Field Crops – Cowpea – Sinhala

කව්පි

Vigna unguiculata
Family – Fabaceae

ඝර්ම කලාපීය ඌන සංවර්ධිත ප‍්‍රදේශ වල වගා කරන වැදගත් රනිල බෝගයක් වන කව්පි ලාභදායි ශාකප්‍රෝටීන ප‍්‍රභවයක් ලෙස මිනිස් හා සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදාගත හැක. බටහිර අප‍්‍රිකාවේ සමහර ප්‍රදේශ වල ප‍්‍රධාන ආහාර බෝගය ලෙස වගාකරන්නේ කව්පි බෝගයයි.
විවිධ රටවල විවිධ ආකාරයට කව්පි ආහාරයට ගනී. දකුණු අප‍්‍රිකාවේ ලපටි දළු පත‍්‍ර මුල් ලපටි බීජ, බීජ පැල, ලපටි කරල් පිසු ආහාරයක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. එක්සත් රාජධානිය වැනි රටවල ටින් වල අසුරන ලද ලපටි බීජ ප‍්‍රයෝජනයට ගනී. වියලි බීජ පොගවා අඹරාගන්නා ලද පිටි වලින් ද විවිධ ආහාර වර්ග සකසා ගනී.
ශ‍්‍රී ලංකාවේද වියලි බීජ තම්බා ආහාරයට ගන්නා අතර පියලි කරගැනිමෙන් පරිප්පු වෙනුවට ආදේශකයක් ලෙසත් ප‍්‍රයෝජනයට ගනී. මිට අමතරව කරල් හැර පොළව මතුපිට ඇති සම්පුර්ණ ශාකයම සත්ත්ව ආහාරයක් ලෙස සත්ත්ව පාලනයේදි භාවිතා කරයි. ශ‍්‍රී ලංකාවේ වගාකරන රනිල බෝග අතුරින් කව්පි බෝගය දෙවන වන්නේ මුං බෝගයට පමණි.

Cowpea

මෙම බෝගය අර්ධ ශුෂ්ක හා ආන්තික ඉඩම්වල ධාන්‍ය බෝග සමග වගාකිරිමෙන් තිරසාර වගා පද්ධතියක් (sustainable cropping system) ලබා ගැනීමට හැකියාව ඇත. විශේෂයෙන්ම කව්පි රනිල බෝගයන් වන නිසා මෙම ශාකයේ මූල ගැටිති තුල ජීවත් වන Bradyrhizobium spp යන බැක්ටීරියා විශේෂය මගින් වායුගෝලීය නයිට‍්‍රජන් තිර කිරීම සිදුකරයි. මේ මගින් පසට නයිට‍්‍රජන් ලැබෙන නිසා ආන්තික ඉඩම්වල ඵලදායිතාවය වැඩිකර ගැනීමේ හැකියාව ලැබී ඇත. ඊට අමතරව තනි බෝගයක් අතුරු බෝගයක් හා ආවරන බෝගයක් ලෙස වගාකිරීම්මේ හැකියාව ඇති අතර ආවරන බෝගයක් ලෙස වගාකිරීමෙන් පාංශු ඛාදනය වලක්වා ගත හැකි වනවා මෙන්ම පසට නයිට‍්‍රජන් එකතුවීමද සිදුවේ.

කව්පි වගාව
  • උෂ්නත්වය 20°C – 35°C සහ සාමානයයෙන් වාර්ෂික වර්ෂාපතනය 500mm -1200mm පරාශයක් තුල කව්පි බෝගය හොදින් වර්ධනය වේ. ඒ අනුව වියලි හා අතරමැදි කලාප වල මහ කන්නයේ දි වර්ෂා ජලයෙන් ද යල කන්නයේ දි ජල සම්පාදිත තත්ව යටතේ දිත් මෙම වගාව සාර්ථකව සිදු කල හැක. මහ කන්නයේ කුඹුරු ඉඩම් වල වී වගාවේ අස්වැන්න නෙලු විගසම පසෙහි ඇති අතිරික්ත තෙතමනය උපයෝගි කරගෙන කව්පි වගාකිරිමට පුළුවන. මෙය මැද කන්නයේ වගාව ලෙස හඳුන්වන අතර මෙමගින් භූමියෙන් උපරිම ඵලදායිතාවයක් මෙන්ම පසේ සාරවත්භාවය වැඩිවීමක් ද අපේක්ෂා කල හැක.
  • කරල් මෝරන හා අස්වනු නෙලන අවස්ථාවේදී වියළි කාලගුණික තත්ත්වයක් තිබිය යුතුය.
  • වගාව ආරම්භයේ සිට මල් හට ගන්නා කාලය දක්වා මනා පාංශු තෙතමනයක් අවශ්‍යය.

