තුල සෙ. මි. 20 (එක් තැනක එක් පැළයක් බැඟින්)
බීජ දෙකක් එක තැනක දමා පසුව වැඩි පැළ ඉවත් කල යුතුය.
- කාර්යක්‍ෂමව වර්ෂා ජලය භාවිත කිරීම සඳහා වර්ෂාවේ ආරම්භයත් සමඟම බිම් සකසන්න.
- වල් පැළැටි, බෝග අවශේෂ ආදිය සී සෑම මඟින් පසට එකතු කරන්න.
- සී සෑම කළ යුත්තේ බැවුමට ලම්භකවය.
- මේ සඳහා පලමුව තැටි නගුල භාවිත කරන්න සතියකට පමණ පසු දෙවන සී සෑම සඳහා කොකූ නගූලක් හා රොටොවේටරයක් භාවිතයෙන් පස් කැට හොඳින් කුඩු වන සේ බිම් සකසා ගන්න.
- අවම වශයෙන් සෙ.මි. 15-20 ගැඹුරට පස පෙරලීමක් කල යුතුය.
- සියුම්ව සකසා සමතලා කර ගත් බිමක බීජ සිටුවීමට යෝග්‍ය වේ.
- ජලවහන කානු නිසි පරිදි සැකසීමෙන් වැඩි ජලය ඉවත් කර ගන්න.
වියළි කාලයේ දී දින 4-7 වරක් ජලය යෙදිය යුතුය. එය පස් වර්ගය මත හා කාලගුණ තත්ත්ව මත වෙනස් වේ.
පේළි අතර හා පැළ අතර වල් මර්දනය සිදු කල යුතුයි. බෝගයේ මුල් සති 3 – 4 කාලය තුළ වල් පැළෑටි වලින් තොරව ක්ෂේත්‍රය පවත්වාගෙන යාම කළ යුතුය. මූලික බිම් සැකසීම නිසි පරිදි සිදු කර ගැනීමෙන් ආරම්භයේ දී සැලකිය යුතු ප්‍රමාණයකින් වල් පැල පාලනය කර ගත හැක.
යූරියා (කි.ග්‍රෑ./හෙක්.) | ත්‍රිත්ව සුපර් පොස්පේට් (කි.ග්‍රෑ./හෙක්.) | මියුරියේට් ඔෆ් පොටෑෂ් (කි.ග්‍රෑ./හෙක්.) | |
මූලික පොහොර | 50 | 100 | 50 |
මතුපිට පොහොර (සති 4-5 දී) | 100 |
සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.
පැළ සිටුවා දින 96-100 දක්වා කාලය තුළ අස්වැන්න නෙලා ගත හැක. තෙතමනය 12% දක්වා අඩුකර ගැනීම සඳහා අව්වේ දමා වේලා ගත හැකිය. ගෝචර ලෙස සත්ත්ව ආහාර සඳහා වගාකරන්නේ නම් දින 65- 70 අතර කාලයේදී අස්වනු නෙලිය යුතුය.