වැලි ලෝම පසේ සිට මැටි ලෝම පසක් දක්වා පී.එච්. අගය 6-7 වන හොදින් ජලවහනය වන භූමියක මෙම බෝගය වගා කල හැක. පෙර කන්නයේ රනිල බෝග වගා නොකරන ලද බිමක් නම් වඩාත් යෝග්‍ය. පී.එච්. 6 – 6.5 අතර පැවතීම සුදුසුය.

යල කන්නය – අපේ‍්‍රල් මාසයේද මහ කන්නය – නොවැම්ර් අග සහ දෙසැම්බර් මුල ද බීජ සිටුවීම සුදුසුය. අතරමැදි කන්නයේ වගා කරන්නේ නම් යල කන්නයේ කුඹුුරුවල අස්වැන්න නෙලූ විගස (අගෝස්තු – සැප්තැම්බර්) ආරම්භ කරන්න.

බොම්බේ

  • බීජ විශාලය. දුඹුරු මිශ‍්‍ර කොළ පාටය. පුෂ්ප දම් පැහැතිය. අස්වැන්න නෙලීමට දින 75 -90 පමණ කාලයක් ගතවේ .අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1400

එම්.අයි.35

  • බීජ කුඩාය. දිලිසෙන සුළු කහ පාටය.පුෂ්ප සුදු පැහැතිය. අස්වැන්න නෙලීමට දින 60 – 70 පමණ කාලයක් ගතවේ .අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1500

වරුණි

  • බීජ ප‍්‍රමාණයෙන් මධ්‍යස්ථය. රතු දුඹුරු පාටය. පුෂ්ප දම් පැහැතිය. අස්වැන්න නෙලීමට දින 55 – 65 පමණ කාලයක් ගතවේ. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1600

ධවල

  • බීජ විශාලය. සුදු පාටය. බීජ ලපය කළුය. පුෂ්ප සුදු පැහැතිය. අස්වැන්න නෙලීමට දින 60 -70 පමණ කාලයක් ගතවේ. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1500

MICP1

  • බීජ කී‍්‍රම් පාටය. පුෂ්ප සුදු පැහැතිය. අස්වැන්න නෙලීමට දින 60 – 70 පමණ කාලයක් ගතවේ. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1600

ANKCP 1

  • බීජ ළා දුඹුරු පාටය. පුෂ්ප සුදු පැහැතිය. අස්වැන්න නෙලීමට දින 60 – 65 පමණ කාලයක් ගතවේ. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1500

ANKCP2

  • බීජ විශාලය.බීජ ලා දුඹුරු හා සුදු පාටය.පුෂ්ප සුදු පැහැතිය.අස්වැන්න නෙලීමට දින 60 – 70 පමණ කාලයක් ගතවේ. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1600.

    පැසුණ අමු කරල් ලෙස අස්වැන්න නෙලා බීජ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගත හැක.

හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 35 – 40

පේලි අතර පරතරය 30 cm හා පැල අතර පරතරය 15 cm වන සේ බිජ සිටුවිය යුතුය. සිටුවා සති දෙකේදි පමන එක ස්ථානයක එක පැලයක් සිටින සේ වැඩිපුර ඇති පැල ගලවා ඉවත් කල යුතුය.

සුදුසු දිලීර නාශකයකින් ග‍්‍රෑම්. 4.0 / බීජ කි.ග‍්‍රෑ.1.0 යෙදීම මඟින් රෝග වලින් ආරක්ෂා කර ගත හැක.

සෙ.මී. 15 – 20 ගැඹුරට පස පෙරලා හොදින් කැට පොඩි කර ජල සම්පාදනය යටතේ වගා කරන විට සහ ජලවහනය තරමක් දුර්වල ඉඩම් වල වැටි කාණු හා උස් පාත්ති සකස් කර ගන්න. සෙ.මී. 2 – 3 ගැඹුරින් බීජ 2 බැගින් එක් වලක සිටුවා දින 10 පමණ නිරෝගී පැළය ඉතිරි කර අනෙක් පැළය ඉවත් කරන්න.

බිජ සිටුවීමේදී ඉතාමත් තෙත හෝ වියලි නොවු පාංශු තෙතමනයක් තිබිම වැදගත්ය. වර්ෂාපෝෂිත තත්ව යටතේ වගාකරන විට සමතලා භූමියේද කුඹුරු ඉඩම් වල හා ජල වහනය දුර්වල ඉඩම් වල වගාකරන විට ඇලි හා වැටි වලද වගා කිරීම උචිතය.

යල කන්නයේ ජල සම්පාදනය යටතේ වගා කරන විට මුල් සති 3 තුළ දී දින 04 කට වරක් ද ඉන් පසුව දින 7 කට වරක් බැගින් ද ජලය සපයන්න. මල් පිපෙන හා කරල් පිරෙන අවස්ථාවේ දී ජල සම්පාදනය ඉතා වැදගත් වේ. පසේ පවතින තෙතමනය අනුව ජලය සැපයිය යුතු අවස්ථාව තීරණය කළ යුතුය.

පොහොර යොදන අවස්ථාවයූරියා (කි.ග්‍රෑ./හෙක්.)

ත්‍රිත්ව සුපර් පොස්පේට්

(කි.ග්‍රෑ./හෙක්.)

මියුරියේට් ඔෆ් පොටෑෂ්

(කි.ග්‍රෑ./හෙක්.)

මූලික පොහොර3510075
මල් හට ගැනීමේ දී30

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

සිටුවා සති 3 දී හා 6 දී වල් පැල පාලනය කිරීම කළ යුතුය. පසුව බෝගය ම`ගින් භූමිය ආවරණය වන නිසා ස්ථානීය වල් පැල පාලනය ප‍්‍රමාණවත්ය.

බොහොමයක් කව්පි ප‍්‍රභේද අපිරිමිත වර්ධන විලාසයක් පෙන්නුම් කරන බැවින් විශේෂයෙන් අධික පෝෂණ හා තෙතමන තත්ව වලදි ශාක වැල් ආකාරයට වර්ධනය වීම සිදුවේ. මේ නිසා මල් පිපිම ප‍්‍රමාද වන අතර හට ගන්නා මල් සංඛ්‍යාවද අඩුවේ. එබැවින් එවැනි අවස්ථා වලදි අග‍්‍රස්ථය කඩා ඉවත් කලයුතුය. විශේෂයෙන් ධවල ප‍්‍රභේදයේ මෙම ලක්ෂණය දැක ගත හැක.

  • රෝග – කහ විචිත‍්‍ර වෛරස් රෝගය, පාදස්ථ කුණු වීම
  • පළිබෝධ – බෝංචි මැස්සා, සුදු මැස්සා, කුඩිත්තා, මයිටාවා, පත‍්‍ර කනින්නන්, පැල මැක්කන්, පණු හානිය, බිබිලි කුරුමිණියා, කරල් විදින මකුණා, කරල් විදින දළඹුවා, රනිල ගුල්ලා

නියමිත කාලයට අස්වනු නෙලාගැනිම මගින් ගුනාත්මයෙන් ඉහල අස්වැන්නක් ලබා ගැනිටම හැකිවේ. කරල් හොදින් වියලි පිදුරු පැහැයට හැරුන පසු අස්වනු නෙළිය හැක. දින 2 -3ක් පමන හොදින් අව්වේ වියලා යන්ත‍්‍ර මගින් හෝ පොලු වලින් තැලීමෙන් බීජ වෙන් කර ගත හැක. අළුත් අස්වැන්න ගබඩා කිරිමට පෙර ගබඩාව තුල ඇති පසුගිය අස්වැන්නේ අවශේෂ පුළුස්සා දමා ගබඩාව හොදින් පිරිසිදු කර ගත යුතුය. ඉන් පසු පොලා පවිත‍්‍ර කර ගත් බීජ තෙතමනය 10‍% පමණ වන තෙක් හොදින් වියලා වායුරෝධක අසුරන වල බහා වියළි සිසිල් ස්ථානයක ගබඩාකර තබන්න. (කොහොඹ කොල හෝ දෙහි කොල ගෝනි තුලට දැමිම තුලින් ගබඩා පළිබෝධ හානි වලක්වා ගත හැක).